ග්ලූකෝමා යනු ඇසේ දෘෂ්ටි ස්නායුවේ ඇතිවන දුබලතාවයක්. මෙම දුබලතාව ක්‍රම ක්‍රමයෙන් සෙමින් සිදුවන තත්ත්වයක්. ඕනෑම අයෙකුගේ ඇසක රසදිය මි.මි. 10 - 21 අතර පීඩනයක් පවතියි. මෙම පරාසය ඇතිවන්නේ ඇසේ පවතින තරලය නිසායි. මේ තරලය අලුතින් නිපදවෙන අතරම ඇසේ තිබෙන ප්‍රමාණය ඉන් ඉවත් වේ.

මේ අතර එහි පවතින සමබරතාව ගිලිහී යාම ඊට බොහෝදුරට හේතුවේ. විශේෂයෙන් ග්ලුකෝමා රෝගීන්ගේ එම අදාළ තරලය අලුතින් නිපද වූවද ඇසෙන් පිටවන තරල ප්‍රමාණය නිසිලෙස පිටනොවේ. ඒ නිසා ඇස තුළ එම තරලය එකතු වීමක් සිදුවේ. එමඟින් ඇස තුළ පීඩනයක් ඇති වී එම පීඩනය මඟින් දෘෂ්ටි ස්නායුව මත තෙරපීමක් ඇති කරයි.

මේ නිසා ස්නායුවට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වීමෙන් ස්නායුව ක්‍රම ක්‍රමයෙන් දුබලතාවට පත්වේ. මෙහි බරපතළ බව වන්නේ ඇසේ පෙනීම අඩුවී යන්නේ 40% ක් ඇසට හානිවූ පසුවයි. මේ තත්ත්වය හඳුනා ගන්නට පෙරදී රෝග ලක්ෂණ කිසිවක් දැක ගැනීමේද හැකියාවක් නොමැත.

දෘෂ්ටි ස්නායුවට හානි පැමිණිය හොත් නැවත යථා තත්ත්වයට පත් කරගත හැකිද?

දෘෂ්ටි ස්නායුව කපාල ස්නායුවක්. මෙය විනාශ වූ පසු යථා තත්ත්වයට පත් කිරීම ඉතාම අපහසු කටයුත්තක්. ඒ නිසා ස්නායු දුර්වලතාව පැමිණීමට පෙර ඒ තත්ත්වය හඳුනාගත යුතුයි.

මෙම රෝග තත්ත්වය කුමන වයස් වලදී දැකගත හැකිද?

ඇසේ පීඩනය වැඩි නොවන ග්ලූකෝමා තත්ත්ව තිබුණද රසදිය මි.මි. 26 ට වැඩි අගයක සිටින අයට ග්ලූකෝමා ඇතිවිය හැකියි. මෙහිදී විශේෂයෙන් මවට හෝ පියාට ග්ලූකෝමා තත්ත්වයක් තිබෙනවා නම් සාමාන්‍ය අනෙකුත් පුද්ගලයන්ට වඩා ග්ලූකෝමා ඇතිවීමේ ප්‍රවණතාව සියයට පස් ගුණයකින් වැඩි වේ.

ඒ වගේම සහෝදරයෙකුට හෝ සහෝදරියකට ග්ලුකෝමා තත්ත්වයක් තිබෙනවා නම් නව ගුණයක ප්‍රවණතාවකින් ග්ලුකෝමා වැළඳිය හැකියි. ඒ වගේ ඇසේ තදබල තැල්මක් ඇති වූවොත් එමඟින්ද ග්ලූකෝමා ඇතිවිය හැකියි. ඊට අමතරව අවිදුර දෘෂ්ටිකත්වයක් ඇති අයටද ඇසේ ඇතිවන කැසීම් සඳහා භාවිතා කරන ඇතැම් ස්ටීරොයිඩ් ඖෂධ කාලයක් භාවිතය නිසාද ග්ලුකෝමා ඇතිවේ.

දියවැඩියා රෝගීන්ටත් අධික රුධිර පීඩනයක් පවතින අයටත් ග්ලුකෝමා අවදානමක් නොතිබුණද දියවැඩියා රෝගීන් වසරකට වරක් වත් ඇස් පරීක්ෂාවක් කර ගත යුතුයි. ඒ වගේම වයස් ගත වීමත් සමඟ මීට ගොදුරු වීමේ වැඩි ප්‍ර‍්‍රවණතාවක් පවතියි. විශේෂයෙන් වයස අවුරුදු 65 ඉක්ම වූ අය මෙහි අවදානමක් ගනියි.

සාමාන්‍යය වයස අවුරුදු 40 පසු වූ අය කණ්ණාඩි මිලදී ගැනීමට යනවිට ග්ලුකෝමා ඇති නැති බවද පරීක්ෂා කර ගන්නේ නම් වඩාත් සුදුසුයි. ඇතැම් රෝගීන්ගේ ඇසේ පීඩනයක් නොතිබුණද ඇසේ ස්වභාවය ග්ලුකෝමා රෝගියකුගේ ආකාරයක් කියාපායි. ඒ වගේම විශේෂිත ස්කෑන් පරීක්ෂණයකින් යම් රෝගියකුට කුමන හෝ ග්ලුකෝමා තත්ත්වයක් තිබෙනවාදැයි හඳුනා ගැනීමේ හැකියාවක්ද පවතී.

ඇසේ පීඩනයට අමතරව ඇසේ ග්ලුකෝමා තත්ත්වයට බලපාන්නේ කුමක්ද?

ඇත්තෙන්ම දෘෂ්ටි ස්නායුවේ ස්නායු තන්තු ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වීමට ඇසේ පීඩනය පමණක්ම හේතු නොවේ. ඒ අනුව ඇසට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවීම, ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම, රුධිර පීඩනය වැඩිවීම ආදිය දැක්විය හැකියි. ස්ටීරොයිඩ් අඩංගු ඇස් වලට දමන ඖෂධ හා වෛද්‍යවරයා නියම කරන ප්‍රමාණය ඉක්මවා භාවිතා කිරීම නිසාද ඇස්වල ග්ලුකෝමා තත්ත්වය ඇතිවී ඇස් අන්ධවන මට්ටමට පවා පත්විය හැකියි.

පෙර පැහැදිලි කළ ආකාරයට තමාගේ පවුලේ සාමාජිකයන්ට ග්ලුකෝමා තත්ත්වයක් පවතින අය වයස අවුරුදු 40 ට පෙර ඇස් පරීක්ෂා කරගත යුතුයි. ඒ වගේම මෙම රෝග තත්ත්වය පාලනය කරගත හැකි රෝගයක් නමුත් නිට්ටාවටම සුවකර ගත නොහැකියි. ඒ සඳහා රෝගියාත් වෛද්‍යවරයාත් අතර සම්බන්ධතාව ඉතා වැදගත්.

මෙම රෝගී තත්ත්වයේ ලංකාවේ පවතින ප්‍රවණතාව පිළිබඳ කතාබහ කළොත්?

ලංකාවේ අන්ධභාවය ඇති කරන හේතුන්ගේ 12% කගේ අන්ධභාවයට හේතුවන්නේ ග්ලුකෝමා තත්ත්වයකි. අපේ රටේ 90%ක් පමණ දෙනෙක් මේ වන විටත් තමාට ග්ලුකෝමා තිබෙන බව හඳුනාගෙන නොමැත. ඒ නිසා ලොව තුන්වෙනි තැනට අන්ධභාවය ඇති කරන හේතුවක් වන ග්ලුකෝමාව හඳුනා ගැනීමට අක්ෂි පරීක්ෂාවක් කළ යුතුයි. ඊට හේතු වන්නේ සාමාන්‍යයෙන් පිටින් ඇස පරීක්ෂා කර රෝග අවස්ථාව හඳුනා ගැනීමට නොහැකි වීමයි.

ග්ලුකෝමා තත්ත්වයක් තිබෙන පුද්ගලයන්ගේ ඉදිරි තත්ත්වය පිළිබඳ පැහැදිලි කළොත්?

මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර මඟින් යම් සහනයක් ලබා ගැනීමට අපොහොසත් වූවත් ඔවුන් ශල්‍යකර්මයක් සඳහා යොමු කරවනු ලබයි. මෙසේ ශල්‍යකර්මයට යොමුකරන්නේ ඖෂධ ප්‍රතිකාර වලින් පවා සහනයක් ලබා ගත නොහැකි පුද්ගලයන් හා සම්බන්ධවයි.

නමුත් ශල්‍යකර්මය මෙන්ම ඖෂධ යන ක්‍රම දෙකම ඇතැම් රෝගීන් සඳහා භාවිතා කරන බවද තවත් විශේෂිත කරුණක්. අධික ඝණකමින් යුතු කණ්ණාඩි පළඳින පුද්ගලයන්ට මෙම තත්ත්වය පහසුවෙන් හඳුනා ගැනීමට නොහැකිවේ.

ඒ වගේම ඔබගේ ඇසට යම් අනතුරක් වුණේ නම් හා එය යම් බරපතළ කමක් සහිත නම් ඊට මාසකින් පසුව ඇසේ පීඩනය මැනගත යුතු අතර පසුව නැවතත්, මාස 6කින් ඇසේ පීඩනය වර්ධනය වෙමින් යනවාද දෘෂ්ටි ස්නායුවට යම් ආකාරයේ හානියක් තිබෙනවාද කියා විමසා බැලිය යුතුයි. හදවත් රෝගයක් තිබෙන අයට මොළයේ රුධිර සැපයුම අඩුවිය හැකියි. මීට බොහෝ දුරට හේතු වන්නේ කිරීටක ධමනිවල යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ය.

දියවැඩියාව නිසා ඇසට ඇතිකර විය හැකි අහිතකර තත්ත්වය මොනවාද?

දියවැඩියාව නිසා දෘෂ්ටි ස්නායුවේ ඇතිවන ඇතැම් ගැටලු නිසා රෙටිනොපති තත්ත්වයක් ඇතිවිය හැකිියි. දීර්ඝ කාලයක් දියවැඩියාව තිබෙන විට මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකියි. ග්ලුකෝමාව දියවැඩියාව නිසා නොසෑදුණත් දියවැඩියා රෝගීන් ග්ලූකෝමා සඳහා ඇස් පරීක්ෂා කළ යුතුයි.
හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවක වර්ජනය සාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ගයක් බවත් පොදුරාජ්‍ය මණ්ඩලයේ නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති තනතුර ලැබුණත් ආණ්ඩුව ව්‍යවස්ථාවට අනූව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය ඉවත් කිරීමෙන් පසු අධිකරණ ක්ෂේත්‍රයට ඇඟිලි ගැසීම් වැඩි වූ බවත් පවසන ඒ මහතා අධිකරණය බලය ඇති අයට අවශ්‍ය පරිදි හැසිරෙන ආකාරයක් දක්නට ලැබෙන බවත් කියා සිටියි.

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවකයින් විසින් ඉල්ලීම් 6ක් මුල්කර ගනිමින් වෘත්තීය සමිති 16ක් විසින් ඊයේ පෙරවරුවේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් එම වැඩවර්ජනයට එරෙහිව වාරණ නියෝගයක් ද අධිකරණය විසින් පනවා ඇත.

කෙසේ වුවද අධිකරණ නියෝගය නොතකා වෘත්තීය සමිති විසින් වැඩවර්ජනය පවත්වාගෙන යනු ලබන අතර එම වර්ජනය අසාධාරණ නොවේ යැයි අද (28) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයින් පෙන්වාදෙන ලදී.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා එවකට කම්කරු ඇමතිවරයා වශයෙන් සිටියදී කම්කරු ප්‍රඥ්පතියක් සැකසීමට පවා උත්සුක වූ බවයි.

කෙසේ වුවද එය නොසැකසුණ බවත් එය සැකසුණා නම් කම්කරුවාට මීට වඩා ඉන් වෘත්තීය අයිතිවාසිකම් සැලසෙන බවද පෙන්වාදුන්නේය.

තත්ත්වය එසේ වුවද වත්මන් පාලකයින් මේ කිසිවක් නොසලකා කටයුතු කරන බවත් කම්කරු අරගලවලට එරෙහිව සිදුවන මෙවැනි ක්‍රියාදාම ගැන අමුතුවෙන් කීමට අවශ්‍ය නැති බවත් කියා සිටියේය.

මාධ්‍ය හමුව ඇමතු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ චොගම් උත්සවය පැවැති කාලයේදී උද්ඝෝෂණ තහනම් බවයි.

එහෙත් දැන් චොගම් නැති නමුත් වැඩ වර්ජන පවා අධිකරණ තීන්දු මගින් යටපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ යැයි ඔහු චෝදනා කළේය.

1935 අංක 12 දරණ වෘත්තීය සමිති ආඥාපනත යටතේ කම්කරු අරගල මැඩපැවැත්වීමට සිවිල් අධිකරණයක නඩු පැවරිය නොහැකි බවද හෙතෙම පැවසීය.

එම පනතේ වගන්තිවලට අනූව සංවිධානය වීම, කේවල් කිරීමේ අයිතිය පවා කම්කරුවන්ට සැලසී ඇති බවත් ඔහු පෙන්වාදුන්නේය.

කෙසේ හෝ වර්ජනයේ නිරත සේවකයින් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට පෙර අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කර සාකාච්ඡා පවත්වා ඇති බවත් එම කිසිදු දෙයකින් හෝ යහපත් ප්‍රතිඵලයක් නොලැබුණ නිසා ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන බවත් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසීය.

එම මාධ්‍ය හමුවට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් නියෝජිතයින් කිහිප දෙනෙකුම සහභාගි වී සිටි අතර ඔවුන් ද මෙම වර්ජනය සාධාරණිකරණය කරමින් අදහස් පළ කරන ලදී. 

 උපුටා ගැනීම අද දෙරන පුවත් මගිනි

අපි කව්දෝ ව්‍යාපාරිකයෙකුගේ දානයකට ගියා තමයි: නමුත් ඒ කැසිනෝ රජෙක් කියා දන්නේ නෑ: සංඝ වංචනිකයෝ එක සීරුවට බයිලා වදාරති: මහා පාවාදීමේ සේයාරූ එළියට--------

(ලංකා ඊ නිව්ස් -2013.ඔක්.20, ප.ව.4.30) කැසිනෝ සූදුවට විරුද්ධව ජනතාව පාරට බස්සනවා යැයි මාධ්‍ය හමුවක් පවත්වමින් වහසි බස් දොඩා විනාඩි 40 කට පසුව කැසිනෝ රජු රවි විෙජ්රත්නගෙන් දානය වළඳා පිරිකර යැයි කියා මිලියන ගණනින් කප්පම් ලබා ගත් සංඝ පීතෘෘවරුන් ලෙස මෙතක් පෙනී සිටි සංඝ වංචනිකයන් එම කප්පම් තම සුපිරි රථ වලට පටවන සේයාරූ අද සන්ඩේ ටයිම්ස් පුවත් පත විසින් ප්‍රසිද්ධ කර තිබේ.

ඉහතින් දැක්වෙන්නේ එම සේයාරුවයි. ඩී.ආර්.විෙජ්වර්ධන මාවතේ ආරම්භ කිරීමට යන ඕස්ටේ්‍රලියානු කැසිනෝ රජා ෙජ්ම්ස් පැකර්ගේ කැසිනෝ මාලිගාවේ ශ්‍රී ලංකාවේ හවුල්කාර ලාංකික කැසිනෝ රජා රවි විෙජ්රත්න විසින් කප්පම් පිරිකර සංඝ වංචනිකයන්ගේ රථ වලට පටවනු එම සේයාරුවේ පැහැදිලිව දැක්වේ.

මේ මහා පාවාදීම සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පුවත් පත කැසිනෝ රජුගෙන් කප්පම් ලබා ගත් එක් සංඝ වංචනිකයෙක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද දුරකථනයට සම්බන්ධ කරගෙන ඇති අතර ඔහු සමග වූ සංවාදය මෙසේය.

ප්‍රශ්නය - ස්වාමීන් වහන්ස, බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවෙන් පසුව ඔබ විශේෂ දිවා භෝජනයකට සහභාගී වුනාද?
පිළිතුර - ඔව් ඒක සාමාන්‍ය දානයක්
ප්‍රශ්නය - ඒ දානය දුන්නේ කව්ද?
පිළිතුර - මං දන්නේ නෑ
ප්‍රශ්නය - දානයට ආරාධනා කළේ කව්ද?
පිළිතුර - ඛෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ තමයි මට ආරාධනා කෙළේ
ප්‍රශ්නය - එහිදී කැසිනෝ ගැන සාකච්ඡා කළාද?
පිළිතුර - වචනයක් වත් කතා කෙළේ නෑ
ප්‍රශ්නය - මෙය කුමක් සඳහා දුන් දිවා ආහාරයක් ද?
පිළිතුර - ඒක සාංඝික දානයක්
ප්‍රශ්නය - මාධ්‍ය හමුවට සහභාගී වූ සියළු දෙනා ඊට සහභාගී වුනාද?
පිළිතුර - කීප දෙනෙක් පමණයි
ප්‍රශ්නය - ඔබ ඒ ව්‍යාපාරිකයා හඳුනනවාද?
පිළිතුර - මා ඔහුත් සමග සම්බන්ධයක් නෑ
ප්‍රශ්නය - ඔබ ඔහුව දන්නේවත් නැද්ද?
පිළිතුර - මට ඔහු ගැන නිච්චියක් නෑ.

ඉන් පසුව සන්ඩේ ටයිම්ස් පුවත් පතට මේ සම්බන්ධයෙන් විමසීමට අල්ලා ගත හැකි වී ඇත්තේ ඛෙල්ලන්විල විමලරතන වංචනික මහාචාර්ය හිමියන්ය. මන්ද යත් මෙය සංවිධානය කළ මූලිකයා වූ මාදුළුවාවේ සෝභිත සංඝ වංචනික තෙමේ ලංකා ඊ නිව්ස් හෙළිදරව්වෙන් පසු අතුරුදහන් වී සිටින බැවිනි.

ප්‍රශ්නය - ස්වාමීන් වහන්ස, බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවෙන් පසුව ඔබ විශේෂ දිවා භෝජනයකට සහභාගී වුනාද?
පිළිතුර - රෙස්ටොරන්ට් එකක පැවැති දානයකට මට ආරාධනාවක් ලැබුනා. කැසිනෝ සම්බන්ධයක් ගැන මං දැනගෙන හිටියේ නෑ. අපි දානයට ගියා එය අහවර වූ පසු ආවා.
ප්‍රශ්නය - ව්‍යාපාරිකයා ඔබට ආරාධනා කළාද?
පිළිතුර - ආරාධනාව ලැබුනේ ව්‍යාපාරිකයාගේ සහායකයෙකුගෙන්
ප්‍රශ්නය - ඔබ ව්‍යාපාරිකයා ගැන දන්නවාද?
පිළිතුර - අපි ඔහුව හඳුනන්නේ නෑ. අපි රෙස්ටොරන්ට් එකට ගියා. දානය ලැබුනා. අපි ආවා.
ප්‍රශ්නය - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවා ඔහුට ආරාධනා කෙළේ ඔබයි කියා. එය ඇත්තක්ද?
පිළිතුර - මම ආනන්ද හිමියන්ට ආරාධනා කෙළේ නෑ. ඔහුත් පෙර කී ව්‍යාපාරික සහායකයාගෙන් ආරාධනා ලැබ තිබුනා.
ප්‍රශ්නය - කවදාද මේ ආරාධනාව ලැබුනේ?
පිළිතුර - සති දෙකකට පමණ පෙර
ප්‍රශ්නය - රෙස්ටොරන්ට් එක තුලදී කැසිනෝ ගැන සාකච්ඡා වුනාද?
පිළිතුර - නැහැ. අපි දැනගෙන තිබුනේ නෑ ඔහු කැසිනෝ වලට සම්බන්ධයි කියා.
ප්‍රශ්නය - දානයට ආරාධනා ලැබුණු විට දානය දෙන්නේ කව්ද කියා ඔබ විමසුවේ නැතිද?
පිළිතුර - දානයකට ආරාධනා ලැබුනහම ආරාධනා කරන්නේ කව්ද? දානය දෙන්නේ කව්ද? කියා අපි අගක් මුලක් විමසන්නේ නෑ. අපි යනවා දානය ගන්නවා එනවා. සමහර වෙබ් අඩවි අපිට මඩ ගහන්න උත්සාහ කරනවා.

ඉහත සන්ඩේ ටයිම්ස් වාර්තාවෙන් ද පැහැදිලිව පෙනී යන්නේ ලංකා ඊ නිව්ස් පසුගිය බ්‍රහස්පතින්දා හෙළිකළ පුවත සම්පූර්ණ සත්‍යයක් බවයි. දානයටකට ආරාධනා කළ විට ඒ ආරාධනා කරන්නේ කව්දැයි නොදන්නා බව කියමින් සහ වෙබ් අඩවි මඩ ගහනවා යැයි අවලාද නගමින් මේ සංඝ වංචනිකයන් තවදුරටත් ජනතාව මුලා කරමින් තම වංචාව වසා ගැනීමට කි්‍රියා කරති. මේ කියන ආකාරයට යම රජු දානයකට යැයි කියා ආරාධනා කළහොත් මොවුන් අපායට වුව යනවා නියතය.

මාදුලූවාවේ සෝභිත, මහාචාර්ය ඛෙල්ලන්විල විමලරතන, ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි, කොටුගොඩ ධම්මාවාස, මුරුත්තෙට්ටුවේ ආනන්ද, පාර්ලිමේන්තුව අසල පන්සලක නන්ද ඇතුළු සංඝ වංචනිකයන් පිරිස දානයට පැමිණි පසු ඔවුන්ගේ දෙපා දොවා රෙස්ටොරන්ට් එක තුලට වැඩම්මවූ පුද්ගලයා කව්දැයි කියා නොදන්නවා නම් මොවුන් ඕස්ටේ්‍රලියාවේ ෙජ්ම්ස් පැකර් ගැන දන්නේ කෙසේදැයි යන්නම ප්‍රශ්නයකි.

මේ සංඝ වංචනිකයන් හිතන්නේ මේ රටේ ජීවත් වෙන සෑම අයෙක්ම මොවුන් කියන බොරු බේගල් පිලිගන්නා බූරුවන් කියා ය. සූදු විරෝධය උත්කර්ෂයට නංවමින් මොවුන් අනෙක් පසින් සූදු රජවරුන්ගෙන් මුදල් ලබා ගනී. මෙය මේ ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ සංඝ නායකවරුන් කරන ලද මහා වංචාව සහ බරපතලම පාවාදීම ලෙස ඉතිහාස ගත වෙනවා ඇත.

බුදුරජානන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් කාලාම සූත්‍රයේ දෙසා වදාරා ඇත්තේ බුදුන් කී පළියට හෝ පරම්පරාවෙන් කී පළියට හෝ ඇසූ පමණින් හෝ දේවල් පිලිනොගන්නා ලෙසත් තමන්ගේම නුවණින් අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කර ගන්නා ලෙසත්ය. එබැවින් සැබෑ බෞද්ධයන් නම් මේ සංඝ වංචනියකයන්ගේ මුසා බස් වලට තව දුරටත් රැවටිය යුතු නැත.
Photo: අපි කව්දෝ ව්‍යාපාරිකයෙකුගේ දානයකට ගියා තමයි: නමුත් ඒ කැසිනෝ රජෙක් කියා දන්නේ නෑ: සංඝ වංචනිකයෝ එක සීරුවට බයිලා වදාරති: මහා පාවාදීමේ සේයාරූ එළියට--------

බිත්තර කන්න ගොඩක් අය බයයි. බිත්තර දෙකක් දවසකට කන්න එපායි කියලත් මතයක් තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව බිත්තරවල කොලෙස්ටරෝල් තිබෙනවයි කියලා අපේ ජනතාව බය වෙලා තිබීමයි. එහෙත් බිත්තර ගුණ කෑමක්.

ඔන්න ඔය වගේ විවිධ කතාබහ නිසාම දැන් අපේ කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශයේ විද්‍යාඥයන් පිරිසකගේ මෙහෙයවීම යටතේ ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් අඩුකරන ශරීරයට අත්‍යවශ්‍ය මේද අම්ල ලබාදෙන මොළයේ වර්ධනය හා ස්නායුවල ක්‍රියාකාරිත්වය වැඩි කරන පෝෂණ ගුණයෙන් වැඩි බිත්තරයක් රටටම හඳුන්වා දී තිබෙනවා.

ලෝකයේ සමහර රටවල් කිකිළියන්ට විවිධ පෝෂ්‍ය ගුණයෙන් යුත් ආහාර දීලා පෝෂ්‍ය ගුණය වැඩි ශරීරයට අත්‍යවශ්‍ය අසන්තෘප්ත මේද අම්ල ඇති බිත්තර හදනවා.

ඒ පර්යේෂණය අනුව මොන විධියේ ආහාර වේලක් කිකිළියන්ට දුන් විට ද අපට වැඩි පෝෂණයෙන් යුත් බිත්තරයක් හදාගන්න පුළුවන්ද කියලා බැලීමයි.

අපේ රටේ ම තිබෙන ද්‍රව්‍යවලින් හදන අලුත් විශේෂ ආහාර වට්ටෝරුවක් කිකිළියකට ලබාදුන් විට පෝෂණ ගුණය වැඩි ශරීරයට හිතැති මේද අම්ලවලින් පරිපූර්ණ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන අලුත් බිත්තරයක් කිකිළියන්ගෙන් ගන්න පුළුවන් . ඒ අනුව අර අලුත් ආහාර වට්ටෝරුව කාර්මික තාක්ෂණ ආයතනය මගින් තවත් පර්යේෂණ කරලා ඒවා දෙන කිකිළියන්ට අහිතකර ද කියලා හොයලා බැලුවා. නමුත් කිසි ප්‍රශ්නයක් නැති බව වැටහුණා ම ඒ ආහාර වට්ටෝරුවට  මේ වන විටත් පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන පවා තිබෙනවා.

අපේ ශරීරයට බහු අසංතෘප්ත මේද අම්ල අත්‍යවශ්‍ය දෙයක්. නමුත් මේක අපේ ශරීරය ඇතුළත හැදෙන්නේ නැහැ. හදන්නත් බැහැ. මෙහි සත්ව ආහාර සමඟම ගත යුතුයි. බිත්තරවල ශරීරයට වඩාත් හිතකර මේද අම්ල තුනක් තිබෙනවා.

ඒවාට කියන්නේ “ඔමේගා 3 - මේද අම්ල’ කියලා. නමුත් මේක බිත්තරවල ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයක්. අලුතින් සොයාගත් පර්යේෂණය අනුව නිපදවූ අලුත් ආහාර වට්ටෝරුව කිකිළියන්ට දුන්විට ලැබෙන බිත්තරයේ ඔමේගා 3 මේද අම්ල ප්‍රමාණය ඉහළ මට්ටමක පවතිනවා.

ඒ ප්‍රමාණය සාමාන්‍ය බිත්තරයකට වඩා පස් ගුණයක් බව පර්යේෂණ මගින් පෙනුණා. ඔමේගා 3 මේද අම්ල සහිත බිත්තරවලින් රුධිර පීඩනය පාලනය කරනවා.

ඒ සමඟ ම ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් ශරීරය ඇතුළත වර්ධනය වීම අඩු කරනවා.

මොළයේ වර්ධනය ක්‍රමවත් ව සිදු කිරීමටත් මොළයේ නිසි ක්‍රියාකාරිත්වයටත් මේ මේද අම්ල හේතු වෙනවා. විශේෂයෙන් මෙහිදී වැදගත් වන්නේ DHA  නම් මේද අම්ල විශේෂයයි.

මේ මේද අම්ල විශේෂය ශරීරයට ලැබුණු විට හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරනවා‍. ස්නායු සෛලවල වර්ධනය ඇස්වල පෙනුම වැඩි කරනවා. අකලට මහලුවීම අඩු කරනවා වාසි ගොඩක් තිබෙනවා.

මේද අම්ල කාණ්ඩ රැසක් තිබෙනවා. ඉන් ඔමේගා - 3 මේද අම්ල හා ඔමේගා 6 මේද අම්ල අතර අනුපාතය 4:1 ක් විය යුතුයි. නමුත් එය සාමාන්‍ය බිත්තරවල තියෙන්නේ 15.1 ක අනුපාතයටයි‍.

මෙම අලුත් පෝෂ්‍ය ගුණයෙන් යුත් බිත්තරවල ඇති ‍ඔමේගා 3 මේද අම්ල හා අලුත් ඔමේගා 6 මේද අම්ල අතර 4: 1 ක අනුපාතයක් තිබෙනවා.

මේ බිත්තර ලබාගන්න පුළුවන් මේ ආහාර වට්ටෝරුව දැන් කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශය මගින් දැන් පෞද්ගලික ගොවිපළකට ලබාදී තිබෙනවා.

එම ගොවිපළ මගින් ඒ බිත්තර නිපදවා දැන් සුපිරි වෙළෙඳ සල්වලට දමා තිබෙනවා. ඕනෑම අයකුට මිලදී ගන්න පුළුවන්.

මේ අලුතින් නිපදවූ බිත්තර පැකට්වල කාර්මික තාක්ෂණ ආයතනයේ තාක්ෂණය අනුව නිපදවූ බව සඳහන් කර තිබෙනවා. කෙසේ වුවත් මෙම බිත්තරවල අඩංගු ඔමේගා 3 මේද අම්ල ප්‍රමාණය පිළිබඳව කාර්මික තාක්ෂණ ආයතනය නිරන්තරයෙන් මේ පිළිබඳව පර්යේෂණ පසු ඇගැයීම් සිදු කරනවා.

ඇතැම් කිරිපිටි වර්ග වෙළෙඳ පොළෙන් ඉවත් කිරීමට හේතුව වේ ප්‍රෝටීන නොවන බවත්, එම වේ ප්‍රෝටීනවල වැඩෙන ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් නමැති උග්‍ර විෂ සහිත බැක්ටීරියාව අඩංගු වී ඇත්දැයි යන සැකය නිසා බවත්  පවසයි.

එක්තරා සමාගමකින් නිෂ්පාදනය කෙරුණු කිරි ආහාර කාණ්ඩ තුනක මේ බැක්ටීරියාව අඩංගු බවට ඇති වුණු සැකයක් මත එය නිශ්චිතව ‍තහවුරු කරගන්නා තුරු මේ ආරක්ෂිත පියවර ගත් බව පෙන්වා දෙයි.

කිරි මුදවීමේදී හා කේජු සැකසීමේදී මෝරු ලෙස ලැබෙන අතුරු ඵලය වේ ප්‍රෝටීන ලෙස හඳුන්වන අතර පළමුව සකසන්නේ වේ පවුඩර් බව ද එයින් වේ ප්‍රෝටීන හා ඉන්පසු අධිසාන්ද්‍රිත වේ‍ ප්‍රෝටීන නිෂ්පාදනය කෙරෙ, එම අධි සාන්ද්‍රිත වේ ප්‍රෝටීන අඩංගු ආහාරවලට මේ බැක්ටීරියාව මුසු වී ඇති බවට තොරතුරු ලැබුණ ද ඒවා මෙතෙක් අප රටට ආනයනය කර නැති බවට තොරතුරු ලැබී ඇත.

මස් සහිත ආහාර ආදිය ඇසුරුම් තුළදී නරක් වූ අවස්ථාවේදී ඇතිවන නිර්වායු තත්ත්ව යටතේ මේ බැක්ටීරියාව වැඩෙන අතර එහි විෂ ශරීර ගත වුවහොත් මිය යෑමට ඇති ප්‍රවණතාව සියයට 95 ක් පමණ  ය.

ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් බැක්ටීරියාවේ විෂ කිලෝ ග්‍රෑමයකින් මනුෂ්‍ය සංහතියම වුව විනාශ කළ හැකි බව පවසන මෙය ජීව යුද අවියක් ලෙස වුව ද භාවිත කළ හැකි බවට තොරතුරු ලැබී ඇති බව පෙන්වා දෙයි. කෙසේ වෙතත් මේ වනතුරු ශ්‍රී ලංකාවේ මේ විෂ ශරීරගත වීමෙන් මරණයක් සිදුවූ බවට වාර්තා වී නැති අතර ඇමෙ‍රිකාවේ ද මෑත කාලයේ සිදුව ඇත්තේ එක් මරණයක් පමණි.

‘සිරෝසිස්’ රෝගයට මේ පරීක්ෂණය විශේෂයෙන්ම සිදු කරනවා. නමුත් දියවැඩියාව, රුධිර පීඩනය හා අනිකුත් රෝගවල දිගු කාලයක සිට ඖෂධ ලබාගන්නා රෝගින්ටත් වෛද්‍යවරුන් LFT පරීක්ෂණය නියම කරනවා අක්මාවේ ක්‍රියාකාරිත්වය ගැන බලන්න.

මත්පැන්වලට අධික ලෙස දිගු කාලයක් තිස්සේ ඇබ්බැහි වී සිටින අයට ද ‘සිරෝසිස්’ රෝගය හට ගන්නා වගේම නොබොන අයට ද ‘නන් ඇල්කොහොලික් සිරෝසිස්’ හැදෙන්න පුළුවන්.

මත්පැන් දිගු කලක් ගැනීම නිසා රෝගී වන අය රෝගය හදා ගන්නේ තමන්ගේ වැරදි පුරුද්දකට ඇබ්බැහි වීම නිසාය. එහිදී ඇතිවන ‘සිරෝසිස්’ රෝගී තත්ත්වයේ දී අක්මාව අකර්මන්‍ය තත්ත්වයට නැතිනම් අක්මාව ප්‍රදාහයට පත්වෙලා රෝගියා අසාධ්‍ය මට්ටමකට පත්වෙනවා.

බීමත්කම නිසා ඇතිවන සිරෝසිස් හෝ මත්පැන් නොබොන අයට හැදෙන නන් ඇල්කොහොලික් සිරෝසිස් රෝග තත්ත්වය අනුව අක්මාවේ ක්‍රියාකාරිත්වය ඉක්මනින් බලා ගැනීමට හා ඒ පිළිබඳව නිගමනයකට එන්නට වෛද්‍යවරුන් හදිසියේ සිදුකරන පරීක්ෂණය ස්කෑන් පරීක්ෂණයයි.

සිරෝසිස් රෝග තත්ත්වය කවර මට්ටමින් තිබෙනවා ද කියා දැනගන්න වෛද්‍ය රසායනාගාර පරීක්ෂණය LFT රසායනාගාර පරීක්ෂණයයි.

LFT  පරීක්ෂණයට පරීක්ෂණ අටක් ඇතුළත් වෙනවා.

01. SGOT මේ පරීක්ෂණය AST හෙවත් ඇස්පාටේට් ඇමයිනෝ ට්‍රාන්ස්ෆරේස් යනුවෙන් හඳුන්වනවා.

02. SGPT - (ALT ඇලතින් ඇමයිනෝ ට්‍රාන්ස්ෆරේස්) මේ වර්ග දෙකම අක්මාවේ තිබෙන එන්සයිමයන්ය.

03. Alkaline Phosphatase (ඇල්කයින් ෆොස්ෆටේස්) තවත් පරීක්ෂණයකි. මෙයත් එන්සයිමයකි.

04. Gamma GT

මේ ගැමා ජී. ටී. පරීක්ෂණයෙන් අක්මාවේ යම්කිසි රෝග තත්ත්වයක් හෝ අක්මාව යම්කිසි ආබාධයකට පත් වී තිබෙනවා නම් එය හොඳින්ම බලා ගන්න පුළුවන්. සිරෝසීස් වැනි රෝග තත්ත්වයකදී ගැමා ජී. ටී. පරීක්ෂණයෙන් ලබා දෙන අගය ඉතාමත් ඉහළ අගයක් පෙන්නුම් කරනවා.

05. Bilirubin

බිලිරුබීන් පරීක්ෂණයේ දී බලන්නේ සාමාන්‍යයෙන් රෝගී කෙනෙකු කහ පැහැය වැනි තත්ත්වයකට පත්වෙන සෙංගමාල රෝග ලක්ෂණ තිබෙනවා ද කියා. බිලිරුබීන් පරීක්ෂණයේ දී එහි අගය වැඩි වී පවතිනවා නම් එය සෙංගමාල රෝග තත්ත්වයටත් හේතු වන එක් ලක්ෂණයක්.

06. Total Protein පරීක්ෂණය.

ටෝටල් ප්‍රෝටීන් හෙවත් සම්පූර්ණ ප්‍රෝටීන් අගය සොයන පරීක්ෂණය.

07. Albumin (ඇල්බියුමින්) 
     පරීක්ෂණය.

08. Globulin  (ග්ලොබියුලින්) 
     පරීක්ෂණය.

ඉහත 07 සහ 08 පරීක්ෂණ දෙකේ දී ඒවායේ අගයන් කොයිතරම් දුරට අඩුවී හෝ වැඩිවී තිබෙනවා ද යන්න සෙවීමෙන් රෝග තත්ත්වයට ඇති සම්බන්ධතා සොයා ගැනීමට උපකාරී වෙනවා.

අවසාන වශයෙන් සිදු කරන්නේ එසේ ඇල්බියුමින් සහ ග්ලොබියුලින් අනුපාතය සොයා ගැනීමයි.

මේ පරීක්ෂණ අපි දැන් එකින් එක නැවත විමසා බැලුවොත් SGOT (AST) සහ SGPT (ALT) පරීක්ෂණ කුමක් ද. මේ පරීක්ෂණ අක්මාව සම්බන්ධ එන්සයිම දෙකක් ගැනයි බලන්නේ. මේ එන්සයිමවල වැදගත්කම වන්නේ අක්මාව ඉදිමුණොත් නැතිනම් ප්‍රදාහයකට ලක්වුණොත් සිරෝසිස් තත්ත්වයක් ඇතිවී තිබෙනවානම් අසාමාන්‍ය ලෙස සිරුරේ තිබෙන මේ එන්සයිමවල වැඩිවීමක් දක්නට ලැබෙනවා.

එතකොට වෛද්‍යවරයෙක් ක්ෂණිකව නිගමනය කරනවා මෙම පරීක්ෂණ අගය අනුව පවතින වැඩිවීම නිසා රෝගියා පිළිබඳව පූර්ව නිගමනයකට එන්න පුළුවන්.

මොහුගේ අක්මාව මේ වගේ රෝගී තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. මොහු ඇඳ විවේකව සිටින්න ඕනෙ මොහුට වෙනත් ප්‍රතිකාර ලබාදිය යුතු ද එහෙමත් නැතිනම් අනවශ්‍ය බෙහෙත් වර්ග නිසා අක්මාවේ යම්කිසි හානියක් වී තිබෙනවා ද කියා සොයා බලන්න පුළුවන්. වෛරස රෝගයක් හෝ නැතිනම් ඩෙංගු වැනි රෝග තත්ත්වයක් අක්මාවට බලපාන්න පුළුවන්.

ඉහත එන්සයිම් දෙකේ වැඩිවීමත් පෙන්නුම් කරනවානම් එයිනුත් අක්මාවේ බරපතළ රෝගී තත්ත්වයක් පෙන්නුම් කරනවා.

ඇල්කලයින් ෆොස්ෆටේස් හදවතේ ප්‍රශ්නයක් ඇතිවූ විටත් පෙන්නුම් කරනවා.

නන් ඇල්කොහොලික් සිරෝසීස් තත්ත්වයක් මතුවුවහොත් එවැනි අවස්ථාවකදී හෝ වෙනත් විශේෂ රෝගී කාරණයකදී ගැමා ජී. ටී. පරීක්ෂණයක් සිදු කරන්නේ අක්මාවේ රෝග තත්ත්වය පිළිබඳව ඉක්මන් රෝග වාර්තාවක් ලබාගත හැකි නිසයි.

ගැමා ජී. ටී. පරීක්ෂණයේදීත් අක්මාවේ රෝග තත්ත්වය පිළිබඳ ඉක්මන් කෙටි වාර්තාවක් මඟින් රෝග තත්ත්වය පෙන්නුම් කර දෙනවා. එවිට වෛද්‍යවරයාට පුළුවන් රෝගියාට ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු කරන්න. ගැමි ජී. ටී. පරීක්ෂණය සිරෝසීස් රෝගය පිළිබඳ තත්ත්වයක් ඉතා ඉක්මනින් සොයා ගන්න උපකාරී වන වැදගත් පරීක්ෂණයක්.

‘බිලිරුබීන්’ කියන පරීක්ෂණය සිදුකර බිලිරූබින් අගය සොයා බලන්නේ සිරෝසිස් රෝගය සම්බන්ධයෙන් සිදුකරන රසායනාගාර පරීක්ෂණවලට වැදගත් පරීක්ෂණයක් වන නිසයි.

අපේ රුධිරයේ රතු රුධිරාණුවක් ආසන්න වශයෙන් දින 120 ක පමණ කාලයක් ජීවත් වෙනවා. මේ රතු රුධිරාණු අවසාන කාලයේ විනාශ වෙන කොට එසේ විනාශ වෙන්නේ ෆ්ලීහාව යන කොටසේදීය. එම අවස්ථාවේදී රතු රුධිරාණු විනාශ වීමේ දී අපද්‍රව්‍යයක් ලෙසයි මේ බිලිරුබීන් යනුවෙන් හඳුන්වන්නේ. මේ බිලිරුබීන්වලිනුයි සිරුර කහ පැහැයට ලක්වන්නේ. ඒ අය සෙංගමාලය හැදුණ කෙනෙකු ලෙස අපි හඳුන්වනවා. සෙංගමාලය හැදුණ විට ඔහු කොපමණ බිලිරුබීන් ප්‍රමාණයක් නිපදවන කියන එක කහ පැහැ ගැන්වී තිබෙන ප්‍රමාණයෙන් බලන්න පුළුවන්.

මෙවැනි අයගේ රතු රුධිරාණු දින 120 ක් සිරුරේ ජීවත් නොවී ඉතා ඉක්මනින් සිරුරෙන් විනාශ වී යනවා. බිලිරුබීන් ප්‍රමාණය වැඩි වෙනවා යයි කියන්නේ රතු රුධිරාණු නියමිත කාලයට ප්‍රථම ඉක්මනින් විනාශ වී යාමය. සෙංගමාල රෝගීන් කහ පැහැ ගන්නේත් ඒ නිසයි.

බිලිරුබීන් පරීක්ෂණය ද වැදගත් වන්නේ රෝග නිර්ණය කිරීමේ දී වෛද්‍යවරයාට හෝ විශේෂඥ වෛද්‍යවරයාට රෝග තත්ත්වය විනිශ්චය කර ගැනීමට එම පරීක්ෂණය උපකාරී වන නිසාය.LFT පරීක්ෂණය සමඟ කොලෙස්ටරෝල්, හෝ රුධිරයේ සීනි පරීක්ෂණයක් ද කරනවා නම් රෝගියා සූදානම් විය යුතු ආකාරයක් තිබෙනවා. ඒ පිළිබඳව රෝහලෙන් හෝ පරීක්ෂණයට යන පර්යේෂණාගාරයෙන් වෛද්‍යවරයාගෙන් හෝ කල් ඇතිව දැන ගැනීම ද වැදගත්. මේ සියලු පරීක්ෂණවලට රෝගියා සූදානම් වෙනවා නම් නිරාහාරව සිට පසුදින උදෑසන ගොස් පරීක්ෂණය සිදුකර ගත යුතුය.

එහෙත් LFT පරීක්ෂණයකට පමණක් නම් රෝගියා පෙනී සිටින්නේ නිරාහාරව සිටීම කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැත. මේ පරීක්ෂණයට ලේ ලබාදීමට වේලාවක් අවශ්‍ය නොවුවත් වඩාත් සුදුසු වේලාව වන්නේ දවල් වීමට ප්‍රථම උදෑසන ගොස් ලේ ලබාදීමය.

කසේ නමුත් LFT පරීක්ෂණයට අනෙකුත් රෝග සඳහා ලේ ලබා දෙන ප්‍රමාණයට වඩා වැඩිපුර ලේ ප්‍රමාණයක් රසායනාගාර පරීක්ෂණයට ලබාදිය යුතුය. හේතුව මේ පරීක්ෂණයට ලබාදෙන ලේවලින් රසායනාගාරයේ දී පරීක්ෂණ 8 ක් සිදුකළ යුතු බැවිනි. ඒ නිසා මිලි ලීටර් 10 කට ආසන්න ලේ ප්‍රමාණයක් ලබා ගනු ඇත. පරීක්ෂණාගාර පහසුකම් අනුව ලබාගන්නා ලේ ප්‍රමාණයේ අඩු වැඩිවීම සිදු වේ.

පරීක්ෂණයට වැය වන මුදල ද මිලෙන් අධිකය. හේතුව ඒ සඳහා උපයෝගී කරගන්නා රසායනික වර්ග මිලෙන් අධික වීම නිසාය. කෙසේ නමුත් රජයේ වෛද්‍ය පර්යේෂණායතනයේ සහ ජාතික රෝහලේත් රජයේ අනිකුත් ප්‍රධාන ශික්ෂණ රෝහල්වලත් මේ පරීක්ෂණ නොමිලයේ සිදුකර දෙනවා.

LFT පරීක්ෂණය මඟින් අක්මාවේ රෝග ප්‍රශ්න වගේම හෘදය වස්තුවේ යම්කිසි රෝගී ප්‍රශ්නයක් තිබෙනවා නම් එයත් පෙන්නුම් කරනවා.

LFT වෛද්‍යවරයකු විසින් රෝගියෙකුට නියම කළහොත් කල් මර මරා බලා ඉදීම හෝ අද කරන්නම් හෙට කරන්නම් කියා දවස් පස්සට දමමින් කාලය ගත කිරීම අනුවණ ක්‍රියාවක්.වැටකොලු ගෙඩියක් සාමාන්‍යයෙන් මැලවී ගෙවමින් යන තත්ත්වයට පත්වී අවසානයේ එය කොස්සක් වැනි වැඩකට නැති දෙයක් ඉතිරි වෙනවා. සිරෝසිස් රෝගය හටගත් විට එහි අවසාන ප්‍රතිඵලය අක්මාව නරක් වී ගොස් කොස්සක් වගේ ඇකිළී යන තත්ත්වයට පත්වීමය.

අපේ සිරුරේ අක්මාව ගත්තොත් එය ඉතා විශාලතම කොටසක්. එය ක්‍රමයෙන් ගෙවී ප්‍රදාහයකට පත්වන විට නැතිනම් අනතුරකට පත්වන විට ඉහත කී කනාටු තත්ත්වයට පත්වෙනවා.

ඒ නිසා LFT පරීක්ෂණයක් අක්මාවේ ප්‍රශ්නයකට වෛද්‍යවරයකු විසින් නියම කළහොත් එම පරීක්ෂණය කල් දැමීමක් නොකර ඉක්මනින් සිදු කිරීම මඟින් ජීවිතයේ අනතුරක අවදානම කල්තියා වළක්වා ගත හැකිය.
බොහෝ පාසල් දරුවන් මවුපියන්ගේ බලකිරීම නිසා නිදාගන්නේ නැතිව, හරියට කන්නෙ බොන්නේවත් නැතිව අමතර පන්තිවලට සහභාගි වෙනවා; දිවා රෑ නොබලා පාඩම් කරනවා. එවිට මොළයට වැඩ කළ හැකි ප්‍රමාණය ඉක්මවා යනවා. එහි ප්‍රතිඵලය වන්නේ මොළය රත්වීමයි. එවිට දරුවා රෝගී වෙනවා; ඉගෙන ගන්නා දේ අමතක වෙනවා.

ඇතැම් පාසල්වල දරුවන්ට විභාග ඉලක්ක ලබාදීම නිසා එම පාසල් මානසිකව සහ ශාරීරිකව රෝගී දරුවන් බිහිකරන නිෂ්පාදනාගාර බවට පත්වී තිබෙනවා. එසේ වන්නේ අධික පීඩනයක් දරුවන්ගේ මනසට දැනීම නිසයි.

අද බොහෝ පාසල් දරුවන් සිටින්නේ මානසික පීඩනයෙන්. එවිට ගුරුවරයා උගන්වන දේ දරුවාගේ මතකයේ රැඳෙන්නේ නෑ. එවිට අමතක වන දේ තවත් දැනගැනීම සඳහා තවත් අමතර පන්තියකට දරුවාව යොමු කිරීමට මවුපියන් පෙලඹෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ දරුවාගේ මතකය තව තවත් දුර්වලවීමයි.

සෑම දරුවකුම එකිනෙකාට වෙනස් බව සෑම වැඩිහිටියෙකුම තේරුම් ගත යුතුයි. පන්තියක පළමුවැනියා වන දරුවකු වගේම අන්තිමයා වන දරුවකු ද සිටිනවා. සෑම දරුවකුටම කිසියම් ධාරිතාවක් තිබෙනවා. එම සීමාව ඉක්මවා යන අයුරින් දරුවාට බර නොපැටවිය යුතුයි.

දරුවා ඕනෑ දෙයක් කරගත්තාවේ කියා බලාගෙන සිටිය යුතු බව ඉන් අදහස් වන්නේ නෑ. පළමුව දරුවාගේ හැකියාවන් සහ එම හැකියාවේ තරම වැඩිහිටියන් ත්රුම්ගත යුතුයි. හැකියාවේ ප්‍රමාණය ඉක්මවා වැඩකිරීමට දරුවන් පෙලඹවූ විට දරුවා ලෙඩ වෙනවා අමතක වීම වැඩි වෙනවා.

දරුවා කැමැති විෂයන්වලට ක්‍රියාකාරකම්වලට දරුවා යොමු කිරීමයි වැදගත්. දරුවකුට අධික ලෙස අමතක වෙනවා නම් ඒ සඳහා හේතුවන පාරිසරික මෙන්ම ශාරීරික සාධකත් ඉවත් කළ යුතුය. කිසියම් පෝෂණ ඌණතාවක් හෝ ශරීරයේ වෙනත් හේතුවක් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර මඟින් එය නිවැරදි කර ගත හැකියි.

හිටි හැටියේ ම ශරීරයේ තැනින් තැන පළු මතුවීම, සම රත් පැහැවීම, තොල් මුහුණ ඉදිමීම වැනි තත්ත්වයකට ඇතැම් විට ඔබත් මුහුණ දී ඇත. බොහෝ විට එවැනි තත්ත්වයක් ඇති වූයේ කිසියම් ආහාරයක් ගත් විට හෝ සුවඳ විලවුන් හෝ වෙනත් ආලේපයක් ශරීරයේ තැවරුණු විටකදී විය හැකි ය. එම තත්ත්වය ඇති වූයේ ශරීරයට ඇතුළු වූ කිසියම් ද්‍රව්‍යයක් ශරීරයට අසාත්මික වීම නිසා ය.

බොහෝ දෙනා ඇලර්ජි ලෙස හඳුන්වන එම තත්ත්වය අසාත්මිකතාවයි.

යම් යම් ද්‍රව්‍යයන්ට අසාත්මිකතාව දක්වන අය එන්න එන්නම වැඩිවෙමින් පවතී. එයට බොහෝ විට හේතු වී ඇත්තේ ශරීරයට අසාත්මික වන ද්‍රව්‍යයන් අපගේ ආහාරවල මෙන් ම ශරීරයේ ගැල්වීමට භාවිතා කරන ද්‍රව්‍ය වල ද වැඩිවීම ය.

අසාත්මිකතාවය යනු කුමක්ද? අපට අසාත්මික වන්නේ ආහාර ද්‍රව්‍ය පමණක් ද? අසාත්මිකතාව මාරාන්තික විය හැකි ද යන ගැටලු පිළිබඳ අද අපි විමසා බලමු.

අප ගන්නා ආහාර පාන වලට හෝ ඖෂධවලට හෝ ශරීරයේ ස්පර්ශ වන කිසියම් ද්‍රව්‍යයකට හෝ ආශ්වාස කරන කිසිවකුට හෝ ශරීරය ප්‍රතික්‍රියා දක්වන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය. ඇතැමෙකු ශරීරයට ඇතුළුවන සාමාන්‍ය ද්‍රව්‍ය වලට පවා ඉතා විශාල වශයෙන් ප්‍රතික්‍රියා දක්වනු දැකිය හැකි ය. එම තත්ත්වය සාමාන්‍යයෙන් අනෙක් අය එම ද්‍රව්‍යයට ප්‍රතික්‍රියා දක්වන ප්‍රමාණයට වඩා අතිශය විශාල ප්‍රතික්‍රියා දැක්වීමකි.

උදාහරණයක් ලෙස එකම වයස් මට්ටමක යුවතියන් හතර දෙනෙක් එකම තොල් ආලේපයක් භාවිතා කළා යැයි සිතන්න. එහිදී යුවතියන් තිදෙනෙකු වෙතින් කිසිදු වෙනසක් පෙන්නුම් නොකර එක් යුවතියක් වෙතින් පමණක් තොල් ආලේපය නිසා කිසියම් වෙනසක් පෙන්වනු දැකගත හැකි වනු ඇත. එම වෙනස ශරීරයෙන් රතු පැහැ පළු මතු වීමක් විය හැකි ය. මුහුණ තොල් ඉදිමීමක් විය හැකි ය. එම යුවතිය එම අපහසුතාවට පත්වූයේ ඇය ආලේප කළ තොල් ආලේපයේ ඇති කිසියම් රසායනික ද්‍රව්‍යයක් මත ශරීරය විසින් අසාමාන්‍ය ආකාරයට සහ අතිවිශාල වශයෙන් ප්‍රතික්‍රියා දැක්වීම නිසා ය. එම ප්‍රතික්‍රියාව එම යුවතියගේ ශරීරයට පමණක් අදාළ දෙයකි. අසාත්මිකතාවය ලෙස හඳුන්වන්නේ එම තත්ත්වයයි.

කිසියම් ද්‍රව්‍යයකට ශරීරය අසාත්මිකතාවක් දක්වන්නේ එම පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් අසාත්මික වූ එම ද්‍රව්‍ය වැරදි සහගත ලෙස හඳුනා ගැනීම නිසා ය. මිනිසුන් දහසකට කිසිදු අසාත්මිකතාවක් නොපෙන්වන ආහාරයක් එක් පුද්ගලයකුට අසාත්මික විය හැකි ය. අසාත්මිකතාවයේ ප්‍රධානම ලක්ෂණය එයයි.

අසාත්මිකතාව පිළිබඳව සරලව සටහන් කරන්නේ නම්, ඇතැම් රසායනික ද්‍රව්‍ය ශරීරය හඳුනා ගන්නේ වැරදි සහගත ලෙසිනි. සතුරකු නොවූවද සතුරකු ලෙසිනි. එලෙස සතුරකු ලෙසින් පෙනෙන දෙය විනාශ කිරීමට විශාල උත්සායක් ශරීරය විසින් දරනු ලැබේ. එම අධික උත්සාහය නිසා හානි සිදුවන්නේ සිරුරටමය. එහිදී ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අසාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වීම නිසා ශරීරයේ පටක, තරල, සෛල දුර්වල වීමටත් විනාශවීමටත් ඉඩ ඇත.

අසාත්මිකතාවයකදී ශරීරයේ තැනින් තැන රත් පැහැ පළු මතුවීම, ශරීරය කැසීම වැනි ඉතා සරල රෝග ලක්ෂණ මෙන් ම මාරාන්තික රෝග ලක්ෂණ ද පෙන්විය හැකි ය.

කිසියම් ද්‍රව්‍යයක් කිසියම් අයකුට අසාත්මික දැයි කලින් හඳුනා ගැනීමේ හැකියාවක් නැත. අසාත්මික ද්‍රව්‍ය ශරීරය විසින් හඳුනා ගන්නේ එම ද්‍රව්‍ය ශරීරයට ඇතුළු වූ පසුව ය. පෙනිසිලින් එන්නත යමෙකුගේ ශරීරයට විදීමට පෙර එහි ඉතාම සුළු මාත්‍රාවක් පළමුව සම යටට විද පරීක්ෂා කර බලන්නේ ඒ නිසා ය. එම සුළු පෙනිසිලින් මාත්‍රාවට එම පුද්ගලයා වෙතින් අසාත්මිකතාවක් පෙන්නුම් කළහොත් ඔහුට පෙනිසිලින් එන්නත ලබා නොදේ.

ඔබට කිසියම් ද්‍රව්‍යයක් අසාත්මික බව හැඟුණහොත් එම ද්‍රව්‍ය ගැනීමෙන් වැළකී සිටිය යුතුය. එයට හේතුව වන්නේ ඇතැමෙකුට කිසියම් ද්‍රව්‍යයක් පළමුවර අසාත්මික වූවාට වඩා වැඩි ප්‍රභලතාවයකින් දෙවැනි තුන්වැනි වර අසාත්මික විය හැකි බැවිනි.

අසාත්මිකතාවට හේතුවන ද්‍රව්‍යයන් පිළිබඳව සැලකීමේදී බොහෝ දෙනෙක් අසාත්මික වන්නේ විවිධ ඖෂධවලට බව පැහැදිලි වේ. ඊට හොඳම උදාහරණයක් වන්නේ පෙනිසිලින් ඖෂධයයි.

පෙනිසිලින් යනු වසර ගණනාවක සිට භාවිතා වන ඉතා අගනා ඖෂධයකි. එහෙත් මෙම ඖෂධය සුළු පිරිසකට ඉතාම දරුණු ලෙස අසාත්මිකවිය හැකි ය. එම අසාත්මික තත්ත්වය මාරාන්තික තත්ත්වයක් දක්වා වුව ද වර්ධනය විය හැකි ය.

පෙනිසිලින් කාණ්ඩයේ ඖෂධවලට අමතරව “සල්පර්” කාණ්ඩයට අයත් කෝට්‍රයිමොක්සසෝල් වැනි ඖෂධ වර්ගද, ටෙට්‍රාසයික්ලින්, ඩොක්සිසයික්ලින් වැනි ඖෂධ වර්ගද බොහෝ දෙනෙකුට අසාත්මික විය හැකි බව පෙනී ගොස් ඇත.

මෙහිදී සඳහන් කළ යුතු ඉතා වැදගත් කරුණක් වන්නේ ඕනෑම ඖෂධයක් කිසියම් හෝ අයකුට අසාත්මික විය හැකි බවය. එය කලින් හඳුනාගත නොහැකිය. කිසියම් ඖෂධයක් අසාත්මික දැයි දැනගත හැක්කේ එම ඖෂධය ශරීරයට ඇතුළු වූවාට පසුවය. එම ඖෂධය කලින් ලබාගෙන නැතිනම් එය තමාට අසාත්මිකදැයි රෝගියා දන්නේ නැත. වෛද්‍යවරයා ද දන්නේ නැත. ඇතැම් ඖෂධ ගත්විට ජීවිත හානි සිදුවන්නේ බොහෝවිට මෙවැනි හේතු නිසාය.

මෙහිදී දැක්විය යුතු තවත් වැදගත් කරුණක් ඇත. ඒ; ඇතැම් ඖෂධ ලබාගත් විට ඇතැමුන්ගේ ඇතිවන උදරයේ දැවිල්ල අසාත්මිකතාවයක් නිසා ඇති වූවක් බවට වරදවා වටහා ගන්නා බවය. කිසියම් ඖෂධයක් ගත් පසුව උදරයේ ආබාධයක් ඇති වන්නේ බොහෝවිට එම ඖෂධය නිසා ඇතිවූ අතුරු ආබාධයක් නිසා විය හැකිය.

තවත් බොහෝ දෙනෙකුට අසාත්මිකතාව පෙන්වන ද්‍රව්‍යයන් වන්නේ හිසකෙස් කළු පැහැ ගන්වන ද්‍රව්‍ය, නිය ආලේපන, තොල් ආලේපන, ශරීරයේ ගල්වන ක්‍රීම් වර්ග, සුවඳ විලවුන් වර්ග, සබන් වර්ග වැනි දේය.

ආස්වාස කරන ද්‍රව්‍යයන් නිසාද බොහෝ දෙනෙකුට අසාත්මිකතා ඇතිවේ. දූවිලි, මල් රේණු, තිනර්, ටර්පන්ටයින් වැනි ද්‍රව්‍ය ඊට උදාහරණයන්ය. ස්වසන මාර්ගයේ සිදුවන අසාත්මිකතා නිසා පීනස සහ ඇදුම හට ගනී.

අසාත්මිකතාවයට හේතුවන අනෙක් ද්‍රව්‍ය කාණ්ඩය වන්නේ ආහාරය. මෙහිදී බොහෝවිට අසාත්මිකතාවට හේතු වන්නේ එම ආහාරයට බාහිරින් එක්වූ විවිධ රසායනික ද්‍රව්‍යයන්ය. උදාහරණයක් ලෙස කුකුළු මස් කරියක් ආහාරයට ගත් විට අපේ ශරීරටය ඇතුළු වන්නේ කුකුළු මස් පමණක් නොවේ. එහිදී මස් කරිය පිළියෙළ කිරීමට යොදා ගන්නා සෝස් වර්ග, රසකාරක වර්ගවල ඇති විවිධ රසායනික ද්‍රව්‍ය ගණනාවක්ම අපගේ ශරීරටය ඇතුළු වේ. අසාත්මිකතාවට හේතු වන්නේ එම රසායනික ද්‍රව්‍යවලින් එකක් විය හැකිය. වෙළෙඳපොළේ ඇති ක්ෂණික ආහාර අසාත්මික වන අවස්ථාවන් වැඩිය. ඒ එම ආහාර සැකසීම යොදාගන්නා කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන් නිසාය. කෘත්‍රිම බීම වර්ග නිසාද අසාත්මිකතාවය ඇතිවේ. රටකජු බොහෝ දෙනෙකුට අසාත්මිකතාවය කැන්දන ආහාරයකි.

ඇතැම් සතුන් ශරීරයේ ගැටීම, එම සතුන්ගේ ලොම් ආශ්වාස වීම නිසාද අසාත්මිකතාව ඇතිවීමේ හැකියාව ඇත. හූනන්ගේ මල, බල්ලන් බළලුන්, හාවුන් වැනි සතුන්ගේ ලොම් ඊට උදාහරණයන්ය.

ඇතැම් ඇඳුම් මෙන්ම මාල වළලු වැනි පැලඳුම් නිසාද අසාත්මිකතාවට ගොදුරු වූ අය සමාජයේ කොතෙකුත් සිටිති. ආභරණ අතරින් බොහෝවිට අසාත්මික වන්නේ නිකල් ආලේපිත මාල වළලු ආදියය. ඇතැමෙකුට ජලය අසාත්මික වූ අවස්ථාවන්ද දැකගත හැකිවේ. එසේ ජලය අසාත්මික වී ඇත්තේ ජලයේ මිශ්‍ර වූ රසායනික ද්‍රව්‍ය නිසා බව පැහැදිලි වේ.

බොහෝ දෙනෙක් වෙතින් අසාත්මිකතාව පෙන්නුම් කරන්නේ ඉස්සන්, කකුළුවන්, දැල්ලන්, බලමාළු, දෙල් වැනි ආහාර ගත් විටය. ඒ එම ආහාර ද්‍රව්‍යවල ඇති විවිධ රසායනයන් නිසාය. සමහර දරුවෝ කිරි පිටිවලට මෙන්ම තිරිඟු පිටිවලට ද අසාත්මිකතාවක් පෙන්නුම් කරති. දරුවන් බොහෝවිට කිරි පට්ටිවලට අසාත්මිකතාවයක් පෙන්නුම් කරන්නේ එහි ඇති ලැක්ටෝස් නම් රසායනිකය නිසාය. ඒ බොහෝ දෙනෙකුට අසාත්මික විය හැකි ද්‍රව්‍ය පිළිබඳවය.

අසාත්මිකතාව නිසා රෝග ලක්‍ෂණ ගණනාවක්ම මතු විය හැකිය. ශරීරයේ විවිධ ස්ථාන ඉදිමීම, ඇඟ කැසීම, රත්පැහැ පළු දැමීම, මලපහ බුරුලට යාම, තොල් ඉදිමීම, ඇස්වටා ඉදිමීම, වමනයට ඒම, පපුවේ මහන්සිය, සිහිකල්පනාව අඩුවීම, රුධිර පීඩනය අඩුවීම, ක්ලාන්ත වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකිය. අසාත්මිකතාව ඇති කරන ද්‍රව්‍ය ගණනාවක්ම ඇතිවාක් මෙන්ම අසාත්මිකතාව නිසා ඇතිවන රෝග ලක්‍ෂණ ගණනාවක් ද ඇති බව පැහැදිලිය.

අසාත්මිකතාවට පාරම්පරික බලපෑමක් තිබිය හැකි බව පැහැදිලිය. මව හෝ පියා කිසියම් ද්‍රව්‍යයකට අසාත්මිකතාවයක් දක්වයි නම්, දරුවනට එම ද්‍රව්‍යයන්ට අසාත්මික වීමේ හැකියාව සියයට 75 කට වඩා වැඩිය. අසාත්මිකතාවයට කදිම උදාහරණ වන පීනස, ඇදුම යන රෝග තත්ත්වයන්වලට ප්‍රධාන වශයෙන්ම ජානමය බලපෑමක් ඇති බව හෙළි වී ඇත. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණයට ආවේණික ලක්‍ෂණ මගින් කරනු ලබන බලපෑමය.

කිසියම් ද්‍රව්‍යයක් අසාත්මිකදැයි කලින් දැනගත නොහැකි බවත් අසාත්මිකතාවය මාරාන්තික තත්ත්වයක් දක්වා ගමන් කළ හැකි බවත් පැහැදිලිය. මෙහිදී අනුගමනය කළ යුතු හොඳම ක්‍රියා මාර්ගය වන්නේ කිසියම් ද්‍රව්‍යයක් තමන්ට අසාත්මික බව දැනගත් විට එම ද්‍රව්‍ය භාවිතා නොකර සිටීමය.

කිසියම් ඖෂධයකට තමා අසාත්මික බව දන්නේ නම් ඕනෑම රෝගයක් සඳහා වෛද්‍යවරයකු හමුවූ විට තමා අසවල් ඖෂධයට අසාත්මික බව වෛද්‍යවරයාට පැවසිය යුතුය. එම ඖෂධය අසාත්මික බව සඳහන් කරමින් වෛද්‍යවරයකු විසින් කිසියම් ලියවිල්ලක් ලබාදී ඇත්නම්, එම ලියවිල්ල ඉදිරිපත් කළ යුතුය. ඖෂධය මගින් සිදුවන අසාත්මිකතාවයන්ගෙන් වැළකී සිටීමට ඇති හොඳම මග එයය.

අසාත්මිකතාවය මග හැරීමට භාවිතා කරන ඖෂධ වර්ග පිළිබඳව සඳහන් කිරීමේදී ඇන්ටිහිස්ටමින් කාණ්ඩයට අයත් ඖෂධ භාවිතා වන බව පැහැදිලිය. පිරිටන් එම ඖෂධ කාණ්ඩයට අයත් ජනපි‍්‍රය ඖෂධයකි. එම ඖෂධ කාණ්ඩයෙන් රෝගය සුව නොවන්නේ නම්, වෛද්‍යවරයා විසින් ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ නියම කරනු ඇත. ඇදුම වැනි අවස්ථාවලදී ස්ටීරොයිඩ් ඖෂධ ඉන්හේලර් මගින් ලබාදෙනු ඇත. ඇඩ්ලිනරින් වැනි විශේෂ ඖෂධ මගින් ඉතා දරුණු ගණයේ අසාත්මිකතාවයක් වුවද පාලනය කිරීමේ හැකියාව ඇත.

බෙහෙත් පෙත්තක් උගුරේ සිරවීමෙන් කුඩා දරුවකු හදිසියේ මියගිය පුවතක් පසුගියදා මාධ්‍යයෙන් හෙළි කැරිණි. බෙහෙත් පෙත්තක් සිරවීමෙන් වටිනා ජීවිතයක් අකාලයේ අහිමි වීම කුමන තරමේ අපරාධයක් ද? සැබැවින්ම එවැනි සුළු සිද්ධියකින් ජීවිතයක් අහිමි වන්නට ඉඩ තැබිය යුතු ද?

කුඩා දරුවකු තබා වැඩිහිටියකු වුවත් වැරැදි ආකාරයට ඖෂධ ශරීර ගතවුවහොත් මරණයට පත් වීමේ අවදානමක් තිබේ. එහෙයින් ඖෂධ භාවිතය ඒ ගැන නිසි අවබෝධයකින්, අවධානයකින්, හා වගකීමකින් යුතුව කළ යුතු කාර්යයක් බව ජනතාව දැන සිටිය යුතුය.

පළමුවෙන්ම සඳහන් කළ යුත්තේ දරුවකුට බෙහෙත් ලබා දිය යුත්තේ, ඒ දරුවාගේ රෝගය හෝ රෝග ලක්ෂණ පාලනය සඳහා බෙහෙත් ලබාදීම අත්‍යවශ්‍ය නම් පමණක් බවය. අප එසේ පවසන්නේ බරපතළ නොවන ඇතැම් රෝග හෝ රෝග ලක්ෂණ පාලනය සඳහා ඖෂධ ලබාදීම අත්‍යවශ්‍ය නොවන බැවිනි.

සරල නිදසුනක් ලෙස අලුත උපන් වයස මාස දෙකට අඩු ළදරුවන්ට උණ රෝගය සඳහා පැරසිටමෝල් ඖෂධය ලබාදීම අවශ්‍ය වූවක් නොවේ. ඊට හේතුව පැරසිටමෝල් ඖෂධය ලබා දෙන්නේ උණ වැඩිවී උණ වලිප්පුව ඇති වීම වළක්වාලීමටයි. එහෙත් මාස දෙකට අඩු දරුවනට සාමාන්‍යයෙන් උණ වලිප්පුව හැදෙන්නේ නෑ.

මාස 6 සිට අවුරුදු හය දක්වා වයසේ දරුවන්ට උණ වැඩි වූ අවස්ථාවල උණ වලිප්පුව ඇති වීමට ඉඩ තිබේ. එවැනි වයස් මට්ටමේ දරුවනට වුවත් ඖෂධ මඟින් උණ පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් ඖෂධ ලබා දීම වෙනුවට දරුවාට වැඩිපුර මවුකිරි ලබාදීමෙන්, ඇඳුම් ලිහිල් කොට ශරීරයේ උෂ්ණත්වය අඩු වන පරිදි අත් යට ඉකිලි ප්‍රදේශ තෙමා මිරිකා ගත් රෙදි කැබැල්ලකින් තවමින් සිසිල් කිරීමෙන් හෝ පවන් සැලීමෙන් අඩු කර ගැනීම වඩාත් සුදුසුය.

කවර වයසක පසුවන දරුවකුට වුවත් ඖෂධ ලබා දීමේදී සැලකිලිමත් විය යුත්තේ එම ඖෂධයෙන් දරුවාට වන වාසිය එයින් සිදුවන හානි හෝ අතුරු ඵලයට වඩා වැඩිනම් පමණි. බොහෝ විට කුඩා දරුවනට ඖෂධ ලබා දෙන්නේ ඒවා ලබා දීම අත්‍යවශ්‍ය වූ විටය. ඒ ඖෂධවලින් සිදුවන යහපත මෙන්ම අතුරු ප්‍රතිඵල පිළිබඳව අසා දැන ගැනීමේ අයිතිය රෝගියා හෝ රෝගියාගේ වැඩිහිටියන් සතුය.

දරුවනට ඖෂධ ලබා දීමේ දී ඔවුන් ගේ වයස් ප්‍රමාණය හා බර පිළිබඳව වෛද්‍යවරු විශේෂයෙන් සැලකිලිමත් වෙති. දරුවාට ගිලින්නට අපහසු තරමේ විශාල පෙති හෝ කරල් වෙනුවට දියර වර්ග හෝ කුඩු ලබා දීම වඩාත් සුදුසුය. බෙහෙත් ලබා ගැනීමට පෙර ඒ බෙහෙත් වර්ග හා ඒවා දරුවනට ලබා දිය යුතු ආකාරය පිළිබඳව මවුවරුන් වෛද්‍යවරයා ගෙන් පැහැදිලිව අසාගත යුතුය. එමෙන්ම ඖෂධ මිලදී ගන්නා විට ඖෂධවේදියා විසින්බෙහෙත් ගත යුතු ආකාරය පිළිබඳ රෝගියාට හෝ ඖෂධ ලබා ගන්නා පුද්ගලයාට නිවැරැදිවත් පැහැදිලිවත් වටහා දිය යුතුය.

කුඩාම දරුවනට බොහෝ විට ලබා දෙන්නේ දියරමය ඖෂධ වේ. දියරමය ඖෂධ නැතිව පෙති හෝ කුඩු වශයෙන් ලබා දුන් අවස්ථාවල නියමිත මාත්‍රාව නියමිත කාල පරාසය අනුව ලබා දීම වැදගත්ය. බෙහෙත් පෙති දුන් විට ඒවා දරුවාට ගිලීමට අපහසු යැයි හැඟේ නම් එය කුඩා කැබලිවලට කඩා හෝ කුඩුකර පෙවීම සුදුසුය. දරුවන් බෙහෙත් කුඩු බීමට කැමැත්තක් දක්වන්නේ නැත. එවැනි අවස්ථාවකදී බෙහෙත පෙවීමෙන් පසුව දරුවා වඩාත්ම කැමති පැණි රස ස්වල්පයක් (මී පැණි, සීනි හෝ චොක්ලට් වැනි යමක්) දරුවාට ලබා දුන්නාට වරදක් නැත. එහෙත් සෑම බෙහෙත් වේලකින් පසුවම දරුවාට ඇති තරම් සීනි හෝ පැණි රස කෑම ලබා දීම සුදුසු නැත.

පැණි රස කෑමෙන් පසුව දරුවාගේ මුඛය වතුර ස්වල්පයකින් සේදීම වැදගත්ය. නිතර පැණි රස මුඛයෙහි රැඳී තිබීම දත් දිරා යාමට හේතු වෙයි.

දරුවන්ට ඖෂධ ලබා ගැනීමේදී ඒ ඒ දරුවාට යම් යම් දෙයට දක්වන අසාත්මිකතා හෝ වෙනස් ප්‍රතිචාර පිළිබඳව මවුපියන් වෛද්‍යවරයාට කලින් දන්වා සිටිය යුතුය. වෛද්‍යවරයා ද ඇතැම් රෝග සඳහා ලබා දෙන ඖෂධවලින් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල පිළිබඳව මවුපියනට කලින් වටහා දී තිබීම වැදගත් වේ.

නිදසුනක් ලෙස ඇදුම රෝගය සඳහා ලබා දෙන සැල්බියුටමෝල් ඖෂධය දුන් විට ඇතැම් දරුවකුගේ කට පැත්තකට ඇලවීමට ඉඩ තිබේ. එවැනි අතුරු ඵලයක් ඇතිවීමට ඉඩ ඇති බව කල් තියා දැනුවත් කොට තිබීමෙන් ඒ පිළිබඳ අනිසි ලෙස කලබල වීම වළක්වා ගත හැකිය.

බොහෝ විට රෝග සඳහා ඖෂධ ලබා දුන් සැණින්ම රෝගය සුව වන්නේ නැත. එබැවින් රෝග ලක්ෂණ පහව යන්නට කොතරම් කාලයක් ගත විය හැකි ද යන්නත් දැන සිටීම වැදගත්ය.

ඖෂධ මුඛයෙන් ලබා දෙනවා වෙනුවට ඉන්හේලරයක් මඟින් ලබා දෙන ඖෂධ ඒවා ලබා දීමට නියම කරන ලද කාල සීමාව තුළ නිවැරැදිව ලබා දිය යුතුය. ඉක්මන් සුවය පතා බේත් අතරමඟ නවත්වා තවත් වෛද්‍යවරයකු වෙත යාම සුදුසු නොවේ. බෙහෙත් ලබා දීමේදී එම බෙහෙත්වලින් රෝගය සුව වීමට දළ වශයෙන් කොපමණ කලක් ගත වේ දැයි රෝගිනට වටහා දීම වෛද්‍යවරයාගේ ද යුතුකම වේ.

වෛද්‍යවරයා නියම කරන ආකාරයටම කලට වේලාවට නියමිත මාත්‍රාවෙන් යුතුව දරුවනට ඖෂධ ලබා දිය යුතු අතර කුඩා ළමයිනට අවශ්‍ය පරිදි හිතූමතේට බෙහෙත් බොන්නට ඉඩ නොදිය යුතු ය. දරුවාට බේත් දීම වැඩිහිටියන් විසින් කළ යුතු වන අතර තරමක් ලොකු ළමයින් නම් වැඩිහිටියකුගේ අධීක්ෂණය යටතේ ඔවුනට බෙහෙත් ගැනීමට ඉඩ සලසා දිය යුතු ය. දරුවන්ට හසු නොවන ආරක්ෂිත ස්ථානයක බෙහෙත් ගබඩා කර තැබීම ඉතා වැදගත් ය.

දරුවනට බේත් නියම කිරීමේදී දරුවාගේ කැමැත්ත ඒවා පෙති, කුඩු හෝ පැණි වශයෙන් කවර ආකාරයෙන් ලබා ගැනීමට ද යන්න විමසා බැලීම ද වටී. ඇතැම් දරුවන් පැණි වර්ග පානයට අකැමැති ය. ඇතැම් දරුවකු පෙති වර්ග ගිලින්නට අකමැති ය.

දරුවාගේ රුචිය අනුව බෙහෙත ලබා දීමෙන් දරුවාට වඩාත් පහසුවෙන් ඒවා ලබා දිය හැකිය. ළදරුවන්ට ඖෂධ ලබා දීමේදී ඇතැම් මවුවරුන් ඒවා කිරි බෝතලයට දමා පෙවීමට හුරු වී සිටිති. මෙය එතරම් සුදුසු නැත.

කෑමට පෙර හෝ පසු යනුවෙන් බේත් ලබා දිය යුතු පිළිවෙළට වෛද්‍යවරයා විසින් කියා ඇති ආකාරයට බේත් ලබාදිය යුතු ය. ඇතැම් බෙහෙත් වර්ග ආහාර සමඟ මිශ්‍රකර දීමට උපදෙස් ලැබුණු විට පමණක් එසේ කළ යුතු ය.

ඇතැම් සිරප් වර්ග කුඩු වශයෙන් ලබාදී එයට කිසියම් ප්‍රමාණයක් ජලය එක් කිරීමෙන් නිවසේදී ඖෂධය සදා ගැනීමට උපදෙස් දෙනු ලැබේ. එසේ වූ විට එම උපදෙස් ඒ ආකාරයෙන් ම පිළිපැදිය යුතු අතර එක් කළ යුතු ජල ප්‍රමාණය දී ඇති ප්‍රමාණයම විය යුතු ය. ඖෂධය දීමට නියම කරන ලද කාල සීමාව තුළ නියමිත ආකාරයට බේත් ලබා දුන්නේ නම් ඖෂධය ඉවර වෙයි. දින ගණන ඉක්මවීම හෝ අඩුවෙන් බේත් දීමෙන් නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැත. ඖෂධය හදා ගැනීම පිළිබඳ තමා තුළ දැනුමක් නැතැයි සිතේ නම් ඖෂධ මිලදී ගන්නා විට ඒ බව ඖෂධවේදියාට දැනුම් දී නිසි පරිදි ඖෂධය සකස් කරගන්නට හැකිවේ.

පෙති හෝ දවටනවල අසුරන ලද ඖෂධ තමන්ට රිසි පරිදි කොටස්වලට වෙන් කිරීමට වඩා ඖෂධාලයේ දීම ඒවා නියමිත මාත්‍රාවට අනුව කොටස්වලට කඩා වෙන්කර ගැනීම සුදුසු ය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් නිකුත් කරනු ලබන එවැනි ඖෂධ එහිදීම නිසි මාත්‍රාවනට අනුව කිරා බලා කුඩු කොට පැකට් වශයෙන් ලබා දෙයි. පෞද්ගලික අංශයේ රෝහල්වල මෙන් ම ඖෂධාලවල ද මේ ක්‍රමය ක්‍රියාවට නැංවිය හැකි නම් වැරදි ඖෂධ මාත්‍රා ශරීරගත වීමෙන් සිදුවන බොහෝ අහිතකර ප්‍රතිඵල මගහරවා ගැනීමට හැකි වේ.

කුඩා දරුවනට බෙහෙත් දීමේදී සිරින්ජරයක් භාවිතා කළ හැකි නම් නිවැරදි මාත්‍රාව අනුව දරුවාට බෙහෙත් පෙවීමට හැකි වෙයි. එහෙත් දරුවාට සපා ගිලීමට දෙන බෙහෙත් මෙන් ම බොන්නට දෙන බෙහෙත් ඒ ආකාරයටම දීම වැදගත් ය. මුඛ මාර්ගයෙන් ඖෂධ ලබා දීම වැදගත් වන්නේ මුඛයේ කෙළවල ඇති රසායනික ද්‍රව්‍ය සමඟ මිශ්‍ර වීමෙන් ඇතැම් බෙහෙත්වලින් වඩාත් සාර්ථක ලෙස ප්‍රතිඵල ලැබෙන හෙයිනි. ගිලීමේ අපහසුතා ඇති රෝගීනට බට මාර්ගයෙන් දියර ආහාර හෝ ඖෂධ ලබා දුන්නත් ගිලීමට හැකි වූ විගස බටය ඉවත් කර මුඛ මාර්ගයෙන් ඖෂධ ලබාදීම කළ යුතු ය.

ළමා කාලයේදී ලබා දෙන ඇතැම් එන්නත් පාසලේ දී ලබා දෙනු ලැබේ.

ඒවා පෞද්ගලිකව ලබා ගැනීමට වඩා පොදුවේ රජයෙන් ලබාදෙනු අවස්ථාවක එන්නත් කිරීම වඩාත් විශ්වාසදායක ය. දරුවනට පාසලින් එන්නත් හෝ ඖෂධ ලබාදීමට පෙර පන්ති භාර ගුරුවරයා හෝ ගුරුවරියට දරුවාගේ රෝග හෝ අසාත්මිකතා ඇත්නම් ඒවා පිළිබඳ දැනුවත් කරන්න. නැතහොත් දරුවා පාසලේ දී හදිසි අසනීප තත්ත්වයකට පත් වුවහොත් ඒ අවස්ථාවේ හෝ රෝහල්ගත කළ පසු හෝ වඩාත් අසීරුතාවලට මුහුණපාන්නට සිදුවනු ඇත.

බෙහෙත් ඇසිරීමේදී දරුවනට පහසුවෙන් හසු නොවන සේ ගබඩා කළ යුතු අතර ඇතැම් ඖෂධ වර්ග අඳුරු පැහැති බෝතලවල අසුරා ඇත්නම් ඒවා ඒ අයුරින් ම තබා ගත යුතු ය. ශීතකරණයේ තැබීමට උපදෙස් දී ඇති ඖෂධ ඒ ආකාරයෙන් ගබඩා කළ යුතු ය. වරක් ඖෂධ ලබාගත් බෙහෙත් තුණ්ඩුව නැවත නැවතත් ඖෂධාලයට ඉදිරිපත් කරමින් ඖෂධ ලබා ගැනීම නොකළ යුතු ය. රෝගය සුව වී නැත්නම් යළිත් වෛද්‍යවරයා වෙත රෝගියා පෙන්වා අලුතින් බේත් ලියවා ගැනීම කළ යුතු ය. දිගු කාලීනව ලබා ගන්නා ඖෂධ සඳහා පුරුදු වෛද්‍යවරයාගේ අනුමැතිය ලබා ගත් ඖෂධ වට්ටෝරුවක් ලබාගැනීම වැදගත් ය.

ඖෂධාලයෙන් ඖෂධ ලබාගැනීමේ දී එක් එක් ඖෂධයේ නම පැහැදිලිව කවරය මතුපිට සඳහන් කරගත යුතු අතර දරුවාගේ නම ද පැහැදිලිව සටහන් කළ යුතු ය. දරුවන් කිහිප දෙනකු හෝ නිවුන් දරුවන් වේ නම් එක් එක් දරුවාට දිය යුතු බෙහෙත් වෙන් වෙන්ව පහසුවෙන් හඳුනාගත හැකි පරිදි ගබඩා කිරීමත් නිවැරැදිව ලබා දීමත් වැදගත් ය.
හෙදියකට සහ ඇගේ සැමියාට කනිෂ්ඨ සේවක පිරිසක් විසින් පහරදීමේ සිදුවීමකට විරෝධය පළ කරමින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හෙද සේවක සේවිකාවන් මේවන විට රාජකාරියෙන් ඉවත්වී තිබේ. 

හෙදිය සහ ඇගේ සැමියා රාජකාරිය අවසන් කොට නිවස බලා යාමට රෝහල් වාට්ටුවෙන් එළියට බැසීමට සූදානම් වූ අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බව රජයේ හෙද නිලධා‍රීන්‍ ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. 

බීමත්ව සිට ඇති කනිෂ්ඨ සේවකයින් කළ මෙම පහරදීම තරයේ හෙළාදකින බවත්, වගකිවයුතු පිරිසට වහා දඬුවම් කළ යුතුව ඇති බවත් හෙතෙම අද  කියා සිටියේය. 
ආනන්ද පුම්බන එවුන්ට වෙනදේ බලන්න ඔබත් හුලන්ගහන්න මේ ලින්ක් එකෙන් එන්නලින්ක් එකෙන් එන්න

මිනිස් සිතක එක් දිනකදී කොතරම් සිතුවිලි ප්‍රමාණයක් ඇති වෙතැයි ඔබ සිතනවාද? සැබවින් ම එය දස ලක්ෂ ගණකටත් වැඩිය. මිනිස් සිත ක්‍රියාකරන ආකාරය අධ්‍යයනය කර බැලූවිට මෙම සංඛ්‍යාව මීටත් වැඩි බව පෙනෙන්නට තිබේ. සිතුවිලි පිළිබඳව ඇති අනෙකුත් විශේෂත්වය මෙයයි. මෙම අනන්තවත් වූ සිතුවිලි ප්‍රවාහය අපගේ සිතේ ඇතිවන්නේ අපගේ පාලනයට යටත්ව නම් නොවේ. ඒවා ඇතිවන්නේ අපගේ පාලනයෙන් තොරව, නිරායාසයෙනි. මෙය ඉතා වැදගත් කාරණයක් බව ඔබට වැටහේද? කෙළවරක් නැතිව ඉබේ ඇතිවන බොහෝ සිතුවිලි නිසා අපට හොඳ මෙන් ම නරකක් වුවත් සිදුවිය නොහැකිද?

සාමාන්‍යයෙන් අපගේ සිතුවිලි ඇතිවන්නේ එදිනෙදා සිදුවීම්, මතකයන්, විශ්වාසයන් සහ අපට අහන්නට දකින්නට ලැබෙන දේවල් ඇසුරු කොට ගෙන ය. එබැවින් අපගේ සාමාන්‍ය ජීවිතය සමබර, යහපත් එකක් නම් සිතුවිලි ද එවැනි ම වෙයි.

සිතට යම් සිතුවිල්ලක් පැමිණි විට සිදුවන්නේ කුමක්ද? ඒ සිතුවිල්ල ඇසුරෙන් යම් හැඟීමක් සිතේ ඇතිවීමයි. එසේ ඇතිවන හැඟීම් අප විසින් හොඳ, නරක, මධ්‍යස්ථ ආදී වශයෙන් බෙදාගෙන ඒවාට විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමට පුරුදු වී සිටිමු. යම්කිසි පරිසරයක් තුළ අපගේ හැසිරීම් රටාව තීරණය වන්නේ ඒ ආකාරයටයි.

නමුත් එකම සිදුවීමක් සම්බන්ධව වුවත්, පුද්ගලයන් දෙදෙනකු ප්‍රතිචාර දක්වන්නේ එකම ආකාරයට නොවේ. වෙනස් ආකාරයකට ය.

එයට හේතුව එම කාරණාව දෙදෙනකු විසින් තේරුම් ගන්නා ආකාරය වෙනස් නිසා ය. ඒ අනුව ඔවුන්ගේ සිතේ ඇතිවන හැඟීම්වල ඇති වෙනස්කම නිසා ය. වෙනත් ආකාරයකට පැවසුවහොත් එකම සිදුවීම, එක් අයෙකුට ගැටලුවක් වන්නේත්, තවත් අයෙකුට ගැටලුවක් නොවන්නේත් ඒ හේතුව නිසා ය.

ඉහත සඳහන් කළ මූලධර්මය මනෝ විද්‍යාත්මක ප්‍රතිචාර ක්‍රමයක් ලෙස නූතන ලෝකයේ බහුලව යොදාගනු ලැබේ. කෙනෙකුගේ සිතුවිලි හඳුනාගෙන හැඟීම් නිවැරදි කිරීම මඟින් ඔහුගේ චර්යා රටාව (හැසිරීම) වඩාත් යහපත් කළ හැකිය. එම ක්‍රමය හඳුන්වනු ලබන්නේ COGNITIVE BEHAVIORAL THERAPYයන නමිනි.

විශාදය, බය, මානසික ආතතිය, වැරදි පුරුදු හෝ විවිධ මානසික සංකූලතා ඇති අයට විවිධ අභ්‍යාස ක්‍රම තිබේ. ඒවා නිවැරදිව තෝරාගෙන ප්‍රගුණ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි ය. මානසික රෝග සඳහා විවිධ ඖෂධ භාවිතා කරන අතරම ඇතැම් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉහත ක්‍රමය යොදා ගනී. ඖෂධ වලට ප්‍රතිචාර නොදක්වන ඇතැම් රෝගීන් එවැනි ක්‍රමයකින් යථා තත්ත්වයට පත් කළ හැකි ය. ඒ සඳහා රෝගීන් සමඟ දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන, කෙටි හෝ දිගුකාලීන වැඩපිළිවෙළක් යටතේ අභ්‍යාස ප්‍රගුණ කළ යුතු ය.

අපගේ සිතේ නිරන්තරයෙන් ම ඇතිවන සිතුවිලි හා හැඟීම් නිවැරදිව සකස් කර නොගැනීම නිසා අපි විවිධ වැරදි පුරුදු, ඇබ්බැහිකම් හා ප්‍රශ්න වලට මැදිවී සිටිමු. මේ නිසා විවිධාකාර වූ මානසික ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව පෙනී යන කරුණකි.

යම් දෙයක් යම් අයකු විසින් දිගින් දිගටම නැවත නැවතත් කරගෙන යන විට එය ඔහුගේ පුරුද්දක් බවට පත්වෙයි. කලක් යනවිට එම පුරුද්ද විශ්වාසයක් බවට පත්වෙයි. එම විශ්වාසය තවත් කල්ගත වනවිට තමාගේ ‘පෞද්ගලික සත්‍යය’ බවට පත්වෙයි.

කෙනකු තුළ වැරදි ආකල්ප නිර්මාණය වන්නේ ඒ ආකාරයටයි. එසේ හිතේ පැළපදියම් වූ දේවල් ඉවත් කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. එබැවින් ගැටලුව ඔඩුදිවීමට කලින් සුදුසු ප්‍රතිචාරයක් ලබාගැනීම ඉතාම වැදගත් වෙයි.

 ඖෂධ ප්‍රතිකාර පිළිබඳව ඔබ බොහෝ දෙනෙකු අසා ඇතුවාට සැකයක් නැත. නමුත් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම ගැන බොහෝ දෙනෙකුගේ දැනුම අල්පය. ඉතා ම වැදගත් ප්‍රතිකාර ක්‍රමයයි සායනික මෝහන ප්‍රතිකාර ක්‍රමය .

සිතෙහි ඇති දුර්වලතාව හඳුනාගෙන එය සිතෙන් ම ඉවත් කිරීම තුළ පූර්ණ සුවය ලැබිය හැකි ය. එසේ නොකර ගැටලුවට හේතුව යටපත් කළහොත් එය යළිත් මතු වී කරදර ඇති කිරීමට උත්සාහ කරනු ඇත.

ගැටලු නැති පුද්ගලයන් ලෝකයේ විරලය. එබැවින් ගැටලුව හඳුනාගෙන එයට මුහුණ දිය යුතු ය.

ජීවිතය යනු එක්තරා ප්‍රශ්න පත්‍රයකි. එයට සාර්ථකව පිළිතුරු සැපයීමට හැකිනම් සාර්ථකව ජීවත් විය හැකි ය. ඒ මේ සඳහා සිත පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතු ය.
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips