මේ අවස්ථාවේ එයට විරුද්ධවූ ඒ අවස්ථාවේ මූලාසනය හෙබවූ අස්වර් මැතිතුමා ජනපතිවරයා සම්බන්ධ මෙවැනි කතාවන් පාර්ලිමේන්තුවේදී කතාකිරීම නීතියට පටහැණි බවත් එසේම ඔහු පෙන්වා තිඛෙන ඡායාරූපය වෙඩිතැබීම් ස්ථාන පෑනකින් ඇඳ ව්‍යාජව සකස් කළ එකක් බවත් කියමින් ඔහුගේ කතාව නතර කරන්නට නියෝග දුන්නේය.
නමුත් මේ අවස්ථාවේ දයාසිරි මන්ත්‍රීවරයා නිහඩ වූයේ නැත. ඔහුගේ මයික්‍රෆෝනය අක්‍රීය කර තිබියදීත් සභාව දෙවනත් කරමින් දිගින් දිගටම කතා කළ අතර අස්වර් මැතිතුමා වෙනත් අයට කතා පවත්වන්නට ඇරයුම් කළත් දයාසිරිගේ බාධාකිරීම් නිසා සභාවේ වැඩ කරන්නට අපහසු විය.
මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ උපදෙස් ගෙන පොතක් පෙරළන ලද අස්වර්මැතිතුමා 74.1 වගන්තිය අනුව දයාසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභාගැඛෙන් ඉවත් කරන්නට නියෝග කළේය. ඒ සමගම සභාවද කල් තැබුවේය.
(පුවත් අනුග්‍රහය ගොසිප් ලන්ක වෙබ් අඩවිය)
මේ අවස්ථාවේ වීඩියෝව බලන්න පහතින්
(පාර්ලිමේන්තුව මගින් සපයන ලද මෙම වීඩියෝවේ දයාසිරි ජනපති ගැන කියන කොටසේ හඩ ඉවත් කර තිබිණි)
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment