
වසරකට පැරසිටමෝල් පෙති මිලියන 570ක් පමණ අවශ්‍ය වන බවත් මීට අමතරව බොහෝ පුද්ගලයන් පෞද්ගලික ආයතන මගින් ද විවිධ වර්ගයේ ඖෂධ මිලදී ගැනීමට පෙලැඹී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව දෛනිකව මෙරට පුද්ගලයන්ගෙන් 90%ට ආසන්න ප‍්‍රමාණයක් කුමක් හෝ ඖෂධයක් භාවිත කරන බව අනාවරණය වී තිබේ.
බොහෝ දෙනකු වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ භාවිතයට පෙලැඹී ඇති බැවින් විවිධ සංකූලතාවලට ගොදුරු වීමේ අවදානමක්ද පවතින බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කෙළේය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න