හදිසි අනතුරු, ප්‍රථමාධාර හා අනතුරු වැලකීම

http://us.cdn2.123rf.com/168nwm/harveysart/harveysart1106/harveysart110600032/9865280-a-cartoon-man-who-has-sustained-a-serious-injury.jpgවයස අවුරුදු 45ට අඩු අයගේ මරණ වලට බහුලම හේතුව වන්නේ හදිසි අනතුරුය. නිවසේ, පාසලේ, වැඩපළේ, කාර්‍යාලයේ, මහ මගදි හෝ වෙනත් ඔනෑම තැනකදී හදිසි අනතුරු සිදුවිය හැක.

අනතුරකදි තුවාලයක් සිදුවිමේන් පසු කළයුතු, නොකළයුතු දෑ පහත දැක්වෙයි. නමුත් අපේ මූලිකම පරමාර්ථය විය යුත්තේ අනතුර වලක්වා ගැනීමයි. හදිසි අනතුරු සිදු වන්නේ කලින් දැනුවත් විමකින් තොරව වුවද, ඒවායෙන් සිදුවන හානිය අවම කර ගැනීමේ ක්‍රියාමාර්ගයට 'ප්‍රවේශම' යයි කියනු ලැබේ. ඔබ කොතැනක, කුමක් කරමින් වුවද, ඔබට කෙතරම් ඉක්මන් වුවද සරල ප්‍රවේශම් විමේ ක්‍රියා අනුගමනය කිරීමෙන් 'අනවශ්‍ය විදවීම්' නැති සුවපත් ජිවිතයක් ගත කළ හැක.

අනතුරු වැලැක්වීම

මහ මග වන අනතුරු
    http://www.lancastergeneralhealth.org/LGH/ECommerceSite/media/LGH-Media-Library/LGH%20Images/About%20Lancaster%20General%20Health/CBU/November2010/Kid-in-Car-Seat-web.jpg
  • ආසන පටි පැළදීම, 'එයා බෑග්' සහිත වහානයක් වීම, හොද තිරිංග පද්ධතියක් තිබිම, මෝටර් සයිකල් වලදී හේල්මට් පැළදිම.
  • දරුවන් පිටු පස අසුනේ ගමන් කිරීම.
  • වේගය පැයට කි.මී. 45 ක වේගයෙන් පැදවීමේන් අනතුරුවලින් 10% ක් අඩු කර ගත හැක.
  • මත්පැන් පාවිච්චි නොකරන්න.
  • ජංගම දුරකථන වල 'හෑන්ඩ් ෆ්‍රී' උපාංග පාවිච්චි කරන්න.
  • නිතරම මාර්ග නීති පිළිපදින්න.
නිවසේදී වන අනතුරු
   
ගිනි හා විදුලි ආරක්ෂණය නිරතුරුවම පිළිපදින්න.
    http://www.ccautosoft.com/wp-content/uploads/Overloaded_electrical_power_socket.jpg
  • විදුලි පද්ධතිවලට දැරිය නොහැකි ධාරිතාවක් පාවිච්චි කරන්න. ('මල්ටි ප්ලග්' පාවිච්චිය කල්පනා වෙන් කළ යුතුය.)
  • නිවසේ විදුලි වයර් නිසි ප්‍රමිතියට හා නිරතුරු පරික්ෂාවට ලක් කරන්න.
  • මිළට ගන්නා විදුලි උපකරණ ආරක්ෂිත හා නියම ප්‍රමිතියේ ඒවා විය යුතුය. 
බෙහෙත් හා රසායන ද්‍රව්‍ය
  • ලේබලයක් අලවා, අගුලු දැමු සේප්පුවක ළමයින්ට ලබා ගත නොහැකි ලෙස තැබිය යුතුය.
වෙනත්

  • පියගැට පෙලවල 'අත්වැලක්' තිබිය යුතුය.
  • යමක් උඩට නැගීමට පෙර එය ශක්තිමත් හා ස්ථායී දැයි බලන්න.
  • පොකුණු, ළිදවල් ආරක්ෂිත දැලකින් වසන්න.
  • ජීව ආයුධ පාවිචියේදි නියමිත ආරක්ෂිත උපාංග - ඇස්, අත් ආවරණ, සපත්තු පැළදිය යුතුය.
  • නිවස තුල ආලෝකය නිරතුරුවම පැවැතිමට වග බලාගන්න
දියේ ගිලීම්
    http://usarmy.vo.llnwd.net/e2/c/images/2011/06/15/200848/size0.jpg
  • හරි හැටි පිහිනිම ඉගෙන ගන්න. එය ඔබේ ජීවිතය පමණක් නොව අන් අයගෙත් දිවි බේරීමටත් උපකාරී වේ.
  • නොගැඹුරු දියට නොපනින්න.
  • දිය ක්‍රීඩාවලදී ජීවිත ආරක්ෂක කබා, උපාංග භාවිතා කරන්න.
  • පිහිනීමට පෙර මත් පැන් නොබොන්න.  
ක්‍රීඩා ආශ්‍රීත අනතුරු
නිරතුරූවම එම ක්‍රීඩාවලට අද්‍රාල අරක්ෂක උපාංග පළදින්න. පුහුණු වීම්වලදී එය වැදගත්ය. උද්‍ර:- හෙල්මට් එකක් ක්‍රිකට්, බයිසිකල් පැදිම වැනි ක්‍රීඩාවන්හි දී පළදින්න. තරගයේ නිති රීති බොහෝවිට ආරක්ෂාවට වැදගත්ය.

   
වැඩ බිමේ අනතුරු

http://www.charmandhammer.com/Merchant2/graphics/00000001/womensfallprotectionkitE570Miller.jpgආරක්ෂිත උපාංග පළදින්න. අනතුරු සහිත ක්‍රීයාවලි පිලිබද හොදින් දැනුවත් වෙන්න. හැම වැඩ බිමකටම වැඩකටයුතු ආරක්ෂාව පිළිබද කටයුතු කරන නිලධාරිවරයෙකු හිටිය යුතුය.
ජංගම දුරකථන වල 'හෑන්ඩ් ෆ්‍රී' උපාංග පාවිච්චි කරන්න.


අනතුරු වලදී හා තුවාල පිළිබද කටයුතු කිරිමේදී,

  • හැකිතාක් නිරවුල් මනසකින් එම කටයුත්ත අරඹන්න.
  • එතැනට යන විටම අවට තත්වය හා තුවාල වල තත්වය තක්සේරු කරගන්න.
  • ඔබේ ආරක්ෂාව පිළිබදව තහවුරු කරගන්න. නොවේ නම් ඔබට අන් අයට පිහිට විය නොහැක.
  • තුවාල කරුවන්ගෙන් මුලින්ම ජීවිත අවදානමක සිටින අය ගැන අවධානය යොමු කරන්න.
  • කිහිප දෙනෙකු තුවාල ලබා සිටින විට අපේ ප්‍රථමාධාර ලාබා ජීවිතය බේරා දිය හැකි අයට මුලින් ප්‍රතිකාර කරන්න.
  • Shock තත්ත්වයට රෝගීන් පත්වන්නේ දැයි පරික්ෂාකාරී වන්න.
  • සිහිනැති කිරීම් අදී රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වන අය සිටීනම් ඔවුන්ට ආහාර, දියර ලබා නොදෙන්න.
  • යම් කුකුසක් ඇතිනම් වෛද්‍ය ආධාර දීම සදහා සුදුසුකම් ලත් අයෙකුගේ උපදෙස් ලබා ගන්න.
  • එළියට නොපෙනුනද, අනතුරකට පත් රෝගියෙකුගේ බෙල්ලේ හා කොදු ඇට පෙලෙහි බිදීම් තිබිය හැක. එයින් අංශභාග තත්ත්වයක් ඇතිවිය හැක. එම නිසා එවැනි රෝගියෙකු ඉතා පරිස්සමින් හැරවිය යුතුය.
  • බෙල්ලට තද කොළරයක් හා කොන්දට තද ලෑල්ලක් වැනි උපකරණයක් මගින් ස්ථායී කළ යුතුය. රෝගියාගේ කළවේ අශ්ථිය (femur) උකුල් ඇට (pelvis bones)වැනි අස්ථී බිදී ඇතැයි සැක කරන්නේ නම් හැකි ඉක්මනින් රෝහල් ගත කරන්න. මත් නිසාද යත් එළීයට නොපෙනුනද ඉතා විශාල අභ්‍යන්තර ලේ ගැලීම් නිසා ලේ මදි කමින් රෝගියා මියයා හැකි හෙයින්.

හිසේ තුවාල
ආකාර දෙකකි
  1. බාහිර තුවාල (හමේ)
  2. අභ්‍යන්තර තුවාල - හිස් කබලේ හිස් කබල තුල ලේ නහර වල හෝ මොළයේ සුදුවන ලේ ගැලීම්/ තුවාල.
බාහිර (හිස් කබල මතුපිට)

හිස් කබල මතු පිට ඉතා සියුම් ලේ නාලිකා විශාල සංඛ්‍යාවක් පිහිටා ඇත. එහෙයින් සුළු තුවාලයකදී වුවද අධික ලේ ගැලිමක් බලා පොරොත්තු වේ.

හිස අභ්‍යන්තරයේ තුවාල

හිස අභ්‍යන්තරයේ තුවාල සිදුවු විට පෙන්නුම් කරන රෝග ලක්ෂණ තුවාලය අනුව වේනස් වේ. එනම් කිසිදු රෝග ලක්ෂණයක් අමාරුවක් නැති කමේ සිට "කෝමා" (සිහිය නැති විම) දක්වාය. තුවලය සිදුවු වහාම රෝග ලක්ෂණ පෙන්නවීමටද සිදු නොවිමට ඉඩ ඇත. මූලික ලක්ෂණයක් ලෙස මානසික ස්වභාවයේ වෙනසක් දැකිය හැක. සුළු අභ්‍යන්තරික තුවාල වලදී ක්ෂණික සිහි මූර්ජාවක් සිදු විය හැකිය. පසුව හිස් කැක්කුම හා වමනය දැකිය හැක. ඒ හැර දිර්ඝ කාලීනව පෙන්නුම් කරන නොරිස්සුම් ගතිය, කල්පනා ශක්තිය අඩු වීම. හුස්ම ගැනීමේ රටාව වෙනස් වීම. ඇස් පෙනිමේ වෙනස් වීම්, වලිප්පුව, වමනය.

රෝග ලක්ෂණ වලට හේතු
  1. හිස් කබල පිපිරීම.
  2. හිස් කබල ඇතුලට ලේ ගැලීම්.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය වන්නේ කොයි වෙලාවටද?

  1. හිසේ කැක්කුම.
  2. උඩකින් වැටීම නිසා වන තුවාල.
  3. සිහි නැතිවිට, වමනය, කැරකිල්ල, නිදිබර ස්වභාවය.
  4. වැටීමකට පසු නිදා ගත් විට අවදි කළ නොහැකිනම්.
හිසට වන අනතුරු වැලැක්වීම.

  1. ආරක්ෂක හිස් ආවරණ පැළදිම - බයිසිකල් පැදීම, ක්‍රීකට් තරග වලදී 85% කින් පමණ අනතුරු මෙමගින් අඩු කරයි.
  2. දරුවන් වාහන පටි පැළදිම, ළදරුවන් විශේෂිත පැසි වල දමා ගෙන වාහනයේ ගෙනයාම.
  3. වැඩබිමේ සුරක්ෂිතතාවය පිළිබඳ උපදෙස් නිවැරදිව පිළි පැදිම.
සුළු හිසේ තුවාලවලට ගෙදරදී ප්‍රතිකාර කිරීම.

  1. හිස මතුපිට වන තැලිම්, කැපුම් වලදී අයිස් තබා තද කරීම.
  2. අයිස් කෙළින්ම හිසට නොතැබිය යුතු අතර රෙදි කෑබැල්ලකින් අයිස් කුට්ටි ඔතා එසේ පාවිච්චි කළ යුතුය.
  3. හිසේ තුවාල ලැබු පුද්ගලයා නිවසේ පැය 24 ක් පුරා තනිවම නොතැබිය යුතුය. එම කාලය තුල ඔහුව රිය පැද වීම හෝ යන්ත්‍ර සුත්‍ර ක්‍රියා කරවිමට ඉඩ නොතබන්න.
බෙල්ලේ හා පිට කොන්දේ අනතුරු

http://georgiaparamedic.net/wp-content/uploads/2010/01/cervical-collar.jpghttp://dps.sd.gov/enforcement/highway_patrol/images/Week5Picture172.JPGබෙල්ලේ හා කොන්දේ අනතුරු නිසා සුසුම්නාවට හානි වීමේන් ජිවිතය පුරාම බලපාන අංශභාග වැනි තත්වයන් ඇතිවිය හැකිය. එමනිසා හදිසි අනතුරකට මුහුණ දුන් අයෙකුගේ බෙල්ල හා කොන්ද ප්‍රදේශය 'කොළරයක්' හා තද ලෑල්ලක් වැනි දේ පාවිච්චි කොට එහා මෙහා වීම් වලකන්න. හරියටම සිදුවී ඇති අනතුර පිළිබද තක්සේරුවක් ලැබේන තෙක්ම ප්‍රවේශම් විම වැදගත්ය. බෙල්ලේ හෝ කොන්දේ ස්නායු වලට බලපෑමක් නැතිව වුවද, කොන්දේ ස්ථායී පිහිටීමට අදාල මාංශ පේශී, ලිගමන්ට් යනාදියේ ඇදිම්, තැලීම් නිසා තද වේදනාවක් දැකිය හැකිය.

බෙල්ලේ හා කොන්දේ අනතුරු වල රෝග ලක්ෂණ

මෙසේ අනතුරකට ලක්වුවකුගේ එක් ප්‍රදේශයකට සීමාවූ වේදනා, තද ගතිය ආදි ලක්ෂණ කොදු ඇට පෙළ දෙපස මස්පිඬු වල සංකෝචනය නිසා සිදුවේ.

හිරි වැටිම් හෝ අප්‍රාණික වීම් (අංශභාගය) යන ලක්ෂණ පෙන්නුම් කරන්නේ වඩාත් භයංකාර අනතුරක් කොදු ඇට පෙළට සිදුව ඇති බවයි.

බෙල්ල පසාරුව යන උලක් වැනි වස්තුවක් කිසිවිටෙක රෝහල් ගත කිරීමට පෙර නොගලවන්න.

බෙල්ලේ උළුක්කු

  1. මස් පිඬු වලට හානි විමේන් ඇතිවිය හැකිය. සමාන්‍යයෙන් ඇතිවන්නේ බර වස්තුවක් එසවිමට නැවී තැත් කිරිමේදී ය -ලක්ෂණ> බෙල්ල හැරවිමට නොහැකිවීම.
  2. ලිගමන් නම් අස්ථියක් තවත් අස්ථියකට සම්බන්ධ කරන පටි වැනි කොටසට හානි විමෙන්ද මෙසේ වෙයි. - ලක්ෂණ> ඉදිමීම හා බෙල්ල හැරවීමට නොහැකි වීම.
  • දරුණු බෙල්ලේ අනතුරක් නම් 'කොළරයක්' භාවිතා කොට බෙල්ලේ එහා මෙහා වීම් නවත්වන්න.
  • සරල උළුක්කු වලට අයිස් තබන්න. පසුව වෛද්‍යවරයෙකුට පෙන්වන්න.
ස්නායු වලට බලපාන බෙල්ලේ අනතුරු

මේ නිසා දිගු කාලීන සංකුලතා, අංශභාග හා මරණය පවා සිදුවිය හැකිය.

කසයක් ආකාරයේ (whip lash) අනතුරු

මුලින්ම ඔලුව පිටුපසට තදින් නැමී, ර්‍ර්ළගට එකවර ඉදිරියට නැමීම නිසා සිදුවේ. මුලිකවම රිය පැදවීම ක්‍රීඩා නිසා වන අනතුරු වලට හේතුය. අස්ථි වල Discs හෝ අස්ථි අතර සංධි වලට හානි විය හැක. එම නිසා සුසුම්නාවෙන් හටගන්න ස්නායු වලට අනතුරු විය හැකිය. එලෙස වුවත් රෝග ලක්ෂණ හැටියට වේදනාව, හිරි වැටීම, අත දිගට යෑම, අතේ තද ගතිය විය හැක.

ප්‍රථමාධාර

බෙල්ල නොහෙල්ලන සේ කොළරයක් දැමීම.

බෙල්ලේ අනතුරු වලක්වා ගැනීම.

  1. හෙල්මටයක් පාවිච්චි කිරිම.
  2. වැටිම් වලින් වලකින්න.
  3. රියේ හෙඩ් රෙස්ට් හා සීට් බෙල්ට් පාවිච්චි කරන්න.
  4. ඔස්ටියොපොරෝසිස් තත්වයන් මග හරවා අස්ථි වල තද ප්‍රමාණය (bone density) වැඩි කර ගන්න.
  5. විටමින් D, කැල්සියම් බහුල ආහාර ගන්න.
  6. බෙල්ලේ මාංශ පේශි ශක්තිමත් කරගන්න ව්‍යායාම් කරන්න.
  7. හෙමින් රිය පදවන්න (ප්‍රශස්ථ වේගය - 40 – 45 Km / hr)
  8. නොගැඹුරු දියට හිස ඉදිරියට තබාගෙන නොපනින්න.
  9. ඔලුවෙන් පහර දීම හෝ පහර වැලැක්විම නොකරන්න.
  10. ප්‍රචණ්ඩත්වයට නොපෙළබෙන්න.
අත්පා වලට වන අනතුරු

මෙහිදී - ඇට වලට, හන්දි, මස් පිඬු, ලිගමන්ට් ඇට එකිනෙක හා සම්බන්ධ වන 'ලණු' වැනි ව්‍යුහ, ප්‍රධාන රුධිර නාල, ස්නායු යන දේ වලට හානි පැමිණිය හැක. දරුණු අත්පා අනතුරු වලදී රුධිර ගලනයෙන් මරණය පවා සිදුවිය හැකිය.

බහුලව වන අත්පා අනතුරු

  1. ඇටයක් තවත් ඇටයක සම්බන්ධ කරන - ලිගමන්ට් (හන්දියක් ස්ථායී කරන්නේද මේවයිනි.) අනතුරු (උළුක්කූ)
  2. ටෙන්ඩන් නම් වන මාංශපේශීන් අස්ථි වලට සවි කරණ ලණු වැනි ව්‍යුහ වලට වන අනතුරු.
  3. මස් පිඬු ඇදීම්. (උළුක්කු)
  4. අස්ථි බිඳීම්.
  5. හන්දියක සංඝටක වු අස්ථීන් ඇදීම හෝ තල්ලු විම.
  6. සීරීම්, කැසීම්, තැලීම්, පිළිස්සීම්.
තැලීම්

වැටිම්, පහර වැදීම්, මිරිකීම්, නිසා මස් පිඬු තුලට ලේ ගැලීම.

ලක්ෂණ

වේදනාව, ඉදිවුම, මිරිකීම්, ලේ පැහැතිව සමේ වන පාට වෙනස්කම් ඇල්ලුව විට වේදනාව.

ප්‍රහිකාර - R I C E

  1. R – Rest - විවේකය.
  2. I – Ice - අයිස් තැලුම මත තැබීම.
  3. C – Compression - තුවාල වූ ප්‍රදේශය බැඳීම.
  4. E – Elevation of that part - එම කොටස ඉහළට ඔසවා තැබීම
උළුක්කු

අවශ්‍ය ප්‍රමාණයට වඩා මස්පිඬු හෝ වෙන්ඩන් ඇදීම හේතුවයි.

ලක්ෂණ

  1. වේදනාව.
  2. එයට සම්බන්ධ මාංශ පේෂි වල ශක්තිය (muscle power) අඩුවීම.
  3. මාංශ පේෂිය ඇල්ලු විට වේදනාව.
ප්‍රථමාධාර

  • අයිස් තැබීම.
  • නැවත නැවතත් එම අනතුරට බඳුන් වූ කොටස පාවිච්චි නොකිරීම.
  • අනතුරු වූ කොටස බැඳ තැබීම.
  • හෙමින් සිදු කරන ව්‍යායාම.
  • ඇතිල්ලීම හා 'මසාජ්' කිරීම නොකළ යුතුය.
සන්ධි වල ඇති අස්ථින් එහාමෙහා වීම (Dislocation)

ඉතා තදින් ඇදිමක් නිසා අස්ථි බැදී ඇති ලිගමන්ට් නියමිත පරිදි නොබැදි අස්ථි සන්ධියෙන් එළියට ඒම.

රෝග ලක්ෂණ

  • වේදනාව
  • සන්ධි නියමිත ලෙස ක්‍රියා නොකිරීම.
  • රූපාලංකාරය විකෘති වීම.
  • සන්ධි ඇල්ලු විට වේදනාව.
  • ඉදිමිම හා සන්ධිය මත සමේ වර්ණය වෙනස් වීම.
ප්‍රථමාධාර

යම් සැකයක් වේනම් අස්ථි බිඳීමක් ලෙස සලකන්න.
  •     අස්ථි සන්ධියෙන් එළියට පැන තිබෙන්නේ නම් නැවත සකසන්න එපා..   
  • අත හෝ කකුල නම්,නාඩි වැටෙන්නේ දැයි බලන්න. නොවැටෙ නම් සෙමින් එහා මෙහා කිරිම මඟින් නාඩි වැටීමට සලස්වන්න.  
  • පහසු ආකාරයට සන්ධිය විවේක ගන්වන්න..    
  • අයිස් තබන්න.   
  • මෘදු ස්පොන්ජ් හා වෙලුම් පටි භාවිතා කර ඒ සන්ධිය උසුලා ගැනිමට ආධාරකයක් තනාගන්න.
උරහිස් සන්ධිය පැනීමකදි, උරහිසට හා අතට අවම වේදනාවන් ගෙන දෙන අන්දමට අත වේලුම් පටිවලින් බෙල්ලට එල්ලීමත්, උරහිසට අයිස් ටැබිමත් කරන්න.

අත හා අත්ලේ අනතුරු ලක්ෂණ

  • වැලමිටේ හෝ මැණික් කටුවේ උළුක්කු ලිගමන්ට් ඇදිමෙන් සිදුවිය හැකිය.

  • ඉතා තද වේදනාව, කැඩුණ අස්ථි කෙළවරවල් දැන ගත හැකි වීම. අත පාවිච්චි කිරීමට නොහැකි වීම ආදි ලක්ෂණ ඇට පිපිරීමක ලකුණුයි.

අතේ සිදුවන අනතුරු වලට ප්‍රතිකාර

  • කලින් සදහන් කල Rice ආකාරයට ප්‍රථමාධාර දෙන්න.

  • ව්‍යායාම නවතා අතට විවේකය දෙන්න.

අතේ හා අත්ලේ අනතුරු වැලැක්වීම.

නිතර උළුක්කු සිදුවන්නේ නම්, ඇඟිලි හා සන්ධි ආධාරක braces පාවිච්චි කළ හැක.

ඇඟිලි වලට සිදුවන අනතුරු

සිරුරේ අනිත් කොටස් වලට වඩා ඇඟිලි වලට ලේ සැපයුම හා ස්නායු සැපයුම වෙනස්ය. ඒ හැර ඇඟිලි වල ක්‍රියාකාරිත්වය මනුෂයනට ඉතා වැදගත්ය.

එම නිසා, ඇඟිලි වල අනතුරුවලට ඉක්මණින් හා නිවැරදිව ප්‍රතිකාර පටන්ගත යුතුය.

අතේ හා පාදයේ ඇඟිලි වල තුවල

  1. කැපුම්.
  2. තැලීම් - රුධිර සැපයුම හරි ආකාරව සිදුවේ දැයි පරික්ෂා කරන්න.
  3. නියපොතු වලට වන තුවාල - බෝහෝ විට කැපුණු තුවාල නිසා මැහුම් අවශ්‍ය විය හැක.
  4. නියපොතු යටින් රුධිර කැටි පිහිටිම. සාමාන්‍යයෙන් තැලුම් නිසා විය හැක.
  5. අස්ථි බිදිම.
ප්‍රථමාධාර

  • අයිස්, ඇඟිල්ල ඔසවා තැබීම හා ලේ ගැලිම නවතින් ලෙස තුවාලය තදකරගෙන සිටීම.
  • කැපුම් නිසා ලිගමන්ට්, ටෙන්ඩන් වැනි ඇඟිලි ක්‍රියාකාරිත්වය අත්‍යාවශ්‍ය කොටස් කැඩීයා හැක. එනිසා වෛද්‍යවරයෙකුට ඇඟිලි තුවාල පෙන්වන්න.
  • පිට ගැස්මට ද එන්නත් අවශ්‍ය විය හැක.
නිවසේදී,

01.   තැලීම් / ඉදිමීම්
  • විනාඩි 20 ක් පමණ ශීතල වතුරේ ඔබා තබන්න.
02.   මතුපිට කැපුම්
  • තුවාලය තද කරගෙන, ඇඟිල්ල ඔසවාගෙන විනාඩි 10 ක් සිටින්න.
03.   දැඩි පෘෂ්ටයන්ට තදවී වන තුවාල ( crush fingertip)
  • අයිස් වතුරේ ඔබා විනාඩි 10 ක් තබන්න.
  • වේදනාව වැඩි නම් ඊලග ඇඟිල්ල තබා වෙලන්න.
වෛද්‍යවරයෙකු හමුවිය යුතු අවස්ථා

  • තුවාලය දරුණු යයි හැගේ නම්.
  • විනාඩි 10 කටත් වඩා ලේ ගැලිම සිදුවේ නම්.
  • බිදුණු අස්ථියක් හෝ සන්ධියක් පැනීම.
  • සම විශාල වශයෙන් දෙපැත්තට වී මැහුම් අවශ්‍යව තිබේ නම්.
  • ලොකු ඉදිමුමක් තිබිම.
වළලුකර උළුක්කුව

ඉතා සුලභ අනතුරකි. ක්‍රීඩා, ව්‍යායාම් මේන්ම ඇවිදිමේදී සිදුවේ.

වළලුකර සන්ධියේ ලිගමන්ට් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඇදී මෙසේ සිදුවේ. දරුණු උළුක්කුවකදි ලිගමන්ට් අර්ධ ලෙස හෝ සම්පූර්ණයෙන් ඉරීයා හැක.

ටෙන්ඩන් (මස් පිඬු අස්ථි වලට සවි කරන කොටස) ඇදීමෙන්ද උළුක්කු සිදුවිය හැක.

ලක්ෂණ
  1. ඉදිමීම.
  2. වේදනාව.
  3. රතු වීම හා රත් වීම.
වේදනාව හා ඉදිමීම අඩු කිරිම අරමුණයි.

  • අයිස් තැබීම - වේදනාව, ඉදිමුම අඩු කරයි. ඉක්මනින්ම තැබිමෙන් රෝග ලක්ෂණ අඩු කර ගත හැක.
  • අනතුරට භාජනය වූ කොටස විවේක ගැන්වීම.
  • Compression (වෙලුම් පටි) අනවශ්‍ය තරම් තදට නොදැමිය යුතුය.
  • එම කොටස උස්කර තැබීම. (Elevation)
වෛද්‍ය උපදෙස් ගැනීම.
  • සමාන්‍ය උළුක්කුවකදී අවශ්‍ය නොවේ.
  • අස්ථියක් බිඳීම තත්ත්වය බැරැරුම් කරන නිසා වෛද්‍ය උපදෙස් අවශ්‍යය.
  • ඉතා තද කැක්කුමකදි
  • ඇවිදීමට නොහැකි නම්
  • උළුක්කුව ඇති තැනින් පහල සමේ සංවේදන නැති වීම.

අයිස් ප්‍රතිකාර

උළුක්කු, තැලීම් ආදී අනතුරු වලදී මාංශ පේෂි තුලට සුළු ලෙස ලේ ගැලීමක් සිදුවේ. එහෙයින් වේදනාව, ඉදිමීම හා සුවවීමක්ද සිදුවේ.

අයිස් තැබිමෙන් එවෙලේ සිටම ක්‍රියාත්මක ප්‍රතිකාරයක් මෙන්ම පසුකාලීව උළුක්කු වූ ස්ථානය පුනරුත්ථාපනයටද අයිස් තැබිම වැදගත් වේ.

ක්ෂණික ප්‍රතිකාරයකදී අරමුණ වන්නේ අනතුරකදී සිරුරේ සිදුවන ප්‍රතික්‍රියාව අවම කිරීමයි.
  • මස් පිඬු තුලට ලේ ගැලීම අඩු කරයි.
  • එම නිසාම ඉදිමුමද අඩු කරයි.
  • මස් පිඬු සංකෝච්නය හා ඉන් ඇතිවන වේදනාව අවම කරයි.
රුධිර නාල සංකෝච්නය නිසා මස් පිඬු තුලට එකතු වන ස්‍රාවයන් අඩු කරයි.

කෙලින්ම අයිස් සම මතුපිට නොතැබිය යුතුය. තුවායක් හෝ රෙදි කෑල්ලකින් අයිස් එතිය යුතුය.

උළුක්කු හෝ තැලීම් සිදු වු ස්ථානයේ කුමන හෝ තෙල් වර්ගයක් ආලේප කර, එයට උඩින් රෙද්දක එතූ අයිස් තැබිම යෝග්‍යය. එක දිගට විනාඩි 20 කට වඩා අයිස් නොතැබිය යුතුය. විනාඩි 5 කට පමණ පසු නැවත අයිස් තැබිය හැක.

අනතුර සිදුවී විනාඩි 5-10 ඇතුලත අයිස් තැබිම පටන්ගත යුතු අතර, පැය 2-3 අතර කාලයක් (විටින් විට) තැබීමෙන් අවශ්‍ය ප්‍රතිඵල ලබා ගත හැක.

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips