නෝනාවරුණි මහත්වරුණි. කට සහ බඩගෙඩිය පිනවීමෙන් ප්‍රවේශම් වෙනු.
දවසකට අපි ආහාරයට ගන්න සීනි සහිත කෑම ගැන පොඩ්ඩක් අවධානය යොමු කලොත්....
#.ආයිමත් උදේ 10 ට විතර ඒ වගේම කිරි කෝප්පයක් පැණි රස බිස්කට් 4 ක් 5 ක් එක්කම,
#.දවල්ට බත් කාලා අයිස් ක්‍රීම් හෝ පුඩිං,
#.හවස 4 ට විතර කලින් වගේම හොඳ කිරි කෝප්පයක් බිස්කට් එක්කම,
#.රැට කෑම කාලා මොනවාම හරි කනවා පැණි රස දෙයක්.
70% ක් විතරම මම හිතන්නේ මේ විදියට තමා කටයුතු කරන්නේ. දැන් අපි හරියටම බැලුවොත්,
උදේ සීනි හැඳි 1 + උදේ 10 ට සීනි හැඳි 3 + කෑමෙන් පසු සීනි හැඳි 2 + හවස සීනි හැඳි 3 + රෑ කෑමෙන් පසු සීනි හැඳි 2 = සීනි හැඳි 11
කොහොමද කෑම ????
දියවැඩියාව
දියවැඩියාව රෝගය ගැන පොඩි හැදින්වීමක් කලොත්, මෙහිදි රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය නියමිත මට්ටමට වඩා අඩු හෝ වැඩි වීමක් සිද්ධ වෙනවා. පුද්ගලයෙකුගේ රුධිරයේ සාමාන්‍යයෙන් (ඩෙසිලීටරයට මිලිග්රැම්) 64.8 - 104.4 මග/ඩල ක ග්ලූකෝස් ප්‍රමාණයක් තියෙනවා. උදය කාලයේදී තමා අපේ රුධිරයේ අඩු ග්ලූකෝස් ප්‍රමාණයක් තියෙන්නේ. උදේ ඉදන් හවස් වෙනකම් අපි ගන්න අහාර ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ....එතකොට වෙනදේ ඔයාලට තේරෙනවනේ.....දෙයියනේ කියලා අග්න්‍යාශයෙන් නිපදවෙන ඉන්සියුලින් ස්‍රාවය, අපේ රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරන්න උදව් වෙනවා. ඒත් එම ක්‍රියාවලියත් සිද්ධවෙන සීමාවක් තියෙනවා.
පුද්ගලයෙක්ට දියවැඩියාව නිශ්චිතවම වැළදිලාද කියලා හොයා ගන්න නම්, සම්පූර්ණ මිශ්‍රිත ශිරාගත රුධිර සාම්පල පරීක්ෂා කරන්න ඕන. එහිදී ආහාර ගැනීමට පෙර එම සාම්පලයේ ග්ලූකෝස් ලීටරයට මිලි මවුල 6 ට වඩා අඩු අගයක් තියෙනවනම් මෙම රෝගය වැළදිලා නැති බවත්, අහාර ගැනීමෙන් පසු ලීටරයට මිලි මවුල 8 ට වඩා වැඩි අගයක් තියෙනවනම් මෙම රෝගය නිශ්චිතවම වැළදිලා කියලා නිගමනය කරන්න පුලුවන්.
හැදෙන්නෙ කොහොමද?
දියවැඩියා රෝගය හුඟාක් වෙලාවට වැළදෙන්නේ අපේ ජීවන රටාවන් වෙනස් වීමෙන්. සීනි සහ පිෂ්ඨය අධික ආහාර ගැනීමෙන්, ව්‍යායාම නොකිරීම වගේම මානසික ආතතිය නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටමේ වැඩිවීමක් වෙනවා.
මීට අමතරව උසට ගැලපෙන බරට වඩා වැඩි බරක් තියෙනවනම් සහ පවුලේ දියවැඩියාව රෝගින් ඉන්නවනම් මේ රෝගයේ අවදානමක් තමන්ටත් තියෙන්න පුලුවන්. ගර්බනී කාලයේදී රුධිරයේ ග්ලූකෝස් වැඩිවීමෙන් දියවැඩියා තත්වයක් ඇතිවෙනවා. ඒත් එය කෙටි කාලීන රෝගී තත්වයක් විදියට තමා සලකන්නේ. එච්චර බයවෙන්න දෙයක් නැහැ කියලා තමා වෛද්‍යවරුනම් කියන්නේ.
සීනි සහිත ආහාර වර්ග අපි දවසකට කොයිතරම් ආහාරයට ගන්නවද, සාමාන්‍ය සීනි(දවසකට තේ කෝප්ප තුනක),හකුරු සහ පැණි වර්ග මේවා ඉක්මනින්ම ග්ලුකෝස් බවට පත්වෙලා රුධිරයේ ග්ලුකෝස් මට්ටම එහෙම නැත්නම් සීනි ප්‍රමාණය වැඩිවෙනවා.
වළකිමු!
දැන් අපි බලමු දියවැඩියා රෝගියෙක් අහාරයට ගනීමට සුදුසු දේවල් සහ නුසුදුසු දේවල් මොනාද කියලා
ආහාරයට ගැනීමට සුදුසු දේවල්
පලතුරු නියත ප්‍රමාණයක්
එළවළු නියත ප්‍රමාණයක්
මේදය රහිත කිරි
රතු කැකුළු
කඩල
උළුඳු පිටි සහිත ආහාර
කුරක්කන් සහිත ආහාර
මුං ඇට
කොලෙස්ටරෝල් රහිත මාගරින්
බිත්තර සුදු මද
ආහාරයට ගැනීමට නුසුදුසු දේවල්
මධ්‍යසාර වර්ග
පුඩින්
චොක්ලට්
කේක්
පැණි බීම වර්ග
පැණි හකුරු
රට ඉඳි
සාමාන්‍ය සීනි සහිත ආහාර
සම්පූර්ණ යොදය සහිත කිරි
චීස්
බටර්
බිත්තර කහමද
මීට අමතරව දිනපතා ව්‍යායාම කළොත් ඉන්සියුලින් ස්‍රාවය වීම ක්‍රියාශිලි වෙන නිසා රුධිරයේ සීනි මට්ටම පාලනය වීමක් සිදුවෙනවා. මෙම ක්‍රියාවලිය සිද්ද වෙන්නේ මෙන්න මෙහෙමයි. ව්‍යායාම කිරීමේදි මස්පිඩු ක්‍රියාකාරී වෙනවා, ක්‍රියාකාරී මස්පිඩු වලට අවශ්‍ය ශක්තිය ලබාගන්නේ රුධිරයේ තියෙන සීනි වලින්.මස්පිඩු වල ග්ලූකෝස් විදියට ගබඩා වෙනවා. ඒ ගබඩා කරගත්තු ග්ලූකෝස් දහනය වූනාට පස්සේ අමතර ග්ලූකෝස් රුධිරය හරහා අක්මාවේ සිට මස්පිඩු වලට ගමන් කරනවා. මාංශපේශී වලට ගමන් කරන ග්ලූකෝස් ප්‍රමාණය අක්මාවේ සිට රුධිරය හරහා ගමන් කරන ප්‍රමාණයට වඩා අඩු වුනොත් රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වීමක් සිදු වෙනවා.
ව්‍යායාම කරද්දි පාලනයකින් යුතුව සිදු කරන්නත් වගබලාගන්න ඕනේ....නැත්නම් වෙනත් රෝග වලට මූණ දෙන්න වේවි. මේ ආකාරයට ආහාර පාලනයෙන් සහ ව්‍යායාම වල යෙදුනොත් මෙය සුව කරන්න බැරි රෝගයක් වුනත් සාමාන්‍ය ආකාරයට එදිනෙදා ජීවිතයේ කටයුතු කරගන්න පුලුවන් අපහසුවකින් තොරව.
ඉතින් මේ හැමදේටම වඩා ලේසියි..... ක්‍රමනුකුලව විධිමත්ව සහ පාලනයකින් යුතුව ආහාර ගන්න පුරුදු වුනානම්. එතකොට මේ වගේ ලෙඩ වලින් මිදිලා සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න පුලුවන්. ඒ වගේම තමා මෙම රෝගයෙන් පෙළෙන රෝගින්ව මානසික ආතතියෙන් තොරව ජීවත් කරවන්න වගබලා ගන්න එක අපෙන් වෙන්න ඕනේ යුතුකමක්.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment