ක්ෂය ‍‍රෝගය රුධිර පරීක්ෂණ වහාම අත්හිටුවන්න

http://crispyfajita.files.wordpress.com/2011/06/logo20who.pngටීබී හෙවත් ක්ෂය ‍‍රෝගය හඳුනාගැනීම සඳහා කරනු ලබන රුධිර පරීක්ෂණ වහාම අත්හිටුවිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය  ප්‍රකාශ කළේය.(ජුලි-20)


සජීවී ටියුබකියුලෝසිස් බැක්ටීරියාව හඳුනාගැනීම සඳහා එම රැධිර පරීක්ෂණය අසාර්ථක එකක් වීම ඊට හේතුව වේ.ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේ මේ තත්ත්වය ලොවපුරා මිලියන ගණනක පිරිසක් අනතුරේ හෙලීමක් බවය.

බොහෝ බටහිර රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා නිෂ්පාදනය කරනු ලබන පරීක්ෂණ කට්ටල නියමිත ප්‍රමිතියේ නොපවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

මේවා යොදාගනිමින් කරනු ලබන රැධිර පරික්ෂාවන්ගෙන් අඩක්ම නිවැරදි ප්‍රතිපල ගෙන නොදීම එයට හේතුව වේ.මෙහිදී ඇතැම් රෝගීන්, නිරෝගී පුද්ගලයින් ලෙසත් නීර්ණය කෙරෙන බව වසරක් තිස්සේ කරන ලද අධ්‍යනයකදී තහවුරු වී ඇත.

එම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන් දිළිඳු රටවලින් ඉල්ලා සිටිනුයේ නිරවද්‍ය ප්‍රතිඵල රහිත පරීක්ෂණ කට්ටල තහනම් කරන ලෙසය.

ඊට විකල්ප වශයෙන් ක්ෂය රෝගය හඳුනාගැනීම සඳහා ක්ෂුද්‍රජීවී හෝ අනුක ජීව විද්‍යාත්මක පරීක්ෂණ තෝරා ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක්  කරති. 
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips