වේ ප්‍රෝටීන්වල වැඩෙන විෂ කිලෝ ග්‍රෑමයකින් මනුෂ්‍ය සංහතියම විනාශ කළ හැකි

ඇතැම් කිරිපිටි වර්ග වෙළෙඳ පොළෙන් ඉවත් කිරීමට හේතුව වේ ප්‍රෝටීන නොවන බවත්, එම වේ ප්‍රෝටීනවල වැඩෙන ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් නමැති උග්‍ර විෂ සහිත බැක්ටීරියාව අඩංගු වී ඇත්දැයි යන සැකය නිසා බවත්  පවසයි.

එක්තරා සමාගමකින් නිෂ්පාදනය කෙරුණු කිරි ආහාර කාණ්ඩ තුනක මේ බැක්ටීරියාව අඩංගු බවට ඇති වුණු සැකයක් මත එය නිශ්චිතව ‍තහවුරු කරගන්නා තුරු මේ ආරක්ෂිත පියවර ගත් බව පෙන්වා දෙයි.

කිරි මුදවීමේදී හා කේජු සැකසීමේදී මෝරු ලෙස ලැබෙන අතුරු ඵලය වේ ප්‍රෝටීන ලෙස හඳුන්වන අතර පළමුව සකසන්නේ වේ පවුඩර් බව ද එයින් වේ ප්‍රෝටීන හා ඉන්පසු අධිසාන්ද්‍රිත වේ‍ ප්‍රෝටීන නිෂ්පාදනය කෙරෙ, එම අධි සාන්ද්‍රිත වේ ප්‍රෝටීන අඩංගු ආහාරවලට මේ බැක්ටීරියාව මුසු වී ඇති බවට තොරතුරු ලැබුණ ද ඒවා මෙතෙක් අප රටට ආනයනය කර නැති බවට තොරතුරු ලැබී ඇත.

මස් සහිත ආහාර ආදිය ඇසුරුම් තුළදී නරක් වූ අවස්ථාවේදී ඇතිවන නිර්වායු තත්ත්ව යටතේ මේ බැක්ටීරියාව වැඩෙන අතර එහි විෂ ශරීර ගත වුවහොත් මිය යෑමට ඇති ප්‍රවණතාව සියයට 95 ක් පමණ  ය.

ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් බැක්ටීරියාවේ විෂ කිලෝ ග්‍රෑමයකින් මනුෂ්‍ය සංහතියම වුව විනාශ කළ හැකි බව පවසන මෙය ජීව යුද අවියක් ලෙස වුව ද භාවිත කළ හැකි බවට තොරතුරු ලැබී ඇති බව පෙන්වා දෙයි. කෙසේ වෙතත් මේ වනතුරු ශ්‍රී ලංකාවේ මේ විෂ ශරීරගත වීමෙන් මරණයක් සිදුවූ බවට වාර්තා වී නැති අතර ඇමෙ‍රිකාවේ ද මෑත කාලයේ සිදුව ඇත්තේ එක් මරණයක් පමණි.


පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips