විස්සයි විස්සේ ක්‍රික්ට මැච් එකක වගේ හැරුණු හැරුණු අතේ බොරු කියන ෆෙඩි‍්‍රකා ජෑන්ස්ගේ සාක්කි බැහැර කොට යුද බිමේ තෙවතාවක් ලේ හැලූ යුද වීරයාගේ සාක්කි පිළිගන්නා ලෙස සුදු කොඩි නඩුවේ විත්තියේ දේශනය කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඊයේ අධිකරණයේදී පැවසීය.
මෙහිදී වැඩි දුරටත් විනිසුරු මඩුල්ල ඇමැතූ ලද්දුවහෙට්ටි මහතා
‘‘මේක පුදුම නඩුවක් මෙහි පුදුම සහගත සිදුවීම් ගණනාවක් තියෙනවා. පළමු සාක්කි කාරිය ෆෙඩි‍්‍රකා ජෑන්ස්ගේ සාක්කි විශ්ලේෂණයේදී අධිකරණයේ විශේෂ අවධානය යොමුවිය යුතුයි. ඇය කියනවා සරත් ෆොන්සේකා සමග පැවැත්වූ සාකච්ඡුාවට ඇයට අමතරව සභාපති ලාල් වික්‍රමතුංග, මාධ්‍යවේදිනී රශ්මින් විජේවර්ධන හා ඡුායාරූප ශිල්පී තුසිත කුමාර යන 4 දෙනාම ගියා කියා. නමුත් අධි චෝදනා ගොනු කරද්දී ඉන්නේ ෆෙඩි‍්‍රකා පමණයි. දෙවෙනි සාක්කිකරු ලෙස ලාල් වික්රමතුංගගේ නම ඉදිරිපත් කර තිබුනත් සාක්කියට කැඳෙව්වේ නෑ.
හරියට මේක ඔව්, නෑ, බෑ තරඟයක් වගේ. මේ නඩුව සාධාරණ සැකයකින් ඔබ්බට පැමිණිල්ල විසින් ඔප්පු කළා කියලා එක වචනයක් හෝ ප්‍රකාශ වූයේ නෑ.
ඊළඟ කරුණ චේතනාවක් තිබුණා කියන එක විමසිය යුතුයි. ඕනෑම අපරාධ නඩුවක එම අපරාධය කළ බවට ඔප්පු වන්නේ එය කළ පමණින් නොවේ. චේතනාවක් තිබීමත් එක් වීමෙනුයි. පැමිණිල්ල කළ යුත්තේ තම චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස් තහවුරු කිරීමයි. විත්තිය කරන්න ඕනෑ සාධාරණ සැකයක් තිබෙන බව ඔප්පු කිරීමයි.
මෙහිදී ෆෙඩි‍්‍රකා නෝනාගේ සාක්කි කිරලා මැනලා අරගෙන බලන්න. මම අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ එකිනෙකට වෙනස් පරස්පර විරෝධී සාක්කි දෙන ෆෙඞ්රිකා නෝගේ සාක්කි පිළිගන්නවාද? එට වෙනුවෙන් තෙවරක් ලේ හොල්ලපු යුද වීරයෙක්ගෙ වචන පිළිගන්නවද කියලා විමසා බලන්න කියා යි.
මේ නඩුව පිටු 600 ක් පමණ සමන්විතයි. එ්ත් පැමිණිල්ල කවුද කියලා නිවැරදි සඳහනක් නෑ.
මේ නඩුව පටන් ගන්නේ 2010 පෙබරවාරි 10 දා ඊට පසු අවස්ථා 3 කදී ෆෙඩි‍්‍රකා නෝනා සීඅයිඩියට කට උත්තර දීලා තියෙනවා. හතර දෙනෙක් ගිය සම්මුඛ සාකච්ඡුාවට එක්කෙනෙක් පමණක් සාක්කියට ආවේ ඇයි? මේ සම්මුඛ සාකච්ඡුාවට යෑමට පෙර සූදානම්වීමක් තිබුණා. ඇය කරුණු කිහිපයක් ඇගේ සටහන් පොතේ සටහන් කරගෙන ගියා.
රශ්මින් විජේවර්ධන සාකච්ඡුාවේදී විත්තිකරු කියන ලද දේවල් ප්‍රශ්න උත්තර ක්‍රමයට ලියලා තියෙනවා. ෆෙඞ්රිකා එක තැනකදී කියනවා රශ්මින් සම්මුඛ සාකච්ඡුාව කරන අයුරු බලන්න ගියා කියලා. තවත් තැනෙක කියනවා සම්මුඛ සාකච්ඡුාවෙ වෙලාවෙ රශ්මින් හා තුසිතට එළියට යන්න කියලා යම් යම් තොරතුරු ගත්තා කියලා. ඉන්පසු කියනවා රශ්මින් හා තුසිත යන දෙදෙනාම ගෙදර ගිහින් කියලා.
ලාල් වික්‍රමතුංග මේ ගමනට එක් වුනේ සරත් ෆොන්සේකාගෙන් යම් තොරතුරක් දැනගන්න කියලා කීවා. එ් අනුව සම්මුඛ සාකච්ඡුා කීයක් පැවැත්වුවද? රශ්මින්ගේ සාකච්ඡුාවේ කොතැනකවත් ෆෙඩි්රකාගේ නම සඳහන් කරලා නෑ. මේක නම් අපූරුම අපූරු සම්මුඛ සාකච්ඡුාවක්. මේ සම්මුඛ සාකච්ඡුාව පැවැත්වුවෙ රටේ යුද වීරයා මෙන්ම ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සමගයි. ෆෙඞ්රිකා ජෑන්ස් කියන්නේ බොරු සාක්කි. ඇය කොන්වුණු හැම අවස්ථාවකදීම ඇගේ ස්ථාවරය වෙනස් කරනවා.
සන්ඬේලීඩර් පුවත් පතේ මෙම ලිපිය පළවෙලා සතියක් යද්දි ඇයට දැනුනා තමන්ට යම් චෝදනාවක් එල්ල වන බව. එයට එක හේතුවක් තිබුණා. ඇය ආරක්ෂක ලේකම්ට අපහාස කරලා ලියන්නෙ නෑ කියලා පොරොන්දු වෙලා තිබුනේ.. උසාවියට අපහාස කිරීමේ චෝදනාවක් එ් වන විටත් ගල්කිස්ස උසාවියේ විභාග වෙමින් තිබුනා. ඇයට අපහාස නඩු ගොඩක් තිබුනා. වරක් අගවිනිසුරු තුමියටත් අපහාස කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේදී සමාව අර ගත්තා. ඇගේ මාධ්‍ය සදාචාරයේ ඇහිල්ලක් බැලිල්ලක් නෑ.
ඇය සරත් ෆොන්සේකාගෙන් ඇසීමට සටහන් පොතේ ලියාගෙන ගිය කරුණු වල මේ ප්‍රශ්ණය නෑ. ඇයට සම්මාන ගන්න පුදුම ආශාවක් තිබුණා. 2010 මාර්තු 10 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඇගේ නෝට් බුක් එක ඉල්ලූ වෙලාවෙ ඇය එය දෙන්න බෑ කියා එහි ඡුායා පිටපතක් ලබා දුන්නා නමුත් ජූනි 21 දා ඇය ඇගේ එම සටහන් පොත අධිකරණයට බාර දුන්නා.
කලින් ලබා දුන් ඡුායා පිටපතෙයි, පසුව ලබා දුන් පිටපතෙයි පිටුවල යම් වෙනසක් තියෙනවද කියලා මම දෙවතාවක්ම ඇහුවා. ඇය කිව්වේ වෙනසක් නැහැයි කියලා. නමුත් පැමිණිල්ල පවා පිළිගත්තා, හැමෝටම පෙණුනා ඒ කොළවල වෙනස. ජෑන්ස් නෝනට නොපෙනුණේ ඇයි?
ඇය කීවා ආරක්ෂක ලේකම්තුමාගේ දුරකතන අංකය දන්නේ නෑ කියලා. නමුත් ඇගේ නෝට් බුක් එකේ ආරක්ෂක ලේකම්වරයාගේ ජංගම දුරකථණ අංකය පවා තියෙනවා.
ඇය දෙරණ නාලිකාවට කීවා මේ සිද්ධිය පටිගත කලා කියලා. නමුත් පටිගත කරලා නෑ. සාක්කි ආඥාපනතේ ඇති තරම් ප්‍රතිපාදන තියෙනවා ඇයව ගෙනල්ලා ඇත්ත දැන ගන්න පුළුවන් බවට. ඇය තමන්ට අවාසි වූ සෑම අවස්ථාවකදීම වැටුණු තත්ත්වයෙන් මිදීම සඳහා අසත්‍ය ප්‍රකාශ කළා නැතිනම් වෙනත් කෙනෙකුගේ පිටේ ගැහුවා. ඇය කියන දේවල් පිළිගන්න බැරි බොරු සාක්කි.
හැරෙන හැරෙන අතේ අසත්‍ය ප්‍රකාශ කරනවා හරියට විස්සයි විස්ස ක්‍රිකට් මැච් ගහනවා වගේ. ඇය බොරු කියනවා කියලා දන්නවානම් ඇගේ බොරු සාක්කි බැහැර කළ යුතුයි. ඇය සාක්කි දුන් ආකාරය, විලාසය, ඔබතුමන්ලා දකින්න ඇති.
ඒ නිසා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා ඇගේ බොරු සාක්කි බැහැර කොට යුද බිමේ තෙවතාවක් ලේ හැලූ යුද වීරයාගේ සාක්කි පිළිගන්නා ලෙස.
සුදුකොඩි නඩුවේ විත්තියේ දේශන තවදුරටත් අද පැවැත්වේ. මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර, ඩබ්.එම්.පී.බී වරාවැව, එම් ආර් රසීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග වේ. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි කැළුම් උබේසේකර, යූඑල්ජී බණ්ඩාර, නාමල් පෙරේරා, ඇන්ජලෝ බෙනඩික්ට්, අකිල මුතු මුදලි චතුර අමරතුංග මර්වින් සිල්වා නිරෝෂන පෙරේරා ඇතුළු පොල් රත්නායක නීතිඥ සමාගමේ උපදෙස් මත නිතිඥ මඩුල්ලක් පෙනී සිටියේ ය..

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment