පුර්ණ ලේ පරීක්ෂාව රෝහල් වල නතර වෙයි


සති කිහිපයක් පුරා සීමා කර තිබු සම්පුර්ණ රුධිර පරීක්ෂාව හෙවත් ෆුල් බ්ලඩ් කවුන්ට් පරීක්ෂාව අද සිට සම්පුර්ණයෙන් නතර කර දැමීමට කළුබෝවිල ශික්ෂණ රෝහල තීරණය කර ඇත. ශ්‍රී ලංකා ජාතික රෝහල සඳහාද අදාළ ප්‍රතික්‍රීයක ලබා දීම නතර වී අති බැවින් ඉදිරි සතිය එහි පරීක්ෂණ කටයුතු ද අත් හිටුවීමට සිදුවනු ඇත. 

සම්පුර්ණ රුධිර පරීක්ෂාව හෙවත් ෆුල් බ්ලඩ් කවුන්ට් පරීක්ෂාව යනු රෝග රැසක් හඳුනා ගැනීමටත්, කළමනාකරණයටත් අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණයකි. ඩෙංගු වැනි රෝග හඳුනා ගැනීමට මෙන්ම බහුතර රෝගීන් සංඛ්‍යාවක් රෝහල් ගත නොකිරීම සඳහා අත්‍යවශ්‍ය මෙම පරීක්ෂාව හේතුවෙන් අති විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවේ.

මෙම පරීක්ෂාව සඳහා අවශ්‍ය ප්‍රතික්‍රීයක අඛණ්ඩව සපයාගැනීම වෙනුවෙන් අදාළ වගකිවයුතු පාර්ශවයන් දක්වන අඩු අවධානය හේතුවෙන් වසරකට වතාවන් කිහිපයක් හිටි හැටියේ මෙම රුධිර පරීක්ෂාව නතර කර දැමීම සිදුවේ. එමගින් රෝගීන් දැඩි දුෂ්කරතාවයට මෙන්ම ගසා කෑමකට ලක්වන අතර, අනියම් ලෙස රෝහල් ප්‍රතිපාදන නාස්ති වීමක්ද සිදුවේ.

මීට අදාලව ප්‍රතික්‍රීයක සපයනු ලබන පෞද්ගලික සමාගම් දෙක විසින් තවදුරත් ප්‍රතික්‍රීයක ලබා දීම අත්හිටුවා අති බැවින් ඉදිරි සති කිහිපය තුල දිවයිනේ අනෙකුත් රෝහල් වලද සම්පුර්ණ රුධිර පරීක්ෂාව හෙවත් ෆුල් බ්ලඩ් කවුන්ට් පරීක්ෂාව නතර කිරීමට සිදුවනු ඇතැයි දැන ගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපති රවි කුමුදේශ් සහ ලේකම් මොහාන් ප්‍රේමරත්නගේ අත්සනින් යුතු ලිපියක් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද යවමින් පවතින අර්බුදය ගැන දැනුවත් කර තිබේ.

උපුටා ගැනීම-ලංකා ඊ නිව්ස්
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips