නීති විරෝධී ගබ්සාව වලකන පවුල් සැලසුම් ක්‍රම


නීති විරෝධී ගබ්සාවන් වැඩි ගණනක් සිදුකර ගන්නේ විවාහක කාන්තාවන්ය. ගැබ් ගැනීමක් සිදු වන්නේ කෙසේද? කවර කාලයක එක්වීමක් එයට බලපාවිද? එවැනි ගැබ් ගැනීම් වළක්වා ගන්නේ කෙසේද? කියා විවාහක ජෝඩු වැඩි ගණනකට අවබෝධයක් නැත.

දරුවකු බලාපොරොත්තු නො වන අවස්ථාවකදී ගත යුතු පවුල් සැලසුම් ක්‍රම රාශියක් අද ඇත. පවුල් සංවිධාන ක්‍රමයක් භාවිත කළත්, නිවැරැදි උපදෙස් පිළිපදිමින් ඒ ක්‍රමය භාවිත නො කිරීම තවත් වරදකි. සමහරු භාවිත කරන්නේ තමන්ට ගැළපෙන ක්‍රම නො වෙයි.

දරුවා බිහි කිරීමට තීරණය කිරීම මෙහිදී යුවළකට ගතහැකි හොඳම තීරණයයි. එහෙත් වැඩි දෙනෙක් නීති විරෝධී ගබ්සාවන් කිරීමට පෙළඹෙති. මෙවැනි දරුවකු ඉපදුණත්, ඒ දරුවාට අනෙක් දරුවන්ට තරම් ආදරයක් මාපියන්ගෙන් නො ලැබෙන්නටත් ඉඩ ඇත.

සූදානමක් නොමැති ගැබ් ගැනීම මවගේ කායික, මානසික සෞඛ්‍යයට ඇති කරන්නේ යහපත් බලපෑමක් නො වෙයි. පියාගේ යහපත් මානසිකත්වයට වුණත් ඉන් වන්නේ අවැඩක්මයි.

පවුලක් නිවැරැදි ලෙස සැලසුම්කර ගැනීමේ ප්‍රතිලාභ 

  • අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීම් වළක්වා ගැනීමට හැකි වීම.
  • දරුවන් අතර පරතරයක් තබා ගත හැකිවීම. මෙයින් මවගේත්, දරුවාගේත් සෞඛ්‍යයට සැලසෙන්නේ විශාල වාසියකි. දරුවාගේත්, මවගේත් පෝෂණය, සෞඛ්‍ය ඉහළ නැංවෙයි.
  • අඩු වයසින් ගැබ් ගැනීමත්, වැඩි වයසින් ගැබ් ගැනීමත් වළක්වාගත හැකියි. එයත් මව, දරුවා යන දෙදෙනාටම ලැබෙන විශාල සෞඛ්‍යමය වාසියකි.
  • ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා සෑදීම අවම කරගත හැකි වීම.
  • අලුත උපන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ සංඛ්‍යාව අවම කරගත හැකි වීම.


අවශ්‍යතාව මත ගැළපෙන පවුල් සැලසුම් ක්‍රම


  • පළමු දරු උපත ප්‍රමාද කිරීම සඳහා වඩාත් සුදුසු ගිලින පෙති හෝ කොන්ඩම්ය.
  • දරුවන් අතර පරතරය පවත්වා ගැනීම සඳහා ලූපය, හෝර්මෝන ක්‍රම, කොන්ඩම් ක්‍රම සුදුසුයි.
  • දරුවන් සංඛ්‍යාව සීමා කිරීමට ලූපය, හෝර්මෝන ක්‍රම, සැත්කම් ගැළපෙයි.
  • ස්වභාවික සහ සාම්ප්‍රදායික ක්‍රම කිසිසේත් විශ්වාසවන්ත නැත.


පවුල් සැලසුම් සේවාවන් ලබා ගත හැකි ස්ථාන 


  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සායන (එම් ඕ එච්)
  • පවුල් සෞඛ්‍ය කාර්යාංශය (ෆැමිලි හෙල්ත් බියුරෝ), 231, ද සේරම් පෙදෙස කොළඹ 10. දු. අං: 2681309, 2681311, 2696677
  • රජයේ රෝහල්වල පවත්වන පවුල් සංවිධාන සායන
  • ප්‍රජනක සෞඛ්‍ය සායන / පවුල් සෞඛ්‍ය සායන
  • පවුලේ වෛද්‍යවරයා

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips