ඖෂධ හොරුන් බඩුත් එක්ක අහුවෙයි


රෝගීන් වෙත නිකුත් කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලබාදී ඇති ඉන්සියුලින් එන්නත් ඖෂධ අඩංගු බෝතල් 06 ක්‌ නුවරඑළිය නගරයේ පෞද්ගලික  ඖෂධ වෙළෙඳ සලක තිබී පාරිභෝගික සේවා අධිකාරියේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌ වැටලීම් ඒකකය මගින්  08දා අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්සියුලින් එන්නත අඩංගු කුඩා බෝතලයක්‌ රුපියල් 1300/= කට විකුණනු ලැබූ අවස්‌ථාවේදීම සැකකරු අත්අඩංගුවට ගත්හ.  ඖෂධ වෙළෙඳසල පරීක්‍ෂා කිරීමේදී ඉතිරි ඉන්සියුලින් එන්නත් බෝතල් 05 අත්අඩංගුවට ගැනිනි.

දියවැඩියා රෝගීන්ගේ සායනයේදී, රෝගීන් වෙත නොමිලේ නිකුත් කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලබාදී ඇති මෙම එන්නත පෞද්ගලික ඖෂධ වෙළෙඳසලකට කෙසේ නිකුත් කළේද යන්න සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් විශේෂ පරීක්‍ෂණයක්‌ කරන බව නුවරඑළිය මූලික රෝහලේ නිලධාරියෙක්‌ පැවැසීය.

ඖෂධ වෙළෙඳ සලේ හිමිකරුවා හා අත්අඩංගුවට ගත් ඖෂධ මෙම මස 17 වැනි දින නුවරඑළිය දිසා අධිකරණය හමුවට 
ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips