නුදුරේදීම ලොවට පිටසක්වල ප්‍රහාරයක්?

පිටසක්වළ ජීවීන් (Aliens) පෘථිවිය ආක්‍රමණය කරමින් සිටින බව අමෙරිකාවේ නාසා (NASA) ආයතනය මඟින් තහවුරු කොට ඇතැයි සඳහන් වේ.


බොහෝ වෙබ් අඩවි මේ වන විට පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ආක්‍රමණයක් සම්බන්ධයෙන් බිය සැක පහළ කොට තිබේ.



එසේම පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ආක්‍රමණයක් පිළිබඳ අන්තර්ජාලයේ මෙවැනි වෙබ් අඩවි අනාවැකි පළ කිරීමට ගත්තේ 2008 වසරේ පමණ සිටය. පිටසක්වළ ජීවීන්ගෙන් විය හැකි ආක්‍රමණයක් පිළිබඳ පවතින විශ්වාසය, කුහුල මෙන්ම උනන්දුව කොතරම්ද යත් අන්තර්ජාල වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් මෙන්ම සමහර රටවල ගුවන්විදුලි, රූපවාහිනි හා පුවත්පත් මාධ්‍ය පවා මෙම සංසිද්ධිය සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වීමට හා වාර්තා කිරීමට වෙනම මාධ්‍යකරුවන් පත්කොට තිබේ.



මෙම පිටසක්වළ ජීවීන්ගේ ප්‍රහාරය වඩාත් ත්‍රාසයට හා භීතියට පත් කරන්නක් බවට පත්ව තිබෙන්නේ දැන් එහි දින වකවානු ලෝක විනාශය සිදුවෙතැයි කියන මෙම දෙසැම්බර් මාසයේ දිනයන්හි සිදුවන බවට අනාවැකි පළකොට තිබීමය.



පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට ලොව සියලුම රාජ්‍යයන් දැනුම්වත් බවද එසේ වුවත් ලෝකවාසීන් කලබලයට පත් නොවීම සඳහා රාජ්‍යයන් එම තොරතුරු මහජනතාවගෙන් වසං කරන බවද මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරන විදෙස් මාධ්‍ය කියා සිටී.



නිව්ස් ඩිස්කවරි වෙබ් අඩවිය තවදුරටත් සඳහන් කරන්නේ සීබා නමැති ග්‍රහලෝකයේ සිට එන පිටසක්වළ ජීවීන් පෘථිවි ආක්‍රමණය අරඹා ඇති බව පිටසක්වළ ජීවීන් සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මණ්ඩලය මඟින් තහවුරු කොට ඇති බවයි. 2011 ඔක්තෝබර් මාසයේ සිට මෙම ප්‍රහාර පෘථිවිය වෙත එල්ල කිරීම ආරම්භ කොට ඇති බව කියැවෙන අතර 2015 වසරේ දෙසැම්බර් දක්වා පෘථිවියට විශාල සංඛ්‍යාවක් ප්‍රහාර එල්ල වනු ඇතැයි එම මණ්ඩලයේ ප්‍රධානී ජෝන් මැලී  ප්‍රකාශ කොට තිබේ. එසේ 2015 දෙසැම්බර් වන පෘථිවිය සීබාවන්ගේ (සීබා ග්‍රහලෝකයෙන් පැමිණෙන පිටසක්වළ ජීවීන්) සම්පූර්ණ ග්‍රහණය යටතේ පවතිනු ඇති බවටද ඔහු අනාවැකි පළ කරයි.



මෙසේ සීබාවන් විසින් පෘථිවිය ආක්‍රමණය කිරීමට හේතුව ලෙස නාසා ආයතනය දක්වන්නේ පෘථිවියේ සිටින මිනිසුන් වඩා වැඩි වැඩියෙන් හරිතාගාර වායුන් විමෝචනය කරමින් අභ්‍යවකාශය දූෂණය කිරීමට කටයුතු කිරීමය.



විශ්වයේ ඈත සිට බලන පිටසක්වල ජීවීන්ට පෘථිවියේ පරිසර තත්ත්වයන් ඛේදනීය ආකාරයට වෙනස් වන බව නිරීක්‍ෂණය කිරීමට හැකි වී ඇති බවද මානව ශිෂ්ටාචාරය පාලනයෙන් තොර අන්තයකට ඇදී යන බවද ඔවුනට අවබෝධ වී ඇති හෙයින් විශ්වයට වඩා බරපතළ අනතුරු කිරීමෙන් මනුෂ්‍ය වර්ගයා වළකාලීම සඳහා පිටසක්වළ ජීවීන් විසින් මෙම දැඩි පියවර ගෙන ඇතැයි නාසා ආයතනය කියයි.



පෙනිසියුලියානු රාජ්‍ය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥවරුන් මෑතදී අනාවැකියක් පළකොට ඇත්තේ 2012 අවසානය එළැඹෙන විට සීබා ග්‍රහලෝකයෙන් පැමිණෙන පිටසක්වළ ජීවීන් හා පෘථිවි වාසී මනුෂ්‍යයන් අතර සෘජු සම්බන්ධතා පැවැත්වෙනු ඇති බවයි.



නාසාහි ග්‍රහවිද්‍යා අංශයේ ජෙසිකා විගල් මාකුම් හා ඇයගේ කාර්යමණ්ඩලය සීබාවන් පෘථිවියට ළඟාවී මිනිසුන් හමුවීමකදී ඇතිවිය හැකි සිදුවීම් "සත්‍ය වශයෙන්ම හමුවීම සඳහා සූදානම් වන්න" යන තේමාව යටතේ ලැයිස්තුගත කොට ඇත්තේ මනුෂ්‍ය වර්ගයාට එය උපකාරී වනු ඇතැයි යන හැඟීමෙනි.



මිනිසුන් සීබාවරුන් හමුවීම යනුවෙන් නිකුත් කොට ඇති වාර්තාවේදී පර්යේෂකයන් විසින් පිටසක්වළ ජීවීන් වර්ග තුනකට බෙදා දක්වා තිබේ. ඒ මිනිසාට ප්‍රයෝජනවත් වන පිටසක්වළ ජීවීන්, ප්‍රයෝජනයක් හෝ අවැඩක් නැති පිටසක්වළ ජීවීන් හා මනුෂ්‍යයාට හිංසාකාරී පිටසක්වළ ජීවීන් වේ.



මිනිසාට ප්‍රයෝජනවත් පිටසක්වළ ජීවීන් අතර සිටින පිටසක්වළ බුද්ධිමතුන් විසින් වාසිදායී හා සාමකාමී ආකාරයට සීබාවන් හා මිනිසුන් අතර හමුවීම් සංවිධානය කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම හමුවීම් තුළින් කුසගින්න, දරිද්‍රතාව හා ලෙඩරෝග වැනි මිනිසා මුහුණ දෙන ගෝලීය ප්‍රශ්න විසූදාගැනීමට මනුෂ්‍යයාට අවශ්‍ය දැනුම ලබාදෙනු ඇත.



ජෝති අග්‍රවාල් නම් විද්‍යාඥයා පවසන පරිදි සීබාවරුන් හා මානව වර්ගයාගේ මෙම හමුව මනුෂ්‍යයා කෙරෙහි වඩාත් ප්‍රකෝපව සිටින වෙනත් බලගතු පිටසක්වළ ජීවීන්ගෙන් හෝ පසුව අඟහරු ආදී ග්‍රහලෝකයකින් පැමිණෙන පිටසක්වළ බුද්ධිමත් ජීවීන්ගෙන් ගැලවීම සඳහා මිනිසාට බෙහෙවින් ඉවහල් වනු ඇත.



මෙම සංසිද්ධිදාමය තුළින් මිනිසා ලබන ලාභ ප්‍රයෝජනත්, මිනිසාගේ චිත්ත ධෛර්යයත් වැඩිකරනවා පමණක් නොව පිටසක්වළ ජීවීන් සමඟ සිත් තුළ තිබූ සතුරු හැඟීම් ඉවත් කරගැනීමටද හේතු වනු ඇතැයි විද්‍යාඥ ජෝති අග්‍රවාල් පෙන්වා දෙයි. එසේම පිටසක්වළ තාක්‍ෂණය පෘථිවිය මතට ලබාගැනීමටද එය මහඟු අවස්ථාවක් ලබාදෙනු ඇත.



අනෙකුත් ආකාරයේ පිටසක්වළ ජීවීනට වඩා සීබාවරුන් සමඟ අර්ථවත් සන්නිවේදනයක යෙදීමට මිනිසාට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. සීබාවරුන් මනුෂ්‍ය වර්ගයා වෙත 'ගැලැක්සීය සමාජ'  සඳහා ආරාධනා කරනු ඇතැයි විශ්වාස කෙරේ.



සීබා ග්‍රහලෝකයෙන් පැමිණෙන පිටසක්වළ ජීවීන් මනුෂ්‍ය වර්ගයාට හානි කරන්නන් වුවහොත් එය පෘථිවිය මත වෙසෙන මනුෂ්‍යයාගේ දැඩි අසතුටට හේතුවන්නක් විය හැකිවේ. සමහර විට මෙම පිටසක්වළ ජීවීන් මනුෂ්‍යයන් ආහාරයට ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට හෝ ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණිය හැකිය. එසේ වුවහොත් කායික වශයෙන් තළා පෙළා දැමීමෙන් හෝ සංක්‍රමණික පිටසක්වළ ජීවීන් වෙතින් රෝග වහනය වීමෙන් මනුෂ්‍යා දැඩි පීඩාවකට පත්විය හැකිය.



විශේෂයෙන්ම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් යටතේ මිතුරු නොවූ පිටසක්වළ ජීවීන් විශේෂයක් මඟින් පෘථිවිය මත වෙසෙන මනුෂ්‍යයන් පෘථිවිය මතින් අතුගා දමා වෙනත් බුද්ධිමත් ජීවීන් විශේෂයක් මඟින් ප්‍රතිෂ්ඨාපනය කිරීමද සිදුවිය හැකිය.



එසේම තවත් සමහර පිටසක්වළ ජීවීන් විසින් අතිශය භයානක වූ පර්යේෂණ පැවැත්වීමටද කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වේ.



පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ආගමනයකින් මනුෂ්‍ය වර්ගයාට විය හැකි හානිය අවම කරගැනීම සඳහා පිටසක්වළ ජීවීන් සමඟ සාමය වර්ධනය කරගැනීමේ ප්‍රයත්නයක් ක්‍රියාත්මක කළ යුතු බව විද්‍යාඥයන් පෙන්වා දී ඇතැයි කියැවේ. අභ්‍යවකාශය වෙත සාමකාමී සංඥා යැවීමද ග්‍රහලෝක අතර පිටසක්වළ ජීවීන් සොයා කණ්ඩායම් පිටත් කිරීමද මෙලෙස ගතහැකි ක්‍රියාමාර්ගයන් වේ.



පෘථිවිය මත සිටි ජීවීන් වරෙක මනුෂ්‍යයන් විසින් ප්‍රතිෂ්ඨාපනය කොට පෘථිවිය මත බලය සියතට ගත්තේය. එසේම පිටසක්වළ සිටින ජීවී විශේෂයක් වැඩිදියුණු වෙද්දී පෘථිවිය මත සිටින 'මනුෂ්‍යයන්' යනුවෙන් හඳුන්වන ජීවී විශේෂය ප්‍රතිෂ්ඨාපනය කරමින් සිය අණසක පෘථිවිය මත පතුරුවාලීමට ක්‍රියාකිරීමේ අරුමයක්ද නොවේ යැයි යන මතයද මෙම විද්‍යාඥ පිරිස ගෙනහැර දක්වති.



මේ අතර ස්වාභාවික ව්‍යසන සිදුවීමට මොහොතකට පෙර හඳුනානොගත් ආකාශ වස්තූන් එම ස්ථානවල තිබී ඇති බව මේ වනවිට හෙළිදරව් වී තිබේ. 2012 අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවලදී පමණක් මෙසේ හඳුනා නොගත් පියාසර වස්තූන් සීයක් පමණ ඉන්දියා, චීන දේශ සීමා ප්‍රදේශයේදී දර්ශනය වී ඇති බව 'ඉන්දියා ටුඩේ' පුවත්පත පවසා තිබිණි. ඉන්දීය හමුදා නිලධාරීන් පවසා ඇත්තේ මේ පියාසර වස්තූන් චීනයේ ඩේ‍රාන යාත්‍රා හෝ චන්ද්‍රිකා නොවන බවයි.



පසුගිය සතියේ අමෙරිකාවේ මෙක්සිකෝ, වර්ජිනියා හා කැරොලිනා ප්‍රාන්තවල මෙන්ම ස්කොට්ලන්තයේදී එවැනි හඳුනා නොගත් පියාසර වස්තූන් දර්ශනය වූ බවට වීඩියෝ වාර්තා පවා ඇත.



එසේම තවත් භයානක ආරංචියක් වන්නේ යම්කිසි ස්වාභාවික ව්‍යසනයක් වන අවස්ථාවලදී ඊට දින කීපයකට පෙරදී මෙවැනි පියාසර වස්තූන් දර්ශනය වන බවය. මැතකදී සිදුවූ ගිනිකඳු පිපිරීම්, සුනාමි වැනි ව්‍යසනවලදී පෙර මෙවන් දේ දර්ශනය වී ඇත.



පසුගිය ඔක්තෝබර් 26 වැනිදා මෙක්සිකෝවේ ගිනිකන්දක් සක්‍රිය වී තිබූ අවස්ථාවනදී ඒ තුළට යන සිලින්ඩරයක හැඩය ගත් වස්තුවකි. එසේම රාත්‍රි කාලයේදී මෙම ගිනිකන්ද අසලින් යන පියාසර වස්තූන් කීපයකම වීඩියේ දර්ශනද එරට රූපවාහිනි නාළිකා මගින් වරින් වර ප්‍රචාරය කර තිබිණි. කෙසේ වෙතත් මෙම ආකාශ වස්තුව ගිනිකන්ද තුළට වැටී මොහොතකට පසු ගිනිකන්ද පුපුරා ලාවා ගලා විශාල විනාශයක් සිදුව ඇත.



අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ඉහළ අහසේද මෙවන් සිලින්ඩරයක හැඩය ඇති දිගැටි පියාසර වස්තුවක් පසුගිය ඔක්තෝබර් 16දා දර්ශනය වී ඇත. එම වස්තූන් දෙක ඉතා පැහැදිලි අහස මත ඉතා දීප්තිමත් ෆ්ලෝරසන්ට් බල්බ දෙකක් මෙන් දිලිසෙමින් තිබූ බව තාරකා විද්‍යාඥ ඇලන් එප්ලින් විසින් පවසා ඇත. ඔහු එය තාරකා දුරේක්‍ෂය ඔස්සේ වීඩියෝගත කර තිබුණු අතර වැඩිදුරටත් ඔහු පවසා තිබුණේ මේවා සැබෑ වස්තූන් බවටත් මායාවන් නොවන බවටත් තමන් විශ්වාස කරන බවය.



ඔක්තෝබර් මාසයේම 13 වැනි දින ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්ෂයර් ප්‍රදේශයේ ගම්මානයක වූ කාන්තාවක් මැදියම් රැයේදී මෙවන් ආලෝකයක් දැක තිබිණි. ඇය පවසන පරිදි රාත්‍රියේ ජනේලයෙන් නිවස තුළට පතිත වූ විශාල ආලෝක ධාරාව නිසා ඇය අවදි වී තිබේ. එවිට ඇය දැක තිබුණේ පොළොවෙන් අඩි 20-30ක් පමණ උසින් වූ දීප්තිමත් වස්තුවකි.



ඇගේ බෑණා වන ස්කොට් මෙම පියාසර යානාවේ ඡායාරූප ගණනාවක් ගෙන අභ්‍යවකාශ වස්තූන් පිළිබඳ විශේෂඥ මැල්කම් රොබින්සන්ට පෙන්වා ඇති අතර ඔහු පවසා තිබුණේ මේ ඡායාරූපවල හොරයක් බොරුවක් නොමැති බවය.



ඊට අමතරව අමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ අහස මතදමෙවැනි අද්භූත හා පියාසර වස්තූන් දර්ශනය වී තිබූ අතර පසුගිය සැප්තැම්බර් 13 හා 12 යන දිනවලදී තැඹිලි පැහැති ආලෝක ධාරා රාශියක් අමෙරිකා මර්ටන් වෙරළ ආශ්‍රිතවද දර්ශනය වූ බව වොෂින්ටන් හඳුනානොගත් පියාසර වස්තූන් ගවේෂණ මධ්‍යස්ථාන පවසා සිටී.



කෙසේ වුවද මේ පියාසර වස්තූන් දෑසින් දකින තුරුම තමන්ට එය පිළිගත නොහැකි බව කියන ලංකාවේ ඇතැම් විද්වතුන් මෙවැනි දේ පෙනෙන්නේ මානසික රෝග තත්ත්වයන් ඇති අයට බව පවසයි. ඔවුන් කෙසේ කීවද මේවා ඒ කනෙන් අසා මේ කනෙන් පිටකර සිටින්නට තරම් සරල කාරණා නොවන වග මතක්කර දිය යුත්තේ ලොව තැනින් තැන සිදුවන මෙවන් විපරීත දේද සැලකිල්ලට ගැනීමෙනි.



ජපානයට මෑතකදී ආ සුනාමියටත්, මෙක්සිකෝවේ ගිනිකඳු පිපිරීමටත් පෙර මෙවන් දේ දර්ශනය වී නම් අපද පරිස්සම් වීම ඇඟට ගුණය.



එහි භයානකකම පිළිබඳ වඩා සැලකිය යුතු වන්නේ ජීවිත විශාල ගණනක් මෙන්ම නිවාස, දේපොළ මිල කළ නොහැකි ප්‍රමාණයක් විනාශ කරමින් ඇති වූ සුනාමියට පෙර මෙවන් තත්ත්වයක් ඇති වී තිබීමය. සුනාමි තත්ත්වය ඇතිවීමට පැය කීපයකට පෙරදී මෙලෙස ජපන් අහසේ දර්ශනය වූ පියාසර යානා දෑසින් දුටු පිරිස් ඒවා වීඩියෝ ගතකර තිබූ අයුරු අන්තර්ජාලය හරහා ඔබටද දැකගත හැකිය. මුවින් පමණක් මෙවන් අදහසක් මෙවැන්නක් පළවූවා නම් එය පිළිගැනීමට දෙවරක් සිතිය යුතු වුවද මෙලෙස සාක්‍ෂයන් මත හෙළිවන තොරතුරු නිසාම දෙවරක් නොසිතාම එය පිළිගැනීමට සිදුව ඇත.




පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips