හදවත නැවත පණ ගැන්වීම (CPR)

හදවත නැවත පණ ගැන්වමේ ක්‍රියාවලිය (CPR) පටන් ගැනිමට පෙර


    http://totalsafety.no/files/2009/10/cpr_811568.jpg
  • ශ්වසන මාර්ගයේ අවහිරතා නැති කරන්න.
  • මුවට - මුව තබා කෘතිම ශ්වසනය
  • රුධිර සංසරණය


මේ ක්‍රියාවලිය මගින් නිසි ප්‍රතිකාර ලැබෙනතුරු මොළයට හා හදවතට ඔක්සිජනිකෘත ලේ සැපයීම කරනු ලබයි. හදවත නැවතීම නිසා විනාඩි 8-10 ඇතුලත මොළයට ඔක්සිජන් නැතිවීම හේතුවෙන් මොළය මිය යයි.

හෘදයාබාධයකින් හදවත නැවතිම.
  1. අසාමාන්‍ය හෘද ස්පන්දනයක් හේතුවෙන් සිදු වේ.
  2. රෝගියා හුස්ම ගැනීම නැවැත්විය හැක.
  3. නාඩි වැටිම සිදු නොවිය හැක.
හදවත නැවත පණ ගැන්වමේ ක්‍රියාවලිය (CPR) පටන් ගැනිමට පෙර


  • රෝගියා සිහියෙන්ද, සිහිය මුර්ජාවි ඇත්දැයි බලන්න.
  • රෝගියට කථා කර නැගිට වීමට බලන්න. උරහිසට තට්ටු කිරිම හා කථා කිරීම මගින් එය කළ හැක.
  • රෝගියට සිහි මුර්ජාවී ඇති නම් හා ඔබ හා තවත් අයෙකු සිටීනම් එක් අයෙකු CPR පටන් ගැනීමත් අනෙකා උදව් සෙවීමත් කළ යුතුය, ඔබ පමණක් සිටින්නේ නම් CPR පටන් ගැනිමට පෙර උදව් සෙවිමට කෑගසන්න.
හදවත නැවත පණ ගැන්වීම යනු කුමක් ද ?
  • ජිවිතයක් බේරා ගැනිමේ හදිසි ප්‍රතිකර ක්‍රමයකි.
  • පපුව හා එමගින් හදවත තෙරපා, සිරුරේ රුධිර ධාවනය සහ හුස්ම ලබාදීම යන දෙ අංශයකින් එය සමන්විතය.
  • මුලිකවම සිහිමුර්ජා වු හුස්ම නොගන්නා හෘදයාබාධයකින් පෙලුන තැනැත්තෙකුට සිදු කරන්නකි.
  • හදවතින් සිරුරට ලේ පොම්ප කිරිමට තාවකලික උදව්වක් මෙයින් සිදු වේ.
  • මොළයට ඔක්සිජන් සැපයීමද සිදු වේ.
  • බාහිර උදව්වක් ලැබෙනතුරු ජීවිතයක් සුරැකීම මෙහි අරමුණයි.
  • හැකි ඉක්මනින්ම පටන් ගන්නේ නම් ප්‍රතිඵල සාර්ථකය.
මූලිකව සැළකෙන කාරණා තුනකි.
  1. A – Air way |  රෝගිය ශ්වසන මාර්ගයේ අවහිරතවයක් ඇද්ද?
  2. B – Breathing | රෝගියා හුස්ම ගන්නේ ද?
  3. C – Circular | රෝගියාගේ නාඩි වැටේද?
ශ්වසන මාර්ගය 
හුස්ම ගන්නේදැයි,
    http://photos1.fotosearch.com/bthumb/LIF/LIF128/CPRB.jpg
  1. බලන්න.
  2. ඇහුම්කන් දෙන්න.
  3. ඔබේ අතේ පිට පැත්තට රෝගියාගේ හුස්ම වැටේ දැයි (ස්පර්ශ්‍ය මගින්) දැනගන්න.
ශ්වසන මාර්ගයේ අවහිරතා නැති කරන්න.


රෝගියාට හුස්ම ගත හැක්කේ ඔහුගේ ශ්වසන මාර්ගය අවහිර නැතිනම් පමණි. රෝගියෙක් සිහි මුර්ජාවීමෙන් පසු දිව පසුපසට වැටීම මගින් හෝ සෙම හෝ වමනය සිරවීම මගින් ශ්වසන මාර්ගය අවහිර විය හැක.

  • රෝගියා තද පෘෂ්ඨයක් මත උඩුබැලි අතට හාන්සි කරවන්න. ඔලුව අල්ලෙන් තදකර පසුපසව තැබීම හා නිකටෙන් එසවීම


ක්‍රමය
  1. නිකට යටට ඇගිලි දෙකක් තබන්න.
  2. අනිත් අත නළල උඩින් තබන්න.
  3. හණු උසට ඔසවන්න, හිස පහතට තද කරන්න.
  4. එවිට ශ්වසන මාර්ගය පැහැදිලිව දැක ගත හැක, එහි ඇති සෙම හෝ වෙනත් සිරව ඇති ද්‍රවයන් ඉවත දමන්න.
ශ්වසනය
  • මුල්ම තත්පර 5-10 අතරදී රෝගියා හුසිම ගන්නේදැයි ස්ථීරව දැනගන්න.
  • ඔබේ කණ රෝගියාගේ කටට උඩින් තබා ගෙන රෝගියාගේ පපුව දෙස බලන්න. එවිට ඔහු හුස්ම ගන්නේ නම් ඒ ශබ්දය ඔබට ඇසෙන අතර පපුව උස්-පහත් වනු දැකිය හැකි වනු ඇත.
හුස්ම නොගන්නේ නම් මුවට - මුව තබා කෘත්‍රිම ශ්වසනය අරඹන්න.


මුවට - මුව තබා කෘතිම ශ්වසනය


http://users.rowan.edu/~willia47/breaths.gifකලින් දැක්වු පරිදි නලල පහළට තද කර නිකට ඔසවා රෝගියාගේ නහස් පුඩු ඇඟිලි දෙකෙන් තද කරන්න. හොද හුස්මක් ගෙන රෝගියාගේ මුවට ඔබේ මුව සුළං නොයෙන පරිදි තද කර රෝගියාගේ පෙනහලු තුලට තත්පරයක් තුල හුස්ම අරින්න. රෝගියාගේ පපු ප්‍රදේශය ඉහළට එසවෙන්නේ නම් දෙවන හුස්මද එසේ රෝගියා තුලට අරින්න.

රුධිර සංසරණය

ඔබේ එක් අතක අල්ල රෝගියාගේ පපුව මැද තබන්න. අනෙක් අත මුලින් කී අත උඩ තබන්න. වැලමිට නොනැමිය යුතුය.

ඔබේ ශරිරයේ මුළු බරම යොදවා අඟල් 2 ක් පමණ පහලට තද කරන්න. (මිනිත්තුවකට එවැනි තද කිරිම් 100 ක් අවශ්‍යය.)
    http://www.wdt.edu/uploadedImages/Corporate_Education_Center_content/cpr.jpg
  • 30 වරක් එසේ තද කරන්න.
  • ඉන් පසු කෘත්‍රිම ශ්වසනය දෙවරක් කරන්න.
මෙසේ සෑම තදකිරීම් 30 කටම කෘතුම ශ්වසනය දෙවරක් බැගින් දෙමින් වෛ‍‍ද්‍ය ආධාර එනතුරු කරගෙන යන්න.

මේ ක්‍රම වේදයේද ඉල ඇට | පෙනහලු | හදවත යන අවයව වලට හානිද පැමිනිය හැක.


විඩියෝ  මාර්ගයෙන් පැහැදිලි කිරීම පහතින් බලන්න

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips