ජාතික ඩෙංගු මර්ධන ඒකකය


http://kidshealth.org/teen/infections/bacterial_viral/headers_85142/DengueFever.jpg
ජාතික ඩෙංගු මර්ධන ඒකකය

වර්ෂ 2005 දී හදුන්වා දෙන ලද ජාතික ඩෙංගු මර්ධන ක්‍රියාකාරී සැළැස්මේ අඩංගු එක් උපායමාර්ගයක් ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකය 2005 වර්ෂයේදී ස්ථාපිත කරන ලදී. ජාතික මට්ටමේදී ඩෙංගු වැළැක්වීමේ සහ මර්ධනය කිරීමේ කටයුතු නොයෙක් පාර්ශවයන් අතර සම්බන්ධීකරණය කිරීම ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වගකීම වේ.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය එහි ප්‍රධාන අරමුණ වන “ඩෙංගු රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක්” සාක්ෂාත් කර ගැනීම සදහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවාවන් හා එක්ව ඩෙංගු වැළැක්වීම සහ මර්ධනය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සහ ඩෙංගු රෝගය සදහා ඉක්මණින් ප්‍රතිකාර ලබා ගැනීමේ වැදගත්කම අවධාරණය කරයි.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රධාන ක්‍රියාකාරකම්

ජාතික ඩෙංගු මර්ධන ඒකකය වසංගත රෝග ඒකකය, ප්‍රාදේශීය වසංගත රෝග ඒකක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා එක්ව ඩෙංගු රෝගය පිළිබද දත්ත එක්රැස් කිරීම සහ විශ්ලේෂණය කරනු ලැබේ. ඊට අමතරව ඩෙංගු රෝගය වැළැක්වීම හා මර්ධනය සදහා තාක්ෂණික උපදෙස් ලැබේ. ප්‍රාදේශීය මැලේරියා සහ බරවා මර්ධන නිලධාරීන් කීට විද්‍යාඥයින් සහ එම කාර්ය මණ්ඩලද, මැලේරියා සහ බරවා රෝග මර්ධන කටයුතුවලට අමතරව ඩෙංගු මර්ධන කටයුතු සදහා දායක වේ.

ඒ අතර, ජාතික ඩෙංගු මර්ධන ඒකකය සහ වසංගත රෝග ඒකකය ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධානවල ආධාර අත්ව ඩෙංගු / ඩෙංගු රක්තපාත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා රෝහල් කාර්ය මණ්ඩලයට වැඩිදුර පුහුණුව සපයනු ලැබේ.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips