හර්පිස් රෝගය සහ ගර්භණීත්වය

හර්පිස් ආසානය  HSV  යනු DNA වෛරසයක් වන අතර එම වෛරස HSV – 1 හා HSV – 2 ලෙස කාණ්ඩ දෙකකට බෙදා දැක්විය හැක.  

 මෙම වෛරස වර්ග දෙක වෙන් වෙන්ව හඳුනා ගත හැකි නමුත් ඇතැම් ප්‍රතිදේහජනක දෙවර්ගයටම ඇති නිසා එක් වර්ගයකට එරෙහි නිපදවනු ලැබු ප්‍රතිදේහ මගින් අනෙක් වර්ගය විනාශ කිරීමට හැකියාව ඇත.

   HSV – 1 ආසාදනය ඇතිවනුයේ මුඛ මාර්ගය ආශ්‍රිතවය. HSV – 2 ආසාදනය සාමාන්‍යයෙන් ඇති වනුයේ ප්‍රජනක ඉන්ද්‍රියන් අශ්‍රිතවයි. එනමුත් මෙම වෛරස ඕනෑම ස්ථානයක දක්නට ලැබිය හැක.

උදාරහණ ලෙස 15  %  ක් පමණ වු ප්‍රජනක ඉන්ද්‍රියන් ආශ්‍රිත හර්පිස් ආසාදනයට හේතු වන්නේ  HSV –1 වෛරසයි.  

   HSV ආසාදන අවස්ථා

  1. ප්‍රාථමික
  2. ප්‍රාථමික නොවු පළමු අවස්ථාව
  3. නැවත වරක් ඇති වු ආසාදනය
  4. රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් වෛරස මුදා හරින රෝගී තත්වය 

ප්‍රාථමික ආසාදනය
  ප්‍රාථමික ආසාදන තත්වයේදී  HSV – 1 හෝ  HSV – 2 වෛරස්වලට විශේෂිත වු ප්‍රතිදේහ (ඉමියුනොග්ලොබින් G ) දක්නට නොලැබේ. මෙමගින් පෙන්නුම් කරන්නේ මව මීට පෙර ආසාදන වී නැති බවකි.  

රෝගයට නිරාවරණය වී දවස් 2 – 4 කට පසු තුවාල මතුවීමට පටන් ගනී. ප්‍රතිකාර නොගතහොත් සාමාන්‍යයෙන් දින 20 ක පමණ කාලයක් මෙය තිබේ. මෙම ආසාදන අවස්ථාවේ වෛරස මුදා හැරීම දින 12 ක් පමණ කාලයක් පුරා පවතින අතර වැඩි වශයෙන් මුදා හරිනුයේ රෝග ලක්ෂණ පෙන්වීමට පෙර කාලයේ හා තුවාල ඇති වු කාලයේය.තුවාල සම්පුර්ණ සුව වු පසු වෛරස මුදා හැරීම සාමාන්‍යයෙන් නවතී.

ප්‍රාථමික ආසාදනය

 ආසාදනයෙන් සති  3 – 4 කට පසු ප්‍රතිදේහ නිපදවීම පටන් ගන්නා අතර එය දිගු කල් පවතී. එනමුත් මෙම ප්‍රතිදේහ මගින් නැවතත් HSV ආසාදනය මතු වීම වැළැක් වීමට හැකියාවක් නැත. 

නමුත් මීළග රෝග ඉස්මතු වීමකදී රෝගයේ බරපතල තත්වය පළමු අවස්ථාවට වඩා අඩු වේ.  

මෙහිදී මුලින්ම පෙන්නුම් කරන රෝග ලක්ෂණ වනුයේ වේදනාකාරී බිබිලි වේ. ඉන්පසු ඒවා පුපුරා ගොස් තුවාල බවට පත් වේ.

 යෝනිමාර්ගය ඇතුළු බිත්තිය බොහෝ අවස්ථාවලදී ප්‍රදාහයට පත් වීමක් ඉදිමීමට පත් වීමක් සිදු වේ.70  %  -  90 % ක් පමණ පිරිසකගේ ගැබ්ගෙල ප්‍රදේශයේද ආසාදිත තත්වය දැන ගත හැක.  

 රෝග ලක්ෂණ

ස්ථානිය

·         අධික වේදනාව
·         මුත්‍රා පිට කිරීමේදී දැවිල්ල
·         කැසීම
·         යෝනිමාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම.
·         ඉකිලි ප්‍රදේශයේ කුද්දැටි ඇති වීම.

වෛරස රුධිරය හරහා පැතිරීම නිසා

·         උණ
·         හිසරදය
·         ඔක්කාරය
·         මාංශ පේශි රිදීම. 
75 % ක් පමණ වු ප්‍රාථමික ආසාදනයට ලක්වු රොගීන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වති.  

 දරුවාට HIV ආසාදනය පෙන්නුම් කරන අවස්ථා බොහොමයකදී ම මවට HSV ආසානය  රෝග ලක්ෂණ දක්නට නොලැබේ.

ප්‍රාථමික නොවන එනමුත් පළමු ආසාදිත අවස්ථාව

     මින් අදහස් කරනුයේ HSV – 1 වෛරසයට එරෙහිව ප්‍රතිදේහ හමුවන මවකට HSV – 2 ආසාදනය ප්‍රථම වරට ඇති වීමයි. පෙර ආසාදනයෙන් ලැබෙන අර්ධ ආරක්ෂාව නිසා ( ප්‍රතිදේහ මගින් ) මෙම කාන්තාවන්ට රෝග ලක්ෂණ පෙන්වන්නේ සුළු වශයෙන් අතර එය පවතිනුයේද සුළු කාලයකටය. 

   සාමාන්‍යයෙන් දින 10 ක් පමණ තුවාල දක්නට ලැබෙන අතර වෛරස මුදා හැරීමට සිදුවනුයේ දින 7 ක් පමණ කාලයක්ය.  මෙම රෝගී තත්වය රෝගි ලක්ෂණ මගින් පමණක් හඳුනා ගැනීමට දුෂ්කර වේ. එය හඳුනා ගනු ලබනුයේ ප්‍රතිදේහ පරික්ෂා කිරීම මගිනි.

 ආසාදිත අවස්ථාවේදී HSV ප්‍රතිදේහ නොමැති නම් ප්‍රාථමික ආසාදිත තත්වය ඉන් පෙන්නුම් කෙරේ. 

අසාදිත අවස්ථාවේදී HSV – 1 ට එරෙහි ප්‍රතිදේහ හමු වේ නම් එය ප්‍රාථමික නොවන  එනමුත් පළමු ආසාදිත අවස්ථාව ලෙස හඳුන්වනු ලැබේ.  


රෝග ලක්ෂණ රහිතව වෛරස මුදා හැරීම.

·         මෙය කෙටි කාලයක් තුළ සාමාන්‍යයෙන් පැය 24 – 48 ක් තුළ වරින් වර පෙන්නුම් කරනු ලැබේ.  

·         2 % ක් පමණ ගර්භණි HSV ආසාදිත මව්වරු ප්‍රසුතිය තුළදී රෝග ලක්ෂණ රහිතව වෛරස මුදාහැරීමක් සිදු කරති.

නැවත වරක් ඇති වු ආසාදිත තත්වය 

.මෙම තත්වයේදී සිදුවනුයේ මෙවර භාජනය වු රෝගී තත්වයට හේතුවන HSV වෛරසයට එරෙහි Ig G ප්‍රතිදේහ මවගේ සිරුර තුළ හමු වීමයි. මෙය බොහෝ දුරට සිදු වනුයේ ප්‍රාථමික ආසාදනය වී මාස 3 ක් ඇතුළතය.  

·පෙර HSV ආසාදනයට ලක් වු 15 % ක් පමණ  ගර්භණි මව්වරු ප්‍රසුතය ආසන්නයේදී නැවත වරක් ආසාදනය වීම දක්නට ලැබේ.  

.මෙම රෝග ලක්ෂණ සහිතව හෝ රෝග ලක්ෂණ රහිතව සිදු විය හැක. රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඒවා බොහෝ දුරට ස්ථානිය රෝග ලක්ෂණ වන වේදනාව, කැසීම හා යෝනි මාර්ගික  ස්‍රාවයක් පිටවීම ආදිය වේ.  

·මෙම තුවාල සාමාන්‍යයෙන් දින 9 ක් පවතින අතර දින 4 ක් පමණ වෛරස මුදා හැරීමත් සිදු වේ.  

· ප්‍රාථමික ආසාදනයට වඩා මුදා හරින වෛරස ප්‍රමාණයේ අඩුවක් මෙහිදී දැක ගත හැක. මෙම වෛරස මුදා හැරීම සිදු වනුයේ රෝග ලක්ෂණ පෙන්වීමට පෙර කාලයේ හා රෝග ලක්ෂණ පෙන්නුම් කරන මුල් අවස්ථාවේදීය.  

·තුවාල සම්පුර්ණයෙන් සුව වීමට පෙර සාමාන්‍යයෙන් වෛරස මුදා හැරීම නවතී.  


HSV ආසාදනය ගර්භණි මවගේ භ්‍රෑණයට සම්ප්‍රේෂණය 

 මෙය දරුවාට ප්‍රසුතයට පෙර , ප්‍රසුතය තුළදී හා ප්‍රසුතයෙන් පසුවත් සම්ප්‍රේෂණය විය හැක.නමුත් බෙහෝ අවස්ථාවලදී සිදුවනුයේ ප්‍රසුතිය තුළදී දරුවාට සම්ප්‍රේෂණය වීමයි.



ප්‍රසුතයට පෙර කාලයේදී HSV ආසාදනය ගර්භණි මවගේ භ්‍රෑණයට සම්ප්‍රේෂණ


·දරුවාට වැළදෙන අවස්ථාවලින් 5 % ක් පමණ හේතු වන්නේ භ්‍රෑණයට ගර්භාෂය තුළදීම ආසාදනය සම්ප්‍රේෂණය වීමයි.

·ප්‍රාථමික ආසාදනයේදී කෙටි කාලීනව රුධිරයේ HSV වෛරස දක්නට ලැබේ. එබැවින් වැදෑමහ හරහා භ්‍රෑණයේ රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වීමේ හැකියාව ඇත.

·මෙහිදී පහත රෝගී තත්ව දරුවාට ඇති විය හැක. එ  මොළය වර්ධනය හීන වී කුඩා වීම.


  • ඇස් කුඩා වීම.
  • මොළය තුළ කැල්සියම් තැන්පත් වීම.එ  දෘෂ්ටි විතානය ප්‍රදාහය ලක් වීම.


ප්‍රසුතිය තුළදී HSV ආසාදනය ගර්භණි මවගේ භ්‍රෑණයට සම්ප්‍රේෂණය 


  1. බොහෝ දරුවන්ට සම්ප්‍රේෂණය වනුයේ ප්‍රසුතිය අතරතුරදීය. මෙය සිදුවනුයේ ආසාදිත යෝනි මාර්ගයට හරහා දරුවා ප්‍රසුත වීමේදීය.
  2. 75 – 90 % ක් පමණ ආසාදිත දරුවන්ගේ මව්වරුන් රෝග ලක්ෂණ රහිතව HSV ආසාදනය පෙන්නුම් කරන මව්වරුන් වේ.


ප්‍රසුතියෙන් පසු HSV ආසාදනය ගර්භණි මවගේ භ්‍රෑණයට සම්ප්‍රේෂණය 

ප්‍රසුතිය පසු සම්ප්‍රේෂණය වනුයේ ආසාදිත දෙමාපියන් හා සෞඛ්‍ය සේවකයන් සමග ගැටීම නිසාය.

ප්‍රසුතිය තුළදී දරුවා සම්ප්‍රේෂණය වීමට බලපාන සාධක

1.      දරුවාට ආසාදනය වීම HSV ආසාදනයේ රෝගී අවස්ථාව මත තීරණය වේ.
  • ප්‍රාථමික HSV ආසාදනය - සම්ප්‍රේශණය වීමේ අනුපාතිකය 50 % කි.

  • ප්‍රාථමික නොවන පළමු ආසාදිත අවස්ථාව -සම්ප්‍රේෂණය වීමේ අනුපාතිකය 33 % කි.


  • නැවත වරක් ආසාදනය වු තත්වය හෝ රෝග ලක්ෂණ රහිතව වෛරස අවස්ථාව-සම්ප්‍රේෂණය වීමේ අනුපාතිකය 0 – 4 % කි.


2.මවගේ රුධිරයේ ප්‍රතිදේහ තිබීමෙන් ඒවා වැදෑමහ හරහා දරුවාට යාම නිසා දරුවාට යම් ආරක්ෂාවක් සැපයෙන බැවින් එවැනි අවස්ථාවලදී දරුවා HSVආසාදනයට ලක් වන්නේ ඉතාමත් සුළු වශයෙනි.

3. HSV – 1 ආසාදිත මවගේ භ්‍රෑණ HSV ආසාදනයට ලක් වීම HSV – 2 ආසාදිත මවකට වඩා වැඩිය.

4.සීසර් සැත්කමක් කීරීමෙන් දරුවාට ආසාදනය වීම අඩු කර ගත හැක.


HSV ආසාදනය හඳුනා ගන්නේ 

  •  HSV වෛරස වගාව  එ  මෙය HSV වෛරස හඳුනා ගැනීමේ සම්මත පරීක්ෂණය ලෙස දිගු කල් සිටම භාවිත වේ. මෙහි සංවේදිතාවය 70 % ක් පමණ වන අතර විශේෂිතතාවය 100 % ක් පමණ වේ. - මෙහි ප්‍රතිඵල ලබා ගැනීමට දින 7 ක් පමණ කාලයක් ගත වේ.

  • HSV වෛරස වගාව  එ  මෙහි සංවේදිතාවය HSV වර්ගය හා වගාව සඳහා යොදාගත් මාත්තුවේ ස්ථානය මත තීරණය වේ.
රෝග ලක්ෂණ පෙන්වීමට පෙර වෛරස වගා‍වෙන් වැඩි ප්‍රතිඵල ලැබෙන අතර ආසාදනයේ  අවසාන භාගයේදී එහි සංවේදිතාවය අඩු වි යයි.  එ  HSV – 2 හි සංවේදිතාවය HSV – 1 ට  වඩා අඩුය.

ගැබ්ගෙලෙහි හා නැවත ඇති වු ස්ථානයකින් ලබා ගන්නා මාත්තුවේ සංවේදිතාවය, තුවාල නොමැති විට ලබා ගන්නා මාත්තුවට වඩා වැඩි වේ.  එ  සෑම විටම HSV– 1   හා HSV – 2 වෛරස දෙකම සෙවීම සිදු කළ යුත්තේ ආසාදිත තත්වයේ අවධිය, රුධිර ප්‍රතිදේහ පරික්ෂාව යොදා ගෙන තීරණය කළ හැකි බැවිනි.

2.      PCR ක්‍රමය
 මෙය වැඩි වශයෙන් නුතනයේ භාවිත වන අණුක විද්‍යාත්මක පරික්ෂණයකි. මෙමගින්  HSVවෛරස වගාවේ අවශ්‍යතාවය අඩු වී යාමක් සිදු වී ඇත. මෙමගින් වෛරස වගාව මෙන්ම HSV – 1 හා HSV – 2 අතර වෙනස හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇත.

සංවේදීතාවය,  HSV වෛරස වගාවට වඩා වැඩි වේ.  එමෙන්ම මේ සඳහා ගතවනුයේද දින එකක් පමණ වු සුළු කාලයකි.එමෙන්ම HSV  DNA මට්ටම හඳුනා ගත හැකි වීම මින් ඇති අනෙක් ප්‍රයෝජනයයි. HSV    ,DNA මට්ටම වැඩි විට නවජ දරුවාට සම්ප්‍රේෂණය වීමේ අවදානම ඉතාමත් වැඩිය.

 මෙහි ඇති අවාසිදායක තත්වය වනුයේ PCR ක්‍රමය  මගින් සක්‍රියව ප්‍රති ගුණනය වන HSV වෛරස, නිලින අවස්ථාවේ පසු වන HSV වෛරස වෙන් කර හඳුනා ගැනීම අසිරු වීමයි.

HSV ආසාදනයේදි භාවිත වන ඖෂධ

1 ඒසික්ලොවර්

· HSV ආසාදනයට ප්‍රතිකාර කිරීමට හා වැළැක්වීමට ප්‍රථම වරට  භාවිත කළ ඖෂධය මෙය වේ.

· මෙයින් HSV DNA ප්‍රති ගුණනය විම වළකන අතර එමගින් සාමාන්‍ය සෛලවලට සිදු කරනුයේ කුඩා බලපෑමකි.

.මෙම ඖෂධය ප්‍රධාන වශයෙන් ක්‍රියා කරනුයේ HSV - ආසාදනයට ලක්වු සෛලවලටය.

.ගර්භණි නොවන මව්වරුන්ගේ ප්‍රාථමික ආසාදන අවස්ථාවකදී ස්ථානීය වේදනාව, මුත්‍රා දැවිල්ල, වෛරස මුදා හරින කාලය මෙමගින් අඩු කරන අතර තුවාල ඉක්මනින් සුව කිරීමක් සිදු කරනු ලැබේ.

 .දින පතා භාවිත කීරිමෙන් නැවත වරක් රෝග ලක්ෂණ ඉස්මතු කිරිමත් වෛරස මුදා හැරීමත් අඩු කර ගත හැක.

.ගර්භණි සමයේදී ඒසික්ලොවර් ඖෂධය වැදෑමහ හරහා භ්‍රෑණයට ඇතුළු වන අතර ඇම්නියෝටික තරලයේ සාන්ද්‍රණය වීම දක්නට ලැබේ.

·දරු ප්‍රසුතියෙන් පසු ඒසික්ලොවර් ඖෂධය මව් කිරිවල සාන්ද්‍රණය වීම දක්නට ලැබේ.

·මවගේ රුධිරයේ ඇති ඖෂධ මට්ටමට සමානුපාතිකව භ්‍රෑණයේ ඖෂධ මට්ටම ද හමුවීම දක්නට ලැබේ.

·         මෙම ඖෂධයේ ඇති අහිතකර ප්‍රතිඵලය වනුයේ ඒසික්ලොවර් මගින් HSV ආසාදනයට එරෙහි ප්‍රතිදේහ නිපදවීම පමා කිරීම හා අඩු කිරීමයි. මීට හේතුව වෛරස මට්ටම අඩු විටද ප්‍රතිශක්ති කරණ පද්ධතිය මැඩ පැවැත්වීම යන්න තවමත් සොයා ගෙන නැත.

·මෙම ඖෂධය මගින් සත්ත්ව පරික්ෂණ තුළින් භ්‍රෑණ විකලතා සිදුවන බවක් හඳුනා ගෙන නමුත් ඒපිළිබඳ මනුෂ්‍ය පරික්ෂණ තවදුරටත් පරික්ෂණ මට්ටමේ පවතී.

2 වැලසික්ලෝවර්

3 ෆැම්සික්ලෝවර්

·මෙම ඖෂධ සිරුර තුළදී ඒසික්ලෝවර් බවට පත් වේ. එබැවින් අඩු වාර ගණනකදි මෙම ඖෂධ ලබා දී වැඩි ඖෂධ රුධිර මට්ටමක් ලබා ගත හැක.

·මෙම ඖෂධය ආශ්‍රිත ව සිදු කළ සත්ව පරික්ෂණ මගින් භ්‍රෑණ විකලතා වන බව හඳුනා ගෙන ඇත.

ගර්භණි සමයේදී හර්පීස් රෝගය වැළදුණු මවක් හමු වු විට සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු

  • මෙම ආසාදනයට ලක්වු පළමු අවස්ථාවද යන්න හෝ එය පෙර පැවති ආසාදන තත්වයක් නැවත මතුවීමක්ද යන්න.
  • මවගේ ගර්භයට ඇති සති ගණන


ප්‍රථම වරට ආසාදනය වු ගර්භණි මවකට 

I.     පළමු සති 28 තුළදි,

රෝග නිර්ණය තහවුරු කිරීම.- තුවාලයෙන් මාත්තු ගෙන වෛරස හඳුනා ගත හැක. එමෙන්ම වෛරස වගාවක් හා PCR පරික්ෂණ එමගින් සිදු කළ හැක.

රුධිරයේ ප්‍රතිදේහ පරික්ෂාවද සිදු කළ හැකි නමුත් හර්පීස් රෝගය ප්‍රථම වරට ආසාදනය වුයේ දැයි තහවුරු කර ගැනීමට පෙර එම ආසාදනය නොමැති බව පෙන්වන වාර්තාවක් තිබිය යුතු වේ.

ප්‍රථම වරට ආසාදනය වු ගර්භණි මවකට පිළියම්  කිරීම.




I. පළමු සති 28 තුළදි,

රෝගියාගේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම සිදු කරනු ලැබේ. ගර්භණි නොවන පුද්ගලයන්ට ප්‍රතිකාර කරන අයුරින්ම ගර්භණි මාතාවන්ටද ප්‍රතිකාර කරනු ලැබේ.

මව මෞත්‍ර ලිංගික  රෝග පිළිබඳ සායනයකට යොමු කිරීමත් සාමාන්‍යයෙන් සිදු කරනු ලැබේ.

ඒසික්ලොවොයර් නම් ඖෂධය ගර්භණි සමයේදී භාවිත කිරීමට අවසර නොදුන්නද ඉන් හානියක් සිදුවන බවක් හඳුනා ගෙන නැති බැවින් දින 5 ක් මුඛ මාර්ගයෙන් ලබා දීම සිදු කළ හැක. ( රෝග ලක්ෂණ මතු වී දින 5ක් ඇතුළත හෝ අළුත් තුවාල තවමත් මතු වේ නම් මෙම ඖෂධය දිය හැකි වේ. )

මවගේ ගර්භණි තත්වයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාට මවගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ දැනුවත් කළ යුතු වේ.

යෝනිමාර්ගික ප්‍රසුතිය සිදු කිරීම ඉලක්ක කර ගත යුතු වේ.

එමෙන්ම මවට ආසාදනයට වීමට හේතු වු සහකරු සොයා ඔහුට ප්‍රතිකාර කිරීමත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ලක්ෂණ වළකා ගත හැකි ක්‍රම පිළිබඳව මව හා ඇයගේ සහකරු දැනුවත් කිරීමත් සිදු කළ යුතු වේ.

 ගර්භයට සති 28 ට පසු
පළමු වරට ගර්භණි මව ආසාදනය වුයේ සති 28 ට පසු නම් දරුවාට රෝගය සම්පුර්ණය වීමට වැඩි අවදානමක් ඇත.

යෝනිමාර්ගික දරු ප්‍රසුතියක් සිදු කළ හොත් 41 % ක් පමණ අවස්ථාවලදී දරුවා ආසාදනයට ලක්වීමට වැඩි ඉඩ කඩක් ඇත.මව ප්‍රසව වෛද්‍යවරයකු වෙත යොමු කිරීම අවශ්‍ය වේ.

විශේෂයෙන්ම ගර්භයට සති ගණන 34 ට වඩා වැඩි නම් සීසර් සැත්කමක් සිදු කිරීම පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ( තුවාල යෝනිමාර්යේ පෙන්නුම් නොකළද ප්‍රසුතිය තුළදී වෛරස මුදා හැරීම සිදු විය හැක.)

දරුවාට සීසර් සැත්කමක් කිරීමෙන් සම්ප්‍රේෂණය වීම අවම කර ගත හැක. ඒසික්ලෝවර් නම් ඖෂධය මවට හා ප්‍රසුතියෙන් පසු දරුවාට ලබා දීම පිළිබඳ සලකා බැලිය යුතු වේ.මවට ආසාදනය සම්ප්‍රේෂණය වීමට හේතු වු සහකරු සොයා ඔහුට ප්‍රතිකාර කිරීමත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් වැළකිය හැකි ක්‍රම පිළිබඳව හා සහකරු දැනුවත් කිරීමත් අත්‍යාවශ්‍ය වේ.


 නැවත වරක් ආසාදනයට ලක්වු ගර්භණි මවකට පිළියම් කිරීම.
මෙහිදී දරුවා HSV ආසාදනයට ලක් වීමට කුඩා අවදානමක් ඇත.

රෝගය තහවුරු කර ගැනීම.

නැවත වරක් ආසාදනයට ලක්වු ගර්භණි මවකට පිළියම් කිරීම.

මවගේ ඇති ප්‍රතිදේහ මගින් යම් ආරක්ෂාවක් භ්‍රෑණයට ලැබුණද දරුවා ආසාදනයට වීම සිදු විය හැක.නාරී හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයකුට රෝගියා යොමු කිරීම අවශ්‍ය වේ.

 ගර්භණි සමයේ අවසන් සති 4 දී ඒක්සික්ලෝවර් ඖෂධය ඇතැම් විට ලබා දෙනු ලැබේ. එමගින් වෛරස මුදා හැරීම අවම කිරීම අපේක්ෂා කෙරේ. එමෙන්ම මෙම ක්‍රමයෙන් ප්‍රසුතිය ආසන්නයේදී මව  නැවත වරක් ආසාදනය වීමේ අවදානම අඩු කරයි.

ප්‍රසුතිය ආසන්න වන විට වෛරස බැලීමට යෝනිමාර්ගයේ මාත්තුවක් ගැනීමෙන් වෛරස මුදා හැරීම පිළිබඳ අදහසත් ලබා ගත නොහැකි බැවින් එම ක්‍රියාවලිය අනුමත නොකෙරේ.

ප්‍රසුතිය ආසන්නයේදී යෝනිමාර්ගික තුවාල නොමැති නම් යෝනිමාර්ගික දරු ප්‍රසුතිය ඉලක්ක කර ගත  හැක.  ප්‍රසුතිය සිදු වන විට යෝනිමාර්ගික තුවාල ඇත්නම් සීසර් සැත්කමකින් දරුවා ප්‍රසුත කළ යුතු වේ.  දරුවාට රෝගය සම්ප්‍රේෂණය වීමේ අවදානම ඉතා අඩු බව මවට පැවසීම හා ඒ සම්බන්ධව දැනුවත් කිරීම වැදගත් වේ.දරුවා ප්‍රසුතියෙන් පසු HSV ආසාදනයට ලක්ව ඇත්ද යන්න පරික්ෂා කර බැලිය යුතු වේ. මෙම රෝග ලක්ෂණ ප්‍රසුතියෙන් පසු දින 2 – 28 ත් අතර සාමාන්‍යයෙන් දක්නට ලැබේ.

·         ආසාදනය සැක කරන දරුවකුගේ

·         මුත්‍ර පරික්ෂාවකින් වෛරස හඳුනා ගැනීම.

·         මළ පහ ගෙන පරික්ෂාවක් කිරීමෙන් ගෙන වෛරස හඳුනා ගැනීම.

·         ඇස්, මුඛ ග්‍රසනිකාවෙන් මාත්තුවක් ගෙන වෛරස හඳුනා ගැනීම.

·         ප්‍රතිඵල පැමිණිමට පෙර දරුවාට එසික්ලෝවර් ඖෂධය අන්තඃශීරා ගත කිරීම වැදගත් වේ.

·         වෙනත් නවජ දරුවන්ට බෝ වීම වැළැක්වීමට දරුවා වෙන් කර තැබීම ද වැදගත් වේ.

·         මවගේ තනපුඩු වටා හර්පිස් ආසාදිත තුවාල නොමැති නම් මව් කිරි දීම සිදු කළ හැක.

දරුවාට HSV ආසාදනය ඇතිවීම වැළැක්වීම.
 ගර්භණි සමයේදී මුලින්ම සිදුකරන සායනික පරික්ෂාවේදී හර්පිස් ආසාදනයට මව හෝ ඇගේ සහකරු ලක්වීමට අවදානමක් ඇත්ද යන්න සොයා බැලීම.

සහකරුට HSV ආසානදය පෙන්නුම් කරන්නේ නම් හා මවට එම රෝග ලක්ෂණ නොමැති නම් එවැනි අවස්ථාවක ලිංගික සංසර්ගයකින් වැළකෙන ලෙස යුවල දැනුවත් කිරීම

ගර්භණි සමයේදී උපත් පාලන කොපු භාවිත කිරීමෙන් මවට HSV ආසාදනය ඇතිවීමට ඇති අවදානම අඩු කර ගත හැක.

දරු ප්‍රසුතිය ආරම්භයේදී HSV තුවාල ඇත්දැයි බැලීමට මවගේ යෝනිමාර්ගය හොඳින් පරික්ෂා කිරීම.

ආසාදිත මව්වරුන්ගේ දරුවන් සීසර් සැත්කමකින් බිහි කිරීම (විශේෂයෙන් පටල පුපුරා පැය 4 – 6 ක් තුළ සිදු කිරීම වැදගත් වේ. )

 මුඛය ආශ්‍රිතව හර්පීස් ආසාදන ඇති විම නවජ දරුවා හර්පිස් තුවාල හා ගැටීම වැළැක්වීම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම වැදගත් වේ.

ආසාදනයේ මුල රෝග ලක්ෂණ වන මව් කිරි දීමේ අපහසුතාවය, කම්මැලි බව, උණ හා සැක සහිත තුවාල පිළිබඳ දෙමාපියන් දැනුවත් කර එවැන්නක් මතු වුව හොත් ඉක්මනින් වෛද්‍යවරුන් හමුවීම පිළිබඳ දැනුවත් කිරීම.

ගර්භණි සමයේදී ප්‍රථම වරට මව ආසාදනය වී ඇත්නම් ඖෂධ මගින් ප්‍රතිකාර කිරීම.

පෙර HSV වෛරසය ආසාදන ඉතිහාසයක් ඇති විට HSV ආසාදනයට ලබා ගෙන ඖෂධ ලබා දීම.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips