භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රයන්ගේ දිවියෙන් බිඳක්

1956 ජනවාරි 26වෙනිදා උපත ලද භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.පාසල් සමයේ සිටම ක්‍රියාකාරී දේශපාලනයට ඉමහත් කැමැත්තක් දැක් වූ ඔහු ගම් මට්ටමේ ක්‍රියාකාරී දේශපාලඥයෙකු බවට පත්විය.

1979දී කොළොන්නාව ප්‍රාදේශිය සභාවට තේරී පත් වූ ඔහු ප‍්‍රදේශයේ ජනප්‍රිය දේශපාලන චරිතයක් බවට පත්විය.ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කොළොන්නාව සංවිධායකවරයා බවට පත් වූ ඔහු ප්‍රදේශයේ ජනතා සංවිධානය ගොඩනගමින් ජනතා දේශපාලනයට එක්විය.

1988 පැවති ප්‍රථම පළාත් සභා ඡන්දයේදී එක්සත් සමාජවාදී පෙරමුණෙන් බස්නාහිර පළාත් සභාවට තරඟ කළ ඔහු එම පළාත් සභාවට තේරී පත්විය.1988 සිට 1993 දක්වා ඔහු බස්නාහිර පළාත් සභාව නියෝජනය කළේය.පසුව 1993 දී පොදු ජන එක්සත් පෙරමුණෙන් තරඟ කළ ඔහු යළිත් වරක් බස්නාහිර පළාත් සභාවට තේරී පත්විය.ඔහු ප්‍රථමවරට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වූයේ 1994දීය.ඒ පොදුජන එක්සත් පෙරමුණෙනි.

එම මහ මැතිවරණයේදි මනාප ඡන්ද 63,421ක් ලබාගත් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විය.ඔහු වසර 2000 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළේය.මියයන විට ඒ මහතා ජනාධිපති ලේක්ම් කාර්යාලයේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හෙතම ක්‍රියා කළේය.භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෘත්තීය සමිති ක්ෂේත්‍රයේද ක්‍රියාකාරිකයෙකු විය.කලක් ඔහු ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ සභාපතිවරයා ලෙස ද ක්‍රියා කළේය

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips