‘සිරෝසිස්’ රෝගයට මේ පරීක්ෂණය විශේෂයෙන්ම සිදු කරනවා. නමුත් දියවැඩියාව, රුධිර පීඩනය හා අනිකුත් රෝගවල දිගු කාලයක සිට ඖෂධ ලබාගන්නා රෝගින්ටත් වෛද්‍යවරුන් LFT පරීක්ෂණය නියම කරනවා අක්මාවේ ක්‍රියාකාරිත්වය ගැන බලන්න.
මත්පැන්වලට අධික ලෙස දිගු කාලයක් තිස්සේ ඇබ්බැහි වී සිටින අයට ද ‘සිරෝසිස්’ රෝගය හට ගන්නා වගේම නොබොන අයට ද ‘නන් ඇල්කොහොලික් සිරෝසිස්’ හැදෙන්න පුළුවන්.
මත්පැන් දිගු කලක් ගැනීම නිසා රෝගී වන අය රෝගය හදා ගන්නේ තමන්ගේ වැරදි පුරුද්දකට ඇබ්බැහි වීම නිසාය. එහිදී ඇතිවන ‘සිරෝසිස්’ රෝගී තත්ත්වයේ දී අක්මාව අකර්මන්‍ය තත්ත්වයට නැතිනම් අක්මාව ප්‍රදාහයට පත්වෙලා රෝගියා අසාධ්‍ය මට්ටමකට පත්වෙනවා.
බීමත්කම නිසා ඇතිවන සිරෝසිස් හෝ මත්පැන් නොබොන අයට හැදෙන නන් ඇල්කොහොලික් සිරෝසිස් රෝග තත්ත්වය අනුව අක්මාවේ ක්‍රියාකාරිත්වය ඉක්මනින් බලා ගැනීමට හා ඒ පිළිබඳව නිගමනයකට එන්නට වෛද්‍යවරුන් හදිසියේ සිදුකරන පරීක්ෂණය ස්කෑන් පරීක්ෂණයයි.
සිරෝසිස් රෝග තත්ත්වය කවර මට්ටමින් තිබෙනවා ද කියා දැනගන්න වෛද්‍ය රසායනාගාර පරීක්ෂණය LFT රසායනාගාර පරීක්ෂණයයි.
LFT පරීක්ෂණයට පරීක්ෂණ අටක් ඇතුළත් වෙනවා.
01. SGOT මේ පරීක්ෂණය AST හෙවත් ඇස්පාටේට් ඇමයිනෝ ට්‍රාන්ස්ෆරේස් යනුවෙන් හඳුන්වනවා.
02. SGPT - (ALT ඇලතින් ඇමයිනෝ ට්‍රාන්ස්ෆරේස්) මේ වර්ග දෙකම අක්මාවේ තිබෙන එන්සයිමයන්ය.
03. Alkaline Phosphatase (ඇල්කයින් ෆොස්ෆටේස්) තවත් පරීක්ෂණයකි. මෙයත් එන්සයිමයකි.
04. Gamma GT
මේ ගැමා ජී. ටී. පරීක්ෂණයෙන් අක්මාවේ යම්කිසි රෝග තත්ත්වයක් හෝ අක්මාව යම්කිසි ආබාධයකට පත් වී තිබෙනවා නම් එය හොඳින්ම බලා ගන්න පුළුවන්. සිරෝසීස් වැනි රෝග තත්ත්වයකදී ගැමා ජී. ටී. පරීක්ෂණයෙන් ලබා දෙන අගය ඉතාමත් ඉහළ අගයක් පෙන්නුම් කරනවා.
05. Bilirubin
බිලිරුබීන් පරීක්ෂණයේ දී බලන්නේ සාමාන්‍යයෙන් රෝගී කෙනෙකු කහ පැහැය වැනි තත්ත්වයකට පත්වෙන සෙංගමාල රෝග ලක්ෂණ තිබෙනවා ද කියා. බිලිරුබීන් පරීක්ෂණයේ දී එහි අගය වැඩි වී පවතිනවා නම් එය සෙංගමාල රෝග තත්ත්වයටත් හේතු වන එක් ලක්ෂණයක්.
06. Total Protein පරීක්ෂණය.
ටෝටල් ප්‍රෝටීන් හෙවත් සම්පූර්ණ ප්‍රෝටීන් අගය සොයන පරීක්ෂණය.
07. Albumin (ඇල්බියුමින්)
පරීක්ෂණය.
08. Globulin (ග්ලොබියුලින්)
පරීක්ෂණය.
ඉහත 07 සහ 08 පරීක්ෂණ දෙකේ දී ඒවායේ අගයන් කොයිතරම් දුරට අඩුවී හෝ වැඩිවී තිබෙනවා ද යන්න සෙවීමෙන් රෝග තත්ත්වයට ඇති සම්බන්ධතා සොයා ගැනීමට උපකාරී වෙනවා.
අවසාන වශයෙන් සිදු කරන්නේ එසේ ඇල්බියුමින් සහ ග්ලොබියුලින් අනුපාතය සොයා ගැනීමයි.
මේ පරීක්ෂණ අපි දැන් එකින් එක නැවත විමසා බැලුවොත් SGOT (AST) සහ SGPT (ALT) පරීක්ෂණ කුමක් ද. මේ පරීක්ෂණ අක්මාව සම්බන්ධ එන්සයිම දෙකක් ගැනයි බලන්නේ. මේ එන්සයිමවල වැදගත්කම වන්නේ අක්මාව ඉදිමුණොත් නැතිනම් ප්‍රදාහයකට ලක්වුණොත් සිරෝසිස් තත්ත්වයක් ඇතිවී තිබෙනවානම් අසාමාන්‍ය ලෙස සිරුරේ තිබෙන මේ එන්සයිමවල වැඩිවීමක් දක්නට ලැබෙනවා.
එතකොට වෛද්‍යවරයෙක් ක්ෂණිකව නිගමනය කරනවා මෙම පරීක්ෂණ අගය අනුව පවතින වැඩිවීම නිසා රෝගියා පිළිබඳව පූර්ව නිගමනයකට එන්න පුළුවන්.
මොහුගේ අක්මාව මේ වගේ රෝගී තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. මොහු ඇඳ විවේකව සිටින්න ඕනෙ මොහුට වෙනත් ප්‍රතිකාර ලබාදිය යුතු ද එහෙමත් නැතිනම් අනවශ්‍ය බෙහෙත් වර්ග නිසා අක්මාවේ යම්කිසි හානියක් වී තිබෙනවා ද කියා සොයා බලන්න පුළුවන්. වෛරස රෝගයක් හෝ නැතිනම් ඩෙංගු වැනි රෝග තත්ත්වයක් අක්මාවට බලපාන්න පුළුවන්.
ඉහත එන්සයිම් දෙකේ වැඩිවීමත් පෙන්නුම් කරනවානම් එයිනුත් අක්මාවේ බරපතළ රෝගී තත්ත්වයක් පෙන්නුම් කරනවා.
ඇල්කලයින් ෆොස්ෆටේස් හදවතේ ප්‍රශ්නයක් ඇතිවූ විටත් පෙන්නුම් කරනවා.
නන් ඇල්කොහොලික් සිරෝසීස් තත්ත්වයක් මතුවුවහොත් එවැනි අවස්ථාවකදී හෝ වෙනත් විශේෂ රෝගී කාරණයකදී ගැමා ජී. ටී. පරීක්ෂණයක් සිදු කරන්නේ අක්මාවේ රෝග තත්ත්වය පිළිබඳව ඉක්මන් රෝග වාර්තාවක් ලබාගත හැකි නිසයි.
ගැමා ජී. ටී. පරීක්ෂණයේදීත් අක්මාවේ රෝග තත්ත්වය පිළිබඳ ඉක්මන් කෙටි වාර්තාවක් මඟින් රෝග තත්ත්වය පෙන්නුම් කර දෙනවා. එවිට වෛද්‍යවරයාට පුළුවන් රෝගියාට ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු කරන්න. ගැමි ජී. ටී. පරීක්ෂණය සිරෝසීස් රෝගය පිළිබඳ තත්ත්වයක් ඉතා ඉක්මනින් සොයා ගන්න උපකාරී වන වැදගත් පරීක්ෂණයක්.
‘බිලිරුබීන්’ කියන පරීක්ෂණය සිදුකර බිලිරූබින් අගය සොයා බලන්නේ සිරෝසිස් රෝගය සම්බන්ධයෙන් සිදුකරන රසායනාගාර පරීක්ෂණවලට වැදගත් පරීක්ෂණයක් වන නිසයි.
අපේ රුධිරයේ රතු රුධිරාණුවක් ආසන්න වශයෙන් දින 120 ක පමණ කාලයක් ජීවත් වෙනවා. මේ රතු රුධිරාණු අවසාන කාලයේ විනාශ වෙන කොට එසේ විනාශ වෙන්නේ ෆ්ලීහාව යන කොටසේදීය. එම අවස්ථාවේදී රතු රුධිරාණු විනාශ වීමේ දී අපද්‍රව්‍යයක් ලෙසයි මේ බිලිරුබීන් යනුවෙන් හඳුන්වන්නේ. මේ බිලිරුබීන්වලිනුයි සිරුර කහ පැහැයට ලක්වන්නේ. ඒ අය සෙංගමාලය හැදුණ කෙනෙකු ලෙස අපි හඳුන්වනවා. සෙංගමාලය හැදුණ විට ඔහු කොපමණ බිලිරුබීන් ප්‍රමාණයක් නිපදවන කියන එක කහ පැහැ ගැන්වී තිබෙන ප්‍රමාණයෙන් බලන්න පුළුවන්.
මෙවැනි අයගේ රතු රුධිරාණු දින 120 ක් සිරුරේ ජීවත් නොවී ඉතා ඉක්මනින් සිරුරෙන් විනාශ වී යනවා. බිලිරුබීන් ප්‍රමාණය වැඩි වෙනවා යයි කියන්නේ රතු රුධිරාණු නියමිත කාලයට ප්‍රථම ඉක්මනින් විනාශ වී යාමය. සෙංගමාල රෝගීන් කහ පැහැ ගන්නේත් ඒ නිසයි.
බිලිරුබීන් පරීක්ෂණය ද වැදගත් වන්නේ රෝග නිර්ණය කිරීමේ දී වෛද්‍යවරයාට හෝ විශේෂඥ වෛද්‍යවරයාට රෝග තත්ත්වය විනිශ්චය කර ගැනීමට එම පරීක්ෂණය උපකාරී වන නිසාය.LFT පරීක්ෂණය සමඟ කොලෙස්ටරෝල්, හෝ රුධිරයේ සීනි පරීක්ෂණයක් ද කරනවා නම් රෝගියා සූදානම් විය යුතු ආකාරයක් තිබෙනවා. ඒ පිළිබඳව රෝහලෙන් හෝ පරීක්ෂණයට යන පර්යේෂණාගාරයෙන් වෛද්‍යවරයාගෙන් හෝ කල් ඇතිව දැන ගැනීම ද වැදගත්. මේ සියලු පරීක්ෂණවලට රෝගියා සූදානම් වෙනවා නම් නිරාහාරව සිට පසුදින උදෑසන ගොස් පරීක්ෂණය සිදුකර ගත යුතුය.
එහෙත් LFT පරීක්ෂණයකට පමණක් නම් රෝගියා පෙනී සිටින්නේ නිරාහාරව සිටීම කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැත. මේ පරීක්ෂණයට ලේ ලබාදීමට වේලාවක් අවශ්‍ය නොවුවත් වඩාත් සුදුසු වේලාව වන්නේ දවල් වීමට ප්‍රථම උදෑසන ගොස් ලේ ලබාදීමය.
කසේ නමුත් LFT පරීක්ෂණයට අනෙකුත් රෝග සඳහා ලේ ලබා දෙන ප්‍රමාණයට වඩා වැඩිපුර ලේ ප්‍රමාණයක් රසායනාගාර පරීක්ෂණයට ලබාදිය යුතුය. හේතුව මේ පරීක්ෂණයට ලබාදෙන ලේවලින් රසායනාගාරයේ දී පරීක්ෂණ 8 ක් සිදුකළ යුතු බැවිනි. ඒ නිසා මිලි ලීටර් 10 කට ආසන්න ලේ ප්‍රමාණයක් ලබා ගනු ඇත. පරීක්ෂණාගාර පහසුකම් අනුව ලබාගන්නා ලේ ප්‍රමාණයේ අඩු වැඩිවීම සිදු වේ.
පරීක්ෂණයට වැය වන මුදල ද මිලෙන් අධිකය. හේතුව ඒ සඳහා උපයෝගී කරගන්නා රසායනික වර්ග මිලෙන් අධික වීම නිසාය. කෙසේ නමුත් රජයේ වෛද්‍ය පර්යේෂණායතනයේ සහ ජාතික රෝහලේත් රජයේ අනිකුත් ප්‍රධාන ශික්ෂණ රෝහල්වලත් මේ පරීක්ෂණ නොමිලයේ සිදුකර දෙනවා.
LFT පරීක්ෂණය මඟින් අක්මාවේ රෝග ප්‍රශ්න වගේම හෘදය වස්තුවේ යම්කිසි රෝගී ප්‍රශ්නයක් තිබෙනවා නම් එයත් පෙන්නුම් කරනවා.
LFT වෛද්‍යවරයකු විසින් රෝගියෙකුට නියම කළහොත් කල් මර මරා බලා ඉදීම හෝ අද කරන්නම් හෙට කරන්නම් කියා දවස් පස්සට දමමින් කාලය ගත කිරීම අනුවණ ක්‍රියාවක්.වැටකොලු ගෙඩියක් සාමාන්‍යයෙන් මැලවී ගෙවමින් යන තත්ත්වයට පත්වී අවසානයේ එය කොස්සක් වැනි වැඩකට නැති දෙයක් ඉතිරි වෙනවා. සිරෝසිස් රෝගය හටගත් විට එහි අවසාන ප්‍රතිඵලය අක්මාව නරක් වී ගොස් කොස්සක් වගේ ඇකිළී යන තත්ත්වයට පත්වීමය.
අපේ සිරුරේ අක්මාව ගත්තොත් එය ඉතා විශාලතම කොටසක්. එය ක්‍රමයෙන් ගෙවී ප්‍රදාහයකට පත්වන විට නැතිනම් අනතුරකට පත්වන විට ඉහත කී කනාටු තත්ත්වයට පත්වෙනවා.
ඒ නිසා LFT පරීක්ෂණයක් අක්මාවේ ප්‍රශ්නයකට වෛද්‍යවරයකු විසින් නියම කළහොත් එම පරීක්ෂණය කල් දැමීමක් නොකර ඉක්මනින් සිදු කිරීම මඟින් ජීවිතයේ අනතුරක අවදානම කල්තියා වළක්වා ගත හැකිය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment