ලංකාවේ ඩෙංගු රෝගීන් ඉහලට/වෛද්‍ය පබාගේ රෙදි ගැලවෙයි

2009, 2010 යන වසර වලදී රෝගීන් 520 කට ආසන්න සංඛ්‍යාවක් ඩෙංගු රෝගය නිසා මිය ගියත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සිදුකළේ කුමක්ද යන්න මෙරට සිටින ජනතාච දන්නවා නමි එය හාස්‍යට කරුණක් වනවා නොඅනුමානය.

පකිස්ථානයේ, පංජාබි ප‍්‍රාන්තයේ පැතිරෙමින් යන ඩෙංගු රෝගය මර්ධනය කිරිම සදහා විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙරටින් පකිස්ථානය බලා පිටත්ව ගියේ මෙම වසරේදී මෙරට ඩෙංගු රෝගීන් 20,881 ක් ව්‍යාප්ත වී තිබියදීය. වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත වලට අනුව වසරේ මෙතෙක් සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 145 ක් පමණි. මෙලෙස ඩෙංගු රෝගය වැලඳුණු හා මියගිය පුද්ගලයින් සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය සිය වෙබි අඩවියේ පලකර ඇති දත්ත සංඛ්‍යාත්මක වශයෙන් නිවැරදි නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිළධාරියෙක් අවධාරණය කර සිටී.

නිවැරදි දත්ත වලට අනුව 2011 වසරේ මෙතෙක් ඩෙංගු රෝගයට ගොදුරුවුනු රෝගීන් ගණන 22,000 කට ආසන්න බවත් සත්‍ය වශයෙන්ම මියගිය රෝගීන් ගණන 155 ක් වන බව අදාල නිළධාරියා වගකීමෙන් යුතුව කියා සිටී.

පුහු මාන්නයෙන් පෙලෙන හා තමන්ට වඩා කවුරුත් නැතැයි කියා ගන්නා අහංකාර වෛද්‍යවරියක් ලෙස ප‍්‍රකට වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානී පබා පළිහවඩනගේ නියෝගයට අනුව මේ වන විට වසංගත රෝග චිද්‍යා ඒකකය විසින් ඩෙංගු රෝගයට අදාලව මේ වර්ෂයේ හා පසුගිය වර්ෂ වල සඳහන්ව තිබු දත්ත වෙනස් කර ඇත.

සුද්දන්ට පවා කොමිපියුටර් ජීල්මාටි දැමු අප රටේ පාලකයින් ඉඳිද්දී අංශ භාර ප‍්‍රධාන වෛද්‍යවරියක් වන පබා පලිහවඩන ඩෙංගු රෝගීන්ට අදාලව දත්ත වෙනස් කරන්නේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන නිල වෙබි අඩවිය හදිසියේම සිදුකරන ලද ප‍්‍රතිසංස්කරණයකට මුවා වී ගෙනය. යමි හෙයකින් මේ පිිළිබඳව තමන්ට එරෙහිව යම් පරික්ෂණයක් පැවතියහොත් එය දත්ත ඇතුලත් කිරිමේදී සිදුවූ අත්වැරද්දක් බවට ඒත්තු ගැන්වීමට හෝ වෙනත් සේවකයෙකු ගිලටීනයට හසු කිරීමට අවශ්‍ය පිඹුරු පත් මේ වන විටත් ඇය විසින්ම සකසා අවසන් බවද වාර්තා වේ.

විශේෂත්වය නමි පබා පලිහවඩනගේ නියෝගය අනුව අදාල දත්ත වෙනස් කරද්දී වසංගත රෝග විද්‍යා ඒකකය විසින්ම පසුගිය වසර වලදී නිකුත් කරන ලද දත්ත උපයෝගී කර මෙරට පිහිටි අන්තර්ජාතික සංවිධාන හා සිවිල් සංවිධාන විසින් ලංකාවේ ඩෙංගු මර්ධනය කිරීම සදහා තම මව් ශාඛාවන්ගෙන් උදව් ඉල්ලා නිකුත් කළ වාර්තාවන් පවා තවමත් අන්තර්ජාලයෙන් සොයා ගැනිමට හැකීවීමය. එම වාර්තාවල පමණක් පබා පලිහවඩනගේ වසංගත ඒකකය ප‍්‍රසිද්ධ කරන ලද සත්‍ය දත්ත වාර්තා අන්තර්ගතව ඇත.

2009 වසරේදී මෙරට ඩෙංගු රෝගය නිසා පුද්ගලයින් 277 ක් මිය යද්දී වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව අලූත් මරණ ගණන 73 කි. රෝගීන් ගණන 33,856 ක් වද්දී පබා පළිහවඩනගේ වාර්ථාවෙන් දැන් කියවෙන්නේ 2009 වසරේ ලංකාවෙන් වාර්තා වුයේ ඩෙංගු රෝගීන් 9136 ක් පමනක් කියාය.

2010 වසරේදී ඩෙංගු රෝගය නිසා පුද්ගලයින් 240 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය අතර දැන් වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සිය වෙබ් අඩවියේ පළකර ඇත්තේ පසුගිය වසරේදී මිය ගියේ පුද්ගලයින් 66 ක් පමනක් කියාය.

මෙලෙස සිතා මතා බොරු වාර්තා හදන වෛද්‍යවරියක් සිටින රටක වගකිවයුතු සෞඛ්‍ය අංශයක ඉදිරි ගමන බොරු වළක් මිස වෙන කුමක්ද? වසංගත රෝග විද්‍යා ඒකකය පසුගිය වසර කිහිපය පුරාම සෑම දිනකම යාවත්කාලීන කල සිය වෙබි අඩවියේ පලකල ඩෙංගු රෝගය පිළිබඳ වාර්තාවන් එක්වරම පංජාබයේ ඩෙංගු මර්ධනය සදහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මෙරටින් පිටත් වීමත් සමගම යටපත් කිරීම ඩෙංගු රෝගය වැලඳී මියගිය අහිංසම මල් කැකුලූ වන් දරුවන්ටද කළ නිගාවකි.


ඩෙංගු මර්ධනයට මුවා වී රට වටේ කරක්ගසමින් දේශන පවත්වමින් මුදල් ඉපැයූු පබා පළිහවඩන බොරු වාර්තා ලොවට හඩ ඟා කියන්නට දැරූ අවලම් උත්සාහය තුලින් සිය නිරුවත හෙලි වේ යැයි කිසිවිටෙකත් නොසිතන්නට ඇත.

මේ වන විටත් ලංකාව් ප‍්‍රදේශ රැුසකට ඇද හැලෙන වර්ෂාවත් සමගම යලි ඩෙංගු රෝගය දරුණු ලෙස හිස ඔසවමින් තිබියදී තමා උපන් රටේ ජනතාව ගැන නොසිතා පබා පලිහවඩන නම් වෛද්‍යවරිය ඩෙංගු මර්ධනයට මෙරට සිටින දක්ෂතම වෛද්‍ය කණ්ඩායමද සමග මේ වන විට සිටින්නේ පංජාබයේය. අනෙක් වෛද්‍යවරුන් දිනය පුරා පංජාබයේ වෙහෙසෙද්දි, වෛද්‍ය පබා පළිහවඩන සිටින්නේ පංජාබයේ සල්වාර් හා සාරි තෝරමින් බවද වාර්තා වේ.

රටේ පාලකයින් පිස්සු කෙලින විට එම පාලකයින්ගේ යටතේ මෙවැනි පිස්සන් රැුලක් සිටීම ගැන මෙරට ජතනාව පුදුම නොවේ. අය-වැය මගින් සෞඛ්‍ය කේෂත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් යැයි මුදල් රුපියල් මිලියන ගණනින් වෙන් කළද මෙවැනි නිලධාරීන් නිසා ජනතාවගේ ජීවිත අහිමි විමේ අවධානම වැඩි වී ඇත.

මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍යතුමනි, ඩෙංගු මදුරුවන් දෂ්ඨ කරද්දී ඉවසා සිටීමට හැකිය. නිවාස අවට පරිසරය අපිරිසිදුය කියා පොලිසිය නඩු පිට නඩු දමද්දී ඒ දඩ මුදල් හිඟා කා හරි ගෙවීමටද හැකිය. නමුත් වසංගත රෝග ඒකකයේ ඉන්නා මෙවන් වසංගත ගැන නම් බලා සිටීමට නොහැකිය.
 (උපුටාගත් පුවතකි)
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips