හෙද විදුහල්පතිණියන්ගේ නිරුවත හෙලිවෙයි

http://2.bp.blogspot.com/_1NTX4exRywE/TUYHSJ9dM_I/AAAAAAAABXs/1kVEtA-yf5A/s1600/sri5000f.bmpමෙවර නවක හෙදියන්ට පත්වීම් ලබාදීම නවතම ක්‍රමයක් සොයාගෙන ඇත.මෙය හුදෙක් හෙද විදුහල් තුලදී කරණ සුපුරුදු මුදල් වංචාව තවත් ඉදිරියට යාමක් බව නවක් හෙදියන් සහ ඔවුන්ගේ දෙමාපියන් අප වෙත පවසයි.
 
වැඩි දුරටත් ඔවුන් පවසන්නේ හෙද විදුහල තුලදී විශාල වශයෙන් මුදල් එකතු කලද,ඒ සදහා කිසිදු අයවැය වාර්ථාවක් කිසිදිනක ඉදිරිපත් නොකරණ බවය.රජයේ ආයතනයක් තුල  මෙවැණි අන්දමින් මුදල් එකතු කිරිම ආයතතන සංග්‍රහයට පටහැණි බවයි ඔවුන් පවසන්නේ ය.
 
තත්ත්වය එසේ තිබියදී  නවක හෙදියන්ට පත්වීම් ලබාදීම උත්වය සදහා රු3000 ක මුදලක් උපාධි ලෝගුව සදහා ද රු1500 මුදලක් එදිනට ඇදීමට  නියමිත සාරිය සදහාත් යැයි පවසමින් හෙද විදුහල්පතිණියන් මේ දිනවල එකතු කරමින් පවති.පසුව මෙය මෙසේ වෙනස්කර ඇත.රු 1500 මුදල උත්සව සදහා  වැයකරණ බව පවසා උත්සවය දිනයට චාම් සාරියකින් පැමිණිය යුතු බව දැනුම්දී ඇත.තවද මෙම මුදල් යොමු කරනුයේ අදාල හෙද විදුහලේ විදුහල්පතිණියන්ගේ පෞද්ගලික ගිණුම්වලට වීම පුදුම සහගතය.
 
මෙසේ ආයතයක් තුල නීති වීරෝධී අයුරින් මුදල් එකතු කල හැකිද?
 
මෙහි අයවැය ලේඛණයක් ඉදිරිපත් කරයිද?
 
දෙමාපියකු අප හා පැවසූවේ හෙද දිනයහි අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා පැවසූ පරිදි "අල්ලස් නොගන්නා එකම එකම රජයේ සේවක කොට්ටාශය හෙදියන්"වුවත් හෙදවිදුහල්පතිණියන් හෙදවිදුහල් තුල විශාල වශයෙන් මුදල් එකතු කරණ බවත්, ලමුන්ගේ මුදලින් පාටිදමා ඔවුන් සතු‍ටුවී එහි අයවැයද ඉදිරිපත් නොකිරීම අල්ලස් නොගැනීමක්ද ?සහ  මෙවැනි ක්‍රියා උතුම් වු වෘතියක ඉහලම නිලධාරීන්ගේ ලැජ්ජාසහගත ක්‍රියාවක් බවත් ය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips