ක්ෂය රෝගය ශ්‍රී ලංකාව තුළ ශත වර්ෂ ගණනාවක් පුරා පැවති බව විශ්වාෂ කෙරේ. සම්ප්‍රදායානුකූලව එය කාස රෝගය හෝ කාස රෝගම් ලෙස හැදින් වේ. මේ නම් වලින් හැදින්වෙන පරිදි ක්ෂය රෝගය කැස්ස හා ශරීරය ක්ෂය වීම (කෙට්ටු වීම) හා සම්බන්ධ වේ. අතීතයේදී මෙම රෝගය පරම්පරාවෙන් පරම්පරාවට ආවේනිකව යන රෝගයක් ලෙස සලකන ලදී. එම නිසා රෝගයෙන් පෙළෙන සාමාජිකයින් ඇති විට එම පවුල පිටින්ම සමාජයෙන් කොන් කරන ලදී. කෙසේ වෙතත්, ක්ෂය රෝගය බෝවීමේ ස්වභාවය පිළිබදව පසු කාලීනව ජනතාව දැනුවත් වීම රෝගය සදහා ප්‍රත්‍යක්ෂ ඖෂධ / සෞඛ්‍ය සේවාවන් සොයාගැනීමත් සමග එම වැරදි මත දුරස්වෙමින් පවතී.
1882 වර්ෂයේදී ජර්මානු ක්ෂුද්‍ර ජීවි විශේෂඥයෙක් වන වෛද්‍ය රොබට් කොච් | Dr. Robert Koch ක්ෂය රෝග සදහා හේතු කාරක වන බැක්ටීරියාව | mycobacterium tuberculosis සොයා ගැනීමට අනුරූපී ලෙස සෑම වසරකම මාර්තු 24 දින ලෝක ක්ෂය රෝග දිනය ලෙස සැමරේ.
1910 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද ක්ෂය රෝග කොමිසමේ නිර්දේශ අනූව ශ්‍රී ලංකාව තුල ප්‍රථම වරට ක්ෂය රෝග මර්ධන ක්‍රියාමාර්ග හදුන්වාදෙන ලදී. ශ්‍රි ලංකාව තුළ ප්‍රථම වරට ළය රෝග සායනයක් 1916 වර්ෂයේදී පිටකොටුවේ දී ස්ථාපනය කරන ලදී. ඉන්පසු රාගම, කදාන සහ වැලිසර ප්‍රදේශවල විශේසිත ක්ෂය රෝග රෝහල් 3ක් ස්ථාපනය කරන ලදී.
1945 වර්ෂයේදී ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය ස්ථාපිත කරන ලදී. එතැන් පටන් එම ව්‍යාපාරය දිවයින තුළ ක්ෂය රෝග මර්ධන සහ වැලැක්වීම පිලිබදව වගකීම දරන ලදී. 1950 වර්ෂයේදී ක්ෂය රෝගය ශ්‍රී ලංකාව තුළ පැවති ප්‍රධානතම මහජන සෞඛ්‍ය ප්‍රශ්නය ලෙස සලකන ලදී.
1988 දී ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය ශ්වසන රෝග මර්ධන වැඩසටහන ලෙස නම් කරන ලදී. 2001 වර්ෂයේදී නැවතත් එය ජාතික ක්ෂය රෝග මර්ධන සහ ශ්වසන රෝග පිලිබද වැඩසටහන ලෙස නම්කරන ලදී.

ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය ව්‍යුහාත්මක සැළැස්ම
ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියේ මූලික අරමුණ වන්නේ ජීවත් වන කාළය වැඩි කිරීම සහ ජීවන තත්ත්වය උසස් කිරීමයි. එම අරමුණ ලගා කර ගත යුතු වන්නේ බෝ වන රෝග මැඩපැවැත්වීම සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය තුළිනි. ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගයෙන් පීඩා විදින රටක් ලෙස නොසැළකීම සතුටට කරුණකි. කෙසේ වෙතත් තවමත් ක්ෂය රෝගය ශ්‍රී ලංකාව තුළ මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස පවතින අතර එය ජනතාවගේ සෞඛ්‍ය හා ප්‍රවර්ධනයට බලපෑමක් ඇති කරයි.
අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින මධ්‍ය ආයතනය වන අතර එය ශ්‍රී ලංකාව තුළට රෝගය වැළැක්වීම හා මර්ධන කාර්ය වගකීම උසුලයි. ක්ෂය රෝගය හා සම්බන්ධ ප්‍රතිපත්ති සැළසුම් ක්‍රම සම්පාදනය,හා ඇගයීම. එසේ ක්ෂය රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක් හරහා ජාතියේ තවත් ආරක්ෂක සංවර්ධනයට දායක වීම මෙහෙවර වේ.
ක්ෂය රෝගය පිළිබදව දැනුවත් කිරීම සහ එහි ආදීනව පිළිබදව පුද්ගලයා, පවුල, සමාජය සහ මුළු මහත් ජාතියම අවදි කිරීම වැඩසටහනේ අරමුණ වේ. ක්ෂය රෝගය මුළු ප්‍රජාවටම බලපාන සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා එය වැළැක්වීම සදහා සෑම පුද්ගලයෙකුම වගකීම සහ කැපවීම අවශ්‍ය බව වැඩසටහන අවධාරණය කරයි.
වැඩසටහන මධ්‍ය ආයතනයක් ලෙස ක්‍රියා කරයි. වැඩසටහනේ කටයුතු සේවය, සෞඛ්‍ය ආයතන, ප්‍රජා සෞඛ්‍ය සහ ප්‍රජාව සමග සහ සම්බන්ධීකරණයෙන් දිවයින පුරා විසිරි ඇති දිස්ත්‍රික් ළය සායන, ළය රෝහල් හා රජයේ සෞඛ්‍ය ආයතන හරහා ක්‍රියාත්මක කෙරේ.
තාක්ෂණික උපදෙස් ලබා දීමට දිස්ත්‍රික් ළය සායන තුළ TB මර්ධන කටයුතු ක්‍රියාත්මක කිරිම්, මධ්‍ය ආයතන ලෙස ක්‍රියාකිරීම් ජාතික TB මර්ධන කටයුතු ක්‍රමික කිරීම දිස්ත්‍රික් TB මර්ධන නිලධාරීන්ගේ වගකීම වේ.

ජාතික වැඩසටහන් ප්‍රධාන ක්‍රියාමාර්ග
ශ්‍රී ලංකා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය අනූව සියළුම අළුත උපන් දරුවන්ට ඉපදුනු විගස TB වැලැක්වීමට BCG එන්නත දීම සිදු කෙරේ. BCG එන්නත ලබා දීම ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන් අංශයක් ලෙස ක්‍රියාත්මක කෙරේ. BCG එන්නත් මගින් දරුවන්ව මනුෂ්‍ය සිරුරට දරුනු ආකාරයෙන් බලපාන ක්ෂය රෝගී තත්වයක් වන TB මොළයට බලපාන TB සහ පෙනහළු වලට බලපාට TB වලින් ආරක්ෂා කෙරේ. BCG එන්නත මගින් ක්ෂය රෝගය වැළැක්වීම පාලනය හෝ අඩු කිරීම සිදු නොකෙරේ.
TB රෝගයට ප්‍රතිකාර කිරීම වැඩසටහන ප්‍රධාන අංගයක් ලෙස සැළකේ. වසරකට ශ්‍රී ලංකාව තුල TB රෝගීන් 8000 ක් පමණ අළුතෙන්ම සොයා ගන්නා අතර ඒ අතුරින් 60% පමණ පෙනහළු ආබාධිත රෝගීන් ලෙස හදුනා ගැනේ. ශ්‍රී ලංකාව තුල TB රෝගය සදහා නොමිලේ ප්‍රතිකාර සැපයෙන අතර නිරතුරුවම පසු විපරම් සිදු කෙරේ රෝගීන්ට සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් මූල්‍ය සහනාධාර සපයනු ලැබේ.

ප්‍රතිකාර ක්‍රමවේදය කෙටි කාලීන ඖෂධ සහ නියමාකාර ලෙස රෝගියාගේ පසු විපරම තුළින් සම්පූර්ණයෙන්ම ප්‍රතිකාර ලබා ගැනීම සහ සුව වීම මත පදනම් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු මත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන DOB ප්‍රතිකාර ක්‍රමයෙන් TB රෝගීන් සදහා නියමාකාරයෙන් පිළිගත් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පිළිගැනේ. මේ ප්‍රතිකාර ක්‍රමය අනූව TB රෝගියෙක් දිනපතා ප්‍රතිජීවක ඖෂධ සෞඛ්‍ය සේවකයෙක් හෝ පුද්ගලයෙක් ඉදිරියේ අධීක්ෂණය යටතේ ගිලිනු ලැබේ. ඒ අනූව, TB රෝගියා අදාල නියම ඖෂධ නියමිත මාත්‍රාවෙන් නියමිත ගැනීම සහතික වන අතර එමගින් ප්‍රතිකාරය සම්පූර්ණ වීම සහ සහතික කෙරේ.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment