ශේරිග්‍රැම්,බ්‍රෙස්නිප්‍රික් පරපුර ‍රැකීමට නයිටිංගේල් දියනියන් පාරට!

http://3.bp.blogspot.com/-QujYqlTkZGo/TuojNr4uYII/AAAAAAAAAqo/l4nuscHSkNM/s1600/vuuui.jpgඅද දින කොලඹ හෙද විදුහල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවතිණි.මෙය කවුරුන් විසින් සංවිධානය කළේ දැයි සෙවීම අපට අවශ්‍ය නොවේ. මන්දයත් මෙහි පි‍ටුපස බංකොලොත් හෙද සංගමය සිටිනා බව රටටම නොරහසකි.තවද මෙම සංගමය තමන්ට පුද පුජා පවත්තන්නන් ‍රැක ගැනීමට මෙහයවනවා මිස හෙදියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී නොසිටිනා බව රටම දන්නා කරුණකි.මෙහි අපට පුදුමය දවන කරුණු කිහිපයක් පමණක් අප ඔබ හමුවේ මෙසේ සටහන් කිරිමට කැමැත්තෙමි.

 උද්ඝෝශණ,කිසිදු ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරකම් කිරීමට අයිතියක් නැතැයි කියු සිසු හෙද හෙදියන් මෙසේ පාරට ඇද දැමුයේ කවුරුන්ද? කිනම් පදනමක් මතද? හුදෙක් මෙය පසුගිය දිනක පුවත් පත් මගින් හෙලිකල හෙද විදුහල්වල ආචාර්යවරුන්ගේ දූෂණ සහ එකල සිටි ශේරිග්‍රැම්,බ්‍රෙස්නිප්‍රික් වැනි රෝගීන්ගේ ආහාර හොරෙන් අනුබව නොකලත් ඉතා පහත් අන්දමින් සිසු හෙදියන් ලවා ඔවුන්ගේ ආහාර  සපයා ගන්නා ශේරිග්‍රැම්,බ්‍රෙස්නිප්‍රික් වැන්නියන්ට අතිශයින්ම සමාන කණ්ඩායමක් මෙහි පි‍ටුපස සිටිනා බව අපට නම් නොරහසකි.

මෙවැනි  දැන්වීම් පෙන්නා, සිසු හෙද හෙදියන් මෙසේ පාරට ඇද  දමා රට හමුවේ සුදනන් වීමට උත්සාහකලද,අපිද හෙද විදුහල් තුල කලක් ගතකල බැවින් මෙවැනි අකටයුතු කම් සිදුවන බව හෙද හෙදියන්ටනම් රහසක් නොවේය.

හෙද විදුහල්වල ආචාර්යවරුන්ගෙන්,බුද්දිමත් දෙමාපියන්ගෙන් සහ සහෝදර  සිසුහෙද හෙදියන්ගෙන් අප මේ පුංචි ප්‍රශ්ණය පමණක් අසමි
  • බුද්ධිමත් දෙමාපියණි, ඔබ ඔබගේ දරුවා මෙවැනි උතුම් ‍රැකියාවක පුහුණුව සදහා යොමුකලා මිස මෙවැනි පහත් ක්‍රියාවන් සිදුකරමින් සමස්ත හෙද වෘත්තීයේම ගෞරවයම විනාශකරනා මෙවැන්නන් ‍රැකගැනීමට යොමුකලා නොවිය හැකියැයි අප තරයේ විශ්වාස කරමි.
  • දයාබර සිසු හෙද සහෝදර සහෝදරියනි, ඉහත ඔබටද බලපාන කරුනු හමුයේ එදා හෙදවිදුහල් තුලට වී අපට ශිෂ්‍ය සංගම් අයිතීන් නැතැයි කියාගනිමින් ඇසිපිය වසාගෙන නිවටයන් ලෙස ක්‍රියාකල ඔබ  [අන්තර් ශිෂ්‍ය හෙද බල මණ්ඩලය යැයි කියාගන්න ඔබ ] වැන්නන් මේ දූෂකයන් රකින්නේ  ඔබගේම පුවරුවේ සදහන් නයිටිංගේල්  උතුම් නාමය විනාශකර ශේරිග්‍රැම්,බ්‍රෙස්නිප්‍රික්ට සමාන පරපුරකින් පැවත එන හෙද දුරාචාරයින් ‍රැක ගැනීමට නොවේද?
  •  අනාගතයේ දී  නයිටිංගේල් පරපුර අතුගාදමා  ශේරිග්‍රැම් පරපුරක් ලොවට දායාද කිරීමටද?

 මෙසේ දූෂකයින් ‍රැක ගැනීමට ක්‍රියාකරනා ඔබ වැන්නන් පැමිනෙන අනාගත හෙද පරපුර හමුවේ උතුම් නයිටිංගේල්   නාමය කෙසේ ‍රැකගම්ද?
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

3 ප්‍රතිචාර:

Anonymous said... Best Blogger Tips

මටනම් මෙතැන Union කතාවක් නෑ , ඒත් මේ බූරුවන්ට සිංහලවත් ලියා ගන්න බැරි හැටි දැක්කම ලැජ්ජයි , “වෘත්තිය“ කියන එක සිංහලෙන් ලියා ගන්න බැරි මොවන් හෙද වෘත්තියට පැමිණියේ කෙසේදැයි පුදුමයක් , ලංකාවේ Nursing කියන්නේ උනුන් කාගන්නා එකක් මිසක , එකතු වෙලා තමන්ගේ වෘත්තියේ තත්ත්වය ඉහළ නංවාගන්නට උත්සාහකරන සේවාවක් නොවෙයිනේ . තව ටික කලක්යත්දි Medical officers , Midwives , and other minor staffs තම තමන්ගේ “රැකියාවල “ තත්ත්වය ඉහළ නංවාගෙන අයිතිවාසිකම් දිනා ගනිත්දි ලාංකීය හෙදියට “තොප්පිය, " විතරක් ඉතිරිවේවි.
ඔබ මෙය පළ නොකරත් , මේ ගැන ටිකක් හිතුවොත් හොඳයිනේද ?
මම ලංකාවේ හෙදියක් විදියට ඉඳල දැන් විදේශ රකට එම සේවය කරන කෙනෙක් , අපිට දැනෙනවා මේ වෙන අවාසනාවන්ත තත්ත්වයේ දුක...

Anonymous said... Best Blogger Tips

aththatama wela thiyenne lamayinwa balen okata yawapu ekai, geanu lamayinwa balen yawala thiyenne, nogiyapu ayatath athulen prashnalu, anika oya wancha duushana okkoma aththa

Unknown said... Best Blogger Tips

අප මල් විතරක් බලාපොරොත්තු නොවෙමි.ඉහතින් අපට චෝදනා කල මහතා හෝ මහත්මියගේ චෝදනාව අප පිලිගන්න අතර මෙවන් දේවල් කරන විට යම යම් අඩුපාඩුද ඇතිවිය හැක.උදාහරණයක් ලෙස ඔබ ලියූ පොඩි පේලි දෙකේ පවා අඩුපාඩු නැතිවා නොවේ."රකට"කෙසේ නමුත් ඔබගේ අදහස් වලට අපි ගරු කරණ අතර මෙය සිංහල පාඩමක් නොවන අතර හුදෙක් තොරතුරු බෙදා ගෑනීමේ අඩවියක් පමණක්ම වේ

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips