දකුණු ‍කොළඹ රෝහලේ ගබඩා පහසුකම් ප්‍රමාණවත් නෑ

http://alexwillwalkagain.com/wp-content/uploads/2009/04/prescription-drugs.jpg දකුණු ‍කොළඹ ශික්ෂණ රෝහලේ ගබඩා පහසුකම් පිළිබඳ ගැටලු පවතින බව සමස්ත ලංකා ‍සුවසේවා සංගමය පවසයි.

මෙම තත්ත්වය ‍රෝහලේ කාර්යක්ෂම සේවා සැපයීම සඳහා බාධාවක් වී ඇති බව එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කරයි.

රෝහලේ දැනට පවතින ඖෂධ ගබඩාව රෝහලේ දෛනික අවශ්‍යතා සඳහා අවශ්‍ය ඖෂධ ගබඩා කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බව ඒ පිළිබඳ පැහැදිලි කළ කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඖෂධ නියමිත ප්‍රමිතියකින් යුක්තව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් ද එම ගඩබා තුළ නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

සුවසේවා සංගමය නගන මෙම චෝදනා සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන්  විමසීමක් කරනු ලැබීය.

ගබඩා පහසුකම් වෙනුවෙන් මේ වන විටත් ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පවතින බව එහිදී ඔහු සඳහන් කළේය.

එම ගොඩනැගිල්ලෙහි ඖෂධ ගබඩා කිරීමේ පහසුකම් තවදුරටත් වැඩිදියුණු කළ හැකි බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

අදාළ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් වන තුරු ඖෂධ ගබඩා කිරීම සම්බන්ධ යම් යම් ගැටලු ඇතිවිය හැකි බවත්, ඉදිකිරීම් අවසන් වූ පසු එම ගැටලුව මගහැරෙනු ඇති බවත් ජාසිංහ මහතා අවධාරණය කළේය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips