අයවැයෙන් වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂණයකට සැලසුම්

අයවැයෙන් වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂණයකට සැලසුම්දිරි අය වැයෙන් වැටුප් වැඩිවීම් ඉල්ලා රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනය උද්ඝෝෂණ ව්‍යාපාරයකට අවතීර්ණ වීමට කටයුතු යොදා තිබේ.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 28ක් සහභාගි වීමට නියමිත බව එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

දැනට ගෙවන පහලම වැටුප් වර්ධකය රුපියල් 120 සිට රුපියල් 150 දක්වා වැඩිකිරීම , රාජ්‍ය සේවකයින්ට විශ්‍රාම යන විට රුපියල් ලක්ෂයක දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියේය.

ඒ අනූව සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ ලබන 09 වැනිදා මෙහි පළමු පියවර ආරම්භ කරන බවයි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips