ලිංගික උත්තේජක ඖෂධ භාවිතයෙන් අතුරු ආබාධ

http://3.bp.blogspot.com/-vbTbaxFo_dY/TahqmRyFXXI/AAAAAAAAAA4/1uqKz8mMr_4/s1600/sweta-menon-kamasutra-ad-3.jpgඅනුමැතියකින් තොරව අලෙවි කරන ඇතැම් ලිංගික උත්තේජක ඖෂධ අතුරු ආබාධ රැසකට හේතුවී ඇති බව සෞඛ්‍යය අමාත්‍යංශය පවසයි.
 
එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වෙළඳපළේ මේ වන විට සිරුරට අහිතකර එවැනි ඖෂධ රැසක් අලෙවි කරන බවයි.
වෙළඳපළේ අලවි කිරීමට අවසර දී ඇත්තේ සිරුරට අහිතකර නොවන ලිංගික උත්තේජන ඖෂධ වර්ග හයක් පමණක් බව එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් අධි ක්‍රියාකාරීත්වය අපේක්ෂාවෙන් බොහෝ පිරිස් අනුමත නොකළ ඖෂධ භාවිතයට පෙළඹී ඇති බව සෞඛ්‍යය අමාත්‍යංශය පවසයි.

එවැනි පුද්ගලයින්ට හෘදයාබාධ, මොලේ ආබාධ ආදිය ඇතිවිය හැකි අතර මරණය පවා සිදුවූ අවස්ථා වාර්තා වී තිබේ.

එවැනි ඖෂධ අලවි කරන ස්ථාන පිළිබඳව වහාම දැනුම්දෙන ලෙස විලවුන් උපකරණ හා ජාතික ඖෂධ අධිකාරිය මහජනතාවට දැනුම් දී සිටී.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips