බල ලෝබිත්වයට හෙදියන් පවාදීම|බංකොලොත් හෙද සංගම්

බංකොලොත් හෙද සංගමයක් මෙහෙයවන හිමිණමකට ලැබුණු අධිකරණ සංඝණායක පදවිය සැමරීම සදහා  පිලිගැනීමේ උලෙලක් මේවන විටත් පැවැත්වෙයි.එසේ පාදවිනාම ලැබීමට අප  ගරහන්නේ නැත .නමුත් අපට තිබෙන ගැටලුව මෙයයි,හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් පෙනී සිටිනවා කියාගන්නා  මෙම හෙද සංගම්





හෙද උපධිය ‍රැක ගැනීම 

දින 05 සතිය ලබා ගැනීම 

අහිමි වු වැ‍ටුප් තල දින ගැනීම

 පුහුණුව වසර 3 1/2 කර ගැනිම

 කලා අංශයෙන් හෙදියන් බදවා ගැනීම පරාජයකිරීම

ඇපලෝ හෙදියන්, වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචිය නතර කිරිම

පළාත් සභා වලින් හෙදියන් බදවා ගැනීම නතර කිරීම
  
දීමන විෂමතා නිවරදි කර ගැනිම


වැනි ඉල්ලිම් වෙනුවට  එම හෙද සංගම්  දැන් උත්සාහ කරනුයේ  එම සංගම්  මෙහෙයවන පුද්ගලයන් සදහා පෞද්ගලික වාසි ලබාගැනීම්,මාස කිහිපයකට වරක් හෙද හෙදියන්ගෙන් කීයක් හෝ එකතුකරගන්නට බව පැහැදිලිය.

කණ්ගා‍ටුවනම් ඔවුන් මෙසේ කරනුයේ  සේවාවේ අයිතීන් දින ගැනීමට ඔවුන්ට බලය ලබාදුන් අසරණ හෙද හෙදියන්ගේ එකදු ඉල්ලීමක් ලබාදී හෝ එයට කිසිදු උත්සාහයක්වත් නොගැනවීමය.
සිතන්න ඔබගේ බලයෙන්  ඔව්න්ගේ සුඛ විහරණයට තවත් ඉඩ දෙන්නෙහිද?

හෙද සේවාවේ ඉහල තනතුරු දරණ  ඇතමුන්ද මෙම පිලිවෙතට ඇබ්බැහිවීම හරහා ඔවුන්ගේ ආත්මාර්ථකාමී  උවමනාවන් සදහා  සේවාව පාවදෙනබව මොනවට පැහැදිලි වෙයි.මෙය සදහා දැඩි කැපවීමෙන් ක්‍රියාකරනු පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ අවසන් වසර අසමත් නීතියාණුකූල නොවන අන්දමින් හෙද සොයුරියන්ගේ නිල ඇදුම පොරවාගත් සහ අඩු ලකුණු ලබා  පත්වීම් ලැබීමේදී වෙනත් ස්ථාන කරා මාරුවීම්  ලැබේ යැයි කුකුසකින් සිටිනා හෙද සොයුරියන් කියාගන්නා හෙද සොයුරියන්ය.

ඊට අමතරව වෙනත් කිසිදු හෙදියක් මෙයට කැමැත්තෙන් සහභාගී නොවෙති.ඔවුන් සහභාගී වනුයේ ඉහල නිලධාරීන්ගේ දැඩි බල පැම මත බව පැවසෙ යි.

එමෙන්ම කාටහෝ උගුලක් අටවන්නට,හොරෙන් ලියුම් ගසා විනය පරීක්ෂණ වලට පටලවන්නට වැනි පහත් ක්‍රියාවන් සදහා පමණක් මෙම සංගම් අද වන විට සිමාවී තිබෙයි.

වෘත්තීය සමිතිවලට නොගැලපෙන මෙවැනි පහත් ක්‍රියාමාර්ග වලින් මිදී සේවවේ අයිතීන් දිනා ගන්නට අවංක අරමුණක් ඇතිකර නොගන්නේ නම්  එම සංගම් ඉතිහාසයේ කුණුබක්කියට වැටෙන දිනය වැඩි ඈතකනම් නොවේ.

මෙම තත්ත්වය තෙරුම් ගෙන සේවවේ සැබෑ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නට පෙරට එන ලෙස සමස්ථ හෙද ප්‍රජාවෙන්ම ඉතා ඕනෑකමින් ඉල්ලාසිටිමු
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips