කවුරුන් විසින් හෝ උසාවි නියෝගයක්
ලබාගෙන මුන්නෙශ්වරමේ බිලි පූජාව නැවැත්වූ පසු සරම කරට ගෙන එම ස්ථානයට ගොස්
මහා ලොකු සද්දයක් දැමූ මැරවින් සිල්වා උතුමාණෝ ,එම ක්‍රියාවට පෙරමුණේ රාල ,
දිවයින කතෘ ඇතුලු වර්ගවාදින්ගෙන් ලැබුනු හුරේ පාර නිසා හොඳටම චූන් වී
දැන් තවත් නාඩගමකට අර අඳිමින් සිටී.
ඒ අනුව ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ
මස් කඩවල ගව මස් විකිණීම ලබන සතියේ සිට තහනම් කර තිබේ. කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකරන ගවයා මෙරටට සම්පතක් බවත්, එවැනි සතෙකු මරා
මස් කෑම ම හා පාප කර්මයක් බවත් , ගම්පහ දිස්ත්‍රික්කයෙන් රටටම ආදර්ශයක් ගෙන
දීම සඳහා තමා මේ තහනම පැනවූ බවත් ඔහු කියා තිබේ.
ශ්‍රි ලංකාව බහු ජාතික බහුආගමික රටකි. එහි නොයෙක් ජාතින් වෙසෙති . ඔවුන්ගේ සිරිත් විරිත්, ගති පැවතුම්,
ආගමික මතාන්තර එකිනෙකට වෙනස්ය.
එසේ වෙසෙන විවිධ ජාතින්ගේ විවිධ ආහාර පුරුදු ගැන තඹ දොයිතුවකට නොතකමින් මේ මැටි මෝල් තීන්දුව ගෙන ඇත්තේ සහෝදර ප්‍රේමය උත්සන්න වීම නිසාදෝයි ජනතාව සැක කරති.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment