ජාතික රෝහලේ රෝගියෙක් ගහක් උඩ විරෝධතාවක

ජාතික රෝහලේ 72 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු අද පෙරවරුවේ ගසක් මතට නැඟ විරෝධතාවක නිරත විය.

පොලිසිය පැවසුවේ පහරදීමක් මත රෝහල්ගත කර ඇතැයි පවසන ඔහුකොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවය.

කොටහේන ප්‍රදේශයේ දී ඔහු සහ තවත් පුද්ගලයෙක් අතර ඇති වු ගැටුමකින් පසුව දෙදෙනාම කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

තමාට පහරදුන් පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පල කරමින් ඔහු ගස මතට නැග විරෝධතාවයේ නිරත වූ බව පොලිසිය සදහන් කළේය.

ජාතික රෝහල් පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදි  වාට්ටුවෙන් පිටව ගොස් ගස මතට නැග ඇති බවය.

මේ වනවිට අදාළ පුද්ගලයා විරෝධතාව අතහැර ඇති බව පොලිසිය සදහන් කළේය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips