ලොකුම හෙදියන්ගේ සල්ලි කෑම | "අල්ලස් චෝදනාවන් නොමැති වෘත්තිය හෙද සේවාව" කතාව බොරු කරයි

http://www.freegreatpicture.com/files/184/24231-d-villain-and-money-picture.jpgරාජ්‍ය සේවාවේ වෘත්තීන් අතුරෙන් අල්ලස් හෝ දුෂණ චෝදනාවන් නොමැති එකම වෘත්තිය හෙද සේවාව පමනක් බව ගරු ජනාධිපතිතුමන් විසින් 2011. 11. 08 දින අරලියගහ මන්දිරයේදී පැවැති හෙද පත්වීම් දීමේ උත්සවයේදී ප‍්‍රකාශ කර තිබිනි.

එම ප‍්‍රකාශයේ සත්‍යතාවයක් ඇතත් රටේ හෙද අධ්‍යාපන ක්ෂේත‍්‍රය සහ රෝහල් හෙද පරිපාලන ක්ෂේත‍්‍රය මේවනවිට අල්ලස්, දුෂණ සහ වංචාවලින් ගහන තත්වයකට පත්වී ඇති බව පෙනීයයි. එදින සිදුවුයේ හෙද හෙදියන්ට පත්වීම් ලිපි ප‍්‍රධානය කිරීමයි. ඔවුන් හෙද සේවයේ III ශ්‍රෙණයේ හෙද නිලධාරීන් ලෙස පත්කොට තිබිනි. එහෙත් ජනමාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත්කලේ ඔවුනට ඩිප්ලෝමා සහතිකයක් ප‍්‍රදානය කල බවයි. එය හෙද සේවාවේ පළමු ඩිප්ලෝමා ප‍්‍රදානය ලෙස හදුන්වා තිබනද එදින කිසිදු ඩිප්ලෝමා සහතික පිරිනැමීමක් සිදුනොවිනි.

හෙද ඩිප්ලෝමා සහතිකය පිරිනැමීම මෙයට වසර කීපයක සිටම සිදුකරන ලදී. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හෙද හෙදියන් නොමග යැවීම සදහා සාමාන්‍ය උපාධි ලෝගුව පත්වීම් ලාභීනට පලදවමින් මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදන ලදී. එම නාටකය පිටපස සිදුවුනු දුෂිත ගනුදෙනු පහත දැක්වේ.

2011. 11. 08 දින හෙද ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1,441 දෙනෙකුට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමට කටයුතු කරන ලදී. ඒ සදහා එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1,441 දෙනාගෙන්ම රු. 2,000/= බැගින් මුදලක් එකතු කර ගැනීමට කටයතු කර ඇත. මේ සදහා මුලවී ක‍්‍රියාකොට ඇත්තේ කොළඹ හෙද විද්‍යාලයේ විදුහල්පතිනිය හා එම හෙද විද්‍යාලයේම සේවය කරන හෙද ආචාර්යවරයෙකුයි.

ඒ සදහා හේතුන් ලෙස මොවුන් ගෙනහැර දක්වා ඇත්තේ එම පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයේදී සාමාන්‍ය උපාධි ලෝගුවක් පැලදිය යුතු බවත්, එය කුලී පදනමින් ලබාගත යුතු බවත් සහ එම අවස්ථාවේදී පත්වීම් ලාභී හෙද ශිෂ්‍යාවන්ට පදක්කමක් පලදවන බවත්, ඒ සදහා අවශ්‍ය වියදම් පියවා ගැනීම වෙනුවෙන් එලෙස මුදල් එකතු කරන බවයි.

ඒ අනුව රු. 2,888,200/= ක මුදලක් එකතු කිරීමට කටයුතු කර ඇති අතර මෙහිදී බරපතල මුල්‍ය වංචාවක් සිදුවී ඇති බව බැලූ බැල්මට පෙනී යයි.

මෙසේ එකතු කරන මුදල් කොළඹ හෙද විදුහලේ හෙද සිසවෙකු හා ශිෂ්‍යාවකගේ නම්න් ලංකා බැංකුවේ රීජන්ට් චීදිය ශාඛාවේ ගිනුමකට බැර කර ඇති අතර එය පිටුපස පෙරකී හෙද ආචාර්යවරයා සහ විදුහල්පතිනිය සිටී.

සාමාන්‍යයෙන් ලංකාවේ  ඕනෑම විශ්වවිද්‍යාලයකින් සාමාන්‍ය උපාධි ලෝගුව රාජ්‍ය ආයතනයක් සදහා කුලී පදනම මත දෙනු ලබන්නේ උපරිම රු.200/= ක කුලී පදනමක් මතය. එසේම ඔවුන් විසින් ලබාදුන් පදක්කම සහිත පලදනාව නුල් සහ කාඞ්බෝඞ් යොදාගෙන නිමවා ඇති අතර එහි උපරිම මුල්‍ය වටිනාකම රු.200/= ට වැඩි නොවේ. ඒ අනුව එක් හෙද ශිෂ්‍යයෙකුගෙන් රු. 1600/= ට අධික මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇති අතර රු.2300000/= ට අධික මුල්‍ය වංචාවක් සිදුකර ඇත.

මෙය හෙද සේවාව තුළ සිදුවු පළමු හෝ එකම මුල්‍ය අක‍්‍රමිකතාවය නොවේ. ජනතාව දැනුවත් කිරීම පිනස එවැනි  සිදුවීම් කීපයක් පහත දක්වමු.

01. දිවයිනේ සෑම හෙද විද්‍යාලයකම සෑම සිසු හෙද කණ්ඩායමක්ම පළමු වසර අවසානයේදී හිස් වැසුම් පැලදවීම සදහා උත්සවයක් සංවිධානය කරනු ලබයි. මෙය සරල, චාම් උත්සවයකි. එහෙත් මෑතක සිට එම උත්සවය අධික වියදම් සහිත අංගෝපාංග වලින් සමන්විත උත්සවයක් බවට පත්වෙමින් තිබේ. මෙකී වියදම් සියල්ල දැරිය යුතුව ඇත්තේ අදාල සිසු හෙද කණ්ඩායමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් වීමද විශේෂත්වයකි. ඒ සදහා ඔවුනගෙන් දැරිය නොහැකි මුදල් ප‍්‍රමාණයක් එකතු කරන අතර එය මේ වනවිට බොහෝ හෙද විද්‍යාලවල එක් අයෙකු සදහා රු.10000/= ක් පමන වේ.

මේසා විශාල මුදල් ප‍්‍රමාණයක් වියදම් කිරීමේ ක‍්‍රමවේදය තීරණය කරනු ලබන්නේද හෙද විදුහලේ ආචාර්ය මණ්ඩලය වීමද විශේෂත්වයකි. ඔවුනට අවශ්‍ය තුටු පඩුරු සදහා මෙයින් සෑහෙන මුදලක් වැය වෙන අතර එය ඔවුන් විසිනම තීරණය කරන ආහාර වට්ටෝරුවකින් සමන්විත ප‍්‍රණීත කෑම වේලක සිට රන් ආභරන පරිත්‍යාග කිරීම දක්වා විහිදී පවතී.

02. හෙද ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොදාගෙන සිදුකරන වෙළද ගනුදෙනු බහුල වෙමින් පවතී. උදාහරණ කීපයක් ගෙනහැර දක්වන්නේ නම්,

  • I. මෑතකදී කොළඹ හෙද විද්‍යාලයේ 2009A, 2009 භ් යන සිසු හෙද කණ්ඩායම් සදහා වෛද්‍ය නලාවක්  හා රුධිර පීඩන මානයක් මිලදී ගන්නා ලෙස හෙද පරිපාලනය විසින් බල කර ඇති අතර එම උපකරන විවෘත වෙලදපොළොන් මිලදී ගැනීමට තිබු අවස්ථාව අහිමි කර ඒවා ලබාදීම සදහා රු.4000/= බැගින් එකතු කර ඇත. ඒ අනුව කණ්ඩායම් දෙකේ සිසන් 347 දෙනාගෙන් රු.1388000/= ක මුදලක් එකතු කිරීමට කටයුතු කර ඇති අතර විවෘත වෙළදපොලේ මෙම උපකරණ දෙකෙහිම වටිනාකම රු.1500/= ක් පමන වේ. ඒ අනුව රුපියල් ලක්ෂ 08 ට අධික මුදලක් මේ තුලන් වංචා කර ඇත.

  •  කොළඹ හෙද විද්‍යාලයේ හෙද ශිෂ්‍යාවන් සදහා අවශ්‍ය කරන ඖෂධ සංයෝජන අත්පොත මිලදී ගන්නා ලෙස බල කර ඇති අතර එයද විවෘත වෙළදපොළෙන් මිලදී ගැනීමට තිබු අවස්ථාව අහිමිකර එක් අයෙකුගෙන් රු.2100/= බැගින් එකතු කර එම ග‍්‍රනථයේ නවතම මුද්‍රණය වෙනුවට පැරණි මුද්‍රණයක් ඡායා පිටපත් කර ලබාදී ඇත. මේ තුලින් වංචා කර ඇති මුදල රුපියල් ලක්ෂ 07 ට අධිකය.

  • III. හෙද සිසවියන්ගේ නිල ඇදුම සදහා මේවනවිට අය කරනු ලබන මුදල රු. 1100/= කි. නිල ඇදුම් මැසීම කරනු ලබන්නේ කුරුණෑගල ‘‘උස්නාස්’’ නම් ආයතනය විසින. කොළඹ හෙද විදුහලේ විදුහල්පතිනිය එම ආයතනයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇත. එකී මුදල් ගෙවීම සදහා ‘‘උස්නාස්’’ ආයතනය විසින් නිල ඇදුමක මිල රු.1600/= දක්වා වැඩි කර ඇත. එනම් අනියම් ආකාරයෙන් හෙද ශිෂ්‍යාවන්ගෙන් මුදල් ගසා කෑමක් සිදුකර ඇත.

  • කොළඹ හෙද විදුහලේ හෙද සිසුන් සදහා නිල ලාංඡන සාදන පුද්ගලයාගෙන් රු.5000/= ක මුදලක් හෙද විදුහලේ පැවැති දන්සැලක් පැවැත්වීමට යැයි පවසමින් ලබාගෙන ඇත.

  • කොළඹ හෙද විදුහලේ හෙද ආචාර්යවරුන්ගේ හිතවතුන් පවත්වාගෙන යන ව්‍යාපාරවල නිශපාදන අලෙවි කිරීමේ වෙළදසැලක් බවට හෙද විදුහල පත්කර ඇත. මෙම ද්‍රව්‍ය අනිවාර්යෙන් සෑම ශිෂ්‍යයෙක්ම මිලදී ගතයුතුය. උදාහරන ලෙස අධ්‍යාපනයට වැදගන් නොවන විවිධ ප‍්‍රකාශන, සුවද විලවුන්, විසිතුරු භාණ්ඩ වැනි ද්‍රව්‍ය දැක්විය හැක.

  • 03. පසුගිය ඔක්තෝබර් 06 දිනයට යෙදුනු ගුරු දිනය සැමරීමට කොළඹ හෙද විද්‍යාලය කටයුතු කර ඇත. එහිදී හෙද ආචාර්ය මණ්ඩලයේ හෙද ආචාර්යවරුන්ට දිවා ආහාර වේලක් සමග තුටු පඩුරු ලබාදීමට බල කර ඇති අතර එහිදී එක් ආචාර්යවරයෙකුට පිගන් භාණ්ඩ කට්ටලය බැගින්  ලබාදීමටසිසනට සිදුවිය. ඒ සදහා ඔවුනට රු.50000/= ට අධික මුදලක් වැය කිරීමට සිදුවිය. මෙම තෑගි මිලදී ගැනීම සදහාද ඉහළම පන්තයේ වෙළදසැල් කරා යාමට සිසුනට සිදුව ඇත.

  •  උත්සව අවස්ථාවලදී ආහාර වේල් සදහා අධික ලෙස මුදල් එකතු කිරීම සිදුකරනු ලබයි. ගුරු දිනය, හෙද දිනය, පෝෂණ දිනය, කාන්තා දිනය, ලෝක ළමා දිනය ආදී විශේෂත දින මුල් කරගෙන උත්සව සංවිධානය කරනු ලබන අතර මෙම උත්සවයන් ඉලක්ක වන්නේ ප‍්‍රනත ආහාර වේලක් මුල් කරගෙනය. එහිදී ආහාර වේල සදහා රු.25000/= ට අධික මුදලක් දැරීමට සිදුවන අතර පළතුරුවලින් සමන්විත අතුරුපස සදහාද රු.10000/= ක පමන මුදලක් දැරීමට සිදුවේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම ආහාර වට්ටෝරු මෙන්ම ඒවා මිලදී ගන්නා ස්ථානද ආචාර්ය මණ්ඩලය විසින් නියම කිරීමය.

  •  දැනට පශ්චාත් ප‍්‍රාථමික හෙද විදාලයේ ඉගෙනුම ලබන සුතකා පුහණව ලබන හෙද නිලධාරීන්ටද එම විද්‍යාලයේ නාම පුවරුව සකස් කිරීම සදහා රු.75000/= මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර එසේ නැතිනම් රු.7500/= බැගින් වු කැරකෙන පුටු 10 ක් හෙද විදුහලට ලබාදෙන ලෙස බලකර ඇත. ඒ සදහා මේවනවිට එම සිසුන් මුදල් එකතු කරමින් සිටී.

  •  හෙද ආචාර්යවරියක් විශ‍්‍රාම යන විට හෝ වෙනත් සේවා ස්ථානයකට මාරුවී යන විට ඔවුනට රන් භාණ්ඩ තෑගී කිරීම අනිවාර්ය කටයුතතක් වී ඇත. මෙය දිවයිනේ සෑම හෙද විදුහලකම පවතී. ආසන්නම සිදුවීම ලෙස පශ්චාත් ප‍්‍රාථමික හෙද විදුහලේ සේවය කරමින් සිටි වර්තමාන කොළඹ හෙද විදුහලේ විදුහල්පතිනිය එසේ ස්ථාන මාරුවීමේදී රන් ආභරණ තෑගි කිරීම දැක්විය හැක.

  •  පසුගියදා කොළඹ හෙද විදුහලේ පැවති ගුරු දෙගුරු රැස්වීමකට සංග‍්‍රහ කිරීමට බව පවසමින් එක් ශිෂ්‍යයෙකුගෙන් රු.100/= බැගින් මුදල් එකතු කරන ලදී. නමුත් දෙමව්පියන්ට ලබාදුන්නේ රු.20/= ක් වටිනා කේක් කෑල්ලක් හා රු.20/= ක් වටිනා කිරි පැකට් එකකි. ඒ අනුව එක් ශිෂ්‍යකුගෙන් රු.60/= ක් වංචා කර ඇත.

  •  පසුගිය දිනකට යෙදී තිබු රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ උපන්දිනය වෙනුවෙන් පශ්චාත් ප‍්‍රාථමික හෙද විදුහලේ 2010 ශල්‍යාගාර පුහුණු කණ්ඩායමේ හෙද හෙදියන්ගෙන් මුදල් එකතු කර ඇති අතර එසේ මුදල් ලබානොදුන් හෙද හෙදියන්ට මුදල් නොදීමට හේතු ලිඛිතව ලබාදෙන ලෙස බල කර ඇත.

  • මෙම දුෂණවලට අළුතිනම එකතු වී ඇත්තේ හෙද විදුහලේ  ඕනෑම ආකාරයේ විභාගයක් ආරම්භ කරන මුල් දිනයේදී හෙද ආචාර්ය මණ්ඩලයට හා විදුහල්පතිනයට සියළුම කෑම වර්ගවලින් සමන්විත ඉස්තරම් තේ පැන් සංග‍්‍රහයක් අදාල විභාගයට මුහන දෙන හෙද කණ්ඩායම විසින් ලබාදිය යුතුය යන නීතයයි.

  • නොවැම්බර් 12 දින මුරුත්තෙට්ටුවේ හිමියන්ට අධිකරන සංඝනායක පදවි පිරිනැමීමේ කටයුත්ත සදහා සියළුම හෙද විදුහල්වල හෙද සිසනගෙන් රු.50/=, රු.100/= වැනි මුදල් එකතු කර ඇත. මහනුවර හෙද විදුහලේ එක් කණ්ඩායමකින් රු.50/= බැගිනද, අනෙක් කණ්ඩායමෙන් රු.100/= බැගිනද එකතු කර ඇත. මෙයට අමතරව නොවැම්බර් 12 දින කොළඹ හෙද විදුහලේ සියළුම හෙද ශිෂ්‍යාවන්ට සුදු සාරිවලින් සැරසී අභයාරාම විහාරස්ථානයට පැමිණීමට නියෝග කර ඇත.

මේ ආකාරයෙන්ම රෝහල් තුළ හෙද පාලනාධිකාරිය විසින්ද තම යටත් නිලධාරීන්ගෙන් වෘත්තය සමිති උවමනාවන් මත මුදල් එකතු කරමින් සිටී. මේ සදහා ඔවුන් තම නිල බලය යොදා ගැනීම විශේෂත්වයකි.

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ඇතුලු දිවයිනේ බොහෝ රෝහල්වල විශේෂ ශ්‍රෙණයේ හෙද නිලධාරිනිය විසින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උවමනාවන් මත මුදල් එකතු කිරීමේ කටයුත්තක නියැලිණි. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට බස්නාහිර පලාත් ප‍්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම නිමිත්තෙන් පවත්වන උත්සවය සදහා මෙලෙස මුදල් එකතු කෙරිණි. එහිදී හෙද සොයුරියකගෙන් රු.1000/= ක මුදලක්ද, හෙද නිලධාරිනියකගෙන්  රු.300/= ක මුදලක්ද අනිවාර්යෙන් ලබාදිය යුතු බවට නියෝග කර ඇත.

මෙයට පෙර  අභයාරාමයේ පැවති කිරි අම්මාවරුන්ගේ දානය සදහා රට පුරා රෝහල්වල හෙද හෙදියන්ගෙන් රු.300/=, රු.500/= වැනි මුදල් ප‍්‍රමාණයන් එකතු කරන ලදී.මෙලෙස දිවයිනේ බොහෝ රෝහල්වල ප‍්‍රධාන විශේෂ ශ්‍රෙණයේ හෙද නිලධාරීන් සහ පෙරකී වෘත්තීය සමිතියේ නියෝජිතයන් විසින් බලහත්කාරී ලෙස මුදල් එකතු කිරීමේ කටයුතු සිදුකරමින් ඇත.

මෙලස අප දක්වා ඇත්තේ මේවනවිට හෙද විද්‍යාලවල සහ රෝහල්වල සිදුවන මුදල් ගසා කෑම් පිළබද සිදධීන් කිහපයකි. තවත් බොහෝ අවස්ථාවල මෙවැනි ආකාරයේ සිදුවීම් හෙද විද්‍යාල තුළ මෙන්ම රෝහල්වලද සිදුවෙමින් පවතී. මේ හේතුවෙ
න් අපහට පැන නගින ගැටළු ගනනාවකි. එනම්,

01. මෙලෙස තම යටත් නිලධාරීන්ගෙන් මුදල් එකතු කිරීමට මෙම නිලධාරීනට ඇති බලය කුමක්ද යන වග.

02. තම යටත් නිලධාරීන්ගෙන් තෑගි බෝග සහ තුටු පඩුරු ලබාගැනීමට මෙම නිලධාරීන්ට ඇති අයිතිය කුමක්ද යන වග

03. මෙම මුදල් එකතු කිරීමේ ක‍්‍රයාවන් සම්බන්ධව කිනම් අවස්ථාවක හෝ නිශ්චිත විගණනයක් සිදුවී ඇත්ද යන වග

04. මෙවැනි ක‍්‍රයාවන් ආයතන සංග‍්‍රහයේ වගන්තනට අනුකුල වන්නේ කෙසේද යන වගත්ය. 

 sri lanka mirror අඩවියෙහි උපුටගැනීමකි
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips