මත්වන සිරප් විකිණූ අඹුසැමි යුවල නීතිය ඉදිරියට

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1jNO5T0igKWVsezvTKd8z17zpnCnBuNm2ZPlpuL4cSzfW5z-0Rk-pMt1iKc-1wU4i_JqmFMX47-ky53px1SnKuWsfJ3DvosUltjyn7tvSYlVzcZ9yZ6TZyeaCOv2_AR-Aq1z-FixBaoU/s1600/Screen+shot+2010-12-08+at+10.31.22+PM.pngපාසල් දරුවන් සඳහා මත්වන සිරප් වර්ගයක් අලෙවි කළ අ‍ත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසැල් හිමිකාරියක සහ ඇගේ සැමියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජාතික විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය පියවර ගෙන තිබේ.

කැස්ස සඳහා භාවිත කෙරෙන සිරප් වර්ගයක් වෛද්‍ය නිර්දේශ නොමැතිව මෙම ඔසුහල මගින් පාසල් සිසුන්ට අලෙවි කර ඇති බවට අනාවරණය වී ඇත.

මෙම සිරප් වර්ගය එම ඔසුහල තුළ අසාමාන්‍ය ලෙස ගබඩා කර තිබියදී සොයාගැනීමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තව ද මෙම ඔසුහල බලපත්‍ර රහිතව පවත්වාගෙන ගොස් ඇති බවටද ‍අනාවරණය වී තිබේ.

මෙම සිරප් වර්ගය බොහෝ දෙනෙකු මත්වීම සඳහා‍ පානය කරන බවට හෙළි වී ඇති අතර කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මේවා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.

මේ අතර ජාතික විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ නිලධාරීන් විසින් පැපිලියාන, අත්තිඩිය, දෙම‍ටගොඩ, වැල්ලවත්ත, පාමංකඩ සහ නුගේගොඩ යන ප්‍රදේශවල පිහිටි පෞද්ගලික ඔසුසැල් කිහිපයක් ද පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් තුළ නීත්‍යනුකූල නොවන අයුරින් පවත්වාගෙන ගිය පෞද්ගලික ඔසුසලක් වටලා එහි හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips