සැමදා ගොනාට අදිනා අපේ හෙද(ගොන්) කම!

අලුතින් හෙද පත්වීම 2500 ලබාදුන් බව අද දවසේ ප්‍රධාන පුවතක් වී අවසන්ය.නමුත් එහි පි‍ටුපස ඇත්තේ තවත් වරක් හෙද හෙදියන් ගොනාට ඇන්ද වීමකි.මෙම ගොනාට  ඇන්දවීම කරනුයේ සුපුරුදු ලෙසම  එයටම ප්‍රසිද්ධ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය හැර වෙන කවුරුන්ද.හෙද හෙදියන්ගේ ඉල්ලීම් පසක ලා පාලන තන්ත්‍රයේ ඕනෑ එපාකම් වලට  හෙද හෙදියන් වල පල්ලට ඇද දමමින් මෙවරද ඔවුන් හෙදියන් ඉතිහාසයේ මෙන්ම මහා පවාදීමක් සිදුකර හමාරය.

මෙසේ හෙදියන් බදවා ගැනීමේ ක්‍රම වේදය පහත් කරමින් (කලා අංශයෙන් හෙදියන් බදවා ගැනීම සිදු කර හමාරය) හෙදියන්ගේ අභිමානය ගෞරවය පහත් කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කෙලින්ම සම්බන්දවී ඇත.

එමෙන්ම පාලන තන්ත්‍රය ප්‍රකාශකර ඇතේ හෙද සේවාව ‍රැකියාවකට වඩා අසරණයින්ට පිහිට වන උතුම් සත්කාරක සේවාවක් බවය.එය අපද පිලිගනිමු.එසේ උතුම් ‍රැකියාවක නියත වන්නන්ට ජීවත් වීමටවත් ප්‍රමාණවත් වැ‍ටුපක්ද අවශ්‍යය බවද මතක් කර දීමට කැමැත්තෙමු. 

එමෙන්ම රටේ වැ‍ටුප් වැඩිකල අනිකුත් සේවාවල සේවකයන් මෙන් හෙද හෙදියන්ද  මේ රටේ ජීවත් වෙමින් රටේ පවතින මිල මුදල් වලින් ආහාර පාන ඇදුම් ආදී මුලික අවශ්‍යයතා සපුරා ගනිමින් මේ රටේ පවතින ආර්ථිකය හා ගැටෙනා තවත් එක් මිනිස් කොට්ටසයක් පමණි.එනිසා අනික් සේවකයන්ට පවතින අර්ථික ගැටලු හෙදියනටද බල පානු ඇත.

හෙදියන්ට මානසික අල්ලස් දෙමින් හෙද හෙදියන් ඉතිහාසය පුරාවටම ගොනාට ඇන්දවු වාර ගනන අනන්තය.වරක් අල්ලස් නොගන්නා එකම සේවාව ලෙසද,මෙවර තවත් ආකාරයටද......

නමුත් මෙසේ පැවසීමෙන් හෙදියන්ට ලැබෙන සෙතක් නොමැත. හෙදියගෙන් සියලු සාත්තු සප්පායම්,දිවා ‍රැ නිදි නොලබා ‍රැකගත් රෝගීන්, ටිකට් කපා ගෙදර යනවිට දොස්තරමහතා දෙවියාකොට ඔහුට වැද පුද පුජා පවත්වා යනවිට ,සැමදා හෙදියට ලැබෙනුයේ සුපුරුදු බැනුම් ඇසීම සහ ගැරහුම් පමණි.

ජීවිතය ගැට ගසා ගැනීමටවත්  ප්‍රමානවත් නොවන වැ‍ටුපක් ලබමින්   ආර්ථික පිඩනයෙන් මිරීකීසිටින හෙදියනට තවත් මානසික අල්ලසක් අවශ්‍යය නොවනු ඇත.

අනේ රට කරවන උත්තමයාණනි,අපට තවත් මානසික අල්ලස් අවශ්‍යය නොමැත.හෙද සේවාව ගැන හොදින් හදුනා ගෙන ඇති ඔබවත් අපට හෙද සේවාවේ ඇති පහත ගැටලු නිරාකරනය කර ගැනීම මැදිහත් වනු මැනවි.


1.    පැරණි ව්‍යවස්ථාවට අදාලව II-A  ශ්‍රේණියේ උසස් වීම් වසර 5 සම්පූර්ණ වු හෙද නිළධාරීන්හට ලබා නොදීම.

2.    ස්ථාන මාරු මණ්ඩල නොපැවැත්වීම.

3.    අධිසේවක පදනම මත I ශ්‍රේණියේ උසස් වීම් පැරණි ව්‍යවස්ථාවට අනුව වැටුප් තලය රු.21640 සම්පූර්ණ කල හෙද නිළධාරීන්හට ලබා නොදීම.

4.    පරිපූරක සේවාවට නිකුත් කල අකාරයට හෙද සේවාවේ මාණ්ඩලික ශ්‍රේණි නිශ්චය කල චක‍්‍රලේඛය නිකුත් නොකිරීම.

5.    වසර 12 න් ලබාදුන් I ශ්‍රේණිය - 1988.01.01. දක්වා පෙරදාතම නොකිරීම හා හිග වැටුප් ලබා නොදීම.

6.    නිල ඇදුම් දීමනාව 2012 ට යථාවත් කර රු.15,000/- ලෙස ලබා දීමට අදාල ක‍්‍රියාමාර්ග නොගැනීම.

7.    හෙද උපාධිධාරීන් රාජ්‍ය හෙද සේවයට බදවා නොගැනීම.

8.    වෛද්‍ය සේවාවට ලබාදුන් දුරකථන දීමනාව හෙද සේවාවට ලබා නොදීම.

9.    උපයන විට අයකරන බදු වෛද්‍ය සේවාවෙන් අය නොකර හෙද නිළධාරීන්ගෙන් පමණක් අය කිරීම.

10.    දින 05 සතිය හෙද නිළධාරීන්හට ක‍්‍රියාත්මක නොකිරීම.

11.    හෙද සේවාවේ අතිකාල දීමනාව පැයට මාසික වැටුපෙන් 1/180 ලෙස ලබා නොදීම.

12.    හෙද ව්‍යවස්ථාවට අප සංගමය ඉදිරිපත් කල සංශෝධන ක‍්‍රියාත්මක නොකිරීම.

13.    මූලික වැටුප ඉක්මවා කරන අතිකාල හා වෙනත් සේවා දීමනා කප්පාදු කිරීම.

14.    අනතුරු දීමනාව, ශල්‍යාගාර දීමනාව හා භාණ්ඩ භාරකාරීත්ව දීමනා වර්තමාන මූල්‍ය තත්ත්වයන්ට යථාවත් නොකිරීම හා ගෙවන ඒකක සංශෝධනය නොකිරීම.

15.    නව පත්වීම්, හා උසස් වීම් කුසලතා පදනම මත ලබා දීමට ගෙන ඇති නිල ප‍්‍රතිපත්තිමය තීරණයට අදාලව චක‍්‍රලේඛයක් නිකුත් නොකිරීම.

16.    සෞඛ්‍ය ලේකම් 2012.01.02 දින නිකුත් කල චක‍්‍රලේඛ ලිපි අංක 02/19/2009(01) තාවකාලිකව අවලංගු කර 01(11/162008) ලිපිය නිකුත් කිරීමේ දී පොදුවේ ක‍්‍රියාකල යුතු තත්ත්වයන් උල්ලංඝණය කිරීම.

17.    පිරිමි හෙද නිළධාරීන්ගේ නිල ඇදුමට අදාලව නිකුත් කිරීමට එකග වු චක‍්‍රලේඛය නිකුත් නොකිරීම.

18.    1 පියවර ලෙස හෙද විදුහල්පතිවරුන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරීන් හා හෙද අධ්‍යක්ෂවරුන්ට තීරුබදු රහිත වාහන බලපත‍්‍ර ලබා නොදීම
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips