නීතියට තහනම් තණමල්විල මල්.....

හැමෝම හිතාගෙන ඉන්නෙ තණමල්විල ඉන්නෙ මල් පප්පල කියල ඒක තමයි වැරදි මතේ,  ඇත්තටම ඒකෙන් ඇති වැඩක් නෑ, කිසිම සෙතක් වෙන්නෙ  නැහැනෙ මලක් ගැහුව කියල. කොහොම උනත් මල් කියන්නෙ නරක දෙයක් නෙමෙයි හොදට ගත්තොත්.අපේ කොල්ලො මේව දුම විදියට පාවිච්චි කරන එක තමයි වැරැද්ද.  ගෙදර හදන පලාමැල්ලුමට අමු කොළ ටිකක් දානව ඒත් හැමදාම නෙමෙයි කලාතුරකින්. මම අහල තියෙනව මගුල් ගෙවල් වල මස් හොදි වලට  මේව කුඩු ටිකක් දානව කියල. එතකොට කට්ටිය රන්ඩු කරගන්නෙ නෑලු, අරක්කු බිවුව වගේ නෙමෙයිලු.  තව ඉතින් මම දැකල තියෙනව මලක් ගහල ඉන්න අය හැබැයි කවුරුත් හිනාවෙවී තමයි ඉන්නෙ. අපි අහල තියනව මේක හුගක් වටින බෙහෙතක්ලු. 

තව දෙයක් මේක බෙහෙතක් විදියට පාවිච්චි කරනව නම් මතක ශක්තිය වැඩි වෙනව කියල අපි අහල තියෙනව. හොද කල්පනාවකුත් තියෙනවලු. කොල්ලනේ අපි මතින් තොර වුනොත් ඒකෙ හොද අපිටමයි. ඕකට නම් කීපයක්ම තියෙනවනෙ ගංජා, කංසා, ප්‍රසිද්දම එක මල්නෙ. හැබැයි මේකට කියන තව නමක් තියෙනව මේක කවුරුත් වැඩිය දන්න එකක් නෙමෙයි  තයිලෝකනාථ විජයපත්‍රම් කියල තමයි කියන්නෙ, මේක පුරාණ වෙද පොත්වල  තමයි තියෙන්නෙ. 

ඒ කාලෙ රාජකීය උයන්වල වගාකලා කියලත් කියනව, මේක ඉතින් අපේ කොල්ලන්ට නම් දැනුත් රාජකීය භාන්ඩයක් තමයි නේ ද?.....   කොහොම හරි  කියන්න ඕන තණමල්විල ගැන  වැරදි මත අයින් කරගන්න කියන එකයි වැරදියට මේක පාවිච්චි කරන්න එපා කියන එකයි තමයි.  මල්බොනවට  නම්  අපි කොහෙත්ම කැමති නෑ මල් ගහන්න පුලුවන් ටික කාලයයි නැවත සෑදිය නොහැකි ලෙසම මොලයේ සෛල විනාශ වෙනව,අපි දැකල තියනව මල් ගහල ටික කලකින් මානසික රෝගි වෙනව. මම අහල තියන විදියට මේව වෙන මානසික රෝග වගේ නෙමෙයි නැවත යතා තත්ත්වයට පත් කල නොහැක.සමහරුන්ට හරියට ඇවිද ගන්නත් බැහැ.සමහරු ඕකට කියන්නෙ ගංජා  ගැට ඇවිල්ල කියල.

අරක්කු බීල පිස්සු කෙලිනව මල් ගහල පිස්සෙක් වෙනව .   මල් ගැන කියන්න ගිහින් මාව ගෙනියන්න මල් මාලත් අරන් පොලීසිය ගෙදරටම ඒවිද දන්නෙත් නෑ නේ  ද?......

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips