දුමින්දගේ තත්වය මොළයේ වමට හා දකුණට වෙඩි වැදිලා හුස්ම ගන්නවා - ඒත් තාම සිහිය නෑ

තවමත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට පෙරේදා සිදු කළ ශල්‍යකර්මයෙන් අනතුරුව පැය 48ක් යනතුරු කෘත්‍රීම ස්වසනය ලබාදෙමින් යන්ත්‍ර සවි කළ ඇඳක් මත තබා තිඛෙන අතර ඔහුගේ මොළයේ සීටී ස්කෑන් පරීක්ෂණ වරින්වර ලබාගත් බවද වාර්තා වුණා. මෙතෙක් ඔහු සිහිය විසඥව සිටින අතර ඔහුගේ හදවත ක්‍රියාකාරී බවත් හුස්ම ගන්නා බවත් වෛද්‍යවරුන් පැවසුවා.
පෙරේදා පැය 4ක පමණ කාලයක් තිස්සේ ඔහුගේ ශල්‍යකර්මය සිදු කර ඇත්තේ මොළයේ ශල්‍යකර්ම සම්බන්ධයෙන් ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතමයින් දෙදෙනෙකු වන ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය හිමෂි කුලරත්න මහතා සහ මහේෂි විජේරත්න මහත්මියයි.
ශල්‍ය කර්මයෙන් අනතුරුව ඔවුන් පැවසුවේ මොළයේ වමට හා දකුණට වෙඩිපහර වැදී තිබුණ නිසා සංකීර්ණ ශල්‍යකර්මයක් සිදු කළ බවත් පැය 48 සම්පූර්ණවන්නේ අද(සඳුදා) වන බැවින් ඔහුගේ සිහිය යළි අද උදෑසන ලබාගන්නට උත්සාහ කරන බවත්ය.
මේ ගැන වෛද්‍යවරුන් දෙරණ ටීවී වෙත ඊයේ රාත්‍රී දැක්වූ අදහස් බලන්න
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips