ඔබට හොරෙන් ඔබ ළඟටම එන මාරයා....

 මේ දවස් වල පාරේ යන්නත් බයයි, ධාරානිපාත වැසි ඇද හැලෙනවනේ. බැරි වෙලාවත් වැස්සත් එක්ක එන හුළගකට මාව ගහගෙන ගියොත් කෑල්ලක්වත් හොයාගන්නම් හම්බවෙන්නෙ නැනේ

   ඉතින් ඔහොම ඉන්න අතරේ  මම  වත්ත පහළට බැහැලා පොඩ්ඩක් ඇවිදින්න ගියා.   ඇවිදින ගමන් වත්තෙ තිබුණපොල් කටුවකට පයින් පාරක් ගහගෙනම ගිහින් එතන ඉස්සරහ තිබුණු බංකුවෙ පොඩි වාඩියක් දැම්මා. එතකොට තමයි දැක්කෙ එතන බිම මදුරු කීටයෝ බිම වැටිලා දඟලනවා. අර පොල් කට්ටේ ඉඳලා තියෙන්නේ .
   ඒක දැක්කාම  මට මගේ අතීතයේ පොඩි සිදුවීමක් මතක් උනා.   අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයත් කට උඩ තියෙද්දී මට හොඳටම උණ හැදුණා. සුපුරුදු පරිදි දොස්තර කෙනෙක් ගාවට ගියා බෙහෙත් ටිකක් ගන්න. මට තියෙන ලෙඩ ටික අහලා එයා කිව්වනේ ලේ චෙක් කරන්න කියලා. (එයාටනම් මොකද මටනේ රිදෙන්නේ .( ඊට කලින් ලේ අරන් තිබුණේ නෑ මම). ඉතින් ටිකක් බයෙන් තමයි ගියේ ලේ ගන්න කාමරය ඇතුලට. නර්ස් අක්කා මගේ අතේ තිබුණු ‍කොළේ අරගෙන මගේ ඇඟිල්ල අරන් කට්ටකින් විද්දා....දවල් තරුත් දැක්කා වගේ පොඩි මතකයක් තියෙනවා  නර්ස් එක්ක මට තද වෙලා හිටියේ .
කොහොම හරි ලේ වාර්ථාව අරගෙන ගියා ආපහු දොස්තර ගාවට. වාර්තාව බලපු දොස්තර එකපාරටම කිවුවනේ මට ඩෙංගු හැදිලා කියලා (  හත්දෙයියනේ එක ඇහුනාම මම හොඳටම බය උනා. මම බයවුණා කියල දැකල ඩොක් කියනව "හැබැයි බර පතල නෑ". දෙන බෙහෙත් ටික හරියට බීලා ගෙදරට වෙලා හොඳට විවේක ගන්න" කියලා. වාසනාවකට වගේ මට විභාගයට කලින් හොඳටම සනීප උනා .)

   මේ ඩෙංගු රෝගය පැතිරෙන්නේ  ඊඩ්ප්ස් ඊජිප්ට්යිස්, ඊඩ්ප්ස් ඇල්බොපික්ටස් හා ඊඩිප්ස් පොලිනේසියන් යන මදුරු වර්ගයන් මඟින්. ඩෙංගු රෝගියෙකුගෙන් ලේ රුධිරය සමඟම ඩෙංගු වයිරසය ඇතුළු වෙනවා. ඒ මදුරුවා තවත් නීරෝගි පුද්ගලයෙකුට දෂ්ඨ කළ විට වයිරසය කේඨය සමඟ සිරුරට ඇතුලු වෙලා ඩෙංගු රෝගය වැළදෙනවා. ඩෙංගු මදුරුවා දිවා කාලයේ තමා දෂ්ඨ කරන්නේ.

ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ ඩෙංගු වයිරසය සිරුරට ඇතුළු වෙලා දින 2 - 8ට පසුවයි. ඇස් වේදනාව, උණ , හිසරදය, වමනය, ඇඟ පත වේදනාව, බඩ රිදීම, දඳ වගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. දින කීපයකින් රෝග ලක්ෂණ උග්‍ර වෙලා ඩෙංගු රක්තපාත තත්ත්වය ඇති වෙන්න පුලුවන්. ඩෙංගු රක්තපාත තත්ත්වය තවත්  උග්‍රවීමෙන් කිසිසේත්ම සුවකළ නොහැකි ඩෙංගු කම්පන ලක්ෂණ ඇතිවෙනවා. කම්පනයත් සමග සමේ තෙත් සහිත ස්වභාවයක් ඇති වීමෙන් නාඩි වැටීම අඩු වෙලා රෝගියා පැය24 - 48  කාලයක් තුල මිය යාමට ඇති හැකියාව වැඩියි.

   පසු ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද තුල ඩෙංගු රෝගයේ ව්‍යාප්තියේ වැඩි වීමක් තියෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාෂයක් නිකුත් කරලා තියෙනවා. ජනවාරි මාසය තුල රෝගීන් 893 ක්‌,  අප්‍රේල් මාසයේ 20 දාට රෝගීන් 352 ක්
හදුනාගෙන තියෙනවා.

මෙම මාරාන්තික ඩෙංගු රෝගය බෝ කරන මදුරුවන් මර්ධනය කරන්න නම් මැලතියන් වැනි කෘමි නාශක මදුරුවන් ගැවසෙන තැන් වලට ඉසින්න ඕනේ. ඒ විතරක් මදි මදුරුවන්ට බිත්තර දාන්න පුලුවන් ස්ථාන සියල්ලම විනාශ කරලා පරිසරය පිරිසිදුව තියාගන්නත් ඕනේ. සතියට එක දවසක් වැය කරල තමන්ගෙ වටපිටාව සුද්ද කරගත්තොන් ඒකෙ වාසිය තමන්මයි. මොකද කියනවනං මේ මදුරුවාගේ ක්‍රියාකාරී ප්‍රදේශය සාමාන්‍යෙයන් අඩුයි.

   ඩෙංගු මාරයාගෙන් බේරෙන්න නම් අපි හැමෝම එකතු වෙලා උන්ට ඉන්න හිටින්න තැනක් නැති කරමු. තමන්ගේ වත්ත තම තමන් පිරිසිදු කර ගත්තනම් මේ පුංචි ශ්‍රී ලංකාව ඇතුලේ ඩෙංගු මාරයට ඉන්න තැනක් නැති වේවි.

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips