වැස්ස නිසා වැඩිවෙන මාරාන්තික මී උණ | Leptospirosis


මේ දිනවල පවතින ගංවතුරත් සමඟ ඇතැම් ප්‍රදේශවල මී උණ හෙවත් ලෙප්ටොස්ෆයිරෝසිස් රෝගය ව්‍යාප්ත විමේ අවදානමක් පවති.

විශේෂයෙන් මේ රෝග කාරක බැක්ටීරියාව ගොවිපළ සතුන්,, සුනඛයන් , පූසන්, මීයන්, ඌරුමීයන් හා මුගටියන් ඇතුළු කැලෑබද ක්‍ෂිරපායී සතුන්ගේ වකුගඩුවලින් ස්වාභාවිකව හමු වේ.අලුත් ම සමීක්‍ෂණයකට අනුව මී ගවයන්ගේ මළ සහ මුත‍්‍රාවලද මේ බැක්ටීරියාකාරක විසබීජය පවතින බව . රෝගකාරක ලෙප්ටොස්පිරා නමැති බැක්ටීරියාව මීයන් හා ගවයන්ගේ මුත්‍රා මඟින් ජලයට එක්වීම නිසා මිනිසුන්ට රෝගය ආසාදනය වේ. මේ බැක්ටීරියාව මිනිස් සිරුරට ඇතුළු වන්නේ පාදවල තිබෙන තුවාල මෙන්ම ඇස් හා මුඛයේ පවතින ශ්ලේෂ්මල පටල මඟිනි.මේ කාණ්ඩයට අයත් බැක්ටීරියා ප‍්‍රබේද දෙසීයක් (200) ක් පමණ අද වන විට ලෝකය පුරා රටවල් වලින් හඳුනාගෙන තිබේ.

කුඹුරු, ඇළ වේලි, පතල් ආශ්‍රිත රැකියා කරන පුද්ගලයන් මේ රෝගයට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ  වැඩි ය. කුඹුරුවල නියරවල ගුල් සාදාගෙන ජීවත් වන මීයෝ අප රටේ ලෙප්ටොස්ෆයිරෝසිස් රෝගය බෝකරන ප්‍රධාන වාහකයෝ වෙති.

මේ නිසා වගා කිරීමට කුඹුරුවලට බැසීමට පෙර තමන්ගේ පාදවල තුවාල තිබේ නම් ඒ සඳහා කිසියම් විකල්පයක් යොදා ගත යුතුය. ඇතැම්විට ගොවියන් වගා කටයුතුවල යෙදී සිටියදී වක්කඩවල තිබෙන ජලය පානය කිරීම නිසා එම ජලයේ බැක්ටීරියාව තිබේ නම් මුඛයේ ශ්ලේෂ්මල පටලය මඟින් බැක්ටීරියාව සිරුරට ඇතුළු වීමට ඉඩ තිබේ.

මී උණ රෝගයෙන් වැළකීම සඳහා ප්‍රතිකාරයක් වශයෙන් ඩොක්සිසයික්ලින් (Doxycyline) නමැති ප්‍රතිජීවක ඖෂධය භාවිතා කළ හැකිය. රෝගයට ගොදුරු වීමේ අවදානමක් සහිත පුද්ගලයන්ට මේ ඖෂධය නොමිලේ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.මෙකී ඖෂධය සතියකට වරක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ලබා ගත හැකිය. 

රෝගයට ගොදුරුවූ පුද්ගලයන්ගෙන් සියයට 80ක් ම මේ ඖෂධය ලබා ගෙන නොමැති බව තහවුරුවී තිබේ. ගොවිතැන් පටන් ගන්නා දිනට පෙර මේ ඖෂධයේ පෙති දෙකක් භාවිතා කරන ලෙසත් ඉන් පසු හොඳින් ජලය පානය කල යුතුයි.

රෝගකාරක බැක්ටීරියාව ශරීරගතවී දින පහත් දාහතරත් අතර කාලයක දී රෝග ලක්ෂණ පහළ වේ. අනිකුත් උණ රෝගවලට වඩාපුළුල් පරාශයක මේ රෝගයේ රෝග ලක්ෂණ පැතිරී පවතියි.එම රෝග ලක්ෂණ අතර මද උණ ගතියක සිට මරණය දක්වා ව්‍යාප්ත විය හැකිය

අධික උණ, ඇස් රතු පැහැවීම, තදබල හිසේ කැක්කුම, මස්පිඩු වේදනාව හා වමනය මී උණ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වේ. මෙවැනි රෝග ලක්ෂණ ඇතිනම් එමෙන්ම රෝග අවදානම සහිත රැකියා කරන පුද්ගලයකු නම් වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

මේ රෝග ලක්ෂණ පහළ වූ විට රෝගය පිළිබඳ නිවැරැදි ම නිරීක්ෂණයකට එළඹීමට නම් රෝගීන්ගේ ප‍්‍රතිදේහ (MAT) පරීක්ෂාවක්, මුත‍්‍රා පරීක්ෂණයේ දී ඇල්බියුමින් පෝටීන් තිබීම රුධිර පරීක්ෂණයේදී සුදු රුධිරානු (WBC / DC) වැඩි වීම අනුව   රෝගය පිළිබඳව නිෂ්චිතව හදුනාගත හැක

රෝග ලක්ෂණ පහළ වූ වහාම පලදායී ප‍්‍රතිජීවක භාවිතා කොට ප‍්‍රමාද නොකර ප‍්‍රතිකාර කිරීම ආරම්භ කළ යුතුය.කිසිවිටෙකත් පරීක්ෂණවල ප‍්‍රතිඵල ලැබෙන තුරු ප‍්‍රතිකාර ප‍්‍රමාද නොකළ යුතුය. ඊට හේතුව රුධිර පරීක්ෂණයෙන් මේ රෝගය වැළඳී තිබේදැයි හඳුනාගත හැක්කේ රෝග ලක්ෂණ පහළ වී සතියක් පමණ කාලයක් ගත වීමෙන් පසුව වීමයි.
රෝග ලක්ෂණ ඇති වූ වහාම රෝගීන්ගේ ශරීරයේ තරල හා අයන සමතුලිතතාව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය. වකුගඩු අකී‍්‍රයවීමක් සිදුවූහොත් ඉතා ඉක්මනින්ම කෘතී‍්‍රමව රුධිරය පිරිසුදු කිරීම කළ යුතුය.මේ රෝගය සහ ඊට ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබඳ විවිධ ප‍්‍රදේශවල ඇතැම් පිරිස් මිථ්‍යා මත දරති. එවැනි තත්ත්වය හේතුවෙන් රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත් වෙති. රෝගය පිළිබඳව ලක්ෂණ පහළ වූ වහාම රජයේ රෝහල් වෙත වාර්තා කරන .

රෝගය වළක්වාගැනීම සඳහා මිනිස් වාසයට ආසන්න පරිසරය පිරිසුදුව තබාගැනීම හා රෝගකාරක විෂබීජ ඇතිවන ස්ථාන හා මාර්ග විනාශ කිරීමට පියවර ගැනීම, ගෙවතු, කී‍්‍රඩාපිටි ආදී ළමයින් කී‍්‍රඩා කරන ස්ථාන ආසන්නයේ රෝගකාරක විෂබීජය පතුරුවන සතුන් ගැවසීම වැළැක්වීම, ගොවිපළවල් හා සත්ත්ව පාලනයේ නියළෙන පිරිස් අවදානම් කටයුතු හා ස්ථානවලදී ආරක්ෂිත ඇඳුම් පැළඳීම, අපවිත‍්‍ර ජලය ඇතුළු නොවන පරිදි තුවාල ආවරණය කර ගැනීම, (විශේෂයෙන් මෙහිදී කුඹුරු ගොවීන් ඉතා සැලකිලිමත් විය යුතුය) උතුරුවාගත් ජලය පානය කිරීම, ගංවතුරෙහි ගමන් කිරීමෙන් වැළකීම ඇතුළු ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට ජනතාව මෙහිදී අවධාරණය කර ගත යුතුය.



පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips