කොලෙස්ටරෝල් නැතිව බිත්තර දාන අපේ කිකිලියන්

බිත්තර කන්න ගොඩක් අය බයයි. බිත්තර දෙකක් දවසකට කන්න එපායි කියලත් මතයක් තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව බිත්තරවල කොලෙස්ටරෝල් තිබෙනවයි කියලා අපේ ජනතාව බය වෙලා තිබීමයි. එහෙත් බිත්තර ගුණ කෑමක්.

ඔන්න ඔය වගේ විවිධ කතාබහ නිසාම දැන් අපේ කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශයේ විද්‍යාඥයන් පිරිසකගේ මෙහෙයවීම යටතේ ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් අඩුකරන ශරීරයට අත්‍යවශ්‍ය මේද අම්ල ලබාදෙන මොළයේ වර්ධනය හා ස්නායුවල ක්‍රියාකාරිත්වය වැඩි කරන පෝෂණ ගුණයෙන් වැඩි බිත්තරයක් රටටම හඳුන්වා දී තිබෙනවා.

ලෝකයේ සමහර රටවල් කිකිළියන්ට විවිධ පෝෂ්‍ය ගුණයෙන් යුත් ආහාර දීලා පෝෂ්‍ය ගුණය වැඩි ශරීරයට අත්‍යවශ්‍ය අසන්තෘප්ත මේද අම්ල ඇති බිත්තර හදනවා.

ඒ පර්යේෂණය අනුව මොන විධියේ ආහාර වේලක් කිකිළියන්ට දුන් විට ද අපට වැඩි පෝෂණයෙන් යුත් බිත්තරයක් හදාගන්න පුළුවන්ද කියලා බැලීමයි.

අපේ රටේ ම තිබෙන ද්‍රව්‍යවලින් හදන අලුත් විශේෂ ආහාර වට්ටෝරුවක් කිකිළියකට ලබාදුන් විට පෝෂණ ගුණය වැඩි ශරීරයට හිතැති මේද අම්ලවලින් පරිපූර්ණ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන අලුත් බිත්තරයක් කිකිළියන්ගෙන් ගන්න පුළුවන් . ඒ අනුව අර අලුත් ආහාර වට්ටෝරුව කාර්මික තාක්ෂණ ආයතනය මගින් තවත් පර්යේෂණ කරලා ඒවා දෙන කිකිළියන්ට අහිතකර ද කියලා හොයලා බැලුවා. නමුත් කිසි ප්‍රශ්නයක් නැති බව වැටහුණා ම ඒ ආහාර වට්ටෝරුවට  මේ වන විටත් පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන පවා තිබෙනවා.

අපේ ශරීරයට බහු අසංතෘප්ත මේද අම්ල අත්‍යවශ්‍ය දෙයක්. නමුත් මේක අපේ ශරීරය ඇතුළත හැදෙන්නේ නැහැ. හදන්නත් බැහැ. මෙහි සත්ව ආහාර සමඟම ගත යුතුයි. බිත්තරවල ශරීරයට වඩාත් හිතකර මේද අම්ල තුනක් තිබෙනවා.

ඒවාට කියන්නේ “ඔමේගා 3 - මේද අම්ල’ කියලා. නමුත් මේක බිත්තරවල ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයක්. අලුතින් සොයාගත් පර්යේෂණය අනුව නිපදවූ අලුත් ආහාර වට්ටෝරුව කිකිළියන්ට දුන්විට ලැබෙන බිත්තරයේ ඔමේගා 3 මේද අම්ල ප්‍රමාණය ඉහළ මට්ටමක පවතිනවා.

ඒ ප්‍රමාණය සාමාන්‍ය බිත්තරයකට වඩා පස් ගුණයක් බව පර්යේෂණ මගින් පෙනුණා. ඔමේගා 3 මේද අම්ල සහිත බිත්තරවලින් රුධිර පීඩනය පාලනය කරනවා.

ඒ සමඟ ම ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් ශරීරය ඇතුළත වර්ධනය වීම අඩු කරනවා.

මොළයේ වර්ධනය ක්‍රමවත් ව සිදු කිරීමටත් මොළයේ නිසි ක්‍රියාකාරිත්වයටත් මේ මේද අම්ල හේතු වෙනවා. විශේෂයෙන් මෙහිදී වැදගත් වන්නේ DHA  නම් මේද අම්ල විශේෂයයි.

මේ මේද අම්ල විශේෂය ශරීරයට ලැබුණු විට හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරනවා‍. ස්නායු සෛලවල වර්ධනය ඇස්වල පෙනුම වැඩි කරනවා. අකලට මහලුවීම අඩු කරනවා වාසි ගොඩක් තිබෙනවා.

මේද අම්ල කාණ්ඩ රැසක් තිබෙනවා. ඉන් ඔමේගා - 3 මේද අම්ල හා ඔමේගා 6 මේද අම්ල අතර අනුපාතය 4:1 ක් විය යුතුයි. නමුත් එය සාමාන්‍ය බිත්තරවල තියෙන්නේ 15.1 ක අනුපාතයටයි‍.

මෙම අලුත් පෝෂ්‍ය ගුණයෙන් යුත් බිත්තරවල ඇති ‍ඔමේගා 3 මේද අම්ල හා අලුත් ඔමේගා 6 මේද අම්ල අතර 4: 1 ක අනුපාතයක් තිබෙනවා.

මේ බිත්තර ලබාගන්න පුළුවන් මේ ආහාර වට්ටෝරුව දැන් කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශය මගින් දැන් පෞද්ගලික ගොවිපළකට ලබාදී තිබෙනවා.

එම ගොවිපළ මගින් ඒ බිත්තර නිපදවා දැන් සුපිරි වෙළෙඳ සල්වලට දමා තිබෙනවා. ඕනෑම අයකුට මිලදී ගන්න පුළුවන්.


මේ අලුතින් නිපදවූ බිත්තර පැකට්වල කාර්මික තාක්ෂණ ආයතනයේ තාක්ෂණය අනුව නිපදවූ බව සඳහන් කර තිබෙනවා. කෙසේ වුවත් මෙම බිත්තරවල අඩංගු ඔමේගා 3 මේද අම්ල ප්‍රමාණය පිළිබඳව කාර්මික තාක්ෂණ ආයතනය නිරන්තරයෙන් මේ පිළිබඳව පර්යේෂණ පසු ඇගැයීම් සිදු කරනවා.


පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips