හෙලුවෙන් ඉදන් පච කීම සහ හෙදියන්ගේ සැබෑව



රාජ්‍යය සේවා එක්සත් හෙද සංගමය දිගින් දිගටම හෙදියන් පාවාදීමට සහ ‍රැවැට්වීමට මෙවර හෙදියන් නිසි ප්‍රතිචාර දක්වා ඇත.හෙදියන් අයිතීන් ලබාගැනිමට පෙල ගැසෙන විට පමනක් කරලියට එන එම සංගමය මෙවරද  හෙදියන් ‍රැවටීමට  ගත් උත්සාහය පරාජය කිරිමට  හෙදියන් පෙලගැසුනි.රුපවාහිනියට පත්තරයට  පමනක් හෙද ඉල්ලීම ලබාදෙන එම සංමය මෙවරද රුපවාහිනිය පත්තරය උපයෝගී කරගනිමින් ප්‍රකාශකර සිටියේ 'සුලු පිරිසක් පමනක් 'වැඩ වර්ජනයට සහභාගි වු බවකි.

මොවුන් මෙසේ ප්‍රකාශ කරනුයේ විලිවසා ගැනීමට රෙදි ඇදගෙන නම් නොවන බව පහත වීඩියෝ බලන ඕනෑම අයකුට වැටහෙයි.තවද ඔවුනට අප පවසනුයේ මේසේ කොළඹට පැමින උද්ඝෝෂනයට සහභාගි වුයේ  වැඩවර්ජනයට සහභාගී වුවන්ගෙන් ඉතාමත් සුලු පිරිසක් බවය.දැන්වත්  මහලු ඔබ සංගමයේ ඉතිරිව ඇති සුලු පිරිසට විලිවසා ගැනීමට රෙදි නොමැතිනම් තම දෑතින් හෝ තමන්ගේ විලිවසගෙන හෙදියන්ගේ අයිතීන්  ‍රැකීමට පෙලගැසෙන මෙන් ආයාචනා කරනුයේ, නැතිනම් නුදුරේදීම ඔබලාගේ නිරුවත රටම දකින නිසාවෙන්ම පමනකි.හෙදියන් අරගලයට පෙල ගැස්වීමට නම්  නොව, ඔවුන් දැනටමට් සත්‍යය වටහාගෙන  අයිතීන් දිනාගැනීමේ අරගලයට පෙල ගැසි හමාරය.

හෙද අයිතීන් දිනා ගැනීමේ අරගලයට පෙල ගැසී සිටින දිවයිනේ 90% පමණ හෙද හෙදියන්ට ජයග්‍රහණයෙන් පමනක් අරගලය නිමකරන දිනය වැඩි ඈතකනම් නොව.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips