රෝහල් සුළු සේවිකාවන්ට ඕවර්සියර්ලාගෙන් අයුතු බලපෑම්

ඇතැම් වැඩ පරීක්‍ෂකවරුන් (ඕවර්සියර්) විසින් බලහත්කාරයෙන් තමන්ව ලිංගික ගොදුරු බවට පත්කර ගන්නා බව රෝහල් සුළු සේවිකාවන් කිහිප දෙනක්‌ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත.

කොළඹ දිස්‌ත්‍රික්‌කයේ රෝහල් දෙකකින් මේ වනවිටත් අමාත්‍යාංශයට පැමිණිලි දෙකක්‌ ලැබී ඇතැයිද ඇතැම් සුළු සේවිකාවන් ලිඛිතව පැමිණිලි කිරීමට තිබෙන බිය නිසා දුරකථන ඇමතුම් මගින් මේ කරුණු දැනුම් දෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ කීවේය.කොළඹ දිස්‌ත්‍රික්‌කයේ එක්‌තරා රෝහලක සුළු සේවිකාවකට කළ අයුතු යෝජනාවක්‌ ප්‍රතික්‍ෂේප කිරීම නිසා අදාළ පුද්ගලයා ඇය මෘත ශරීරාගාරයේ සේවයට යොදවා ඇති බවට පැමිණිල්ලක්‌ ලැබී ඇතැයිද ඉහත ප්‍රකාශකයා කීය.

මෙම මෘත ශරීරාගාරයේ සිට තවත් සුළු සේවකයන් දෙදෙනකු මෙම සේවිකාව මෘත ශරීරාගාරය තුළ සිටියදී එහි දොර වසා නරක්‌ වූ මළ සිරුරක්‌ ඔසවන්නට ඔවුන්ට සහාය වන්නැයි නියෝග කර ඇත. මට බෑ... මට බයයි" කියා ඇය කියද්දී තොට යන්න දෙන්නේ නැහැ..." යෑයි කියමින් එම සේවකයන් දෙදෙනා ඇයට තර්ජනය කර ඇත. ඉන්පසු ඇය මළ සිරුර ඔසවන්නට සූදානම් වෙද්දී සිහිනැතිව වැටී ඇතැයිද යළි සිහිය ලබද්දී ඇය නිරුවත්ව සිටි බවද මෙම සුළු සේවිකාවගේ සහෝදරයා විසින් අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත.

තවත් රෝහලක සුළු සේවිකාවන් දෙදෙනකුට වැඩ පරීක්‍ෂකවරුන් අතවර කිරීමට සූදානම් වෙද්දී ඔවුන් ඊට එරෙහිවී ඇත. පසුව වැඩ පරීක්‍ෂකවරුන් තමන්ගෙන් පළිගැනීමට කටයුතු කළ නිසා රැකියාවෙන් ඉවත්ව ගිය බවට ඔවුන් පැමිණිලි කර තිබේ.

මෙවන් පැමිණිලි දිවයිනේ රෝහල් කිහිපයකින්ම ලැබී ඇතැයි කී ඉහත ප්‍රකාශකයා මීට පිළියමක්‌ ලෙස කාන්තා වැඩ පරීක්‍ෂකවරුන් බඳවා ගැනීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස්‌ දී ඇතැයි ද කීය. ඒ අනුව ලබන වසරේ සිට රෝහල් සුළු සේවිකාවන් අධීක්‌ෂණයට කාන්තා වැඩ පරීක්‍ෂකවරුන් බඳවා ගන්නා බව කී ඉහත ප්‍රකාශකයා ඊට අමතරව පෙර දැනුම් දීමකින් තොරව රාත්‍රි කාලයේදී රෝහල් පරීක්‍ෂා කිරීම සඳහා පහළොස්‌ දෙනෙකුගෙන් යුත් කඩා පනින හමුදාවක්‌ පත් කිරීමට ද අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීරත්න මහතා තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips