හෙද සේවාවට අදල ඉල්ලීම් කිහිපයකටම ඇමති මෛත‍්‍රීපාලගෙන් සුභවාදී ප්‍රතිචාර

File:Traffic light green.pngසෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ සමන් රත්නප්‍රිය මහතා අතර හමුවක් 31/10/2011 දින සිදුවිය.එහිදී හෙද සේවාවට අදල කරුණු කිහිපයක් ගැන සාකච්චා විය.ඒවායින් කිහිපයකටම සුභවාදී ප්‍රතිචාර ලැබුණු බව පවසයි.ඒවයින් කිහිපයක් පහත දැක්වෙයි.

  • මෙතෙක් කලක් නීතියාණුකූල අයිතියකින් තොරව භාවිතාකල පිරිමි හෙද නිලධාරීන්ගේ නිල ඇදුමට අනුමැතිය ලබාදීම.නිල ඇදුම් කමි‍ටුව හා සාකච්චා කර ඒ සදහා අදාල චක්‍රලේඛණය නිකුත් කිරීමට එකග වීම.

  • හෙද විව්‍යස්ථාවේ ඇති වසර 11 පලමු ශ්‍රේණියට උසස්කිරීම වසර 10 විය යුතු බව හා ඇති අනෙකුත් අඩුපාඩු සකසා නැවත සංශෝදනයට කැමැත්ත පල කිරීම.

  • මානසික හෙද පුහුණුවට බදවා ගැනීමේ දී ඇතිවී ඇති අක්‍රමිකතා සොයා බැලීමටත්,උතුරු නැගෙනහිරින් ඒ සදහා  බදවා නොගැනීමට හේතු සොයා බලා ඒවාට විසදුම් ලබාදීම.

  • වෙනත් සේවා වලට ලබාදුන් ආකාරයේ මාණ්ඩලික බව සහතික කාරණ චක්‍රලේඛණයක් නිකුත් කිරීමට ඇති හැකියාව සොයා බැලීමතත්.

  • හෙදියන් විශ්‍රාම යාමේ කාලය වසර 54 වඩා දීර්ඝ නොකිරීම එකග විය.
නමුත් හෙදියන්ගේ වැ‍ටුප් වැඩි කිරීම් , දීමනා, වැ‍ටුප් විසමතා වැනි මූල්‍යය කටයුතු පිලිබදව  කිසිදු සුභවාදී පිලිතුරක් නොලැබු බව සදහන් වෙයි.

උතුරු නැගෙනහිරින් සදහා කලා අංශයෙන් බදවා ගත යුතුබව සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම පැවසුවද සමන් රත්නප්‍රිය මහතා ඒ සදහා තරයේ විරුද්ධ විය.

කෙසේ වෙතත් මේවා සාකච්චාවට බදුන්වු කරුණු වන අතර එවා කෙසේනම් ක්‍රියාත්මක වේ දැයි අපට විස්වසකල  නොහැක.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips