වෛද්‍ය එන්.නෝනිස්ට පහරදීම,අභිරහසක්ද?

http://www.gainesolutions.com/wp-content/uploads/2010/10/stethoscope.pngශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය එන්.නෝනිස් මහතාට සිය නිවස අසලදී ඔක්-4 සවස 7 ට පමණ පහරදීමක් සිදුවීම පිළිබඳ වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයේ සියලුම වෛදවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් හා දන්ත ශල්‍ය වෛද්‍යවරුන් ඔක්-5 සේවා වර්ජනයක නිරතවිය.
 

වෛද්‍ය එන්.නෝනිස් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය පිළිබඳ දැඩිව සලකන ඒ වෙනුවෙන් සටන් කරන වෛද්‍යවරයෙකු වන අතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිවත් පසුගිය දිනවල සටන් කළේය. මෙම පහරදීමට ආසන්නම හේතුව ලෙස සැක කරන්නේ ඊයේ "ඇක්ට් 16" වෛද්‍ය සුදුසුකම්ලාභීන්ගේ ප්‍රතිපල පිටවීම විය හැකි බවද සැක කරනවා.
 

විදේශගතව වෛද්‍ය උපාධි ලබන්නන් ලංකාවේ සේවයට පැමිණීමට පෙර අනිවාර්යයෙන්ම සමත් කළ යුතු "ඇක්ට් 16" වෛද්‍ය සුදුසුකම් විභාගයේ ඊයේ ප්‍රතිඵල වලින් සමත්ව ඇත්තේ සියයට 16ක් පමණක් බවද වාර්තා වනවා.මෙම ප්‍රතිඵල අසමත්වූ සියයට 84 ක්වූ දරුවන්ගේ බලපුළුවන්කාර මාපියවරුන් තම දියණියන් පුතුන් වෛද්‍යවරුන් බවට පත්නොවීමේ ලැජ්ජාව නිසා කෝපයෙන් පසුවන අතර වෛද්‍ය එන්.නෝනිස් වැනි ප්‍රමිතිය පිළිබඳ දැඩිව සලකන වෛද්‍යවරුන් වෙත සිය කෝපය මින් ඉහත අවස්ථාවලදීත් පළකර තිඛෙන බව වාර්තා වනවා.
 

ඔක්-4 සවස වෛද්‍ය එන්.නෝනිස් සේවය නිම කර තම මොරටුවේ පිහිටි නිවසට වාහනයෙන් එන අතර කිසිවෙකු මෝටර් සයිකලයකින් පැමිණ මග හරස් කර නවතා පාරක් අසන මුවාවෙන් කතා කර පොල්ලකින් පහරදී තිඛෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔක්-5 වර්ජනයකට ගොස් තිඛෙන්නේ මෙම සිදුවීම හේතුකොගෙනද???
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips