මාරක ජලභීතිකා වෙන් වැලෙකෙමු


කිසියම් පුද්ගලයෙකු ජලභීතිකාව යැයි සැක කිරීමකින් මිය ගියහොත් එම පුද්ගලයා පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කළ යුතු අතර, එම මානව මොළය වෛද්‍ය පර්යේෂායතනය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා ලබාදිය යුතුය.  සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂිත චක්‍රලේඛයක් මගින් මෙලෙස මානව මොළ වෛද්‍ය පර්යේෂණායතනය වෙත එවන ලෙස සියලුම රෝහල් බලධාරින් දැනුවත් කර   තිබේ.

බල්ලන්, බළලුන් වැනි සතුන් අපගේ සුරතලුන් මෙන්ම අපගේ ආරක්ෂකයන්ද වෙති. නමුත් අපගේම නොසැළකිල්ල නිසා ඔවුන් නිසා අපගේ මරණයද සිදුවිය හැක.  වගකීමෙන් යුතුව සුරතල් සතුන් ඇති කිරීමට සෑම පුද්ගලයෙකුම පෙළඹිය යුතුය. අයාලේ යෑමට, සතුන්ට ඉඩ නොදිය යුතුය. සපාකන සතෙක් නම් කටකලියාවක් දැමීම හෝ බැඳ තැබීම කළ යුතුය.

සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන ආයතන හා එක්ව අයාලේ යන සුනඛයන් එන්නත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක්ද මේ වන විට අරඹා තිබේ. එක් වරක් සතෙකු සපා කෑ විට දෙන එන්නත් මාලාව මුළු ජිවිත කාලයටම වලංගු නොවන බව  මතක තබා ගත යුතු කරුණකි. නමුත් ලබාදෙන එන්නත් කාඩ්පත සුරක්ෂිතව තබා ගත යුතු අතර නැවත වරක් සතෙකු සපා කෑ විටෙකදී හැකිනම් එම සතාට ලබාදී තිබෙන එන්නත් පිළිබඳ සටහන් කර ඇති කාඩ් පතද සමඟ රෝහලට පැමිණිය යුතුය.

සමාජයේ සෙසු ප්‍රජාවගේ ආරක්ෂාවටත්, එමෙන්ම තම සුරතල් සතාගේ ආරක්ෂාව පිණිසත් බල්ලන්ට, බළලුන්ට නිසි පරිදි එන්නත් ලබාදීම අපගේ වගකීමකි. සාමාන්‍යයෙන් බලු පැටවකු ඉපදී සති 06ක් තුළදීත්,නැවත මාස 03ක් ගතවු විටදීත්, ඉන්පසු සෑම වසරක් පාසාත්  ජලභීතිකා එන්නත ලබාදීම වැදගත් කරුණකි.

කිසි විටෙකත් අයාලේ යන සතුන් හෝ කැලෑ සතුන් තම නිවෙසට රැගෙන නොයෑම, සුරතල් නොකිරීමද වැදගත්ය. ඔබ ඔබගේ යුතුකම නිසි පරිදි ඉටු කරන්නේ නම්, වගකීමෙන් යුතුව සුරතල් සතුන් ඇති කරන්නේ නම් සතුන්ටවත්, මිනිසාටවත් කිසිදා හානියක් නොවනු ඇත.

ඔබ සුරතලයට ඇති කරන සතුන්ගෙන් අනවශ්‍ය පරිදි පැටවුන් ලබා නොගෙන ඔවුන්ව වන්ධ්‍යාකරණ සැත්කම්වලට භාජනය කිරීමත්, ලැබෙන පැටවුන් පාසල්, පන්සල් ආදීයට ගෙන ගොස් නොදැමීමටත් කටයුතු කිරීම ප්‍රජාවගේ වගකීමක්ද වන්නේය.

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips