ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා වටිනා අපේ හිමි සදු


හෙද සේවා ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීම ඇතුළු නොවිසදී පවතින හෙද සේවා ඉල්ලීම් 7 ක්‌ මුල් කරගෙන දිවයින පුරා රජයේ රෝහල්වල සේවය කරන හෙද හෙදියෝ ලබන අගෝස්‌තු මස 3 වැනිදා සිට දීප ව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ "දිවයින"ට පැවැසූහ.


රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය විසින් පසුගිය කාලය ඇතුළතදී සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් හා පැවැති සාකච්ඡාවලදී හෙද සේවා ප්‍රශ්නවලට ලබාදුන් විසඳුම් ක්‍රියාත්මක කිරීම නොසලකා හැර ඇති නිසා මෙම හෙද වර්ජනය ක්‍රියාත්මක කරන බව මුරුත්තෙට්‌ටුවේ හිමියෝ කීහ.


සාකච්ඡාවලදී එළඹි විසඳුම් මෙම මස 30 වැනිදාට පෙර ක්‍රියාත්මක නොකරන්නේ නම් අගෝස්‌තු 3 වැනිදා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බවත් එහිදී රෝගීන්ට මුහුණ පෑමට සිදුවන අපහසුතාවයක්‌ වේ නම් එහි වගකීම සෞඛ්‍ය බලධාරීන් විසින් භාර ගත යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

හෙද කාර්ය මණ්‌ඩලය මෙයට පෙර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ගත් සියලු තීරණයන් හෙද සංගමය මැදිහත්වී නවතා දැමුවද [බලුකම මතුවන අවස්තාවක්]පවතින තත්ත්වය මත මින් ඉදිරියට එසේ කළ නොහැකි බව මුරුත්තෙට්‌ටුවේ හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.






















මේ හා බැදෙනා අනිකුත් ලිපි





පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips