සදාචාර විරෝධී නිල් චිත්‍රපටි | Blue films සහ ඒඩ්ස්

නිල් චිත්‍රපටි එහෙමත් නැත්නම් Blue films හෙවත් අසභ්‍ය චිත්‍රපටි කියන්නේ ලංකාව තුල ලඟතබා ගැනීම,නැරඹීම,බෙදා හැරීම යනාදී සියළු කාරණා වලදී නීතියෙන් දඩුවම් ලැබිය යුතු තරම් වරදක්. 

ඒත් ලංකාවේ මෙසේ වූවත් ඇමරිකාව,එංගලන්තය වැනි රටවල මෙයත් අනෙකුත් සිනමා කර්මාන්තය මෙන් කරගෙන යන්නක් බව අන්තර්ජාලයේ සදහන්. ඒ වෙනුවෙන්ම සිටින චිත්‍රපටි ආයතන හා කාර්ය මණ්ඩලයක් ව‍ගේම නළු නිළියන් මෙන්ම බෙදාහරින්නන් පිරිසකුත් සිටියි.  වෙනස් සංස්කෘතියක් තිබුනත් එම රටේ පවා මෙම ක්‍ෂෙත්‍රයට අඩිය තැබුවහොත් ඔහුට හෝ ඇයට කැපවීම් රැසක් කරන්නට සිදුවෙයි. විශේෂයෙන් තමන්ගේ ඥාතීන් හිතවතුන්ගෙන් ඈත්වීමට වගේම තමන්ගේ අනාගතය බබලවන්නට හෝ අදුරු කරලන්නට මෙම ක්‍ෂෙත්‍රය ඉවහල් වන බව ඔවුන් තේරුම් අරගෙන මෙම ක්‍ෂෙත්‍රයට අඩිය තැබිය යුතු වෙයි. 

කාන්තාවන්ට වැඩි අවස්ථාවකුත් පිරිමි අයට අඩු අවස්ථාවකුත් තිබෙන ක්‍ෂෙත්‍රයක් බව හැදින්වෙන මෙහි එක් අදුරු පැත්තක් වන්නේ විනෝදය හෝ රැකියාව ලෙස නිල් චිත්‍රපටි රංගන ශිල්පියෙකු වූවත් බොහෝමයක් දෙනා පසුකාලීනව ඇතිවන මානසික බිදවැටීම නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමත්,ඇතැම් විට මත්ද්‍රව්‍ය සීමාව ඉක්මවා ගැනීමෙන් විශ වී මරණයට පත්වීම මෙන්ම මත්වී රථ වාහන පදවන්නට ගොස් අනතුරුවලට ලක්වී මිය යාමයි.


අනෙක් කාරණය නම් සමාජ රෝග හා ඒඩ්ස් වැනි සුවකිරීමට අසීරු හා සුවකළ නොහැකි ලෙඩ රෝග ව්‍යාප්තියයි. ඒඩ්ස් සොයා ගැනීමත් සමග ඒ රටවල මෙම ක්‍ෂෙත්‍රයේ යෙදෙන්නන් එයින් වැලකීමට විවිද උපක්‍රම අනුගමනය කිරීම අනිවාර්ය හා කළ යුතු දෙයක් වුවා සේම තමන් ඒඩ්ස් රෝගයෙන් මිදී සිටින්නෙකු බව තහවුරු කිරීමට අවශ්‍ය වෛද්‍ය වාර්තාද නිරතුරු ලබා ගැනීම අනිවාර්යය විය. 

බොහෝ නළු නිළියන් එම අවධානමද රැගෙන මෙවන් චිත්‍රපටිවල රඟපෑ අතර තමන්ට යම් හෙයකින් රෝගය වැලදී ඇති බව දැනගත් විගස ක්‍ෂෙත්‍රයෙන් ඉවත්වීම සාමාන්‍ය කරුණක් විය. එහෙත් 90 දශකයේ මෙම සිද්ධාන්තයට පටහැනි ආකාරයට කටයුතු සිදුවීමෙන් තවත් කිහිපදෙනෙකුම මෙම රෝගයට ගොදුරු කළ නිල් චිත්‍රපටි නළුවෙකු පිළිබදව තොරතුරු සදහන්ය.


Marc Walliceනමින් හැදින්වෙන  නළු‍වා 80 දශකයේ මෙම ක්‍ෂෙත්‍රයට පැමිණ තිබෙන අතර ඔහු රඟපෑ චිත්‍රපටි ගණන 1300  කට වඩා වැඩි බව පැවසෙන අතර ක්‍ෂෙත්‍රයේ වැඩිම කාර්යබහුල වූ අයෙකු ලෙසද සැලකේ. කෙසේවෙතත් ඔහු  සම්බන්ධයෙන් 1998 දී හෙළි වූ කරුණ මෙම ක්‍ෂෙත්‍රයේ හෙල්ලුම්කෑමට ලක් කළ පමණක් නොව තවත් ජීවිත ගණනාවකට අවාසනාවද රැගෙන ආවේය. එනම් ඔහු ඒඩ්ස් ආසාධිතයකු බව හෙළි වීමයි.  ලිංගික කාර්තව්‍යයන්හදී කොයි මොහොතේ සමාජ රෝග හෝ ඒඩ්ස් වැලදීමේ අවධානම බහුලව තිබෙන නිසා හා ඊට පෙරද ඒඩ්ස් වැලදීමෙන් මේවායේ රඟපෑ නළුනිළියන් මිය ගොස් ඇති නිසා එය එතරම් කරුණක් නොවූවත් මොහු සම්බන්ධයෙන් වූයේ නැවත නිවැරදි කළ නොහැකි වැරැද්දක් සිදුව තිබීමයි. ඒ ඔහු 1998 ට පෙර වසර දෙකක් තිස්සේම තමන්ට ඒඩ්ස් වැලද තිබීම දැනුවත්ව තිබුනද සගවා කටයුතු කිරීමයි. එහිදී සාමාන්‍යයෙන් HIV පරීක්‍ෂාවට තමන්ගේ රුධිරය ලබා දීම වෙනුවට ඔහු කර තිබෙන්නේ වෙනත් නිරෝගී අයෙකුගේ රුධිරය ලබාදීම තුලින් තමන් රෝගයට ගොදුරුව ඇති බව සැඟවීමයි. ඔහුගේ මෙම ක්‍රියාකාරකමෙන් සිදුවූයේ තවත් කාන්තාවන් කිහිප දෙනකුට හා ඔවුන්ගෙන් තවත් අයට මෙම රෝගය ව්‍යාප්තවී සියල්ලන්ගේම ජීවිත කෙටි කරලීමයි. එයටත් නඩා අවධානම නම් මොවුන් රඟපාන දේවල් සාමාන්‍යකරණයක් ලෙස නරඹන්නන් ලබා ගන්නා පණිවිඩය අහිතකර ප්‍රතිඵල ගෙන දීමයි.

එසේම අපේ රටේද දිනෙන් දින වැඩිවන බාලාපචාර සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශන ඉවහල් වන්නේ නම් ඒ ගැන පියවරක් ගත යුතුය. අනාරක්‍ෂිත හා සීමාවෙන් පිටත සිදුවන ලිංගික ක්‍රියාකාරකම් වල ආදීනව ලබා  දුන් අවවාදාත්මක පණිවිඩය  ඒඩ්ස් රෝගය වනු ඇත.

ලැජ්ජාවයි,සදාචාරයයි,සංස්කෘතියයි යන සියල්ලම වැටමායිම් කොට මෙවන් ව්‍යවසන ගැන ක්‍රියාකිරීමෙන්  නම්  නිසි  පරිදි ඒඩ්ස් රෝගය වලකා ලිය නොහැකි වනු ඇත.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips