නළ දරු උපත ගැන සටහනක්



පළමුවන නළ දරු උපත සිදු වුයේ 1978 දිය.

තාක්ෂණික ක්‍රම 
1. ඡන්මාණු පැලෝපිය නාල වල තැමිපත් කිරිම ( GIFT)
• මෙය හේතුව පැහැදිලි කළ නොහැකි මද සරු බවින් යුත් කාන්තාවන්ට 1984 සිට භාවිත කරන ලදි.
• මෙය ඉතා අඩු වශයෙන් භාවිත කරනු ලැබුවත් ඇතැමි ආගමික හා ඡාතික හේතුන් මත මෙම ක්‍රමය වඩාත් පිළිගත හැක්කක් වි ඇත.
• මෙම ක්‍රියාවලියේදි කාන්තාවගේ ඩිමිබකෝෂ අධිඋත්තේඡනය කර පරිනත ඩිමිබ යෝනි  මාර්ගය හරහා අල්ට්‍රා සවුන්ඩි තාක්ෂණය අධාර කරගෙන එකතු කර ගනු ලැබෙි.
• ඉන් පසු එසේ එකතු කරගත් ඩිමිබ 03 ක් 04 ක් ලැපරස්කොපි භාවිතයෙන් පැලෝපිය නාල වලට ශුක්‍රානු සමග එක් කරනු ලැබෙි.

2.  යුක්තාණුව පැලෝපිය නාල වල තැමිපත් කිරිම (ZIFT)

• ඩිමිබ පෙර මෙන්ම එකතු කර ගනු ලබන අතර විද්‍යාගාරය තුළදි ඒවා ශුක්‍රාණූ මගින් සංසේචනය විමට ඉඩ හරි.
• සෛල 02 ක් ලෙස පවතින අවස්ථාව ( එනම් දින 01 කට පසු ) යුක්තාණු 3-4 ක් පමණ ලැපරස්කොපි භාවිතයෙන් පැලෝපිය නාල වල තැමිපත් කිරිම සිදු කරනු ලැබෙි.

3. කළලය පැලෝපිය නාල වල තැමිපත් කිරිම (TET)

කළලය සෛල 02 කට වඩා වැඩිමට සලස්වා එය පැලෝපිය නාල වල තැමිපත් කිරිම මෙහිදි සිදු කරනු  ලැ‍බේ.
• ( GIFT)  සහ (ZIFT)  යන ක්‍රම වල ඇති වාසිය වනනේ කළලය එය වැඩෙන සාමාන්‍ය පරිසරයට ඉක්මනින් ඇතු ලු කිරිමත් සමග ගර්භනි විමෙි සාර්ථකත්වය ඉහල යාමයි.
• එනමුත් නුතන  පෝෂණ මාධ්‍ය  හේතුවෙන් නළ දරු උපත් IVF  ද පෙර තරම් සාර්ථකත්වයක් ලබා දේ. ඊට අමතරව ලැපරස්කොපි භාවිත කිරිමට අවශ්‍ය නොවිම යන වාසියද මෙයින් ලැ‍බේ  ‍‍. 

වෛද්‍ය විද්‍යාවට අනුව නළ දරු උපතක් සිදු කිරි‍‍මදි සිදුවන ක්‍රියා

1. ඩිමිබකෝෂ අධිඋත්තේඡනය කිරිම
2. යෝනි මාර්ගික අල්ට්‍රා සවුන්ඩ් අධාර කරගෙන ඩිමිබ ලබා ගැනිම
3. එම ඩිමිබ හා ශුක්‍රානු කෘතිම පෝෂණ මාධ්‍යයක වැඩිමට සැලැස්විම
4. ඉන් පසු දින 02-05 කට පසු කළලය ගර්භාෂය තුළ තැම්පත් කිරිම

ඩිමිබ එකතු කිරිම එචි. සි. ඡි. නමි  හෝමෝනයෙන් ඒකක 10000 ක් එන්නත් කර පැය 36 කට පසු සිදු කරනු ලැ‍බේ. මේ සදහා ක්‍රම 03 ක් යොදාගත හැක.  

1.  ලැපරස්කොපි ක්‍රමය
2.  උදර කුහරය හරහා
3.  යෝනි මාර්ගය හරහා

• ලැපරස්කොපි ක්‍රමය 1980 දි පමණ සුලභව භාවිත කරනු ලැබිණි. මෙහි වු අහිතකර ප්‍රතිඵල වූයේ ආසාදනය විම හා ශ්‍රෝණි කුහරයේ අන්තර්ගත අවයව වලට තුවාල සිදු විම යනාදියයි.

•  අල්ට්‍රා සවුන්ඩි තාක්ෂණය දියුණු විමත් සමග ලැපරස්කොපි භාවිතය අඩු විය. 1981 දි පමණ අල්ට්‍රා සවුන්ඩි ආධාර කර ඩිමිබ එකතු කිරිම පටන් ගැනිනි.

මුලදි එය උදර කුහරය හරහා කරනු ලැබු අතර කටුව සාමාන්‍යයයෙන් මුත්‍රාශය හරහා යාම සිදු වුණි. ශ්‍රෝණි කුහරයේ අවයව නිරීක්ෂණයට මුත්‍රාශය පිරි තිබිම අත්‍යාවශ්‍යය විය.නමුත් දැන් බහුලව භාවිත වනුයේ යෝනි  මාර්ගිකව ඇතුලු කරන අල්ට්‍රා සවුන්ඩි උපකරණය ආධාරයෙනි. මෙය ප්‍රථමවරට 1984 දි සිදු කරනු ලැබු අතර දැන් එය බහුලව භාවිත කරනු ලැබේ. ඊට හේතු වන්නේ,
   1.  ක්‍රියාවලිය පහසු විමත්
   2.  එමගින් සිදුවන අහිතකර ප්‍රතිඵල අවම විමත්ය.

නළ දරු උපත් භාවිතයේ රිති

    නළ දරු උපත් සිදු කිරිමේ දි බහු දරුවන් ඇති වීමේ හැකියාව වැඩිය. එමගින් දරුවාට හා මවට සංකූලතා ඇතිවන බැවින් එය අවම කිරිමට විවිධ රිතින් යොදා ගෙන ඇත. 

තැම්පත් කරන කළල සංඛ්‍යාව 1 - 2 කට වඩා වැඩි විමෙන් බහු දරු උපත් සිදු විමේ හැකියාව වැඩි වේ. එබැවින් තැම්පත් කරන කළල ගණන පහත කරුණු මත තිරණය වේ.

01   මවගේ වයස
02   කළල වල තත්වය
03   පෙර අසාර්ථක වු   වාර ගණන
04   අධි ශිතකර දිය විමට සැලැස් වු කළල භාවිතයේදි

එක් කළලයක් තැන්පත් කිරීම පහත අවස්ථාවලදී ආරක්ෂිත වේ.

මවගේ වයස අවු. 35 ට අඩු විම 
නළ දරු උපතක් සිදු කරන පළමු අවස්ථාව විම 
පැලෝපිය නාල වල පමණක් ප්‍රශ්න ඇති මවක් විම 
මව බහු දරුවන් ලැබිම පිළිබද අකමැත්තක් දැක්විම 
ඩිමිබ වෙනත් දායකයකුගෙන් ලබා ගෙන තිබිම.

 නළ දරු උපත් වල සාර්ථකත්වය මනින්නේ ගර්භනි වන අවස්ථා තැම්පත් කළ මුලු කළල ගණනින් බෙදිමෙනි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips