දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ජයවර්ධනපුර රෝහලට රැගෙන ආ වාහනයේ වෙඩි උණ්ඩ මගින් පසාරුව තිබුණ ආකාරයත් ලේ තැවරී තිබුණ ආකාරයත් පහත ඡායාරූපවල දැක්වෙනවා.තවමත් දුමින්ද සිල්වාගේ ශල්‍යකර්මය සිදුවන බවත් අවසන් වනතුරු කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් රෝහල් අධ්යක්ෂ ප්‍රකාශ කලා
සිද්ධිය සිද්ධවූ මුල්ලේරියාව අයි ඩී එච් රෝහල අසල වාහනයක් ගිනි ගන්නා ආකාරය
ප.ව. 5.00
ප.ව. 4.30
ප.ව. 4.20
වෙඩි තැබීම් සිද්ධිය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ හිසේ ශල්‍ය කර්මයක් කිරීමට සිදුව ඇතැයි ජයවර්ධනපුර රෝහල් ආරංචි මාර්ග දක්වන අතර ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ පසුවනවා.ප.ව. 4.05මුල්ලේරියාව හිඹුටාන ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිද්ධවී තිඛෙන අතර දේශපාලන ගැටුමක් ලෙස මේ වෙඩි තැබීම සිදුව ඇතැයිද භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද හා දුමින්ද සිල්වා දෙදෙනාටම මෙයින් තුවාල සිද්ධවී රෝහල් ගත කර ඇතැයිද වාර්තාවේ.
ප.ව. 3.55
මින් ස්වල්ප වේලාවකට පෙර සිදුවූ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවක් හේතුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ දේශපාලකයින් පිරිසකට වෙඩි වැදී ඇති බවත් කිහිපදෙනෙකුටම බරපතල බවත් වාර්තා වනවා.ජයවර්ධනපුර හා මුල්ලේරියාව රෝහල් වෙත පිරිස් ඇතුළත් කර ඇති බවත් වාර්තා වනවා.
භාරත ලක්ෂ්මන් හිටපු මන්ත්‍රිවරයාට මරු කැඳවමින් මේ ගැටුම සිදුව ඇත්තේ එකම පක්ෂයේ දෙපිරිසක් අතර සිද්ධවූ වෙඩි හුවමාරුවකින් බව මේ වන විට වාර්තා තිඛෙනවා.මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ මේ වනවිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති අතර එය හෙට උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.
ප.ව. 4.30
වෙඩි තැබීම් සිද්ධිය නිසා භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර හා ඔහුගේ සහයකයා මියගිය බව දැන් වාර්තා වනවා.ඔහු බරපතල වෙඩි වැදීමෙන් පසු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කළ බවත් පසුව කොළඹට මාරු කල නමුත් තුවාල වල තත්වය බරපතල නිසා මියගිය බවත් වාර්තා වුණා.
දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ ශල්‍යකර්මය තවමත් සිදුවන බව වාර්තා වනවා.
දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ ශල්‍යකර්මය තවමත් සිදුවන බව වාර්තා වනවා.
ප.ව. 4.20
වෙඩි තැබීම් සිද්ධිය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ හිසේ ශල්‍ය කර්මයක් කිරීමට සිදුව ඇතැයි ජයවර්ධනපුර රෝහල් ආරංචි මාර්ග දක්වන අතර ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ පසුවනවා.ප.ව. 4.05මුල්ලේරියාව හිඹුටාන ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිද්ධවී තිඛෙන අතර දේශපාලන ගැටුමක් ලෙස මේ වෙඩි තැබීම සිදුව ඇතැයිද භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද හා දුමින්ද සිල්වා දෙදෙනාටම මෙයින් තුවාල සිද්ධවී රෝහල් ගත කර ඇතැයිද වාර්තාවේ.
ප.ව. 3.55
මින් ස්වල්ප වේලාවකට පෙර සිදුවූ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවක් හේතුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ දේශපාලකයින් පිරිසකට වෙඩි වැදී ඇති බවත් කිහිපදෙනෙකුටම බරපතල බවත් වාර්තා වනවා.ජයවර්ධනපුර හා මුල්ලේරියාව රෝහල් වෙත පිරිස් ඇතුළත් කර ඇති බවත් වාර්තා වනවා.
වැඩි විස්තර සඳහා රැඳී සිටින්න අප සමග
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment