'මාරක පිළිකාව' ගැන ඔබ දන්නවාද? /Cancer


පිළිකා (Cancer) හැදින්විම
පිළිකා යනු සිරුරේ සෛලවල ඇතිවන රෝගී තත්වයකි. විවිධාකාරයේ සෛල සිරුරේ පවතින අතර,එබැවින් විවිධාකාරයේ පිළිකා එම සෛලවලින් හටගනී. සියලුම පිළිකාවලට පොදු ලක්ෂණය නම් එම පිළිකා සෛල අසාමාන්‍ය වීමත්,පාලනයකින් තොරව ගුණනය වීම්ත් යන කරුනුය. කෙසේනමුත් විවිධ පිළිකා අතර විශාල වෙනස්කම් පවතී.
   

  • සමහර පිළිකා වර්ධනය සහ ව්‍යාප්තිය අනෙක් පිළිකාවලට වඩා වේගවත් වීම.     
  • සමහර පිළිකා ඉක්මනින් හඳුනාගත හොත් අනෙක් පිළිකාවලට වඩා පහසුවෙන් ප්‍රතිකාර කලහැකිවීම.    
  • සමහර පිළිකා රසායනික චිකිත්සාව (Chemotherapy) සහ විකිරණ චිකිත්සාව (Radiotherapy) යන  ප්‍රතිකාරවලට, අනෙක් පිළිකාවලට වඩා හොඳ ප්‍රතිචාර දැක්වීම.    
  • සමහර පිළිකාවලට අනෙක් පිළිකාවලට වඩා හොඳ රෝග විග්‍රහයක් (Prognosis) තිබීම. එනම් සමහර පිළිකාවලට සුවවීම සඳහා හොඳ හැකියාවක් ඇත.නමුත් සමහර ඒවාහි රෝග විග්‍රහය ඉතා දුර්වලවේ.

එබැවින් , පිළිකා යනු හුදෙක්ම තනි තත්වයක් නොවේ. එමනිසා එක් එක් අවස්ථාවලදී කුමන වර්ගයේ පිළිකාවක් ඇතිවූයේද යන්නත් ,එහි විශාලත්වය කොතෙක්ද යන්නත්, එය ශරීරයේ වෙනත් අවයවවලට  ව්‍යාප්ත වූයේද යන්නත් සහ කොතරම් දුරට එම පිළිකාව ප්‍රතිකාරවලට ප්‍රතිචාර දැක්වූයේද යන්නත් දැනගැනීම ඉතා වැදගත්ය. මෙමගින් ඔබට රෝගයට අදාළ විවිධ ප්‍රතිකාර ක්‍රම සහ රෝග විග්‍රහය ( Prognosis ) පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීමට හැකිවේ.

 සෛල යනු 

ශරීරයේ සාමාන්‍ය සෛල ශරීරය ගොඩනැගී ඇත්තේ කුඩා සෛල මිලියන ගණනිනි. ශරීරයේ අවයව, අස්ථි, මාoශ පේෂි,සම සහ රුධිරය වැනි විවිධ කොටස් තැනී ඇත්තේ විවිධාකාරයේ විශේෂිත සෛලවලිනි. සියලුම සෛලවල න්‍යෂ්ඨිය නම් වූ මධ්‍යයකින් යුක්තය. එක් එක් සෛලය තුල ඇති න්‍යෂ්ඨියක් තුල ,  DNA  නමැති රසායන වර්ගයෙන් සැදුන ජාන දහස් ගණනින් පවතී. ජාන සෛලයේ ක්‍රියාකාරීත්වය පාලනය කරයි.

කිසියම් ජානයක් ප්‍රෝටීන සෑදීම පාලනය කරද්දී , තවත් ජානයක් හෝමෝන සහ අනෙකුත් ශරීරයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය සෑදීම පාලනය කරයි. එසේම කිසියම් ජානයක් සෛලය කවදා ගුණනය වන්නේද තීරණය කරද්දී , තවත් ජානයක් සෛලය මරණයට පත්විය යුත්තේ කවදාදැයි තීරණය කරයි. 

ශරීරයේ ඇති බොහෝ සෛල වර්ග කාලයෙන් කාලයට බෙදීම් (Divide) සහ ගුණනයවීම (Multiply) සිදුවේ. වයසට ගිය සෛල පරණ වීම හෝ හානි වූ විට , නව සෛල සෑදී ඒවා හිලවු කිරීම හෙවත් ප්‍රතිස්ථාපනය( replace) කිරීම සිදුවේ. සමාන්‍යයෙන් සමහර සෛල ඉක්මනින් ගුණනයවේ.උදාහරණ වශයෙන් ඔබගේ ශරීරයේ වයසට යන හා කැඩී බිඳී යන රතු රුධිරානු සෛල වෙනුවට ඔබ දිනපතා අලුතින් රතු රුධිරානු සෛල මිලියන ගණනක් නිපදවයි.

එහෙත් සමහරක් සෛල පරිනත වූ (mature) පසු කිසිසේක්ම ගුණනයවීම සිදුනොවේ.මොළයේ සෛල පරිනත වූ පසු කිසිසේක්ම ගුණනයවීම සිදුනොව සමාන්‍යයෙන්  ඔබට අවශ්‍ය නියමිත සoඛ්‍යාවට සෛල නිපදවීමට ,ඔබගේ ශරීරය නිතරම වගබලාගනී.

ශරීරයේ අසාමාන්‍ය සෛල (abnormal cells) 

සමහර අවස්ථාවලදී සෛලය අසාමාන්‍ය ත්ත්වයට පත්වේ. මෙය සිදුවන්නේ සෛලය තුල ඇති ජාන එකක් හෝ කිහිපයක් වෙනස් වී හෝ හානිවී ඇතිවිටය.එවිට අසාමාන්‍ය සෛල දෙකක් , හරක්  පසුව අටක් හා ආදී වශයෙන් බෙදීයයි.

එලෙස අසාමාන්‍ය සෛල විශාල සඛ්‍යාවක් තනි අසාමන්‍ය සෛලයකින් හටගනී.මෙම සෛල තමන් කුමන මොහොතේදී ගුණනය වීම නැවැත්විය යුතුදැයි නොදනී. එබැවින් අසාමාන්‍ය සෛල සමූහයක් ඉන් හටගනී.එසේ හටගන්නා  සෛල ගොනුව අතිවිශාල වූවිට ඇති වන අසාමාන්‍ය සෛල කැටිත්ත "අර්බුදය" ( tumour) නම්වේ.

අර්බුද ( tumours )යනු 

අර්බුදය යනු කැටිත්තක් (lump)  හෙවත් වර්ධනය වූ  සෛලවලින් තැනුනු පටක ගොනුවකි. අර්බුදයන්  වර්ග දෙකකට වෙන්කෙරේ. 

  1. මෘදු (benign) සහ
  2. මාරක (malignanat) වශයෙනි.
අප පිළිකා ලෙස හඳුන්වන්නේ මෙම මාරක අර්බුදයන්ම වේ. 

මෘදු (benign tumours) අර්බුද

මේවා ශරීරයේ විවිධ කොටස්වල හට ගනි. මේවා සෙමින් වර්ධනය වන අතර ශරීරයේ අනෙක් පටක ආක්‍රමණයකර එතුල වර්ධනය වීම සිදුනොකරයි. ඒවා පිළිකාකාරී නොවන අතර, සාමාන්‍යයෙන් ජීවිතයට තර්ජනාත්මක නොවේ. බොහෝවිට ඒවාට ඉබේම ඉන්නට හැරිය විට කිසිදු හානියක් සිදු නොකරයි. උදාහරණ වශයෙන් , සමහර ඒවා අධික ලෙස විශාලවී තෙරපුම් රෝගලක්ෂණ (pressure symptoms) පමණක්  හෝ ශරීරය අවලක්ෂණවීම සිදුකරයි. එසේම සමහර හෝමෝන නිපදවන ග්‍රන්ථිවලින් හටගන්නා මෘදු අර්බුද පමණට වඩා වැඩියෙන් හෝමෝන නිපදවා අනවශ්‍ය  අනිසි ප්‍රතිඵල ගෙන එයි.

මාරක අර්බුද (malignant tumours/cancers)

මාරක අර්බුදවලට (පිළිකා) වඩාත් ඉක්මනින් වර්ධනය වීමට හැකියාව පවතින අතර ආසන්නයේ පවතින පටක ආක්‍රමණය කර විනාශ කරදමයි. අර්බුද ප්‍රථමයෙන් හටගන්නා ස්ථානය , ප්‍රථමික අර්බුද (primary tumour) නම් වේ.  මාරක අර්බුද ශරීරයේ අනෙක් කොටස්වලට ව්‍යාප්ත් වී ද්ව්තීයික අර්බුද (secondary tumour)      හෙවත් ස්ථානාන්තරණය (metastases) සිදුකරයි.

මෙම ද්ව්තීයික අර්බුද වර්ධනයවීම සහ ආක්‍රමණයවීම  ආසන්නයේ පවතින පටකවලට සිදු කර නැවත නැවත පැතිරයයි.සියලුම පිළිකා, ඝන අර්බුද (solid tumours)නොවේ. උදාහරණ වශයෙන් රුධිරය ආශ්‍රිත පිළිකාවක් වන ලියුකීමියා (leukemia) රෝගයේදී ඇට මිදුළු තුළ සෑදෙන අසාමාන්‍ය සෛල රුධිර සoසරණ පද්ධතිය ඔස්සේ ශරීරරය පුරා ව්‍යාප්තවයයි. 

පිළිකා වර්ධනය සහ ව්‍යප්තවන්නේ

1.ස්ථානික වර්ධනය (local spread) සහ ආසන්නයේ ඇති පටක විනාශ කිරීම

පිළිකා ඉක්මනින් ගුණනයවේ.කෙසේ නමුත් පිළිකාවල අළුතින් හටගන්නා සහ ගුණනය වන සෛලවලට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණය සඳහා රුධිර සැපයුමක් අවශ්‍යවේ.පිළිකාවකට අවශ්‍ය රුධිර සැපයුම නොලැබී ගියහොත්, එය අල්පෙනති හිසක තුඩකට වඩා තරම්වත් විශාල නොවේ.

පිළිකා සෛල මගින් ස්‍රාවය කරනු ලබන රසායන ද්‍රව්‍ය දැනටමත් පවත්නා රුධිර නාළ උත්තේජනය කර කුඩා රුධිර නාළිකා පිළිකාවන් වටා වර්ධනය කරවයි. මෙම හැකියාව රුධිර වාහිනී ජනකතාවය ලෙස හැඳින්වේ. පිළිකා සෛල සාමන්‍ය සෛල තල්ලුකර, ඒවා අතරට යාමට හැකියාවක් ඇත. එබැවින්  ඒවා බෙදීම සහ ගුණනයවීම සිදුකර අවට ඇති සාමන්‍ය සෛල හා පටක ආක්‍රමණයකර ඒවා විනාශකිරීම සිදුකරය.

 2. වසානාළ සහ වසා ගැටිතිවලට ව්‍යාප්තවීම

සමහර පිළිකා සෛල  ආසන්නයේ ඇති වසා නාළවලට ගමන් කරයි. (ශරීරය තුල වසා නාළ ජාලයකින් සමන්විත වන අතර එම වසා නාළ සිරුරේ ඇති සෛල වටකරමින් සහ නහවමින් පවතින “වසා” නම් වූ තරලය බැසයාමට සලස්වයි) .

මෙම වසා නාල , තමන් සතුවූ වසා තරලය, වසා ගැටිති (Lymph nodes) තුලට බැස යාමට සලස්වයි. මෙම වසා ගැටිති සමහරවිට වසා ග්‍රන්ථි (lymph glands) ලෙස නම්වේ.ශරීරය පුරාම වසා ගැටිති විශාල ප්‍රමාණයක් විහිදපවතී. වසා නාල තුලට එන පිළිකා සෛල වසා ගැටිත්තක් තුලටවිත් හිරවීයයි. කෙසේ නමුත් එසේ හිරවන පිළිකා සෛල ගුණනයවී විශාල පිළිකාවක් බවට පත්වේ. පිළිකාවක් අසළ ඇති වසා ග්‍රන්ථි විශාල වී ඒවා තුල පිළිකා සහිත සෛල  අන්තර්ගතවන්නේ එම හේතූන් නිසාය.

3. ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලට පැතිරයාම

සමහර පිළිකාසෛල ආසන්නයේ ඇති කුඩා රුධිර වාහිනී හෙවත් රුධිර කේෂනාළිකාවලට ගමන් කරයි.ඒවා එවිට රුධිර දහර ඔස්සේ සිරුරේ අන්කුත් කොටස්වලට ගමන්කරයි. එම සෛල  එවිට ගුණනය වී ද්ව්තීයික අර්බුද (secondary tumour)බවට ශරීරයේ තැන් කිහිපයකදී පත්වීමට ලක්වේ. එවිට මෙම ද්ව්තීයික අර්බුද වර්ධනයවී ආසන්නයේ ඇති පටක ආක්‍රමණයකර, විනාශකර නැවතනැවතත් පැතිරයයි.

මෘදු අර්බුද (benign tumours) ශරීරයේ අනෙක් ප්‍රදේශවලට ව්‍යාප්ත නොවේ.

මෘදු අර්බුද සාදන සෛල පිළිකා සෛලවලට වඩා වෙනස්ය. මෘදු අර්බුදවල සෛල සාමාන්‍ය සෛලවල ස්වරෑපයට ටිකක් සමානවේ. ඒවා අවට ඇති සාමාන්‍ය පටක ආක්‍රමණය නොකරයි. මෘදු අර්බුද බොහෝ විට ප්‍රාවරයක් තුල හෝ සාමාන්‍ය සෛලවලින් වටවී සෙමින් වර්ධනයවේ. මෘදු අර්බුද    බැල්මෙන් හා ස්පර්ශයෙන් සුමටවූ සහ ක්‍රමවත්වූ මතුපිටක් සහ මනාව වෙන්වූ දාරයකින් යුක්තවේ. මෘදු අර්බුද, ගැටිති සහිත සහ අක්‍රමවත් ම්තුපිටකින් යුක්තවූ මෙන්ම, දාරයන් නිතරම අවටඇති සාමන්‍ය සෛල පටක හා මිශ්‍රවී, ගැටේමින් පවතින පිළිකාවලට (මාරක අර්බුද=cancer=malignancy)වඩා බොහෝ වෙනස්ය.

පිළිකා වර්ග

පිළිකා වර්ග 100කට වඩා පවතී. ඒවා එලෙස වර්ග කර ඇත්තේ කුමන වර්ගයේ සෛලයකින් පිළිකාව ඇරඹෙන්නේද යන්න පදනම් කරගෙනය. උදාහරණ වශයෙන් පියයුරු සෛලයක්, පෙනහළු සෛලයක්,ආදිය...

සාමාන්‍යයෙන් එක් එක් පිළිකාවන් පහත දැක්වෙන කාණ්ඩ 3කින් එකකට අයත්වේ.


  1. කාසිනෝමාවන් (carcinomas) යනු ශරීරය මතුපිට හෝ ග්‍රන්ථි ආස්තරනය කරනු ලබන සෛලවලින්  හටගන්නා පිළිකාවන්ය.උදාහරණ- සම සහ ආන්ත්‍රය ,මුඛය ,ගැබ්ගෙල ,ශ්වසන මාර්ගය ආස්තරණය කරන සෛල,යනාදිය.. 
  2. සාකෝමාවන් (sarcomas)යනු අස්ථි හා මාශ පේෂි වැනි සම්බන්ධක පටකවලින් හටගන්නා පිළිකාවන්ය. උදාහරණ-ඔස්ට්යෝසාකෝමා (osteasarcoma)යනු අස්ථිවලින් හටගන්නා පිළිකාවන්ය.  
  3. ලියුකේමියාව (leakeumia)(රුධිරයෙහි සුදු රුධිරානු අධිකවීමේ රෝගය ) සහ ලිම්ෆෝමාව (lymphoma) ( වසා ගැටිතිවල මාත්සරික අර්බුදය ) යනු පිළිවෙලින් ඇටමිදුළු සහ වසා ගැටිතිවලින් හටගන්නා පිළිකාවන්ය.  වඩාත්ම බහුලව දක්නට ලැබෙන පිළිකාවන් වනුයේ : පියයුරු, පුරස්ථ ග්‍රන්ථිය,අන්ත්‍රය සහ සම ආශ්‍රිත පිළිකාවන්ය.
"කාසිනෝමා ඉන් සිටු" (carcinoma in situ ) හෙවත්  “එකතැන්හි පිළිකාව පැවතීම”  යනු

අසාමාන්‍ය පිළිකා සෛල  ඒවා උපන් මුල් ස්ථානයට පමණක් සීමාවීම යන මූලික අවස්ථාව “කාසිනෝමා ඉන් සිටු”  ලෙස හැඳින්වේ.

මෙම පිළිකා අව්ධියේදී පිළිකාව වර්ධනය නොවී, පිළිකා සෛල සිරුරේ අනෙකුත් ප්‍රදේවලට පැතිර නොගොස්, පිළිකාව උපන් තැනම පවතී. මෙලෙස බොහෝ පිළිකා නියමාකාර පිළිකාවක් බවට වර්ධනයවී පැතිරායමට පෙර මාස ගණන් හෝ වසර ගණන් මෙම අක්‍රිය , නිද්‍රා අවස්ථාව (dormant stage) පසුකරයි. මෙයට හේතුව නම්  “කාසිනෝමා ඉන් සිටු”  නම් අවධියේදී එයට සාමාන්‍ය ලෙස  නව රුධිර වාහිනී සෑදීම උත්තේජනයකළ නොහැකිවීමයි.

මෙසේ එවාට අළුත් රුධිර වාහිනී සෑදීම උත්තේජනය කළ නොහැකිවුවහොත් ,පිළිකාව වර්ධනය හෝ ව්‍යාප්තිය සිදු නොවේ.“කාසිනෝමා ඉන් සිටු” හි ඇති සෛල එකක් හෝ කිහිපයක්  කාලයත් සමග වෙනස් වීමකට  ලක් වනබවට පරිකල්පනයක් පවතී. (සමහර ජාන වෙනස් වීම මගින්)

එවිට මෙමගින් එම සෛලවලට අළුත් රුධිර වාහිනී සෑදීම සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය ස්‍රාවය කළ හැකිවේ. එවිට පිළිකාව ඉහත සඳහන් කළ ආකාරයට වර්ධනයවීම් සහ පැතිරයාම සිදුවේ.“කාසිනෝමා ඉන් සිටු” අවස්ථාවේ අන්තර්ගතවන්නේ ඉතා ස්වල්ප සෛල ප්‍රමාණයක් වන බැවින්, එය ස්කෑන් මගින් හෝ එක්ස් කිරණ මගින් අනාවරණය කළනොහැකි ලෙස ඉතා කුඩා වේ.

කෙසේ නමුත් සමහර පරීක්ෂණ මගින්  “කාසිනෝමා ඉන් සිටු”  හඳුනාගත හැකිය. උදාහරණ ලෙස ගැබ්ගෙල සෛල ගෙන, අන්වීක්ෂය මගින් බලා කරනු ලබන පරීක්ෂණය (pap smear) මගින් ගැබ්ගෙල පිළිකාවලට අදාළ       “කාසිනෝමා ඉන් සිටු”නම් අවස්ථාව හඳුනාගත හැකිය.

මෙම අවස්ථාවේදී විශේෂිත ප්‍රථිකාර මගින් මෙම සෛල විනාශකර පිළිකා ඇතිවීම වළක්වාගත හැකිය. සමහර අවස්ථාවල්දී ශරීරයේ පටක විශ්ලේෂණ  පරීක්ෂාව (Biopsy)මගින් අදාළ ශරීර කොටසින් ඉතා කුඩා කැබැල්ලක් ලබාගෙන  “කාසිනෝමා ඉන් සිටු” අවස්ථාව හඳුනාගත හැකිය. 
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips