දුම්පානය සහ අධික ලෙස මත්පැන් භාවිතය පිළිබද ඔබ දැන යුතු දේ

දුම්වැටි ඉරීම සහ ඉන් ඇතිවන විපාක

දුම්වැටි එනම් සිගරට්, බීඩිවල කාබන් මොනොක්සයිඩ් ඇතුළු නොයෙකුත් විෂ වායු සහ නිකටින් සංඝටකය අඩංගුයි. මෙම නිකටින් නිසා දුම්වැටියට ඇබ්බැහිවීමට අමතරව ඔබේ සිරුරේ අවයව හා පද්ධති බොහොමයකට හානි සිදුවේ.
http://paranoidnews.org/wp-content/uploads/2010/12/Cigarette-Smoking-A-Human.jpg
හෘදයට වන හානි

හෘදාබාදයක් ඇතිවීමේ අවදානම දුම්පානය කරන්නන්ට, නොකරන අයට වඩා 70% කින් වැඩිය. හෘදාබාධයක් ඇතිවීම තුළින් හෘදය නතරවීම සහ මරණය පවා ඇති විය හැකියි. මෙසේ පවුල් බර දරණ පුද්ගලයා රෝගාතුර වූ විට හෝ නැති වීම තුළින් අසරණ දරු පවුලක් අනාථ වේ. හෘද ස්පන්දනය වේගවත් වීම, රුධිර පීඩනය වැඩි වීම පමණක් නොව ලේ කැටි ගැසීමේ ප්‍රවණතාවද වැඩි වේ. රුධිර කොලස්ට්‍රෝල් මට්ටම වැඩි වීමද සිදුවන නිසා හෘදයාබාධ පමණක් නොව අංශභාගයද ඇති විය හැක. අංශභාගය සෑදීම නිසා ඇදටවීමෙන් ඔබට සහ පවුලේ අයට වන විපාක කෙබදුද?

දුම්වැටි ඉරීම දිගටම සිදු කිරීම නිසා හෘද රෝග වලට ලබාදෙන ඖෂධවල බලයද අඩුවේ.

කකුල්වලට රුධිර සැපයීම අඩු වන නිසා තුවාල සෑදීම හා ඒවා සුව නොවීමද සමහර විට ඇගිලි කොටස් මියයාම නිසා ශල්‍යකර්ම තුළින් පාද ඉවත් කිරීමද සිදුවේ.

ශ්වසන පද්ධතියට වන හානි


  • දුම්පානය කරන්නන්ට පෙනහළුවල පිළිකා ඇතිවීම නොකරන්නන්ට වඩා දහ ගුණයකින් වැඩියි.
  • පෙනහළු තුළ ඇති, ගර්ත නමැති වාතය හුවමාරු කෙරෙන වායු බුබුළු බිදී යාමේ රෝගය ඇති විය හැක. (එම්ෆීසීමා තත්ත්වය)
  • මීට අමතරව ශ්වාසනාල ප්‍රදාහය (බ්‍රොන්කයිටිස්) රෝගයද සුලබ වේ. ස්වරාලයේ පිළිකා සෑදෙන අවදානමද වැඩිවේ.
ආහාර ජීර්ණ පද්ධතියට

  • මුඛ පිළිකා ඇති වීම - බුලත් කෑම මෙන්ම දුම්පානය ද මුඛ පිළිකා අවදානම වැඩි කරයි. එමෙන්ම උගුරේ පිළිකාද ඇති විය හැක.
  • ආමාශයේ සිට ගලනාලයට ආම්ලික ද්‍රව්‍ය නැවත ඒම (gastric reflux) ග්‍රහනියේ තුවාල ඇති වීම සහ සමහර විට මෙම තුවාලවලින් රුධිරය වහනය වී මරණය පවා සිදුවේ.
  • විදුරුමසේ සහ දිවේ ආසාදන ද වැඩි වේ.
මූත්‍ර වකුගඩු පද්ධතියට වන හානි

  • වකුගඩු පිළිකා, මූත්‍රවාහිනී සහ මූත්‍රාශයේ පිළිකා ද ඇති විය හැක.
  • පිරිමින්ගේ පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාද ඇති විය හැක.
ගර්භනී මවකට විය හැකි හානි

http://cigarettesreporter.com/wp-content/uploads/2011/06/smoking-during-pregnancy.jpgගැබ්ගත් ස්ත්‍රීය දුම්පානය සක්‍රියව හෝ අක්‍රියව (එනම් වෙන කෙනෙකු දුම්පානයේදී පිට කරන දුම ආඝ්‍රාණය කිරීම) කළහොත් ගබ්සා ඇතිවීම සිදුවේ. දරුවාගේ උපත් බර අඩු විය හැක. වැදෑමහ විකෘතිතා නිසා ගර්භය තුළ දරුවා මිය යාම සිදු විය හැක. දරුවාට සංජානනීය හෘද රෝග සෑදීමේ අවදානමද වැඩි වේ.
දුම්පානය නිසා ශුක්‍රාණුවල විකෘතිතා ඇති විය හැක. එමගින් බිහිවන දරුවන්ට සංජානනීය හෘද රෝග, උඩුතොල බෙදී යාම වැනි විකෘතිතා ඇති විය හැක. ඔබේ දුම්පානය අහිංසක දරුවාට බලපාන අයුරුයි ඒ.
පිරිමින්ගේ ලිංගික අප්‍රාණිකතා පවා ඇති වේ.
ඇටකටු බොල් වීම හා දිරාපත් වීම එනම් ඔස්ටියෝපෙරෝසිස් රෝගයද දුම්වැටි උරන්නන්ගේ වැඩියි.
ඔබ නිවස තුළට වී දුම් බොන්නේ නම් ඉන් පිටවන විෂ දුම් දරුවා ආඝ්‍රාණය කිරීම තුළින් ඔවුන්ගේ මානසික වර්ධනය පසු බැසීම, ඉගෙනීමේ දුර්වලතා ඇති විය හැකියි. මෙම විෂ ශරීර ගත වීමෙන් ඔබේ දරුවා ලියුකීමියාව (සුදු රුධිරාණු පිළිකා) සහ වසා ගැට පිළිකාවලට ගොදුරු වීමේ අවදානමද වැඩි වේ. මෙසේ වටිනා ජීවිතයක් ඔබේ දුම්වැටිය නිසා විනාශ වීමට ඉඩ දෙන්නේ ඇයි?

දුම්පානය නැවැත්වීම

http://ts4.mm.bing.net/images/thumbnail.aspx?q=1336908131183&id=b3da59b28384afcb8040e6d30d343757ඔබ දුම්පානය නවත්වන්නට අදහස් කරන්නේ නම් එය දුම්වැටියෙන් වැටිය අඩුකරගෙන යනවාට වඩා එකවර නතර කිරීම වඩාත් සුදුසු වේ. සිත පාලනය කර ගැනීම සහ දුම්වැටි නිසා ඔබට හා ඔබේ පවුලේ අයට වන විපාක මතක් කර ගැනීමෙන් එය පහසු වේ. දුම්වැටි භාවිතය නිසා ආර්ථිකව ඔබ කෙතරම් මුදල් නාස්ති කරයිද? මේ සියල්ල ඔබේ දරුවා වෙනුවෙන් හෝ ඔබේ ඉදිරි අනාගතය සදහා ඉතුරු කළ හැකි නම් එය කොතරම් හොදද?

දුම්වැටි නවත්වා මුල් අවධියේ නිකටින් වලට අබ්බැහි වීම නිසා නැවත එම පුරුද්දට යාම සිදු විය හැක. නිකටින් අඩංගු සමේ ඇලවිය හැකි පැච් වර්ග බෙහෙත් සැල් වලින් ලබා ගත හැක. මෙසේ ටික කලක් ඒවා උපකාරි කර ගැනීම තුළින් ද දුම්පානය අත්හැරීම පහසු වේ. මේ සදහා ඔබේ පවුලේ සහයෝගය සහ අගය කිරීමද වැදගත් පිටුවහලක් වේ.

අධිකව මත්පැන් පානය කිරීම නිසා ඇති වන විපාක

දුම්පානය මෙන්ම අධික ලෙස මත්පැන් පානය කිරීම ද ඔබේ ශරීරයට ඉතාමත් අහිතකරයි. සතියකට මිලි ලීටර 60 ක් වැනි සුළු ප්‍රමාණයක් පානය කිරීම එතරම් හානිදායක නොවුවත් සම්පූර්ණයෙන්ම නොගෙන සිටීම වඩාත් හිතකරයි. අධිකව මත්පැන් භාවිතය ශරීරයේ නොයෙකුත් පද්ධතිවලට හානි ගෙන දෙන අතර ආහාර ජීර්ණ පද්ධතියට වන හානිය ඉන් මුල් තැනක් ගනී.
http://www.toonpool.com/user/856/files/stop_alcohol_693835.jpgආහාර ජීර්ණ පද්ධතියට වන හානි අතර ආමාශයේ ඇති වන තුවාල හා ඉන් ඇතිවන ලේ ගැලීම, බඩපපුව දැවිල්ල, ගැස්ට්‍රයිටීස් (ආමාශ ප්‍රදාහය) මින් සමහරකි. උගුර සහ ගලනාලයේ පිළිකාද ඇති විය හැක. ගලනාලය වටා ඇති ශිරා පද්ධතිය ඉදිමී ගැට ගැසීම නිසා සුළු කැස්සක‍ට පසු වුවත් මේවා පිපිරී ලේ ගැලීමෙන්, ලේ වමනය අධිකව ඇති විය හැක. මත්පැන් පානය කිරීමේදී ආහාර මාර්ගයේ ඇතුළත ස්ථරයට වන හානි නිසා ආහාර ජීර්ණය සහ අවශෝෂණය අඩුවේ. එවිට විටමින් ඌණතා (විටමින් ඒ, බී, ඩී වැනි) සහ අනෙකුත් පෝෂණ ඌණතා ඇති විය හැක. ඒ අතර නීරක්තය / රක්තහීනතාව එනම් ලේ අඩුකමද මුල් තැනක් ගනී.

අධික ලෙස මත්පැන් පානය කරන්නන්ගේ අක්මාව වටා තෙල් තැන්පත් වී ඉදිමීමක් දක්නට ලැබේ. (Fatty liver) ඔවුන්ට සෙංගමාලය එනම් හෙපටයිටීස් වැළදීමේ අවදානම වැඩිය. එවිට උණ, අධික බඩේ කැක්කුම, ඇස් කහ වීම වැනි ලක්ෂණ මතුවේ. සමහර විට අක්මාව අකර්මණ්‍ය වීම එනම් අක්මාවට තම කාර්යය ඉටු කිරීමට නොහැකි වේ. (සිරෝසිස්) එවිට අත් පා ඉදිමීම, බඩ ඉදිමීම එනම් උදර කුහරයේ ප්ලස්මාව එකතුවීම නිසා මෙසේ සිදුවේ. මෙලෙස එකතුවන දියර ඉවත් කිරීම සදහා නිතර රෝහල් ගත වීමද සිදුවේ. නැතිනම් අධිකව බඩ ඉදිමීම නිසා හුස්ම ගැනීමද ඉතා අපහසු වේ. අධිකව මත්පැන් පානය කරන්නන් අතර අක්මා පිළිකා ඇතිවීමේ ප්‍රවණතාද වැඩියි.

මොවුන්ට හෘදයාබාධ වැළදීමේ අවදානමද වැඩියි. එසේ වන්නේ රුධිරගත කොලස්ට්‍රෝල් මට්ටම ඉහළ යාමත්, හෘද ස්පන්දනය ක්‍රමවත්ව සිදු නොවීමත්, අධික රුධිර පීඩනය ඇතිවීමත් නිසාය. සමහර විට හෘදය අකර්මණ්‍ය වීමද ඇති වියහැක. එවිට හෘදයට නිසි පරිදි රුධිරය පොම්ප කළ නොහැකි වේ.

ස්නායු පද්ධතියට විය හැකි හානි අතර අංශභාගය (එනම් ශරීරයේ පැත්තක් පණ නැති වීම), ඇස් පෙනීම දුර්වල වීම, කුඩා මොළය ක්ෂය වීම, මතකය අඩු වීම සහ සිහිය මද වීම, (Dementia) අත් පා දැවිල්ල, නින්ද නොයාම පමණක් නොව අනුන්ව අනවශ්‍ය ලෙස සැක කිරීම වැනි මානසික ප්‍රශ්නද පැන නගී.

මීට අමතරව ලිංගික ශක්තිය අඩුවීම සහ වෘෂණ කෝෂ ක්ෂය වීම නිසා මද සරු බව පවා ඇති විය හැක. මෙහිදී මත්පැන් බොන පිරිමියා සහ බිරිද අතර නොයෙකුත් ගැටුම් හටගත හැක. එපමණක් නොව වෙරි මතින් තම බිරියට සහ දරුවන්ට පහර දීම වැනි අමානුෂික ක්‍රියා නිසා නොයෙකුත් පවුල් ප්‍රශ්න සහ සමාජීය ගැටළු ද මතුවේ. දරුවන්ද සමාජයට මුහුණ දීමට නොහැකිව ලැජ්ජාශීලී පසුබට පුද්ගලයන් වීමද සිදුවිය හැක.

අධිකව මත්පැන් පානය කරන්නන්ගේ මාංශ පේශි සෛල විනාශ වීම හා දුර්වල වීම නිසා කෙණ්ඩ පෙරළීමද, කකුල්වල අධික වේදනාවක්ද ඇති විය හැක.

මෙසේ බලන විට දුම්පානය සහ මත්පැන් ඔබ‍ව කෙතරම් විනාශ කරයිද? ඔබේ මුදල් මෙසේ නාස්ති කරන්න එපා. ජීවිතයට ආදරය කරන්න. මෙම නරක පුරුදු වලින් ඉවත්වීමෙන් ඔබගේ ජීවිතය කෙතරම් සැපවත් වේදැයි නිතර මතක් කර ගන්න. එවිට මේවා නැතිව ජීවත් වීම එතරම් අපහසු නැතැයි ඔබටම වැටහේවි.





AD DESCRIPTION




AD DESCRIPTION
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips