ස්වයං පියයූරු පරීක්ෂාව

Image Detailකාන්තාවන්ට ම ආවේණික වූ රෝගී තත්ත්වයන් අතරින් පියයූරු පිළිකාවලට හිමි වන්නේ සූවිශේෂී ස්ථානයකි. එන්න එන්න ම ශ්‍රි ලංකාවේ පියයූරු පිළිකා රෝගීන් ගේ සංඛ්‍යාව ඉහළ යෑම එම සූවිශේෂත්වයට හේතු වෙයි.


බොහෝ විට මෙම රෝගී තත්ත්වයට අපේ කාන්තාවන් ගොදුරු වන්නේ මේ පිලිබඳව ඇති නොදෑනූවත්කම හේතුවෙනි. විශේෂයෙන් මේ පිළිබඳව අද විවෘත ව කතා කරන අවස්ථා අඩූ ය. එනමූත් තමාගේ පියයූරු තමා ම පරිකෂා කර ගැනීමෙන් පියයූරු පිළිිකා හඳුනා ගැනීමට හැකියාව ඇත. පියයූරු පිළිබඳ ස්වයං පරීකෂාව මගින් තම පියයූරුවල යම් වෙනසක් ඇති බව තමාට ම හැගුණ හොත් වහාම වෛද්‍ය උපදෙස් පැතිය හැකිය. මේ ලිපියෙන් පියයූරු ස්වයං පරීකෂාව සිදු කරගන්නා ආකාරය විස්තර කෙරෙනූ ඇත.

http://4.bp.blogspot.com/_BS1buYbxOEE/Rl7nCY6KDyI/AAAAAAAAAEE/i3cf0gEHHSY/s400/Breast+cancer.gifබොහෝ විට පියයූරු පිළිකා හඳුනා ගැනීමට උපකාරී වන්නේ පියයූරේ සිදු වන්නා වූ වෙනස්වීම් ය. මෙම වෙනස්වීම් ආකාර කිහිපයකින් සිදු වේ. පියයූරේ වළ ගැසීමක්, පියයූරේ සාමාන්‍ය හැඩයේ වෙනසක්, පියයූරේ සමෙහි වෙනස් වීමක් (මෙහි දී සම දොඩම් ලෙල්ලක ආකාරයක් ගනී.) තන පූඩූවේ වෙනස්වීමක් ඇත්නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යූතුය.

කැඩපතක් ඉදිරියේ සිටගෙන අත් දෙක දෙපසට තබා ගෙන ඉන් පසූ අත් දෙක ඉහළට ඔසවා සහ අත් දෙක ඉඟ මත තබාගෙන පියයූරුවල ඉහතින් සඳහන් කළ ආකාරයේ වෙනස්කම් ඇති දෑයි තමාට ම පරීකෂා කර ගත හැකිය.

පියයූරුවල ගැටයක් වැනි තත්ත්වයක් ඇති වීමත් පියයූරු පිළිකාවලට අනතුරු ඇඟවීමක් වේ. මෙම තත්ත්වය ද තමාට ම පරීකෂා කර ගත හැකිය. අතේ ඇඟිලි එක්කොට ඇඟිලිවලින් පියයූරු පිරිමැදීමෙන් පියයූරුවල ගැටයක් හෝ සමට යටින් පියයූරෙහි ඝනවීමක් ඇති දෑයි පරීකෂා කර ගත හැකිය. පියයූරේ පිට පැත්තේ සිට ක්‍රමයෙන් තන පූඩූව දක්වා ක්‍රමානූකූල ව අතින් පියයූර තද කරමින් මෙම පරීකෂාව සිදු කළ යූතු ය. මෙහි දී වම් අත දකුණූ පියයූරත්, දකුණත වම් පියයූරත් පරීකෂා කිරීමට යොදාගත යූතු අතර පියයූරු පරීකෂාවෙන් පසූ එම ආකාරයට ම කිහිල්ල ද පරීකෂා කර ගත හැකි ය.
http://ibmcpm.wikispaces.com/file/view/079ebb67-39db-4250-ad2c-b98417d7ef90.jpg/181518949/079ebb67-39db-4250-ad2c-b98417d7ef90.jpg
එසේ පරීකෂා කිරීමෙන් අනතුරු ව මහපට ඇඟිල්ල සහ දබරගිල්ල භාවිතයෙන් තන පූඩූව සෙමෙන් මිරිකා ලේ හෝ දියරයක් පිටවේ දැයි පරීකෂා කර බැලිය යූතු වේ. එසේ දියරයක් හෝ ලේ පියයූරෙන් වහනය වන්නේ නම් එය ද පියයූරු පිළිකාවක රෝග ලකෂණක් විය හැකි ය.


මෙසේ පියයූරු පරිකෂා කිරීම ස්නානය කිරීමේ දී මෙන්ම ඇඳක නිදාගෙන සිටින අවස්ථාවේ දී සිදු කළ හැකි ය. ඇඳේ නිදා සිටින විට පියයූරු පරීකෂා කරන්නේ නම් පළමූ ව සිදු කළ යූත්තේ පියයූරු ඉහළට සිටින පරිදි හාන්සි වීමයි. ඉන්පසූ දකුණූ උරහිසට යටින් කොටිටයක් තබා දකුණූ අල්ල මත හිස තබාගන්න. එවිට ඔබගේ හිස පිහිටන්නේ දකුණූ අත මත ය. ඉන් පසූ වම් අතින් දකුණූ පියයූර ඉහත සඳහන් කළ ආකාරයට පරිකෂා කිරීම සිදු කළ හැකියි. මේ අයූරින් ම කොටිටය වම් උරහිිසට යටින් තබා දකුණූ අතින් වම් පියයූර පරීකෂා කළ හැකිය.


මෙසේ පියයූරු තමා විසින් ම පරීකෂා කර ගැනීම මසකට වරක් සිදු කළ යූතු ය. එහි දී මාසික ශුද්ධීයෙන් සතියකට පසූ මෙසේ පියයූරු පරීකෂා කිරීම වඩා යෝග්‍ය වේ. මාසික ශුද්ධිය නතර වූ අයෙක් නම් මාසයේ කිසියම් දිනක දී මෙය සිදු කළ යූතු වේ.


ඉහත ආකාරයෙන් පියයූරු පරිකෂා කිරීම තුළින් පියයූරේ යම් වෙනසක් හඳුනාගත හොත් වහා ම වෛද්‍යවරයා හමූ විය යූතුය. එවිට පියයූරු පිළිකාව ආරම්භයේදී ම හඳුනා ගැනීම තුළින් ඒ සඳහා ප්‍රතිකාර කිරීම පහසූ වන අතර ම එය නිටිටාවට ම සූව කිරීමට ද හැකියාව ලැබේ.


කෙසේ වෙතත් පියයූරේ සිදුවන සෑම වෙනසක් ම පියයූරු පිළිකාවක රෝග ලකෂණයක් නොවේ. එනිසා වෛද්‍යවරයා හමූ වී ඒ ගැන හරිහැටි දැනගන්නා තෙක් කිසිසේත්ම අනවශ්‍ය බියක් ඇති කර ගත යූතු නොවේ.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips