ඖෂධ මිල පාලනයට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සහාය

ඖෂධ මිල පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන තිබෙන තීරණයට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සහාය පළ වී ඇත.

අමාත්‍යවරයා ගෙන තිබෙන අදාළ තීරණයට ඖෂධ ව්‍යාපාරිකයින් දැඩි විරෝධය පළ කර ඇති අතර මිල පාලනය ගෙන ආ විට ඔවුන් ලබන සියයට 65ක ලාභය තවත් අඩුවන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දෙයි.

ඖෂධ ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතාවය වන්නේ මහජනතාවට අඩු මිලට ඖෂධ ලබාදීම නොව උපරිම ලභා ලබා ගැනීම යැයි ද රත්නප්‍රිය මහතා චෝදනා කරනු ලැබේ.

දැනට රටට අවශ්‍ය ඖෂධ වර්ගවල සංඛ්‍යාව 3,000ක් පමණ වුවද රට තුළ ඖෂධ වර්ග 40,000ක් පමණ වෙළෙඳපොලේ පවතී.

මේ හේතු‍වෙන් එකම ඖෂධ වර්ගය විවිධ වෙළෙඳ නාමවලින් ගෙන්වා විකුණන අතර ‘ශත’ ගණනකට මිලදී ගත හැකි ඇතැම් ඖෂධ රුපියල් 40.50ක් වැනි මිල ගණන්වලට අළෙවි වන බවද පැවසීය.        
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips