හිට්ලර් පාලනය හමුවේ හෙද දියණියන්ගේ අසරණ කම

 පසුගිය දින හෙද විදුහල් තුල පැවැති විරෝධත ව්‍යායාපාරය සදහා  සිසු හෙද හෙදියන් බලහත්කාරයෙන් සහභාගී කරගත් බවට බොහෝ සිසු හෙද හෙදියන් චෝදනා නගති.මෙම  විරෝධත ව්‍යායාපාරය සංවිධානය කර ඇත්තේ දුෂණ චෝදනා එල්ලවී ඇති ආචර්යවරුන් සහ ඔවුනට  බැලමෙහෙවරකම් කරමින් පුද්ගලික වාසි තකා හෙද සේවාව විනාශයට  ලක්කිරීමට අරාදිනා  ඉතා සුලු පිරිසකගේ ඕනැකමට  වීමද එය ඉතා ලැජ්ජා සහගත ක්‍රියාවක් බව ඔවුන් ඉතා පිලිකුලෙන් යුතුව අප හා පැවසූහ.හෙද විදුහලේ සිටිනා කුඩාම කණ්ඩායමේ (පි)රිමි හෙද සිසුන්ගේ , මෙම අහිංසක හෙදියන් පාරට ඇද දමා හෙද ඉතිහාසයටම කලු පැල්ලමක්  ඇති කිරීම පිරිමි කමටද නිගාදෙන නපුංසක වැඩක් බවද ඔවුන් වැඩි දුරටත් පැවසූහ.

බහුතර සිසු හෙදියන් මේ සදහා  අකමැත්තෙන් පසු වුවද  හෙද විදුහල්තුල පවතින සුපුරුදු  දූෂිත  ඒකාධිපති හිට්ලර් පාලනාධිකාරිය හමුවේ  ඔවුනට කර කියාගත දෙයක් නොමැති කම හමුවේ අකමැත්තෙන් වුවද සහභාගීවූ බව ඔවුන් පවසයි.තවද මේ සදහා ඔවුන් සහභාගී  නොවීම හමුවේ ඔවුනට   "රන්දිව" පත්තරය සදහා අදහස් දැක්වුයේ ඔවුන් බවට චෝදනාව නැගීමත් ,හිට්ලර් පාලනාධිකාරිය හමුවේ කෲර පලිගැනීම් වලට ලක්වීමට සිදුවන බැවින් ඔවුන්, ඔවුන්ගේ අකමැත්තද නොපෙන්වා මේ සදහා සහභාගීවී ඇත.

ඔබ සහ අප දන්නා හෙද විදුහල් සංකෘතියේ එක්  මූලධර්මයක්  වනුයේ කෲර හෙද විදුහල් පාලනාධිකාරියේ එක් අණසකින්   ඕනෑම හොද හෝ නරක ක්‍රියාවක් සදහා බහුතරයගේ මතය , අන් අයගේ අදහස් දැක්වීම පසෙකලා  හිට්ලර් පාලණයේ අණසකට පමණක් යටත් වීම නොවෙහිද?. මෙසේ සිසු හෙදියන් පාරට ඇද දැමීම පි‍ටුපස හෙද ආචාර්යවරුන් සහ බංකොලොත් හෙද සංගමය සිටිනා බවට සැක කල හැක කරුණු කිහිපයක් ඔබ හමුවෙ සටහන් කරමි.

මෙය හුදෙක් ආචාර්යවරුන්ගේ  ගැටලුවක් පමණක්ම වන බැවින් දුෂිත නොවූ නිර්මල නයිටිංගේල් හෙද කම ඉගනීමට පැමිනි හෙද සිසුනට, දූෂකයින් ‍රැක ගැනීම සදහා පාරට බැසීමට කිසිදු වුවමනාවක්  නොමැත.

හෙද විදුහල් තුල පවතින දැඩි විනය නීති හමුවේ  හෙද විදුහල තුලදී විරෝධතාපුවරු  නිර්මණය කලේ කෙසේද? .එසේ ඒවා ආචාර්යවරුන් නොදැක්කේ නම් ඔවුන් අන්ද පුද්ගලයින් විය යුතුය.කොලඹ හෙද විදුහල තුල  හෙද සේවාවේ අවශ්‍යතාවය හමුවේ අන්දයින් සිටියද සැබැවින්ම ඇස් නොපෙනෙන්නන් නොසිටිනා බවද අප දන්නා කරුණකි. අන්ද පුද්ගලයින් නොවේ නම්  අනිවර්යෙන් මේ සදහා ඔවුන් අනුබල දීමක් හෝ ඔවුන්ගේ ‍රැකවල් මැද්දේ කල යුතුවේ.

මේ සියලු කාරණා අවසානයේ ඔවුන් තවමත් අන්දයින් සේ ක්‍රියාකරනුයේද ඔවුන්ගේ අවශ්‍යයතාවය  මත මෙම සිසුන් පෙලඹවීම සිදුකල නිසා නොවෙහි ද?.

එදා බදුල්ල හෙද විදුහලෙහි  සිසු හෙද නිලධාරීන් පිරිසක්  විරෝධත ව්‍යායාපාරයක් සදහා සහභාගී වීම හේතුකොට  ඔවුන්ගේ පන්ති තහණමට ලක් කිරීමට  බංකොලොත් හෙද සංගමය,හෙදවිදුහල් වල ආචාර්යවරුන්,   හෙද සිසුනට  විරෝධත ව්‍යායාපාර සදහා සහභාහීවීමට අයිතියක්  නැතැයි පවසමින් උඩගෙඩි දුන්නා නොවෙහිද.

තවද හම්බන්තොට,කළුබෝවිල ඇතුලු දිවයිනේ බොහෝ රෝහල්වල වෘත්තීය සමිති අයිතිකම් ඇති හෙද හෙදියන් වෘත්තීය අරගල කරද්දී ඔවුන්ගේ අයිතීන් ලබාදෙනුවා වෙනුවට ඔවුන්ට බලහත්කාරයෙන් ස්ථානමරු ලබාදීම පි‍ටුපස  සිටි බංකොලොත් හෙද සංගමය අද මුනිවත රකිනුයේ ඔබද  මෙහි  එක් කොටස්කරුවෙක් නිසාවෙන්ද?

මෙහි සහ එහි අප දන්නා එකම වෙනසක් පමණක් පවතී එදා ඒ  අභීත හෙද සිසුවන් සහභාගීවුයේ හෙදසේවාවේ උන්නතියට අයහපත් ලෙස බලපා තිබූ පිරිමි හෙද සිසුන් බදවා නොගැනීමට විරෝධය පලකිරීම සදහාය. අද මේ හෙද සේවාවට වින කරණ නිවට අදබාලයන් කරනුයේ  හෙද සේවාවේ දුෂිතයි ‍රැක ගැනීමට ක්‍රියාකිරීම නොවෙහිද?

ආචාර්යවරුනි, එසේනම් මේ සදහා ද එවැනි දඩුවමක් ක්‍රීයාත්මක කීරීමට ඔබ මැලිවන්නේ මන්ද එසේ කල නොහැක්කේ මෙය, ඔබගේ අවශ්‍යතාවය මත සිදුවුවක් නිසාවෙන්ද?

හෙද ආචාර්යවරුන්ගේ දුෂණයේ කන්‍යාභාවය රටට පෙන්වීමට, නයිටිංගේල් හෙද කර්මය  ඔබෙන් ඉගනීමට පැමිනි  සිසු හෙදියන් භාවිතා කිරීමට තරම් ඔබ පහත් වන්නේ මන්ද? දුෂණයේ කන්‍යාභාවය රටට පෙන්වීමට ඔබ උත්සාහ කලද දුෂණයට කන්‍යාභාවයක් නොමැති බව ඔබ නොදන්නවා විය හැක.

එදා සේවාවේ  අවශ්‍යතාවයට විරෝධය දැක්වූ  හෙද ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන  බදුල්ල හෙද විදුහලෙහි  ඒ සිසුන් සේවයෙන් නෙරපීමට උඩගෙඩි දුන්,
බංකොලොත් හෙද සංගමය,හෙද ආචාර්යවරුන් අද මොවුනට දඩුවම් දීම පසෙකලා සිසු හෙදියන් ලවා ඔබ විලි වසා ගැනීමට ක්‍රියාකරණුයේ ඔබ නිරුවතින් සිටිනා නිසානොවෙහිද?.

ඔබගේ නිරුවත රටටම දු‍ටුවායින් පසු ඔබ රෙදි ඇද ගැනීමට උත්සාහකලද ඉන් පලක් නොවනු ඇත.
 පාදකවූ අනෙකුත් ලිපි- ලොකුම හෙදියන්ගේ සල්ලි කෑම 
 මෙම ලිපිය සැකසීම සදහා  අදහස් ලබාදුන් සියලුම හෙද නිලධාරීන්ට,හෙද ආචාර්යවරුන්ට සිසු හෙද දියනියන්ට අපගේ ගෞරවණීය ප්‍රණාමය

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips