බොහෝ පාසල් දරුවන් මවුපියන්ගේ බලකිරීම නිසා නිදාගන්නේ නැතිව, හරියට කන්නෙ බොන්නේවත් නැතිව අමතර පන්තිවලට සහභාගි වෙනවා; දිවා රෑ නොබලා පාඩම් කරනවා. එවිට මොළයට වැඩ කළ හැකි ප්‍රමාණය ඉක්මවා යනවා. එහි ප්‍රතිඵලය වන්නේ මොළය රත්වීමයි. එවිට දරුවා රෝගී වෙනවා; ඉගෙන ගන්නා දේ අමතක වෙනවා.
ඇතැම් පාසල්වල දරුවන්ට විභාග ඉලක්ක ලබාදීම නිසා එම පාසල් මානසිකව සහ ශාරීරිකව රෝගී දරුවන් බිහිකරන නිෂ්පාදනාගාර බවට පත්වී තිබෙනවා. එසේ වන්නේ අධික පීඩනයක් දරුවන්ගේ මනසට දැනීම නිසයි.
අද බොහෝ පාසල් දරුවන් සිටින්නේ මානසික පීඩනයෙන්. එවිට ගුරුවරයා උගන්වන දේ දරුවාගේ මතකයේ රැඳෙන්නේ නෑ. එවිට අමතක වන දේ තවත් දැනගැනීම සඳහා තවත් අමතර පන්තියකට දරුවාව යොමු කිරීමට මවුපියන් පෙලඹෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ දරුවාගේ මතකය තව තවත් දුර්වලවීමයි.
සෑම දරුවකුම එකිනෙකාට වෙනස් බව සෑම වැඩිහිටියෙකුම තේරුම් ගත යුතුයි. පන්තියක පළමුවැනියා වන දරුවකු වගේම අන්තිමයා වන දරුවකු ද සිටිනවා. සෑම දරුවකුටම කිසියම් ධාරිතාවක් තිබෙනවා. එම සීමාව ඉක්මවා යන අයුරින් දරුවාට බර නොපැටවිය යුතුයි.
දරුවා ඕනෑ දෙයක් කරගත්තාවේ කියා බලාගෙන සිටිය යුතු බව ඉන් අදහස් වන්නේ නෑ. පළමුව දරුවාගේ හැකියාවන් සහ එම හැකියාවේ තරම වැඩිහිටියන් ත්රුම්ගත යුතුයි. හැකියාවේ ප්‍රමාණය ඉක්මවා වැඩකිරීමට දරුවන් පෙලඹවූ විට දරුවා ලෙඩ වෙනවා අමතක වීම වැඩි වෙනවා.
දරුවා කැමැති විෂයන්වලට ක්‍රියාකාරකම්වලට දරුවා යොමු කිරීමයි වැදගත්. දරුවකුට අධික ලෙස අමතක වෙනවා නම් ඒ සඳහා හේතුවන පාරිසරික මෙන්ම ශාරීරික සාධකත් ඉවත් කළ යුතුය. කිසියම් පෝෂණ ඌණතාවක් හෝ ශරීරයේ වෙනත් හේතුවක් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර මඟින් එය නිවැරදි කර ගත හැකියි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment